සුනාමියක්_ආයෙත්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සුනාමියක්_ආයෙත්

    :shocked:දෙසැම්බර් අවසානයට කළින් ලංකාවට බිහිසුණු සුනාමියක් ?

    18HGFXa.png

    අතින්ද්‍රීය බුද්ධියේ මහිමයෙන් අනාවැකි පළ කිරීම අසත්‍යක් කියා හෝ සත්‍යයක් කියා හෝ පැවසීම එකවිටම කළ හැකිද යන්න ප්‍රශ්නයකි.

    කෙසේ වෙතත් වසර ගණනාවකට පෙර තමා කියූ අනාවැකි ඒ ආකාරයෙන්ම පසු කාලයක විද්‍යාවෙන් ඔප්පු වූ අයකු සිටීනම් ඒ සැබෑ සමතකු බව පිළිගත හැකිය.ඉන්දියාවේ වාසය කරන බාබු කාලයිල් එවැන්නෙකි. ඔහු පැවසු අනාවැකි එසේ මෙසේ ඒවා නොවේ.

    ආලෝක වර්ෂ 50කට එහා පෘතුවියට සමාන ග්‍රහලෝකයක් ඇතැයි කලායිල් ප්‍රකාශ කළේ 1998 වසරේදීය.කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ විද්යන්ග්යෝ 2004 වර්ෂයේ එවැන්නක් ඇති බව විද්‍යාත්මක සාධක සහිතව සොයාගත්තේ ය.

    අඟහරු ග්‍රහයා මත ජලය ඇති බවට 2001 වසරේ අගෝස්තු 2 වැනිදා ඔහු නැවත වරක් අනාවැකියක් කියූ අතර හංගේරියානු විද්යන්ගයන් පිරිසක් ඊට මාස කිහිපයකට පසු ඒ බව තොරතුරු සමඟ වාර්තා කළහ.සෙනසුරුගේ චන්ද්‍රයන් 10ක් අතරින් එකක් වන ටයිටන් හි විදුලි කෙටීම් සිදුවන බව ඔහු 2004 වසරේ ඔක්තෝම්බර් මස ප්‍රකාශ කර තිබු අතර 2005 ජනවාරි 16 වැනිදා එය තහවුරු විය.

    මේ විශ්මිත අනාවැකි පළකරන්න 2017 වර්ෂයට අදාළව ඉන්දියන් සාගරය ආශ්‍රිතවද අනාවැකියක් ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත් මෙය නම් එසේ මෙසේ අනාවැකියක් නොවේ.

    මෙවර ඔහු ප්‍රකාශ කරන්නේ 2017 වසරේ අගභාගයේදී ඉන්දීය සාගරයේ ඉතා විශාල භුකම්පනයක් සිදුවී මාරාන්තික සුනාමියක් හටගන්නා බවයි. බාබු කලායිල් මේ ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී වෙතද ලිපියක් ලිවීය. ඒ ලිපියේ මෙසේ සඳහන් විය.

    -------------------------
    ගරු මහත්මයාණෙනි,
    2017 දෙසැම්බර් 31 වෙනිදාට පෙර ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක් සිදුවීමට නියමිතය. මේ බිහිසුණු භූමිකම්පාව නිසා ආසියානු මහාද්වීපයේ සමස්ත වෙරළ තීරයම කම්පාවී යනු ඇත. තවද මේ නිසා මුහුදු සීමාවන් වෙනස්වී යනු ඇත. ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව හා ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකටද මෙහි බලපෑම දැනෙනු ඇත. මේ කාලසීමාව අතරතුර පැයට කිලෝමීටර් 120ක 180ක පමණ ප්‍රබල ශක්තියක් ඇති ශෂීමා කුණාටුවක් ඇති වීමට ඉඩ තිබේ. අධික වැසි නිසා රැළි ඇතිවිය හැකිය.
    ඉහත නිරීක්ෂණ සිදු කළේ 2017 අගෝස්තු 20 වැනිදා අතින්ද්‍රීය බුද්ධියේ බල මහිමයෙනි.
    ස්තුති
    ඔබේ හිතවත්
    බාබු කලායිල්
    -------------------------

    විද්‍යාත්මක ක්‍රමවේදය අනුව භූමිකම්පාවක් ගැන කළින් අනාවැකියක් ප්‍රකාශ කළ නොහැකිය. භූ විද්‍යාවේ ප්‍රධානතම නොවිසිඳුණු ගැටළුවක් ලෙස භූමිකම්පා ගැන පුර්ව අනාවැකි ප්‍රකාශ කිරීමේ නොහැකියාව පවතියි. සම්භාවිතාව ගැන අනුමාන හැරුණු විට නිවැරදිම විද්‍යාත්මක ක්‍රමය අනුව භූමිකම්පාවක් සිදුවීමට තත්ත්පර කිහිපයකට පෙරදී නම් පැවසිය හැකිය. එහෙත් එය අනාවැකියක් ලෙස කිසිසේත්ම කිව නොහැකිය.ඒ අතින් භූමිකම්පාව ගැන මුල්ම අනාවැකිය මෙය යැයි විශ්වාස කළ හැකිය.

    වැදගත් කාරණය වන්නේ මේ අනාවැකි පළකරන බාබු කළින් කී අනාවැකි පසුකාලීනව විද්‍යාත්මකව ඔප්පු වීමයි. කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපය ඇතුලතදී ඉන්දීය සාගර කලාපය භුමිකම්පාවලින් සලිත වී යන බවට ඔහු කියන අනාවැකිය නම් විස්මිතය. මේ තරම් දැඩිව ඔහු ප්‍රකාශ කරන තොරතුරේ සත්‍ය අසත්‍යතාවය අනිවාර්යෙන්ම ඔප්පු වීමට ඇත්තේ තව මාසයක් පමණි.

    කෙසේ වෙතත් බටහිර විද්‍යාවට අනුව නම් මේ ගැන එතරම් තැකීමක් නොකරන නමුත් යම් ලෙසකින් හෝ ඔහුගේ ප්‍රකාශය හරි ගියහොත් ඉන්දීය සාගරය වටේ ඇති රටවල්වලට මුහුණදීමට ඇති අනාගත අත්දැකීම ඉතා බිහිසුණු වනු ඇත.බාබු මේ තරම් විශ්වාසයෙන් ප්‍රකාශයක් කරන බැවින් කේරළ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජි.රේණුකා බාබුගේ මානසික ශක්තිය ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළා.

    කෙසේ වෙතත් මෙහිදී හෙළිවූයේ කළින් අවස්ථා රැසකදීම ඔහු සිදු කළ පියවි ඇසට නොපෙනෙන අද්භූත අනාවැකි සත්‍ය වී තිබෙන බවයි. අනාගතයක් දැකීමේ බලයක් ඇතැයි කියන බාබු අගමැති මොදිට ලියූ ලිපිය අන්තර්ජාලය පුරා ප්‍රචලිත වීම නිසා විශාල ආන්දෝලනයකට තුඩු දී ඇත.

    එම ලිපිය පහතින්…

    klF05Fz.jpg

    GltSHbz.jpg

    -----------------------

    Source
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    සුනාමියක් අවොත් කරන්න ඕනි ඒවා දැන් අපේ අය දන්නවා නේද?
    නිතරම පෙරහුරු එහෙමත් තියන්නේ. බය වෙන්න දෙයක් නෑ ඉතින්.දේපල විනාස උනත් ජිවිත හරි බෙරගත්ත්කිනේ.
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    සුනාමියක් අවොත් කරන්න ඕනි ඒවා දැන් අපේ අය දන්නවා නේද?
    නිතරම පෙරහුරු එහෙමත් තියන්නේ. බය වෙන්න දෙයක් නෑ ඉතින්.දේපල විනාස උනත් ජිවිත හරි බෙරගත්ත්කිනේ.

    moanwada bn karanna tiyenne kiyhanko balanna
    gan watura wele mama pinannan danne nathi nisa udakta dagga sunami awoth mokkayi karanne marenwa thamyi :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය වගේ අනාවැකි, ප්‍රවෘති, ලියුම් ගැන නම් විස්වාසයක් නෑ. මොකද බොරුවට ලියුම් හදන, උන්මත්තක අනාවැකි ඵල කරන මිනිස්සු ඉන්න ලෝකෙකනේ අපි ජීවත් වෙන්නේ. මතකනේ ටික කාලෙකට කලින් ලෝක විනාසය වෙනවමයි කිව්වා. මිනිසුසු සුප්‍රසිද්ධ වෙලා කුප්‍රසිද්ධ වෙන්නත් මේ වගේ වැඩ කරනවා. ඒක ඒ අයගේ උන්මත්තක භාවය.
    කොහොම නමුත් බය නොවි ස්වාභාවික වියසන ගැන අවධායෙන් හා පෙර සූදානමින් සිටීම මිනිස්සු කවුරුත් කරන්න ඕනේ. කදුකරයේ ඉන්න අය නායයෑම් ගැන. මුහුදබඩ පලාත්වල ඉන්න අය සුනාමි වගේ තත්ව ගැන. ගංවතුර අවදානමක් තියන පැතිවල ඉන්න අය ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒක අව්රුද්දේ මොන කාලයටත් වලංගුයි.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    සුනාමි නම් දන්නේ නැහැ.. හෙට ඉදන් බදාදා වෙනකම් කල්පිටිය සයිඩ් එකට ලොකු හුලගක් නම් තියනවා කියලා Google wether එකේ තියනවා.

    මෙයා කියපු ඒවයින් සිද්ද නොවෙච්ච එවා නැත්ද?.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    moanwada bn karanna tiyenne kiyhanko balanna
    gan watura wele mama pinannan danne nathi nisa udakta dagga sunami awoth mokkayi karanne marenwa thamyi :angry:
    පුලුවන් තරම් රට මැදට උස්ස් ස්තානවලට යන්න. එච්චරයි.. ඊට වඩා දෙයක් ඉතින් නැ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය වගේ අනාවැකි, ප්‍රවෘති, ලියුම් ගැන නම් විස්වාසයක් නෑ. මොකද බොරුවට ලියුම් හදන, උන්මත්තක අනාවැකි ඵල කරන මිනිස්සු ඉන්න ලෝකෙකනේ අපි ජීවත් වෙන්නේ. මතකනේ ටික කාලෙකට කලින් ලෝක විනාසය වෙනවමයි කිව්වා. මිනිසුසු සුප්‍රසිද්ධ වෙලා කුප්‍රසිද්ධ වෙන්නත් මේ වගේ වැඩ කරනවා. ඒක ඒ අයගේ උන්මත්තක භාවය.
    කොහොම නමුත් බය නොවි ස්වාභාවික වියසන ගැන අවධායෙන් හා පෙර සූදානමින් සිටීම මිනිස්සු කවුරුත් කරන්න ඕනේ. කදුකරයේ ඉන්න අය නායයෑම් ගැන. මුහුදබඩ පලාත්වල ඉන්න අය සුනාමි වගේ තත්ව ගැන. ගංවතුර අවදානමක් තියන පැතිවල ඉන්න අය ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒක අව්රුද්දේ මොන කාලයටත් වලංගුයි.

    හැබැයි මේක කියලා තියෙන කෙනා මීට කලින් කිව්ව කතන්දර ගොඩක් හරි ගිහින් තියෙනවා නේද..?:baffled: කොහොම උනත් මම දාන්න හිටිය කමෙන්ට් එක වෙනස් කර ගත්තා ඉන්දියන් මනුස්සයාගේ අනාවැකිය මොකක් උනත් මේ කෙමෙන්ට් එකේ අන්තිමට කියලා තියෙන දේවල් නිසා..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැබැයි මේක කියලා තියෙන කෙනා මීට කලින් කිව්ව කතන්දර ගොඩක් හරි ගිහින් තියෙනවා නේද..?:baffled: කොහොම උනත් මම දාන්න හිටිය කමෙන්ට් එක වෙනස් කර ගත්තා ඉන්දියන් මනුස්සයාගේ අනාවැකිය මොකක් උනත් මේ කෙමෙන්ට් එකේ අන්තිමට කියලා තියෙන දේවල් නිසා..:yes:

    ඔය මීට කලින් කියලා හරි ගිහින් තියනවා කියන ගොඩක් අයගේ ඒවා මීට කලින් කියලා නෑ මල්ලි. ඒ මිනිස්සු ප්‍රසිද්ධියට කියන කතා ඕවා. අපි හිතමුකෝ අර ලගදි වෙච්ච සබ්මැරීන් අනතුර. දැන් කව්රුහරි අනාවැකි ඵල කරන කෙනෙක් කියනවා එයා මේක මීට මාසෙකට කලින් කියලා තිබුන එකක් කියලා. ඔහොම කාලේ ගත වෙනවා. ඊට පස්සේ ඒ කෙනාගේ හිතලුවක් මත තවත් අනාවැකියක් කියනකොට ඒ කෙනා අර කලින්, වැඩේ උනාට පස්සේ කියපු ව්‍යාජ අනාවැකිය පාධක කර ගන්නවා. ගොඩක් වෙලාවට එහෙම දේවල් වෙනවා. ඒ වගේ වෙලාවකට කලින් දිනයක් දාලා ලියුමක් තිබ්බනම් මිනිස්සුන්ට ඔප්පු කරන්න පුලුවන්නේ.
     
    • Like
    Reactions: Ithika mithika

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔය වගේ අනාවැකි, ප්‍රවෘති, ලියුම් ගැන නම් විස්වාසයක් නෑ. මොකද බොරුවට ලියුම් හදන, උන්මත්තක අනාවැකි ඵල කරන මිනිස්සු ඉන්න ලෝකෙකනේ අපි ජීවත් වෙන්නේ. මතකනේ ටික කාලෙකට කලින් ලෝක විනාසය වෙනවමයි කිව්වා. මිනිසුසු සුප්‍රසිද්ධ වෙලා කුප්‍රසිද්ධ වෙන්නත් මේ වගේ වැඩ කරනවා. ඒක ඒ අයගේ උන්මත්තක භාවය.
    කොහොම නමුත් බය නොවි ස්වාභාවික වියසන ගැන අවධායෙන් හා පෙර සූදානමින් සිටීම මිනිස්සු කවුරුත් කරන්න ඕනේ. කදුකරයේ ඉන්න අය නායයෑම් ගැන. මුහුදබඩ පලාත්වල ඉන්න අය සුනාමි වගේ තත්ව ගැන. ගංවතුර අවදානමක් තියන පැතිවල ඉන්න අය ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒක අව්රුද්දේ මොන කාලයටත් වලංගුයි.

    :yes::yes::yes::yes: