පිහිනීම සම්බන්ධව වැඩ්ඩෙක් නමෙයි හැබැයි තරමක් හොදට පීනන්න පුළුවන් මුහුද ලගම ජීවත් වෙලා ඕක බැරිනම් වැඩකුත් නෑ
සුනාමි දවසට කලින් දවසේ අපේ නෑදෑයෝ කට්ටියක් කතරගම ගිහින් එන ගමන් අපේ ගෙවල් වල ඇවිත් හිටියා
කොහොම හරි සුනාමි දවසේ උදේ පාන්දර නැගිටලා නිව්සීලන්ඩ් අපේ මැච් එක බැලුවා ඒකත් පරදින පාටක් තිබුන නිසා කට්ටියම මැච් එකක් ගහමු කියලා අපේ ගෙදර ඉස්සරහා ඉස්කෝලේ ග්රවුන්ඩ් එකට ගියා
අපේ ගෙදර පිහිටීම කිව්වොත් ගෙදර පිටිපස්සෙන් පොඩි හිස් ඉඩමක් එක්ක මුහුද, ගෙදර ඉස්සරහා කොළඹ-මාතර ප්රධාන පාර, පාරෙන් අනිත් පැත්තේ ග්රවුන්ඩ් එකයි ඉස්කෝලෙයි
කොහොම හරි 9ට විතර ගෙවල් වල අය එලියට බැහැලා අපිට උදේට කන්න කතා කලා, අපිත් උදේට කාලා මුහුදේ නාමු කියලා මැච් එකත් නවත්තලා ගෙදර පැත්තට ගියා. මමත් විකට් එකට ගත්ත පුටුව ඉස්කෝලේ පන්තියෙන් තියලා එන්න හදනකොට මං දැක්කා සෙල්ලමි කරපු අපේ කට්ටිය ඉස්කෝලේ තාප්පේ ලගට දුවනවා, මමත් ඉතින් එතනට දුවලා බලනකොට දැක්කා පොඩි මුහුදු වතුර පාරක් ප්රධාන පාරට ඇවිත් තිබ්බා ඒත් එක්ක ලොකු රැල්ලක් (අඩි 10 විතර එක්ක මට මතක විදියට) මුහුද පැත්තෙන් ඉස්සෙනවා දැක්කා. ඒ වෙනකොට අපිට කන්න කතා කරන්න ගෙවල් වල වැඩිහිටි කට්ටිය එලියට බැහැලා හිටිය නිසා කවුරුවත් ගෙවල් ඇතුලේ හිටියේ නෑ ඒකෙන් එලියේ හිටිය කට්ටිය ඉස්කොලේ ග්රවුන්ඩ් එකට දුවගෙන ඇවිත් ඉස්කොලේ බුදු මැදුර තිබුන පොඩ්ඩක් උස කණ්ඩියක් ඒකට නැග්ගා ඒතන වටේම පේනවා.
කොහොම හරි එතනදී දැක්කා අර රැල්ලට උඩින් තව රැල්ලක් එනවා එකට අපේ මාමලගේ ගෙදර, අපේ ගෙදර සම්පූර්ණයෙන්ම කැඩුනා ඒ එක්ක එහා පැත්තේ ගරාජ් එකක නතර කරල තිබුන ලොරි දෙකක් රැල්ලත් එක්ක ඇවිත් ඉස්කෝලේ තාප්පේ වැදුනා පාර ඒ තාප්පේ සම්පූර්ණයෙන් කැඩුනා ඒත් එක්කම අපි සේරම ඉස්කෝලේ පිටිපස්සට පැන්නා, ඉස්කෝලේ පිටිපස්සේ තිබුනේ රේල්පාර ඒ වෙනකොට රේල් පාරටත් වතුර දානව,
ඒ පැනපු පාර එහෙම්ම කට්ටිය දිව්වා, කොහෝම හරි බාගයක් දුර යද්දි මට අපේ පවුලේ අයව මග ඇරුණා ඒ නිසා මං අයේ ගෙවල් පැත්තට එනකොට පාරේ හිටිය අය මට යන්න දුන්නේ නෑ (එදා අපේ ගෙදර අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගිහින් හිටියේ අම්මා හොස්පිටල් වැඩ අම්මා හිතලා තිබ්බේ අපි ඉවරයි කියලා) කොහොම හරි මං අයේ අපහු යද්දී තාත්ත මාව හොයාගෙන ඇවිත් මාව හම්බවුනා ඒ හම්බවෙලා තාත්තාත් එක්ක යද්දි අම්මත් හම්බවුනා, අම්මා හොස්පිටල් එකේ ඉදින් යුනිෆෝම් පිටින් ඇතුල් පාරවල් වලින් අඩාගෙන ඇවිත් තිබුනේ, කොහොම හරි මං දවස් දෙකක් විතර එදා සෙල්ලම් කරපු ඇදුම පිටින් හිටියේ. නැදෑයොත් එක්ක අපේ ගෙවල් තුනේ 20දෙනෙක් හිටියා ඒ කාටවත් කරදරයක් උනේ නෑ
සුනාමියෙන් පස්සේ රට ඇතුලෙන් ගෙවල් දුන්නට අපි ගත්තේ නෑ, මුලින් අපිට එතනගේ අයේ හදන්න දුන්නෙත් නෑ මීටර් 100 නීතිය නිසා පස්සේ ඒක මීටර් 50ට අඩු උන නිසා වෙරළ සංරක්ෂණයෙන් අවසර අරගෙන ආයේ එතනම ගේ හැදුවා, කලින් තිබුනගේ හදලා පදිංච් වෙලා මාස 5ක් වෙන කොට තමයි සුනාමි ඇවිත් ගලවගෙන ගියේ
මාමලා දෙන්නත් රට ඇතුලට වෙන්න ඉඩම් අරගෙන ගෙවල් හදාගෙන පදිංචියට ගියා, අපි තවම එතන ඉන්නවා ඇත්තටම දැන අපි විතරයි ඒ හරියේ ගෙයකට තියෙන්නේ අනිත් සේරම කඩවල් සහ හොටෙල්
දැන්නම් ගෙදර ඉස්සරහා ඉස්කෝලේ සුනාමි අනතුරු ඇගවීම කරන කණුවකුත් තියෙනවා හැබැයි වැඩ කරනවද දන්නේ නෑ දැන්
තව දෙයක් ගෙදර හදාගන්න රජයෙන් කියලා අපිට ලැබුනේ රුපියල් ලක්ෂ 2.5ක් විතරයි
මේ ලොකු කතාවක් ගොඩක් කෙටි කරලා කිව්වේ ඇත්තටම කිව්වොත් අපි සුනාමි එනකොට තරමක් යමක්කමක් ඇතුව හොදට හිටිය අය ඒත් සුනාමියෙන් අපි නැති වෙලාම ගියා පස්සේ ඔළුව උස්ස ගත්තේ හරි අමාරුවෙන්, අම්මත් ටිකක් අසනීම උනා හිතේ අමාරුවට
කතාවක් තියෙනවා සුනාමියෙන් ඇති මිනිස්සු නැති උනා නැති මිනිස්සු ඇති වුනා කියලා (ඒ කිව්වේ තරමක් හොදට යමක් කමක් ඇතුව හිටිය අය අන්තෙටම වැටුනා නැතුව හිටිය අය ගොඩ ගියා කියන එක) ඒ කතාවේ ඇත්තක් තියෙනවා මගේ අත්දැකීම් එක්ක