සුනාමි දවසේ අත්දැකීම්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,023
    8,867
    113
    Cenon
    cenon.com
    මම දන්න කෙනෙක්ටත් ඔහොම වැඩක් උනා. වෑන් එක ස්ටාට් වෙලා නෑ ගාලු යන්න. අදටත් ඒ වෑන් එක තියන් ඉන්නව ජීවිතේ බේරපු වාසනාවන්ත වාහනේ කියල
    ela, ape eka Mitsubishi Tredea kiyala parana ekak 12SRI.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    oww a kale mona blue ray da bung? :lol: :P

    Quality ewa oya ada kale wage issara heuwee na bung. dan ne bung api 2160P, 1080P ewa hoyanne

    mata mathaka VCD eka 2 da koheda thibaa Hall ekee gihilla 1 month walin withara issara films balanawaa :yes:

    Issara mama nam owa danneth na podi kale video quality

    Tsunami ekan passe baluwa Deep Impact kiyala ekake. ekath oya Tsunami seen ekake thiyanne.

    Ara Tusnami ekee ralla passata yanne, anna eka okee thibaa :eek::shocked:


    ෂෝක් wave වල වේගය කීයද බං.? එක එක වේග ද?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බම්පි... මන් නම් එදා අපේ අම්මගේ ඔෆිස් එකේ හිටියේ. ජයවර්දනපුර හොස්පිටල් එකේ.... මට අද වගේ මතකයි Emergency Bell එක පැය බාගයක් විතර තිස්සේ වැදුනා. අපේ අම්මලා ඇතුලුව හොස්පිටල් එකේ හිටපු හැමෝම එකා වගේ ලෑස්ති වෙලා හිටියේ Casualty ගන්න. හැබැයි මට මතක විදියට ඒ තරම් Casualty ආවේ නෑ.. ETU එකේ තිබ්බ TV එකේ News දාගෙන කට්ටිය අඬ අඬ බැලුවා මතකයි...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    ස්වර්ණවාහිනියේ මොකක් හරි කතාවක් බල බල හිටියේ ආච්චිලාගේ ගෙදර සීතාම්බර සළු ද කොහෙද කතාව. අපේ මාමලා එදා කතරගම ගිහින් හැබැයි කොහොම හරි බේරිලා තිබ්බා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    අල්ලපුගෙදර නංගි එක්කද
    නෑ අල්ලපුගෙදර එතකොට හිටියෙ බාප්පලා. බාප්පගෙ ලමයි එක්ක.

    අපේ තාත්තා එදා වැඩ වරායෙ. ඔෆිස් එකටත් වතුර ගැහුවයි කිව්වා. කොහොම හරි ලොරියකද බස් එකකද එල්ලිලා ආවා ගෙදර කලින්ම.
    ------ Post added on Dec 27, 2022 at 9:28 AM
     
    • Wow
    Reactions: iworld

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    mama 9 wasare ethakota tv eken kiuwama api wahalata nagala baluwa, kisi therumak na mokadda wenne kiyala
    ape patha usa nisa ganu minissu okoma pansalata awe samahara ganu diya redda pitin, nayitiya pitin eyalata api adum dunna.

    pansale pol tika kadala tag gala maduwak gahala rice and polsambola and parippu uyala dunna apu ayata

    නෑ අල්ලපුගෙදර එතකොට හිටියෙ බාප්පලා. බාප්පගෙ ලමයි එක්ක.

    අපේ තාත්තා එදා වැඩ වරායෙ. ඔෆිස් එකටත් වතුර ගැහුවයි කිව්වා. කොහොම හරි ලොරියකද බස් එකකද එල්ලිලා ආවා ගෙදර කලින්ම.
    ------ Post added on Dec 27, 2022 at 9:28 AM
    thama thathha warayeda wada mamath slpa thma
    ------ Post added on Dec 27, 2022 at 9:43 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ජිවිතේ අමතක නොවෙන දවසක් මම හිටියේ ගාල්ලේ jetwing lighthouse හෝටලේ ..කිසිම වෙනසක් නැති සාමාන්‍ය දවසක් උදේ 6 ට වගේ මම නැගිට්ටේ උදේම චේක්අවූට් වෙන්න බලාගන ..රැ ගසල හිටිය හින්ද පොඩ්ඩක් වෙරි වගේ තිබ්බ හින්ද එහෙමම ආයේ නිදා ගත්තා ..පස්සේ එක පාරටම හෝටලේ එලාම් සද්දෙට තමා ඇහැරුනේ ..මොකක්ද සීන් එක කියල බලන්න ලොබි එකට ගීයාට පස්සේ තමයි දෙලොව රත්උනේ ..ලොබි එකේ ගෙස්ට්ල ඔක්කොම කැගහනවා සිසිකඩ දුවනවා හොටෙල් එකේ ස්ටාෆ එකට අවබෝදයක් නැ උන්ටත් පිස්සු වගේ .ඒ වෙනකොට පුල් එක වැහෙන්න වතුරදාල තිබ්බේ ,,කරන්න දෙයක් තිබ්බේ මම එහෙම්මම ආයේ රූම් එකට ගිහින් ඕන මගුලක් කියල රැ ඉතුරු උන බ්‍රැන්ඩි ටික ගහල නිදියගත්ත ..දවස් 3ක් හිර වෙලා හිටය හෝටලේ සරනාග්තයෝ වගේ ...කියනන් නම් තියනවා විස්තර සැහේන්න වෙලාවක් නැ .
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපේ නෑදෑකෙනෙකුගෙ මළගෙයක් තිබුණ. කඹුරුපිටියෙ.
    අපේ ලොකු අම්ම නෑදෑයො කීපදෙනෙක් එක්ක වෑන් එකක ඕකට ගිහින් හිටියෙ.... වෑන් එකේ අයගෙන් තුන්දෙනෙකුට විතර ෆෝන් තිබුණ. එකක්වත් වැඩකරේ නෑ. සිග්නල් කේස් වෙලා. කන්ටෑක් කරගන්න විදිහක් නැතුව මෙහෙ අය බය වෙලා හිටියෙ...
    කොහොමහරි ආපදාවක් නැතුව කස්ටිය ගෙදර ආව.
    වාහනේ අතුරුපාරවල් වල දාගෙන රට ඇතුලට ඇවිත් තිබුණ.
    ඒ පැති වල මිනිස්සුත්, පොල් වතු මැද්දෙන් කොහු ලණු ඇදල, නැති පාරවල් ලකුණු කරල වාහන වලට එන්න පාරවල් පෙන්නල....

    ඒ මළගෙදරටම යන්න හිටපු අපේ මාම කෙනෙකුට තෙල්දෙණියෙ ගහගෙන ගිය ට්‍රේන් එක මගහැරිල තිබුණ. ඇහැරෙන්න පරක්කු වෙලා....
    උඹ මේක කලිනුත් කියල තිබුනනෙ බන් ත්‍රෙඩ් එකක.
    ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකේ. ඕක කරපු උන් දෙන්නට දන්න විදිහට මරණ දඩුවම හම්බ වුණා.
    හොඳ වැඩේ යකෝ බල්ලන්ට
    ටික කාලෙකින් සුනාමි සීඩී කියල ජාතියක් ආවේ වීඩියො ක්ලිප් ටික දාලා
    බලාන් මුන් ඒකෙනුත් හම්බුකරන්න බලන්නෙ.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සුනාමියට කලින් දවසේ ස්වර්ණවාහිනී එකේ ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා මාතර චර්ච් එකේයි බීච් එකේයි එතන හිටියේ😅😅
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් ඔය කෝච්චිය එහෙම පෙරලුන සුනාමි රැල්ල හරි වීඩියෝ එකක් නෑනේ කා ලගවත්..ඔය රැල්ල මොන වගේද එන්නේ..සමහරු කියනවා පොල් ගහක් විතර උසින් ආවා කියලා..නමුත් සුනාමි ගැන වීඩියෝ බැලුවම පේනවා ඒකෙදි වෙන්නේ මුහුද ඉස්සිලා ගොඩබිම පැත්තට තල්ලු වෙලා ගොඩබිමට වතුර පිරෙනවා..එහෙම නැතුව බිත්තියක් වගේ රැල්ලක් එන්නේ නෑ නේද පොල්ගහක් විතර උසට..දැක්ක අය කියන්නකෝ හරියටම කෝච්චියක් පෙරලෙන්න තරම් රැල්ලක් එන්නේ කොහොමද ..නිකම් අර ෆිල්ම් වල වගේ එනවද..
    rellak nemei ban gagak galanawa wage flow ekak enne sludge eka kaali baali kalawam wechcha. nikan hithapan kelani gaga harahata eka paratama kochchchiyak teleport karanawa kiyala. nikanma peralila abarila yanawane flow ekata. api gagaka bahala hitagana inna haduwath amaruine
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,804
    113
    Panadura
    මම පහේ පන්තියේ ඒ වෙනකොට උදේ තාත්තා එක්ක කඩේ ගිය වේලාවේ කිව්වා මුහුදේ වතුර ගලනවා ටවුන් එක පැත්තට කියලා ඒක මටවත් (මම මොනා හරි කඩ චෝරුවක් තාත්තට කියලා ගන්න සිහියෙන් හිටියේ ඒවා දිහා බල බල) තාත්තටවත් ගානක් උනේ නෑ පස්සේ ගෙදර ඇවිත් මම බයිසිකල් පදින්න පාරට ගියා මෙන්න බොලේ හෝටල් වල කෝකියෝයි සුද්දොයි හෙන සෙනගක් අපේ පාරේ දුවනවා දිබ්බැද්ද පැත්තට එතකොට අපේ ඉස්කෝලේ හිටිය යාළුවෙක් උගේ අම්මයි තාත්තායි එක්ක මෝටර්සයිකල් එකකින් වේගෙන් යන ගමන් කෑගහගෙන ගියා හේෂාන් ඉක්මනට ගෙදරට දුවනවා අන්න මුහුද ගොඩ ගලනවා කියලා මම ඕක ඇවිත් ගෙදරට කිව්වම අම්මයි තාත්තයි මාව විහිලුවකට ගත්තා බොරු කියනවා කියලා ඒ එක්කම මෙන්න බාප්පා පාරේ ඉදන් ඇවිත් කිව්වා මුහුද ගොඩගලනවා බ්ලු වෝටර් හොටෙල් එකේ තාප්පත් ගලවගෙන කියලා එතකොට තමා පව්ලේ සැමගේ ලේ රත් උනේ කොහොම හරි අපේ පැත්තේ ඔක්කොම වගේ වාහන වලින් බණ්ඩාරගම පැත්තට ගියා අපිට ඒ දවස්වල වාහනයක් තියා මෝටර්සයිකල් එකක්වත් නෑ නෑයන්ටත් අපිව අමතක උනා උන් පැන ගත්තා කොහොම හරි තාත්තයි අම්මයි කිව්වා මොනා හරි උනොත් තුන් දෙනාමනේ කියලා මෙහෙට වෙලා හිටියා අහල පහලත් එකෙක්වත් නෑ අපි විතරයි කොහොම හරි අපේ ගෙවල් වලට තියා අපි තුන්දෙනාට කිසිම කරදරයක් උනේ නෑ (මුහුද පැත්තේ ඉදන් 1.8km දුරින් ගෙවල් තියෙන්නෙ)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උඹ මේක කලිනුත් කියල තිබුනනෙ බන් ත්‍රෙඩ් එකක.
    ඉතිං මනුස්සයො ලංකාවට සුනාමි හත අටක් ආවයැ...
    දන්න ඉතිහාසෙටම ඇවිත් තියෙන්නෙ එක සුනාමියයි... ඒ ගැන තියෙන්නෙත් එක කතාවයි....😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තව සීන් එකක් වුණා....

    එදා පොඩියට පොලවෙ දෙදරිල්ලක් ගියා හොඳට තේරුනා....
    මම දන්න ගොඩක් අයටත් ඒක දැනිල තිබුණ. නිවුස් වලට ඒ ගැන විස්තරේ ගියාද කියල මතක නෑ....
    දෙදරිල්ල ඇඟට දැනුනෙ නෑ. ගොරවනව වගේ සද්දයක් එක්ක, ජනෙල් වල වීදුරු වයිබ්‍රේට් වෙන එක දැනුන හොඳට.... ඕක ගැන ලඟ ගෙදරක කෙනෙක් එක්ක කතා කර කර ඉඳල ගේ ඇතුලටත් ඇවිත් ටිකකට පස්සෙ තමයි බ්‍රේකින් නිවුස් එක ගියේ.