සුනාමි දවසේ අත්දැකීම්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය දවසේ යාලුවෙක් එක්ක බොනවිස්ටා කොරල් රීෆ් එකේ ඩයිව් කරන්න ලෑස්ති වෙලා හිටියේ. දවස් තුන හතරකට කලින් යාලුවා ආන්ඩුවේ ලොක්කෙක් එක්ක ගුටි ඇනගෙන විස්තරේ පහුවෙනිදා පත්තරෙත් ගිහිල්ලා, පොලිසියෙනුත් හොයන්න අරන් බුවා සතියකට විතර අන්තරස්ධාන වුනා.
    මම ඒ ගමන නවත්තලා යාලුවෝ ටිකක් එක්ක බෝධිනාගල ගියා. හැන්දෑවෙලා ගෙදර එද්දී තමයි විස්තරේ දන්නේ. ගාල්ලේ, වැලිගම, අහංගම හිටිය නෑයෝ සමහරක් පවුල් පිටින්ම නැතිවුනා. 😐
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    මම එතකොට 5 වසරේ. ලොකු මතකයක් නෑ. අපෙ පන්සලේ අනාත කදවුරක් තිබුනා. වලස්මුල්ල වගේ දුර පැතිවලිනුත් මිනිස්සු ඇවිල්ල හිටියා. අපි කන්දක් උඩ සහ ගාලු පාරෙන් ඈත හිටිය හින්දා මුකුත් අවුලක් උනේ නෑ.

    ගොඩක් කාලයක් කරන්ට් තිබුනෙ නෑ. රේඩියෝ දාන්න බැටරි හොයන්න හැමතැනම ඇවිද්දා. අපෙ නෑදෑයෝන්ගෙ නම් ඉඩම් කඩම් ඔක්කොම ගහගෙන ගියා.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අපි නම් හිටියේ රට ඇතුලට වෙන්න. ඒත් සුනාමි වුන වෙලාවේ කොච්චියේ රේප් සීන් ගොඩන් වුනා කියලා ආරංචියි. ඇත්තද දන්නේ නැහැ.
    Sinhalu puduma ammakin inne
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපි නම් හිටියේ රට ඇතුලට වෙන්න. ඒත් සුනාමි වුන වෙලාවේ කොච්චියේ රේප් සීන් ගොඩන් වුනා කියලා ආරංචියි. ඇත්තද දන්නේ නැහැ.
    ඒක නම් බොරුවක් වෙන්න ඕනෙ බන්. කෝච්චිය එක පාර ආවා වතුරට යට උනා ගහගෙන ගියා. එච්චර වෙලාවක් ගියෙත් නෑනෙ ඕක වෙන්න. මොන රේප්ද කට කපලා හිටපු කෝච්චියට තව ගමේ උනුත් නැග්ගම.
    මට එක මනුස්සයෙක් කිව්වා ඒ මනුස්සයගේ යාලුවෙක් අලුතෙන් කාර් එකක් අරගෙන වයිෆ් එක්ක කතරගම යද්දි අහුවෙලා තියෙන්නෙ. පොර බේරිලා වයිෆ්ව හොයද්දි වයිෆ්ගෙ මිනිය තැනක හම්බෙලා. කුඩ්ඩොද මන්දා දෙතුන් දෙකෙන් වයිෆ්ගෙ රත්තරන් බඩු ගලෝනවලු. ඒ මදිවට හැට්ටෙත් ගලෝලලු. පොර ඇවිත් කියලා රත්තරන් බඩු ටික ගන්න වෙන මොකුත් කරන්න එපා කියලා. ඊටපස්සෙ උන් එව්වා අරන් ගිහින්.

    :( :(
     
    • Wow
    Reactions: DiksonAlex

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඒක නම් බොරුවක් වෙන්න ඕනෙ බන්. කෝච්චිය එක පාර ආවා වතුරට යට උනා ගහගෙන ගියා. එච්චර වෙලාවක් ගියෙත් නෑනෙ ඕක වෙන්න. මොන රේප්ද කට කපලා හිටපු කෝච්චියට තව ගමේ උනුත් නැග්ගම.
    මට එක මනුස්සයෙක් කිව්වා ඒ මනුස්සයගේ යාලුවෙක් අලුතෙන් කාර් එකක් අරගෙන වයිෆ් එක්ක කතරගම යද්දි අහුවෙලා තියෙන්නෙ. පොර බේරිලා වයිෆ්ව හොයද්දි වයිෆ්ගෙ මිනිය තැනක හම්බෙලා. කුඩ්ඩොද මන්දා දෙතුන් දෙකෙන් වයිෆ්ගෙ රත්තරන් බඩු ගලෝනවලු. ඒ මදිවට හැට්ටෙත් ගලෝලලු. පොර ඇවිත් කියලා රත්තරන් බඩු ටික ගන්න වෙන මොකුත් කරන්න එපා කියලා. ඊටපස්සෙ උන් එව්වා අරන් ගිහින්.

    :( :(
    kohomada masayak yanakam werale thibba gada
     
    • Sad
    Reactions: Honda.putha

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම එතකොට 7 වසරේ..ගෙදරට නෑදැයෝ කට්ටියක් ඇවිත් හිටිය..නත්තල් සමරන්න..කේක් එහෙම හදල, කෑම බීම හදල හෙන සීන් ගොඩක් තිබුනා..අපි ටීවී බල බල ෆුල් සැපේ ඉන්නකොට තමයි ඔහොම කියාගෙන ආවේ එකෙක්,,,මුහුද ඇතුලට ගිහින් කියල තමයි මුලින් කිව්වේ.ඊට පස්සේ මුහුද ගලනවා අරක මේක කිව්වා....ඊට පස්සේ නිව්ස් දැම්මා..අපේ අයියල නම් ගියා මුහුද පැත්ත බලල එන්න කියල...

    ඊට පස්සේ කට්ටියට ඉවත් වෙන්න කියල announcement ආවා...අපි ගියා...මෙහෙ නම් ගෙවල් කිහිපයක් කැඩිලා තිබුනා...ලොකු හානියක් වුනේ නැහැ...
     
    • Like
    Reactions: NRTG

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ජිවිතේ අමතක නොවෙන දවසක් මම හිටියේ ගාල්ලේ jetwing lighthouse හෝටලේ ..කිසිම වෙනසක් නැති සාමාන්‍ය දවසක් උදේ 6 ට වගේ මම නැගිට්ටේ උදේම චේක්අවූට් වෙන්න බලාගන ..රැ ගසල හිටිය හින්ද පොඩ්ඩක් වෙරි වගේ තිබ්බ හින්ද එහෙමම ආයේ නිදා ගත්තා ..පස්සේ එක පාරටම හෝටලේ එලාම් සද්දෙට තමා ඇහැරුනේ ..මොකක්ද සීන් එක කියල බලන්න ලොබි එකට ගීයාට පස්සේ තමයි දෙලොව රත්උනේ ..ලොබි එකේ ගෙස්ට්ල ඔක්කොම කැගහනවා සිසිකඩ දුවනවා හොටෙල් එකේ ස්ටාෆ එකට අවබෝදයක් නැ උන්ටත් පිස්සු වගේ .ඒ වෙනකොට පුල් එක වැහෙන්න වතුරදාල තිබ්බේ ,,කරන්න දෙයක් තිබ්බේ මම එහෙම්මම ආයේ රූම් එකට ගිහින් ඕන මගුලක් කියල රැ ඉතුරු උන බ්‍රැන්ඩි ටික ගහල නිදියගත්ත ..දවස් 3ක් හිර වෙලා හිටය හෝටලේ සරනාග්තයෝ වගේ ...කියනන් නම් තියනවා විස්තර සැහේන්න වෙලාවක් නැ .
    How old are you now?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    kohomada masayak yanakam werale thibba gada
    ගඳ විතරක් නෙමෙයි බන්. පස්සෙ ඔව්වට උදව් කරන්න ගිය සමහර මිනිස්සුත් ලෙඩ වෙලා තියෙනවා විශබීජ හින්දා. අපේ මාමලා සෙට් එකකුත් ගියා. ගිහින් ඇවිත් හැමෝටම වගේ උණ හැදුනා. කිහිප දෙනෙක් ඉස්පිරිතාලෙ. එක මනුස්සයෙක් මැරුණා.
     
    • Like
    Reactions: NRTG

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මං එතකොට 5 වසරෙ. එදා උදේ ශ්‍රී ලංකා-නවසීලන්ත වන්ඩේ මැච් එක සිරසෙ බලබල හිටියෙ. 8.45 ට විතර සිරසෙ බ්‍රේකින් නිව්ස් ගියා මුහුද ගොඩගලනවා කියලා. එතකොටම වගේ කරන්ට් එක ගියා. මාත් ගාල්ලෙ හැබැයි අපේ පැත්තට නම් සුනාමි හින්දා ඩැමේජ් එකක් වුණෙ නෑ.
    Ado mamath new Zealand match eka balal bala hitiye tv eke. commentary kare jaliya radio eke mathaka widiyata. Tv eke sound adu karala radio eken match eka hanne. mama 2 wasare ethakota. mamai ayyai match pisso

    අපි නම් හිටියේ රට ඇතුලට වෙන්න. ඒත් සුනාමි වුන වෙලාවේ කොච්චියේ රේප් සීන් ගොඩන් වුනා කියලා ආරංචියි. ඇත්තද දන්නේ නැහැ.
    Mcn maam ehema ekaka ahana palaweni para. mokadda e seen eka mata poddak pahadili karapn
    ------ Post added on Dec 22, 2023 at 10:40 PM
     
    • Like
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,909
    2,937
    113
    A/L ලියන්න ඔන්න මෙන්න. මැච් එක යන වෙලේ නිව්ස් වලට කිව්වෙ මූද ගොඩ ගලනව කියල, හවස් වෙද්දි තමා සීන් එක හරියටම දැන ගත්තෙ
     
    • Like
    Reactions: NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    Ado mamath new Zealand match eka balal bala hitiye tv eke. commentary kare jaliya radio eke mathaka widiyata. Tv eke sound adu karala radio eken match eka hanne. mama 2 wasare ethakota. mamai ayyai match pisso


    Mcn maam ehema ekaka ahana palaweni para. mokadda e seen eka mata poddak pahadili karapn
    ------ Post added on Dec 22, 2023 at 10:40 PM
    මම සහ අනිත් මිනිස්සු අහපු කියපු විදියට සුනාමියට කොච්චිය පෙරලුනානේ..එතනදි රතුං බඩු ගලවන සිද්ධි වුනානේ...තව ගෑණු පෙරලගෙන උන්ව රේප් කරන සීන් වුනා කියල කියනවා...සමහර විට මීනී වලට වෙන්න පුළුවන්...මම දැක්කේ නැහැ...දැනටත් ඉතින් මොචරිවලට සල්ලි දීලි මිනී වලට හුකන්න බලන් ඉන්න සයිකො සීන් ඉන්නේ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මම 9 වසරේ වගේ itn එකේ බන කියන ගමන්න්ම ලයිව් මිනිස්සු කලබල වේලා පෙන්නුවා වගේ මතකයි මුහුද ගොඩ ගලන කතාවක් මිනිස්සු අරහේ මෙහේ දුවනව පෙන්නුවා අපිත් බයේ හිටියේ අපේ ගෙදර පිටිපස්සේ බෙරේ වැව තියෙනව gallface එකත් අපිට ලගයි එහෙම එකක් අවොත් ගෙවල්.පැත්තේ ඔක්කොමලා ලග තියන බිලිඩින් එකට යන්න කතාකර ගෙන හිටියේ
    මේහෙ මුස්ලිම් සිංහල දෙමල් කිරිස්තියානි අය ඉන්නවා එ එ අය ගෙවල් වල.pray කර කර හිටියා මතකයි එ දවසේ දවල් 12-2 අතර මම මේ කියන්නෙ උදෙ මම බෙරේ වැව බලන්න ගිය වෙනදා නැති වෙනසක් එකේ දැක්ක වතුර හයියෙන් ගලනවා වගේ දෙයක් පස්සේ දවස් දෙක තුනකට tv වලින් දැක්ක උන විනාසය.
    machan uba kompannavidiya da inne ?

    මම පහේ පන්තියේ ඒ වෙනකොට උදේ තාත්තා එක්ක කඩේ ගිය වේලාවේ කිව්වා මුහුදේ වතුර ගලනවා ටවුන් එක පැත්තට කියලා ඒක මටවත් (මම මොනා හරි කඩ චෝරුවක් තාත්තට කියලා ගන්න සිහියෙන් හිටියේ ඒවා දිහා බල බල) තාත්තටවත් ගානක් උනේ නෑ පස්සේ ගෙදර ඇවිත් මම බයිසිකල් පදින්න පාරට ගියා මෙන්න බොලේ හෝටල් වල කෝකියෝයි සුද්දොයි හෙන සෙනගක් අපේ පාරේ දුවනවා දිබ්බැද්ද පැත්තට එතකොට අපේ ඉස්කෝලේ හිටිය යාළුවෙක් උගේ අම්මයි තාත්තායි එක්ක මෝටර්සයිකල් එකකින් වේගෙන් යන ගමන් කෑගහගෙන ගියා හේෂාන් ඉක්මනට ගෙදරට දුවනවා අන්න මුහුද ගොඩ ගලනවා කියලා මම ඕක ඇවිත් ගෙදරට කිව්වම අම්මයි තාත්තයි මාව විහිලුවකට ගත්තා බොරු කියනවා කියලා ඒ එක්කම මෙන්න බාප්පා පාරේ ඉදන් ඇවිත් කිව්වා මුහුද ගොඩගලනවා බ්ලු වෝටර් හොටෙල් එකේ තාප්පත් ගලවගෙන කියලා එතකොට තමා පව්ලේ සැමගේ ලේ රත් උනේ කොහොම හරි අපේ පැත්තේ ඔක්කොම වගේ වාහන වලින් බණ්ඩාරගම පැත්තට ගියා අපිට ඒ දවස්වල වාහනයක් තියා මෝටර්සයිකල් එකක්වත් නෑ නෑයන්ටත් අපිව අමතක උනා උන් පැන ගත්තා කොහොම හරි තාත්තයි අම්මයි කිව්වා මොනා හරි උනොත් තුන් දෙනාමනේ කියලා මෙහෙට වෙලා හිටියා අහල පහලත් එකෙක්වත් නෑ අපි විතරයි කොහොම හරි අපේ ගෙවල් වලට තියා අපි තුන්දෙනාට කිසිම කරදරයක් උනේ නෑ (මුහුද පැත්තේ ඉදන් 1.8km දුරින් ගෙවල් තියෙන්නෙ)
    adow uba parana pareda inne
    ------ Post added on Dec 23, 2023 at 4:59 PM