සුනිල් පෙරේරා නැතිවෙලා බං

shenat

Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මා මෙයට වසර පහළොවකට පමණ පෙර බක් මස අග ඔහුගේ නව නිවසෙහි ඉදිකිරීමක් ගැන සාකච්ඡාවකට රත්මලාන බෙලෙක්කඩේ හන්දියෙහි තිබූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ කාර්‍යාලයෙහි ඔහු හමුවන්නට ගිය දිනෙකි.

    සුනිල් පෙරේරා යනු වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම රසවතෙකි. ඔහු හා කතාවට වැටුනු කල කාලය ගතවීම අමතකවීම මට වන ලොකුම ඇබැද්දියයි.

    එදිනද අපගේ මූලික කාරණය පිලිබඳ සාකච්ඡාවෙන් පසු, සුනිල් සමඟ ඔහුගේ අතිශය රසවත් කතා, අත්දැකීම් පොත පෙරලමින් සිටියෙමු.

    සුනිල් පෙරේරා යනු රසවතකු පමණක් නොව, පිළිවෙලකට වැඩ කරන, නිසි පරිදි කාර්‍යාලය පවත්වාගෙන යාමට උනන්දුවෙන, තනි වචනයේ මිනිසෙකි.

    ඉතා පිළිවෙලකට, ක්‍රමාණුකූලව ලිපි ගොනු අසුරා ප්‍රියජනක ලෙස පවත්වාගෙන ගිය එම කාර්‍යාලයේ සිටියේ සුනිල් අය්යාට අමතරව තවත් පිරිමින් දෙදෙනෙකු පමණි. ඉන් එක් අයකු අමුත්තන් හමුවන බරාඳයේම මේසයක සිටි වයසක මහතෙකි. අමුත්තන්ගේ වත ගොත විමසා, එතන ඇති දොරෙන් සුනිල් අය්යා හමුවට පැමිණවීම කිරීම ඔහුගේ මූලික රාජකාරියක විය හැක. අනෙකා අසල කාමරයක සිටියහ.

    එදිනද බොහෝ වේලාවක් ගතවී තිබූ අපේ සාකච්ඡාව රාජකාරියෙන් එහා ගිය සුහද කතාවක් වී ඇතිබව දැන් හෝ නොදැන අර බරාඳයේ සිටිනා රිසෙප්ෂන් අංකල් කාමරයට මඳක් එබී,

    " දන්සැලකට ආධාරයක් ඉල්ලගෙන ළමයි වගයක් ඇවිත් ටිකක් වෙලා, එවන්නද ඇතුලට, නැත්තන් මම කීයක් හරි ලියල යවන්නද" යැයි සුනිල්සුනිලුන් විමැසීය.

    මා දිහා බැලූ සුනිල්

    "මල්ලි, අපි මේ පොඩි උන්ට පොඩ්ඩක් කතා කරල ඉමු, ඔයා ඔහොම ඉන්න අවුලක් නෑ" යැයි මා හට පවසා
    "හරි xx අය්ය, එන්න කියන්න ඒ අයට"

    ඒ සමඟම මට පිටුපස වූ ඇලුමිනියම් දොරෙන් කිහිප දෙනෙකු ඇතුලුවනවා මට දැනුනි. මා සිටියෙ අමුත්තන්ගෙ අසුනෙහි නිසා ඒ පැමිණි "පොඩි උන්" එක් වරම දිස් නොවුනු මුත් යමක් වැරදී ඇති බව ඉදිරියෙහි ඇති සුනිල්ගේ මුහුණෙන් පැහැදිලිය.

    “ආ මල්ලිල එන්න, මොකද්ද සීන් එක?”

    “සුනිල් අය්ය අපිව මතක ඇතිනෙ, අර ගියපාරත් ආවෙ. මෙතන මේ...”

    “ආ ඔව් ඔව් ...ඉන්දික මේ මගේ හොඳ දන්න මල්ලිල සෙට් එකක්. මුන් මරු කොල්ලො ඈ. කොහෙද මල්ලි ඕගොල්ලන්ගෙ ඔය තැන...බලහන් මට පටලැවෙනවනෙ නිතරම..”

    සුනිල්ගේ ඒ හඳුන්වාදීමත් සමග පසුපසට හැරුණු මා දුටුවේ නියම කොල්ලන් හතර පස් දෙනෙකි.

    උන් හැමටම පොදු එක ලක්ෂනය වූ කේඩෑරී වී ගිය පොල්ගස් සිහිකල පෙණුම, මේ "අය්යලා" ගැන යම් අදහසක් මැවීය.

    එකෙකුගේ වත් කලිසම් කමිස ලඟදී සෝදා දැමූ බවක් නොපෙනුනි. අත්දිග කමිස ඇඳි උන්ගෙ අත් සුරුට්ටු සේ එතී එල්ලෙමින් තිබුනි. ටීශර්ට් කාරයෝ තම බැගී ටීශර්ට් ගෝනි තුල බැස කෙහෙතගේ අපලෙ වැදුනු ඔලු එළියට දමා ගෙනය. මඩපාට සෙරෙප්පු අස්සෙන් අලි නියපොතු පිරි ඇඟිලි මිරිකෙමින් එළියට විරිත්තාගෙන් සිටියහ.

    එකෙකු අත කොටසක් කහ සහ තවත් කොටසක් දුඹුරට හුරු රෝල් වූ ෆයිල් එකකි. දෙදෙනෙකුගේ පමණ ඉතාම කෙටිව කැපූ කොන්ඩාද, අනෙකුන්ගේ හිස් මත කපුටු කූඩුද විය.

    මොහොතකට පෙර දොර ඇරෙද්දී සුනිල්ගේ මූණ ඇඹුල් වූ හේතුව දැන් ඉතා පැහැදිලිය.

    “අපි මේ මේ වළව්වත්තෙ සුනිලය්ය...”

    “ආ ඔව් ඔව්..හරි දැන් මට පැටලුනා බන් මේ බායිවත්තත් එක්ක...ඉතින් මල්ලි ..මොකද්ද සීන් එක?”

    “සුනිලය්ය අපි මේ පාර දුන් තෙල් බත් දන්සැලක් දෙනව අපේ රජමාවත කෙලෝරෙ වැල්ල ගාව.”

    “අම්මට සිරි, නියම කෑම මල්ලි. මාත් හෙන ආසයි දුන්තෙල් බත් වලට...ඉතින්..”

    මල්ලිලාගෙ මූණුවල සිනා සමග කෙළ බේරෙනවා මට කනින් පෙනුනි.

    “අය්යෙ ඉතින් අපිට ආධාරයක් කරන්න පුළුවන්නෙ මේ පාරත්”

    “නැතුව බං. දැන් මොනාද ඕන.”

    “ඔක්කොම හරි සුනල්ලයෙ අපිට තව හාල් මිටියක් තිබ්බනං”

    “හරි හරි, මල්ලි ලියාගන්න මගෙන් සම්බ මිටිය..දැන් කොහෙටද මම ඔය හාල් මිටිය ගේන්න ඕන”

    “නෑ සුනිලය්ය කරදර වෙන්න එපා, අපි ගන්නං, ගාන හයසිය පණහක් විතර වෙන්නෙ, කොටුවෙන් තොගේට ගන්න ඉන්නෙ.”

    “මොන පිස්සුද මල්ලි නිකන් ලොරිවලට ගෙවල කොටුවෙ යන්නෙ, මේ එහාපැත්තෙ බෙලෙක්කඩේ මගෙ මිනිහෙක් ඉන්නව..මම ඌට කියන්නං. මිනිහ ඕගෙඔල්ලන්ගෙ පොට් එකෙම්ම ඇවිත් බාල යයි. ඔයාට ඉතුරු එව්වත් උගෙම්ම ගන්න, මම කියන්නං මිනිහ කොටුවෙ ගානටම දෙයි...”

    “නෑ සුනිලය්යෙ, අපි පොඩි ඇඩ්වාස් ඒකුත් දීලයි තීන්නෙ කොටුවෙ කඩේට. අපී කොල්ලෙක් ඒකෙ වැඩ, ඉතින් ඩිස්කවුන්ට් එකට හම්බවෙනව ඒකයි.”

    “ආ එහෙනං මල්ලි මගේ මිටිය මම අපේ මිනිහට කියන්නං ගෙනත් දාන්න කියල් ඕගොල්ලන්ගෙ ස්පොට් එකට.”

    “මෙහෙමයි සුනිලය්යෙ, ඔය දුන්තෙල්බත් වලට වෙනම හාලක් තීනව..ලු, උයන කෙනා තමා කිව්වෙ. ඉතින් වෙන ඒව ගත්තම කලවං උනොත් පොඩ්ඩක් අවුල් වෙයි කියල මෑන් කිව්ව. “

    “මොන පිස්සුද මල්ලි, කවුද කිව්වෙ, මගේ ගාව ඉන්නව ටොප් පොරක්, ඌ හදනව දුන්තෙල්බත් හාල් ජාති පහ එකට දාල. මාර රහයි. මං කියන්නං මල්ලි වැඩේ, මම ඌව අල්ලල දෙන්නද ඔයගොල්ලන්න්ට උයන්න..”

    “ටැන්කිව් සුනිලය්යෙ, ඒත් දැන් බෑ, මොකද අපි කුකාටත් ඇඩ්වාන්ස් එකක් දීල බුක් කරගත්ත, මොකද නැත්තන් සීසන් එක නිසා අල්ලන්න අමාරුනෙ..”

    “හරි මල්ලි. එහෙනං මෙහෙම කරමු.”

    “මම බෙලෙක්කඩෙන් හාල්මිටියක් අරන්, මගේ කුක්ට කියල එළකිරි වගේ දුන්තෙල් බත් එකක් උයල කල්දේරමක දාල දන්සැලටම එවන්නං. ඕක කන එකාට උඹලගෙ කුකාද මගේ කුකාද කියල අවුලකුත් නෑ, උඹලගෙ හාල් ද මගේ හාල්ද කියල වුලකුත් නෑනෙ. උඹල දන්සැල ඉවරවෙල මට ආයි කල්දේරම දීපන්, ඒ ඇති. හරි මල්ලි, එහෙනං ලියාගනින්, සුනිල් පෙරේර, දුන්තෙල් බත් කල්දේරම් එකයි කියල.”

    “හරි සුනිලය්ය අපි එහෙනං ගීන් එන්නං. බුදු සරණයි”

    “හරි මල්ලි ජේසු පිහිටයි!”

    පොඩි උන් ටික සුනිල් අය්යාගේ අම්මාට පින්දිදී පිටව ගිය පසු

    “ මුන්ගෙ දුන්තෙල් මදි මල්ලි මේ සුනිල්ව තම්බන්න. මුන් මේ සීබීච් රෝඩ් එකේ කුඩ්ඩො සෙට් එකක්, එනව මෙතන දුන්තෙල්බත්වල හාල් මුට්ට ගන්න සල්ලි එකතු කරන්න.."

    ප/ලි.
    මේ වනවිට අසාධ්‍ය තත්වයේ සිටින සුනිල් අයියාට ඉක්මනින් සුවවී නැවතත් අප පිනවන්නට වාසනාව ශක්තිය ලැබේවා!

    Copied from : Indika Kodithuwakku FB
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    කණ්ඩායම් සංගීතයට දුන් අමිල මෙහෙවර සදා අමරණීයයි. RIP

    නෝනේ මගේ සුදු නෝනේ,පාවෙන පීරිසයක් උඩ නැගලා, ලුණු දෙහි, ඔජේ ඔජායේ, පිටි කොටපන් නෝනේ, .........
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ස්වර්ගෙට යන්න ආසාවෙන් බුද්ධාගමට ගරහපු කෙනාට නිවන්සුව කියන්න එපා
    ස්වර්ගස්ථ වේවා කියපන්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1980 ගණන් වල දිවයින පුවත්පතේ තමාගේ සැත්කමක් සදහා (අප ප්‍රදේශයේ පුද්ගලයෙකු) මුදල් ඉල්ලා දැමූ ඉල්ලීමකට - සුනිල් පෙරේරා ලිපියක් ඒවමින් තමා හමුවන ලෙස දන්වා තිබේ. පසුව සියළු මුදල් දී - නැවත පුවත්පතේ 'තව දුරටත් මුදල් අවශ්‍ය නොවන බව දන්වා දැන්වීමක් පළ කරන ලෙසද කියා - සැත්කම සදහා අවශ්‍ය මුළු මුදල දී තිබේ....
    පස්සෙ මතක් වුණේ - තමා හෝ ජිප්සීස් සැත්කමට මුදල් දුන් බව කිසිදු ජනමාධ්‍යයකට නොකියන ලෙස ඉල්ලීමක් කර තිබේ..
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අත දිග ඇරලා වේඩින් එක්කට පාර්ට් එකකට දාන්න පුලුවන් අහන්න පුලුවන් සිංදු ටිකක් හදලා දුන්නට ස්තුතියි
    නිවන්සුව