සුපර්_මෑන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේක කලින් අහල තියේද දන්නෑ...

    කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙනහැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්නමෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.

    කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
    කොල්ලා : මේක මැජික් බියර් එකක්!
    කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇතිඑකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර කොල්ලා ලඟට ඇවිත්.
    කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන?
    කොල්ලා : අපොයි නෑ. ඉන්න මම පෙන්නන්නම්.
    ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු
    කෙල්ල : මට ෂුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල.
    කොල්ලා : පොඩ්ඩක් ඉන්න
    කොල්ලා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත්ඕනෙ උනාලු මැජික් බියර් බොන්න. බුවා බාර් කීපර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න"කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්‍ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.

    බාර් කීපර් අර මෑන් දිහා බලල කිව්වලු "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ සවුත්තු වැඩ කරන්නෙ" කියල..




    1780393-make_mine_a_double.jpeg

    හොදනං රැප් කීපයකින් දමා ගැසුවාට කම්නැත
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොටස් වෙලද පොල

    දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

    ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

    ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000 ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා.................

    ඔන්න ගේම දැන් පටන් ගන්නේ..............

    මේ මිනිහා අර රිලවි ටික සේරම කුඩුවේ දාලා වෙන ලොරියක ගෝලයෙක්ගෙ අතේ ගමට යවනවා එනවුස් පාරකුත් දාගෙන
    රිලා....ව් රිලා....ව් විකුණනවා...... 2000 යි එකෙක් 2000යි.............

    ගමේ උන් බැලුවා අමිමට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 2000ට අරන් අරෑ ආවම 5000 ට දෙන්න පුලුවන්නේ කියලා ............

    විනාඩි 5 යි පොරකකා රිලව් ටික සේල් වුනා.................

    සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුනා කියල විතරයි....

    මේක තමයි කොටස් වෙලද පොල............

    dancing%20monkey_full.jpeg
     
    • Like
    Reactions: nOoB_SL