සුප්‍රසිද්ධ 0 (බින්දුව)

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    සුප්‍රසිද්ධ 0 (බින්දුව)

    0 ට දැවී යනවා කියන්නේ පිතිකරුවෙක් අත්දකින්න කැමති නැති දෙයක්. එත් දන්නවද ලෝකේ වාර්තා වෙලා තියන සමහර 0 දැවී යාම් කිහිපයක් ඉතාමත් සුවිශේෂියි. මෙන්න ඒවායින් කිහිපයක්.

    ඩොන් බ්‍රැඩ්මන් - අනිවාර්යයෙන් බ්‍රැඩ්මන් ගේ අවසන් ඉනිමේ 0 ගොඩක් ප්‍රසිද්ධ එකක්. 1948 ඕවල් පිටියේදී තම අන්තිම ටෙස්ට් තරගයේ අන්තිම ටෙස්ට් ඉනිමට බ්‍රැඩ්මන් මුහුණ දුන්නේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන නෙමෙයි. හේතුව ඔහු ඒ අන්තිම ටෙස්ට් ඉනිම බවත් තරග සාමන්‍යය 100ක් ලෙස රඳවා ගැනීමට ලකුණු 4ක් අවශ්‍ය බවත් නොදැන සිටීමයි. අවාසනාවට මුහුණ දුන් දෙවන පන්දුවෙන්ම එංගලන්ත දඟ පන්දු යවන්නෙක් වන එරික් හෝලිස් ඉදිරියේ 0ට දැවීයාමයි. ඒ නිසා ඔහුගේ තරග සාමන්‍යය වුනේ 99.94

    අජිත් අගර්කාර් - වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අගර්කාර් ලෝඩ්ස් පිටියේ 100ක් ගහලා තියන සීම්ත ඉන්දීය පිතිකරුවන් අතරින් කෙනෙක්. මේ ඒ 100 ගැන නෙමෙයි. නමුත් අගාර්කාර් එක සැරයක් ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී 99/2000 ටෙස්ට් තරගාවලියේ එකදිගට අසාර්ථක වුනේ වැඩිය නෙමෙයි පිට පිට 0 ඒවා 5ක් ගහලා. මේ 0 ඒවා පහෙන් 4ක් පළමු පන්දුවෙන් දැවී යාම්. මේ වගේ දෙයක් කරලා තියන අනිත් අය තමයි ඕස්ට්‍රේලියාවේ බොබ් හොලන්ඩ් සහ මොහොමඩ් අසිෆ්. විශේෂත්වය වුනේ ඔහු තවත් 0 ඒවා 2ක් ඉන් පසුව පවත්වපු තරගාවලියේ ඉන්දියාවේදී එත් ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව තවත් 0 ඒවා දෙකක් රැස් කිරීමයි. ඒ වෙද්දී ඔහු ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව 19,0,0,0,0,0,0,0 විදිහට ලකුණු රැස්කර තිබුනා. ඊලග ටෙස්ට් තරගයේදී ඔහු එක ලකුණක් රැස් කරනවාත් එක්කම පිත්ත ඉහලට ඔසවා ආචාර කිරීමක් ද සිදු කළා.

    ජෙෆ් අලෝට් - මේ 0 විශේෂත්වය වැඩිම වෙලාවක් ගත කරපු වැඩිම පන්දු ගණනක් වැය කරපු 0 හැටියට. 98/99 දකුණු අප්‍රිකාව සමග පවත්වපු ටෙස්ට් තරගවලියේ නවසීලන්තයේ ජෙෆ් අලෝට් විනාඩි 101ක් පිටියේ රැඳී පන්දු 77ක් වැයකරමින් ලකුණු රැස් කලේ නෑ. 0(77) විදිහට තමයි දැක්වුණේ. ඔහු නිසා නවසීලන්තයට ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව නිමා කරන්නට හැකිවුණා.

    ග්‍රෙග් චැපල් - තාක්ෂණයෙන් පිරිපුන් ග්‍රෙග් චැපල් 81/82 එංගලන්ත ප්‍රාන්ත තරගවාරයේ 0 ඒවා 7ක් රැස් කරා. ඔහුට ඒ දවස්වල ක්‍රිකට් තරගයකදී ලකුණු පුවරුවේ දැක්වුවේ චැපල්G කියලා. හේතුව වුනේ ඔහුගේ සහෝදරයත් එම පිලේම ක්‍රීඩා කරපු නිසාත් ඔහුගේ නම චැපල්I ලෙසත් හැදින්වීම නිසාත් ය. නමුත් ඔහු ලබාගත් 0 ඒවා 7 නිසා ඔහුට වෙනත් නමක් ක්‍රිකට් සගයින් කියන්න පටන් ගත්තා. ඒ චැපලො (Chappel0) කියලා. G වෙනුවට 0

    රොමේෂ් කළුවිතාරණ - little Dynamite සහ little කළු කියන නමින් හදුන්වපු සුප්‍රසිද්ධ ආරම්භක පිතිකරුවන් දෙපළගෙන් කෙනෙක් තමයි අපේ කළුවිතාරණ. පළමු ටෙස්ට් තරගයේම ටෙස්ට් ශතකයක් වාර්තා කරමින් ටෙස්ට් පිටියට අවතීර්ණ වූ කළු 1996 සිංගප්පුරුවේ පකිස්ථානයට එරෙහිව පවත්වපු එක්දින තරගයක පන්දු 11ක් වැය කරමින් 0 දැවී ගියේ ආරම්භක පිතිකරුවෙක් විදිහට. විශේෂත්වය වුනේ එවිට ලකුණු පුවරුව 70 ක් ලෙස සටහන් වීමයි. සනත් ජයසූරිය එහා පැත්තේ ඉදන් තනියෙන් ලකුණු 66ක් රැස් කරගෙන. අතිරේක ලකුණු 4යි.

    ඉයන් බොතම් - 1992 ලෝක කුසලාන අවසන් තරගයේදී ඉයන් බොතම් ආරම්භක පිතිකරුවෙක් විදිහට ඇවිල්ලා 0 දැවී ගියේ වසීම් අක්රම් ඉදිරියේ. ඊට අවුරුදු 10 කලින් පකිස්තානු පිල එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී ලබාගත්ත ටෙස්ට් පරාජය හෑල්ලු කරමින් බොතම් කිව්වේ ‘නැන්දම්මාව ක්‍රිකට් ගහන්න එවන්න සල්ලි අපි ගානේ කියලා’. නමුත් 92 අවසාන තරගයෙන් 0 දැවී යාම නිසා අමීර් සොහෙල් ලගට ගිහිල්ලා කිව්වා ‘උඹේ නැන්දම්මව මෙහෙට එවපන් උඹට වඩා හොදට ගහයි’ කියලා.

    මනින්දර් සිං - 86/87 ඕස්ට්‍රේලියානු ඉන්දියානු ටෙස්ට් තරගාවලියේ මදුරාසියේ පැවති ටෙස්ට් තරගය සුවිශේෂී මෙන්ම ඉතිහාසගත වුනා. දඟ පන්දු යවන මනින්දර් සිං දෙවැනි ඉනිමේ අවසන් පිතිකරු විදිහට පිටියට එද්දී ඉන්දියාවට ජයග්‍රහණයට අවශ්‍යව තිබුනේ එකම එක ලකුණක් පමණයි.නමුත් ඔහු 0 දැවී යමින් ටෙස්ට් ඉතිහාසයේ දෙවැනි ලකුණු සමවීමට පිත්තෙන් උදව් කළා.

    ඩොන් බ්‍රැඩ්මන් (දෙවන වරටත්) – 32/33 බොඩිලයින් තරගාවලිය අපේ යාලුවන්ට මතක ඇති කියලා හිතනවා. මුල්ම ටෙස්ට් තරගයේදී යම් අසනීප ගතියක් නිසා ඩොන් ක්‍රීඩාකලේ නෑ, නමුත් දෙවන ටෙස්ට් තරගයේදී එනම් මෙල්බර්න් හිදී බ්‍රැඩ්මන් මුහුණ දුන් මුල්ම පන්දුව යෝර්ක්ෂයර් ප්‍රාන්තයේ බිල් බවුස් ගෙන්. ඔහුට බවුන්සරයකින් පන්දුව එල්ල කරපු බිල් නොසිතු විදිහට ඩොන් එම පන්දුවෙන් දැවී යන්නේ පිත්තේ යටිකොටසේ වැදී විකට්ටුවට වැදීමෙන්. (පින්තූරය බලන්න)

    ජිම් හිග්ස් - 1975 වික්ටෝරියා පිල සහ ලෙසිස්ටර්ශයර් පිල අතර පවත්වපු මුළු තරගාවලියම ජිම් හිග්ස් මුහුණ දුන්නේ එක පන්දුවක් විතරයි එකත් 0 ට out!. නමුත් කෙන්යාවේ ශෙම් න්ගෝශේ 2011 ලෝක කුසලාන තරගාවලියේ සියලුම තරග අවසානයේදී මුහුණ දුන්නේ පන්දු 3ක් පමණයි 3ම 0 ට out!

    කීත් ස්ටැක්පොල් - 1975 දී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කීත් ස්ටැක්පොල් තම අවසාන තරගයේදී ඉනිම් දෙකේම 0 දැවී ගියේ නවසීලන්තය ඉදිරියේ.

    [ ඉස්සුවේ FB එකේ "Sri Lanka කොල්ලො වසයි" Page එකෙන් ]
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔහු එක ලකුණක් රැස් කරනවාත් එක්කම පිත්ත ඉහලට ඔසවා ආචාර කිරීමක් ද සිදු කළා..:lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    ඔහු එක ලකුණක් රැස් කරනවාත් එක්කම පිත්ත ඉහලට ඔසවා ආචාර කිරීමක් ද සිදු කළා..:lol:

    Funny Indian cricket moment, Agarkar raises his bat after scoring a single, after 7 ducks!
    by robelinda2

    AJIT AGARKAR - 7 DUCKS IN A ROW vs AUSTRALIA!!!
    by robelinda2
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    Tied test decision 1986
    826284-tied-test-of-1986.jpg


    The 2nd Tied Test India vs Australia 1986
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    බොතම් කිව්වේ ‘නැන්දම්මාව ක්‍රිකට් ගහන්න එවන්න සල්ලි අපි ගානේ කියලා’. නමුත් 92 අවසාන තරගයෙන් 0 දැවී යාම නිසා අමීර් සොහෙල් ලගට ගිහිල්ලා කිව්වා ‘උඹේ නැන්දම්මව මෙහෙට එවපන් උඹට වඩා හොදට ගහයි’ කියලා.


    :lol::lol::lol::lol::lol: