සුපිරි~ආහාරය – මුරුංගා

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    සුපිරි~ආහාරය – මුරුංගා

    මෙන්න ලොව සැබෑ ම සුපිරි ආහාරය – මුරුංගා

    murunga-main.jpg


    මුරුංගා (Moringa Oleifera) කියන්නේ අපි කවුරුත් දන්නා ගස් වර්ගයක්. ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කීපයක් නැති ගෙවත්තක් නැති තරම්. අපිට මතකයි අපි පොඩි කාලෙ ඉඳල අපේ අම්මලා මුරුංගා කරල් වෑංජන හෝ කොළ මැල්ලූම් හෝ හොදි වරින් වර අපේ ආහාර වේලට එක් කළා. ඒ වගේ ම මඤ්ඤොක්කා තම්බනකොට මුරුංගා කොළ ටිකකුත් මුට්ටියට දානවා, යම් විසක් ඇත්නම් එය නැති කරන්න කියල. මුරුංගා කියන්නේ බෙහෙත් ඖෂධයක් කියලත් අපි දැනගෙන හිටියා. ඒ නිසා බඩේ අමාරුවට බොන තැම්බුං හොද්දට මුරුංගා පොතු කෑල්ලකුත් දානවා.

    ලංකාවේ අපි මේ විදිහට අවුරුදු දහස් ගණනක් තිස්සේ මුරුංගා ගැන දැනගෙන හිටියා. ඉන්දියාවෙත් එහෙමයි. ඒත්, මුරුංගා කියන්නේ මේ පෘථිවි තලයේ වැවෙන ආහාරයට ගන්නා ඕනෑම ගසකට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථයන් රාශියක් ලබා දෙන, ලෙඩ රෝග බොහෝ ගණනක් සුව කළ හැකි, බොහෝ සෞඛ්‍ය වාසි ලබා දෙන බහුකාර්ය සුපිරි ආහාරයක් (Multi – purpose super – food with endless health benefits) බව අප දැන සිටියා ද? සමහරවිට නෑ. අනුමානයක් නෑ අපේ මුතුන්මිත්තෝ නම් අවුරුදු දහස් ගණනකට පෙර මේ ගැන දැනගෙන ඉන්න ඇති.

    ඉන්දියානු ආයුර්වේද වෙදකමට අනුව මුරුංගාවලින් ලෙඩ 300කට වැඩි ගණනක් සුව කළ හැකි බව කියවෙනවා. ඒ විතරක් නො වෙයි. මුරුංගා මන්දපෝෂණය නැති කිරීමට උපකාර වෙනවා. මුරුංගා කොළවල ප්‍රෝටීන් බහුල ව ඇති බවයි පැවසෙන්නෙ. ඒ වගේ ම මස් මාළු ආදියෙන් ලැබෙන ශරීරයට අත්‍යවශ්‍ය යයි කියන ඇමයිනෝ අම්ල වර්ග සියල්ල ම වාගේ මුරුංගාවල තිබෙන බවයි කියවෙන්නේ. මුරුංගා යනු මස් මාළු ආදියට විකල්පයක් ලෙස ගත හැකි ආහාරයක් බවත් කියැවෙනවා. මේ තත්ත්වය වෙනත් කිසිම ශාක එළවළුවක නැති බව ද සොයා ගෙන තිබෙනවා. නොමිලයේ ම වාගේ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ලබා දෙන විස්මිත ආහාරයක් තමයි මුරුංගා. දැන් දැන් බටහිර රටවල් මුරුංගා යනු ලෝකයේ ආශ්චර්යවත් ම ගස (Miracle Tree) ලෙස හඳුන්වන්නේ මේ කරුණු නිස යි.


    murunga-guna.jpg


    මුරුංගා කොළ නොයෙක් ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්. අමුකොළ යුෂ පානය කරන්න පුළුවන්. කොළ මැල්ලූම්, ව්‍යංජන හෝ හොදි ලෙස සකසා ගන්න පුළුවන්. ඕනෑම ව්‍යංජනයකට අමු කොළ දමන්න පුළුවන්. ඒ වගේ ම කොළ වේලා කුඩුකර වතුරේ දිය කර පානයක් ලෙස හෝ තේ ලෙස හෝ කෑම වර්ගවලට එක්කර ගන්න හෝ පුළුවන්. මුරුංගා මල් සහ කරල් ද ව්‍යංජන ලෙස පිළියෙල කර ගන්නා බව අපි දැනටමත් දන්නවා. ඒ වගේ ම වියළි මුරුංගා කරල්වල ඇට තෙලෙන් බැද කෑමට ගන්න පුළුවන්. මුරුංගා ඇටයෙන් ලබාගන්නා තෙල් කෑම පිසීමට ගත හැකිවා පමණක් නෙවෙයි, එය රූපලාවණ්‍ය කටයුතු සහ සමේ ආලේපයක් ලෙස ද පාවිච්චි කරන්න පුළුවන්. එපමණක් නො වෙයි. මුරුංගා ඇටයේ පොත්ත කුඩුකර දැමීමෙන් ජලය පිරිසිදු කර ගත හැකි යි. ඒ විස්මිත හැකියාව මුරුංගා ඇටය සතු යි. මුරුංගා මුල් හෝ පොතු නම් ආහාරයට ගැනීමෙන් වළකින ලෙයසි උපදෙස් ලැබෙන්නෙ.

    මුරුංගා ගස නියඟයට ඔරොත්තු දෙනවා. රටවල් කාන්තාරකරණය වීමෙන් වළකාලනවා. මුරුංගා ගසට රසායනික පොහොර අවශ්‍ය නැහැ. කෘමිනාශක අවශ්‍ය නැහැ. අමතර සාත්තු අවශ්‍ය නැහැ. ඕනෑම නිසරු පොළවක වැවෙන මේ ගසේ මුල්, පොතු, කොළ, කරල්, ඇට ආදි සෑම කොටසක් ම විවිධ ප‍්‍රයෝජන සඳහා යොදා ගැනෙනවා. මේ ආහාරය මන්දපෝෂණය දුරු කරනවා. ගස දිරා පොළවට වැටුණු පසු එම පස ද සාරවත් කරනවා. බහුල වශයෙන් වගා කිරීමෙන් රැකියා නියුක්තිය වැඩිකර ගන්නත්, ආදායම් වැඩිකර ගන්නත් පුළුවන්. ඒ වගේ ම රටට විදේශ විනිමය උපයා ගන්නත් පුළුවන්.

    මුරුංගා ගසේ උපත උතුරු ඉන්දියාවෙ කියලයි කියන්නෙ. දැන් නම් ඉන්දියාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් ඝර්ම කලාපීය රටවල මුරුංගා වැවෙනවා, වගා කරනවා. එනම්, ආසියාවේ, අප‍්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ බොහෝ රටවල මෙය වගා කරනු ලබනවා. පුදුමයකට මෙන් මුරුංගා වැවෙන්නේ මන්දපෝෂණයෙන් දැඩි ලෙස පීඩාවිඳින ඝර්ම කලාපීය රටවලමයි. තමන්ගේ ගෙවත්තේ තිබෙන මේ පෝෂණීය රන් ආකරය ගැන දැන සිටින්නේ නම් මෙය තව දුරටත් තුන්වන ලෝකයේ දැවෙන ප‍්‍රශ්නයක් නො වෙනු ඇති.

    මුරුංගා ගස ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයක්. ශ‍්‍රී ලාංකික අපි ද එහි උරුමකරුවෝ වෙනවා. එය අපේ මිල කළ නො හැකි දේශීය සම්පතක්. අපි එය තව දුරටත් දියුණු කළ යුතු වෙනවා. වැඩි වැඩියෙන් වගා කළ යුතු වෙනවා. වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතු වෙනවා. ඒ සඳහා දිරිගැන්විය යුතු වෙනවා. අනුබල දියයුතු වෙනවා. එයින් විවිධ නිෂ්පාදන සාදා දේශීය වගේ ම විදේශීය වෙළඳ පොළට යොමු කිරීමට ව්‍යවසායකයන් ඉදිරිපත් විය යුතු වෙනවා. පර්යේෂණ ආයතන මඟින් කරුණු සොයාබලා මහජනයාව දැනුවත් කළ යුතු වෙනවා. ඒ කටයුතු එලෙස සිදු කිරීමට අදාළ සෑම දෙනාට ම සිත් පහළ වේවා!

    අහරක සටහන
    වයි. එම්. ඩබ්. බී. වීරසේකර

    :):)



    Source~ Mahamegha.lk
     
    Last edited:

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    :) +
    ela rep+++
    :) +
    ela machan +
    :) +
    බම්ප්
    :)
    ස්තුතියි මචං

    my favorite , උදෙත් මුරුන්ගා කොල තිබ්බා :P
    :):cool:
    ස්තුතියි මචං
    :)
    :) +
    ස්තුතියි මචං
    :)