<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හදහන් බලන්නට අද පනහක් වත් ..පැමිණුනී
ඒවයෙ වැඩ ගොඩ ගැසී අද එකොලහවත් පනී
ඔබෙ ඉල්ලීම පියතුම හට .................දුනී
එයට නිදහසක් ඇද්දැයි දෙයියොම ........දනී
අනේ පල යන්න එතුමා දෙයි ගින්දර වගෙ.......කවියක්
මට නම් එවිට දැනෙයි අඩේ ගින්දර වගෙ........සවියක්
එතුමා පියෙක් නොව දෙව්ලොව ඉදන් වඩපු...දෙයියෙක්
රීෆ්‍රෙෂ් කරමි නිතරම බලනට එතුමගෙ...........කයියක්
 
Last edited:

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ආදර පියතුමණි පොඩ්ඩක්...........අහගන්න
ඔබේ පුතා මැණිකකි මඩුවට...........ඔන්න
ඔහු හින්දා හැකිවිය කවි...........අමුණන්න
ඒ පින ඔහුව වැඩු ඔබ හට..........හිමිවන්න
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නිල් කදු වලින් වට මගෙ සුන්දර නුවර
    මහවැලි ගගේ නිල් සීතල දිය ....දහර
    නිල් කෙත් යාය පිස එන මදනළ පහර
    සමකල හැකිද වෙන නගරයකට කවර
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඊයේ ඉදන් අද දහවල වෙනකන්ම
    බේබදුකමට බිවට අමාරුයි තවම
    එහෙම කියල අත්රියේ නැහැ ගේම
    පුළුවන් විටදී දැම්ම කවි පෙර සේම
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශ්‍රී අයිය ගෙ පියාණෙනි ඔබෙ ..........නමට
    කවි මල් මාල අමුණමි හැඩ දා .........රුවට
    මෙවන් පුතෙක් ලද ඔබ නිවුණයි .....ඔන්න
    නිබ්බුත පද කියමි මම කවියෙන් ....මෙන්න
    :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ කිරියෙම එළ චෙෆ් ඔබෙ ....පුතාණෝ
    රන බිමකට සරිලන ......සෙනෙවියාණෝ
    අප සම බිමක සනහන ..සොහොයුරාණෝ
    කවි මඩුවෙහි අපට සිටිනා ........රජාණෝ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    නිල් කදු වලින් වට මගෙ සුන්දර නුවර
    මහවැලි ගගේ නිල් සීතල දිය ....දහර
    නිල් කෙත් යාය පිස එන මදනළ පහර
    සමකල හැකිද වෙන නගරයකට කවර
    ඔය කියනා අති රමණිය මහනුවරේ
    ඔබ සිටින ඉසව්ව මොකද මා මිතුරේ
    මේ කියනා මෙමත් එම නුවරේ
    සෙට් වෙලා යමුද අපි දවසක් මීමුරේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Captain ජැක් ස්පැරෝ;11897821 said:
    මොකද ජැකා ආයෙත් :eek::eek: ...........වීලා
    අද හවසම කලින්ම ඇත සලු .............වීලා
    කෑව බිව්වනම් පැත්තකට ම ..............වීලා
    :eek::eek: ග ගා නොයිදින් බූතය ..........වීලා
    :angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියනා අති රමණිය මහනුවරේ
    ඔබ සිටින ඉසව්ව මොකද මා මිතුරේ
    මේ කියනා මෙමත් එම නුවරේ
    සෙට් වෙලා යමුද අපි දවසක් මීමුරේ
    හෙල්ත් කෑම්ප් එකකට එහෙ සෙට් වීලා
    කට බඩ පිරෙන්නට මී රා .....ඇදබාලා
    මගදි එන විටදි හොද හැටි වෙරි ...වීලා
    මතකයි වූ හදිය කිතුලේ රා .......බීලා
    :P:baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබේ පුතණුවො ඉන්න විටකදි මෙමා නොමගට........නොයාමී
    ඔහුගෙ ගුණකඳ කවි වලින් මා මේලෙසින් දැන්............ගයාමී
    පියතුමණි ඔබ දුන්නු රන්කද හින්ද අප ඵල..............නෙලාමී
    එහෙව් පියතුම වදිමි මේ ලෙස “පීතු පාදං.................නමාමී”
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හෙල්ත් කෑම්ප් එකකට එහෙ සෙට් වීලා
    කට බඩ පිරෙන්නට මී රා .....ඇදබාලා
    මගදි එන විටදි හොද හැටි වෙරි ...වීලා
    මතකයි වූ හදිය කිතුලේ රා .......බීලා
    :P:baffled:
    අද අර ගහෙන් හෙට මේ ගහෙන්
    කියල කියයි අපේ එහෙ මදින්නන්
    ඔය කොකේන් ගැහුවත් නාගසල්ලන්
    යන්නේ දෙකෙන් යලි එන්නේ අපි හතරෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අදුරු පදුරු ගස් තැන් තැන් වල අපි පිස්සුම........නැටුවාලු
    අප තුල කිමිදී මැකෙමින් තිබු හැකියාවන්..........දන්නෑලූ
    ඒ ටික කදිමට මෙහි ගොඩගෙන මොහු අප ඔප....දැම්මාලූ
    තුන්වෙනි වරටත් ශ්‍රී අයියාහට සස්ලිට්...............වැන්දාලූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද අර ගහෙන් හෙට මේ ගහෙන්
    කියල කියයි අපේ එහෙ මදින්නන්
    ඔය කොකේන් ගැහුවත් නාගසල්ලන්
    යන්නේ දෙකෙන් යලි එන්නේ අපි හතරෙන්

    උඹනම් දෙකෙන් ගිහිල්ල හතරෙන්....එනවා
    ඒ කියන්නෙ උඹ ඉහලින්........වැජබෙනවා
    යකෝ මේක හැමදාමත් මට.........වෙනවා
    මාව ගෙන එන්න වෙනකෙකු හට...වෙනවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔය කියනා අති රමණිය මහනුවරේ
    ඔබ සිටින ඉසව්ව මොකද මා මිතුරේ
    මේ කියනා මෙමත් එම නුවරේ
    සෙට් වෙලා යමුද අපි දවසක් මීමුරේ
    මගෙ ගම පොල්ගොල්ල අසබඩ මහවැලි නදිය
    පොල්ගොලු වේල්ලත් අත පොවනා ......දුරය
    කෙත් වතු අවට වී කරලින් ..............බරය
    විද්‍යාපීඨයත් හූවක් වත් ................නැතිය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹනම් දෙකෙන් ගිහිල්ල හතරෙන්....එනවා
    ඒ කියන්නෙ උඹ ඉහලින්........වැජබෙනවා
    යකෝ මේක හැමදාමත් මට.........වෙනවා
    මාව ගෙන එන්න වෙනකෙකු හට...වෙනවා
    තමන් ලිමිට් දන්නේ නම් නෑ ...........අවුල
    නමුත් ලිමිට් පැනි විට සිදු වෙයි .........අවුල
    ලිමිට් තබා ගෙන කරනා පින ..........විල්ල
    "තමුන් හිසට තම අතමය සෙව........නැල්ල"
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනෙ පලයන්න එනව මෙතන.........කියවන්න
    ඒලියන්ස්ල රොක් කරනව බං.............අන්න
    මමත් උන්ගෙ පැත්තේ එය දැන.........ගන්න
    නර්ස් නෝන දුන්නොත් මම එමි.........ඔන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගෙ ගම පොල්ගොල්ල අසබඩ මහවැලි නදිය
    පොල්ගොලු වේල්ලත් අත පොවනා ......දුරය
    කෙත් වතු අවට වී කරලින් ..............බරය
    විද්‍යාපීඨයත් හූවක් වත් ................නැතිය
    නුවරට පහල ඇති කෑගලු නම්.......නගරේ
    පැන්තරයා පදිOචි දන්නෙද..........මිතුරේ
    සිල් සුවඳැල් හමනවා දලධා.........මැදුරේ
    එහෙව් නුවර ඔබ පවුලට සැප........අඹරේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැසියගෙ ආරාධනාව අප්..............කරලා
    මමත් කියනවා බුලතුත් හෙම............දීලා
    සිරි අයියගේ තාත්තේ අනේ මෙය.....දැකලා
    පබඬිනු මැන එක් කවි පදයක්........මෙහිලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබේ පුතු නොවෙන්නට කවිකම්.....නොමැත
    අයාලයේ සරුන්ගලේ යනෙනු............ඇත
    වැයුවොත් ඔබ සිරි පුතුගේ චරිතේ.........වත
    මල් මිස කිසි අවගුනයක් අනේ...........නැත