<< සුපිරි කවි ට්කක් >>

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    අන්න එකෙක් බොට පැණීයා..............කියනවා
    ඇදපන් ගේම නැත්නම් තොගෙ කට........කණවා
    බයවෙන්නෙපා මම උබෙ සහයට.............එනවා
    කළුවරනම් පහනත් මම..................අල්ලනවා

    උඹ ඇයි මට මෙහෙම............ සලකන්නේ
    උඹමයි අද මට වෙල්කම් එක... ..දුන්නේ
    හිතුවේ සෙට් වෙන්න නැත ගේමට ඇදගන්නේ
    ඇයි එහෙනම් අරූගේ සහයට...... යන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම නැති වෙලේ මුන් ඔක්කොම පෙම් කෙළියේ
    වැටිලා වගේ ඇඹලයො ටික පැණි ......හැලියේ
    කෙළිනා නමුත් මොළවන තෙක් ගිණි ..සැලියේ
    බැස්සොත් මෙමං තොපි දුවනවා මහ ...කැලයේ

    අම්මටසිරි අපේ රජෝ....
    මම විතරයි තනියමෝ....
    පැන්තා නිදියන්න ගියෝ....
    මොන ලෝකෙන් ඔබ වැඩියෝ.......
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කෝ අපේ පැන්තරයා
    වහ කාලාද .පුත්තරයා
    දෙන්න මට උත්තරයා
    අපේ පැණි මිත්තරයා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ගනිල්ල තොපිලගෙ අදහස් පේලි කර
    එනවා මමත් දෙන්නට සප් එක
    අවොත් හෙම මාත් එක්ක හෑප්පෙන්න
    දෙනවා හොම්බ කට කුඩුවෙන්න
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සස්ලිට්ටට හැම කෙල්ලම..............නැගෙණියකි
    කවි පෙම් වලදි නම් සමහරු..............රැජිණියකි
    තවත් කෙල්ලො මටනම් රෙඩ් බුල්...........එකකි
    පැන්තට නම් ඔබ නිල්.................දියමන්තියකි

    සිව්පද ගැටුම් කොතෙකුත් තිබුනත් රසැතී...:confused:
    කවි මඩුවෙහි සොයුරු දමින් බැදී නිතී....:)
    සස්ලි සහෝ වෙන්නට එපා කපෝතී....:D
    එළකිරියේ අපිලු නිල් කැට ..දියමන්තී..
    :cool:
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    දෑක්කට පිටු ගනන් කවි පදවෑල් බොමා
    හිතුවෙ නෑ කරන්නට පුලුවනියෑයි මෙවා
    නිකමට ලිව්වෙ එක කවියක් ගලපලා
    දෑන්නම් අබින් කෑවා වගෙ කවි ලීමා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හදිසියේ මම මෙ දැන් ....ආවේ
    ඊ මේල් බලන්නයි ඕනෑ ...වුවේ
    කවි මඩුවමයි මකය ගෙන ආවේ
    අහම්බෙනුයි මෙහි එන්ටර් .වුවේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ ඇයි මට මෙහෙම............ සලකන්නේ
    උඹමයි අද මට වෙල්කම් එක... ..දුන්නේ
    හිතුවේ සෙට් වෙන්න නැත ගේමට ඇදගන්නේ
    ඇයි එහෙනම් අරූගේ සහයට...... යන්නේ

    අන්න උඹට මල පැනලා...............හොන්ඩරයක්
    මම අරූට දුන්නේ බන්....................අන්ඩරයක්
    ඌ ඇවිදින් දැම්මොත් ඔබ හට...............වලියක්
    නිවල පහන බොට දෙමි හොද රජ...........කඩුවක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹ ගැන පුතෝ මම හොඳ හැටි..... දන්නේ
    පරණම පොරකි එළකිරියේ........... ඉන්නේ
    පැනිකම මුගේ කට මුල්ලෙන්..........බේරෙන්නේ
    කෙල්ලන් කොහෙද මේකා ඉව....... අල්ලන්නේ

    එතරම් පැණි හැලූ මම තාමත් තනිකඩව
    සිටින්නෙ වැජඹිලා ඇඹලය මෙන් දිරිව
    මල්සරා වුණත් තනිකඩ පොරකී මෙ‍ලොව
    එබැවින් මමත් ඔහු යන මග යයි දිරිව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෑක්කට පිටු ගනන් කවි පදවෑල් බොමා
    හිතුවෙ නෑ කරන්නට පුලුවනියෑයි මෙවා
    නිකමට ලිව්වෙ එක කවියක් ගලපලා
    දෑන්නම් අබින් කෑවා වගෙ කවි ලීමා

    යායුත්තේ බොහො දුරක්ය..........
    ඔබට ඇත්තේ කවි සිතක්ය............
    දියුණුවන කෙනෙක්ය..........
    ඔප දැමූවොත් හොද මැණික්ය.........
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉන්නා උබලගෙ ඔක්කොම කෑලි ටික මට දී
    ගහගනිල්ල බෑනගනිල්ල උබලා ඈති හෑටි
    එතකන් උබලගෙ මහලොකු කෑලි ටික
    බලගනිමි මන් මගෙ පන වෑනී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සුබම සුබ රැයක් සැම හට ....පතමින්නේ
    නිදියා ගන්නටයි දැන් මම මේ ...යන්නේ
    ආයෙත් අනේ හෙට උදයෙම .....එන්නේ
    නිශාචරයො ටික මෙය ඇද ගෙන යන්නේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ගනන් ගන්න එපා ඕව මේ .....නංගී
    තනි මල නිසා පෙරයි කට්ටිය ...සෙට්වී
    අඳුර ගත්තමුත් අද මේ කවි .....කට්ටී
    වේලි වේලි හිට ඇත කට්ටිය... ෆ්ලැට් වී


    පිස්සුද අයියේ මම නෑ නොවැ ගන්නෙ ගණං...:lol:
    පල ඇති රුකට ගල් මුල් ගසනවා ඇති මුං...:sorry:
    වේලුනු දරලු ඇවිලෙනුයේ හනික මචං...:rolleyes:
    තිත්තයා සබේ..කොකාගෙ වාරය අවසං...
    :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    සිව්පද ගැටුම් කොතෙකුත් තිබුනත් රසැතී...:confused:
    කවි මඩුවෙහි සොයුරු දමින් බැදී නිතී....:)
    සස්ලි සහෝ වෙන්නට එපා කපෝතී....:D
    එළකිරියේ අපිලු නිල් කැට ..දියමන්තී..
    :cool:

    නිල් දියමන්ති තිබුණත් මෙහි............කොතරම්
    තඹයක්වත් වටින්නේ නෑ මට..............එයනම්
    හදවත ගුණැති අය හෙම දැන්........දුටුවොත්නම්
    පස්සෙන් දුවමි දද සේසත් උස්සන්..............මම්
     
    Last edited:

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    කවි ලිව්වා ඈති එලකිරියට අදට
    යනවා හදන්නට මම පිට්සා රොටිය
    දත් කිබුලා දාලා ඈත මෙහි මෙනුව
    එන්නෙමි නෑවත ඉඩ ලෑබෙනා වෙලාවක
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උදලු දම දමා මෙහි ඉන්නේ ......කුමට
    තලනම් තෙලට වේලේ මී බෙටි.. කුමට
    හෙට වැඩ තියේ ඇතිවෙන්නට ....එමට
    ඔන්න පුතේ මම යනවා මගෙ අඹු ලගට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    සිව්පද ගැටුම් කොතෙකුත් තිබුනත් රසැතී...:confused:
    කවි මඩුවෙහි සොයුරු දමින් බැදී නිතී....:)
    සස්ලි සහෝ වෙන්නට එපා කපෝතී....:D
    එළකිරියේ අපිලු නිල් කැට ..දියමන්තී..
    :cool:

    එළකිරි කොල්ලෝ හිටියා මෙහි ..........හැමදාමත්
    කෙල්ලන් අඩුයි හිටියත් උන් නැත........ ගානක්
    ඉන්න කෙල්ලෝ දෙන්නත් පන්ඩිත....... බානක්
    නිල්කැට නැත ඇත ගල්කැට............ අම්බානක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුබම සුබ රැයක් සැම හට ....පතමින්නේ
    නිදියා ගන්නටයි දැන් මම මේ ...යන්නේ
    ආයෙත් අනේ හෙට උදයෙම .....එන්නේ
    නිශාචරයො ටික මෙය ඇද ගෙන යන්නේ

    තනිවමයි අදින්නේ.........
    ඔබ මා දමා යන්නේ.........
    මා තනි වෙනවනේ.........
    මුං ටික කාවි මම අනේ........
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සුබම සුබ රැයක් සැම හට ....පතමින්නේ
    නිදියා ගන්නටයි දැන් මම මේ ...යන්නේ
    ආයෙත් අනේ හෙට උදයෙම .....එන්නේ
    නිශාචරයො ටික මෙය ඇද ගෙන යන්නේ

    සරි අයියේ...සුභ රාත්‍රියක් වේවා!! :rofl:
    වලියට නැවත අප හා නුඹ සෙට් වේවා!! :P
    නිදි දෙව්දුවගෙ කාලය තව ලං වූවා...:dull:
    ටටා බායි...සුභ සහිනෙන් සැතපේවා!!
    :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹ ඇයි මට මෙහෙම............ සලකන්නේ
    උඹමයි අද මට වෙල්කම් එක... ..දුන්නේ
    හිතුවේ සෙට් වෙන්න නැත ගේමට ඇදගන්නේ
    ඇයි එහෙනම් අරූගේ සහයට...... යන්නේ

    විහිලු තහලු කවියෙන් වලි අපට උරම වෙන්නේ
    දෙපැත්ත වෙනුවෙන් ම ඉතින් ඔහු දැන් දොඩවන්නේ
    වඳින්න ගිය මිනිහට දේවාල බිමේ වෙන්නේ
    අන්න ඒක ඔහුට වේද මානම් බිය වෙන්නේ

    (එයා විහිලුවටනෙ කියන්නෙ. කවියේ ජීවය වෙනුවෙන් ) :D