<< සුපිරි කවි ට්කක් >>

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    පිස්සුද අයියේ මම නෑ නොවැ ගන්නෙ ගණං...:lol:
    පල ඇති රුකට ගල් මුල් ගසනවා ඇති මුං...:sorry:
    වේලුනු දරලු ඇවිලෙනුයේ හනික මචං...:rolleyes:
    තිත්තයා සබේ..කොකාගෙ වාරය අවසං...
    :P


    නන්ගි එන්න මාත් එක්ක සෙට් වෙන්න
    ගලවමු මුන්ගෙ රෙදි හොදහෑටි පලු යන්න
    කෙල්ලෙක් හට මෙහෙමත් කියනවද
    මුන්ට යන්න තවත් ලොවක් තියෙනවද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න උඹට මල පැනලා...............හොන්ඩරයක්
    මම අරූට දුන්නේ බන්....................අන්ඩරයක්
    ඌ ඇවිදින් දැම්මොත් ඔබ හට...............වලියක්
    නිවල පහන බොට දෙමි හොද රජ...........කඩුවක්

    මනමේ රජුට වූ දේනම් මට නොවෙතී
    චා ට කලින් සසලිට් හට වැඩේ දෙතී
    කැලැවෙ නීතියට දැන්නම් මගෙ හිත දුවතී
    පරිසම් වුණොත් නුඹටත් යහපතක් වෙතී
    :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    සරි අයියේ...සුභ රාත්‍රියක් වේවා!! :rofl:
    වලියට නැවත අප හා නුඹ සෙට් වේවා!! :P
    නිදි දෙව්දුවගෙ කාලය තව ලං වූවා...:dull:
    ටටා බායි...සුභ සහිනෙන් සැතපේවා!!
    :)

    එස් එලා සිංහලයෙකී.........
    සෙට් උනේ හරි බඩ්ඩකී..........
    පැන්තරා සිහිනෙන් සකී.........
    අපිව මරලා කයිද සැකයකී.......
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඔන්න පුතෝ මම දැන් යනවා ......යන්න
    එකොළහ හමාරට මට ඇත........ දෝයියන්න
    පිළිතුරු නැතිව මගේ කවි තව ඇත. ඔන්න
    තරහක් ඇතොත් හෙට හවසට ......හමුවෙන්න
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    තේජස් රැජින උතුමියකී පෙර උන්න
    පාන් නොමැති දා කේක් කන්නට දුන්න
    ඇය මඟ යමින් මා කයි චොකලට් ඔන්න
    පෙට්ෂා කෙල ගිලීදැයි සැකයක් ආවා මෙන්න

    ලුවී රජුගෙ බිරිදගෙ ප්‍රේමය නොතකා...:love:
    චොකෝ කන්න යනවද දැං කේක් නොකා...:confused:
    පදුම කුමට චොකලට් නම් නැතිය සැකා...:rolleyes:
    දැනුත් දිවග රස දැනේලු එය නොවිකා...
    :D
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    එළකිරි කොල්ලෝ හිටියා මෙහි ..........හැමදාමත්
    කෙල්ලන් අඩුයි හිටියත් උන් නැත........ ගානක්
    ඉන්න කෙල්ලෝ දෙන්නත් පන්ඩිත....... බානක්
    නිල්කැට නැත ඇත ගල්කැට............ අම්බානක්


    එලකිරි කොල්ලො විතරක් නොව මෙහි ඈත්තෙ
    එලකිරි කෙල්ලො ටිකකුත් ඉන්නව මම දක්කෙ
    මමත් කෙල්ලෙකි නෑත පන්ඩිත කිව් වාගෙ
    දෑනගන් යාලූ හෑමකෙල්ලම එකවගෙ නෑත්තෙ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මනමේ රජුට වූ දේනම් මට නොවෙතී
    චා ට කලින් සසලිට් හට වැඩේ දෙතී
    කැලැවෙ නීතියට දැන්නම් මගෙ හිත දුවතී
    පරිසම් වුණොත් නුඹටත් යහපතක් වෙතී
    :rofl:

    ඕන එකෙක් හා උඹ දැන් මරා..............ගනින්
    තොට මක් උනත් මට මොකදෝ තූ.....නොදකින්
    සස්ලිට්ටට වැඩේ දෙන්න කලින්...............ඉතිං
    සබන් ගාල කැලණි ගගෙන් නාල...........වරෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ලීවත් නොලීවත් මඩුවෙහි කවක්...............දෙකක්
    ඒමත් වටිනවා ඔබ මෙහි සිය...................දහසක්
    පිදු විට පැමිණ නිල් පැහැයෙන් සිනහ............කටක්
    එය වාගේ අපහට කවි මල්.....................දෝතක්


    කෝ ඒ හිනාව අයින් කරල ඔයා කවියක් දාලනේ....
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවියක් කියන්නයි මා මෙහි වෙහෙසෙන්නේ...
    කවියක් තියා පදයක් නොම ලියවෙන්නේ....
    කුමක් කරම්දැයි මසිතම විමසන්නේ....
    නිදි දෙව්දුව බලා සිතුවිලි නිදියන්නේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලුවී රජුගෙ බිරිදගෙ ප්‍රේමය නොතකා...:love:
    චොකෝ කන්න යනවද දැං කේක් නොකා...:confused:
    පදුම කුමට චොකලට් නම් නැතිය සැකා...:rolleyes:
    දැනුත් දිවග රස දැනේලු එය නොවිකා...
    :D

    අන්‍ය පෙම් පුවත් ගැන මා වදවි කුමට
    හිත හොඳ ‍නොමැතිනම් රැජිනක් වුවද මොට
    චොකලට් වලට පෙට්ෂා වහ වැටුන විට
    කාපු මෝඩ කම කියලා සිතෙයි මට :rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔබ මෙහි මුලින් ආදා..........
    ඌත් ආවනෙ වගේ ආඳා...........
    මොකවුවත් නැත බාධා........
    නිකමටය මා ඇසුවෙ පාදා......

    කෙල්ලන් දුටු ව විටදී....:cool:
    මලට බඹරුන් සේ ඇදී..;)
    කොල්ලන් යාවී පනදී...:D
    නැත පුදුම මෙහිදී....
    :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියක් කියන්නයි මා මෙහි වෙහෙසෙන්නේ...
    කවියක් තියා පදයක් නොම ලියවෙන්නේ....
    කුමක් කරම්දැයි මසිතම විමසන්නේ....
    නිදි දෙව්දුව බලා සිතුවිලි නිදියන්නේ..

    හදතුල තියෙන කවියට ඔබෙ සිත යොමනු...........
    නීති රීති ඒවා පසෙකට දමනු...........
    අදහස ටිකෙන් ටික කවියට එක්කරනු...........
    දුටුවද හෙමින් නොදැනිම කවියක් හැදෙනු...........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදතුල තියෙන කවියට ඔබෙ සිත යොමනු...........
    නීති රීති ඒවා පසෙකට දමනු...........
    අදහස ටිකෙන් ටික කවියට එක්කරනු...........
    දුටුවද හෙමින් නොදැනිම කවියක් හැදෙනු...........

    බින්දු බින්දු එකතු වෙලයි වැවක් පිරෙන්නේ...
    කෙන්ද කෙන්ද එකතුවෙලයි ලනුව හැදෙන්නේ....
    අන්ද මන්ද පද යොදලා කවි නොලියන්නේ....
    මන්ද තවම ඒ කියමන් සිත් නොමගන්නේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕන එකෙක් හා උඹ දැන් මරා..............ගනින්
    තොට මක් උනත් මට මොකදෝ තූ.....නොදකින්
    සස්ලිට්ටට වැඩේ දෙන්න කලින්...............ඉතිං
    සබන් ගාල කැලණි ගගෙන් නාල...........වරෙන්

    සබන් ගාල නාන්න කැළණියට ගොසින්
    සස්ලිට් කොලුව නාගෙන ආවාලු සොඳින්
    ඒකයි මටත් නාන්න ආරාධනා දෙමින්
    මෙතරම් වද වෙන්නෙ මෙතුමා කඳුළු බො‍මින්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ මෙහි මුලින් ආදා..........
    ඌත් ආවනෙ වගේ ආඳා...........
    මොකවුවත් නැත බාධා........
    නිකමටය මා ඇසුවෙ පාදා......
    [/QUOTE

    කෙල්ලන් දුටු ව විටදී....:cool:
    මලට බඹරුන් සේ ඇදී..;)
    කොල්ලන් යාවී පනදී...:D
    නැත පුදුම මෙහිදී....
    :rofl:

    බඹරුන් මලේ රොන්,
    නොගෙන ගන්නද ගලේ බන්............
    මල නියගලා නන්,
    යන්නෙ නෑ ඒ මලේ අහලින්..................
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කෙල්ලන් දුටු ව විටදී....:cool:
    මලට බඹරුන් සේ ඇදී..;)
    කොල්ලන් යාවී පනදී...:D
    නැත පුදුම මෙහිදී....
    :rofl:

    පණ දෙන්නට තරම් චාටු බස් කියනා
    කොල්ලන් කෙල්ලො අතහැරි විටනම් බණිනා
    මලකට බඹරු ඇදුනත් හැමදා සොභනා
    බාඳුර මලට නැත කවුරුත් පණ පුදනා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    නන්ගි එන්න මාත් එක්ක සෙට් වෙන්න
    ගලවමු මුන්ගෙ රෙදි හොදහෑටි පලු යන්න
    කෙල්ලෙක් හට මෙහෙමත් කියනවද
    මුන්ට යන්න තවත් ලොවක් තියෙනවද


    දැක්කෙත් අදයි කවුරුන්දෝ..මේ ගොයියා...:confused:
    කියනා ලෙසට සප් එකටලු මේ අයියා...:dull:
    බඩගින්නේ දි කබරගොයත් තලගොයියා..;)
    ඔන්න ඔහේ කවි සටනට එනු අයියා....
    :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බින්දු බින්දු එකතු වෙලයි වැවක් පිරෙන්නේ...
    කෙන්ද කෙන්ද එකතුවෙලයි ලනුව හැදෙන්නේ....
    අන්ද මන්ද පද යොදලා කවි නොලියන්නේ....
    මන්ද තවම ඒ කියමන් සිත් නොමගන්නේ..

    සිතුවෙමි හොදට පී.එම්. එක...........කියවන්න
    ඒවගෙ සදොස් තැන් අපහට.............පහදන්න
    එවිටදි හැකිය අපහට එය..............දැනගන්න
    අනේ ගුරුතුමෝ රිප්ලයි................කරලන්න
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවි ලිව්වා ඈති එලකිරියට අදට
    යනවා හදන්නට මම පිට්සා රොටිය
    දත් කිබුලා දාලා ඈත මෙහි මෙනුව
    එන්නෙමි නෑවත ඉඩ ලෑබෙනා වෙලාවක

    දත් කිඹුලා සහ තවත් අපෙ එළකිරි සොයුරන්
    කරනා මෙහෙය අගයමි සැම එළකිරි මිතුරන්
    මෙනුවේ තිබෙන අගයන් දා රස වෙනකන්
    ඔබටත් කන්න අද හැකිවෙයි පිට්සා එහෙනන්
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    දැක්කෙත් අදයි කවුරුන්දෝ..මේ ගොයියා...:confused:
    කියනා ලෙසට සප් එකටලු මේ අයියා...:dull:
    බඩගින්නේ දි කබරගොයත් තලගොයියා..;)
    ඔන්න ඔහේ කවි සටනට එනු අයියා....
    :cool:

    වරදක් දුටුතෑනදි මේ අයියා
    තලගොයාද කබරයද එක ගොයියා
    අන්න ඒක නිසා තමයි නන්ගා
    කතාකලේ ඒ විදිහට මේ අයියා.......