<< සුපිරි කවි ට්කක් >>

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අපිත් ඉතින් කෑවා අනේ ඔය කටුව
    දැන් එයි කියමින් දෙලොවක් තුල මැදුව
    පෙරුම් පුරා ගත්තා ප්‍රතිඵල පිටුව
    දුටුව විටයි දැනගත්තේ මගෙ අඩුව

    උඹට කියන්නේ අවුලක් නැති හින්දා
    මමත් ඉතින් ඕකට හෙන දුක වින්දා
    පලවෙනි පාර ගමට ලයිට් දුන් හින්දා
    දෙවෙනි පාර මතකයි මම ඉකි බින්දා
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    105273.gif
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අමා ඒනජල් ඔබගේ පිත්තූරේ
    නිසා වැඩිවෙ මේ පිටුවේ අලංකාරේ
    පැතුව නිසා ඔබ අප හට වේවා සුභ නත්තලේ
    ඔබටත් පතමි එලෙසම වේවා සුභ වේවා නව වසරේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    හිතුවත් දාන්නට නත්තල් සැරසීමක්
    මගේ නැහැ නොවැ අද නත්තල් සැමරීමක්
    ආගම් බේද ගැන නොකරමි සැලකීමක්
    මේ නත්තලේ වේවා ලොව බැබලීමක්
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩුවම දැන් ඇත පාලුවේ ගිලිලා
    කවි කරුවන් ඇත සිය වැඩවල යෙදිලා
    සවි කෙරුමට හැදුවත් මගෙ සිත මෙහිලා
    දැවි දැවි යයි සිත ඈ මතකෙට පැමිණීලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇය පැමිනෙනෙ කල මේ කවි මඩුව වෙත
    පය ගැහෙනවා හේතුවනම් දන්නේ නැත
    ඇය හා කවි කීවේ එක දිනක් වෙත
    එය මගෙ හදවත ගැඹුරෙහි පැලවෙලා ඇත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇය මගේ කවි දැක සැනසෙනවා ඇත්ද
    නැතිනම් ඇය මා උල තබනා වෙත්ද
    කෝක නමුත් මා එය පිලිගමි මන්ද
    මගේ ආලය දඹ රන් වෙත දෙක වෙත්ද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හොද හිත නිතර ප්‍රගුන කරපු අපේ සබද
    සස්ලි අයියා කොහි ගියාද කවි පබැද
    ඔහු කවි කියයි මෙහි ඇවිදින් නිති නිබද
    පාලු දැනෙනවා අයියේ ඔබ කොයිබද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නාලා කරලා අයෙත් කවි මඩුව වෙත
    මම එනවිටදි මෙහිනම් කවුරුත් නොමැත
    තේකක් හෙම තොලගාමින් මගේ හිත
    කවුරුන් එක්ක හෝ ටොපිකක පැටලීම වෙත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි පද පැදුර හෙමි හෙමිහිට.........එලන්නටයි
    දවසෙම තිබූ පාලුව දැන්...........මැකෙන්නටයි
    ඕං කවියෙනේ ආවේ...................සස්ලිට්ටයි
    මට කවි කියන්නට දැන් අවසර..........දෙන්ටයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිත හඩනවලු මෙන්නෝ මැය............තනිවීලූ
    නිරෝෂ කෑ ගසයි විකුණන සේ.............මාලූ
    ගීතය හැඩයි අළුතින් රී මික්ස්................වීලූ
    මම තනියෙන් කෙල්ලෙක් වැඩපන්.........යාලූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පාලු ගෙදර මම බිදිනව තනිව...............වලං
    අවොර කෙලී ඉන්නවනම් මෙහෙට.........වරෙං
    කෝ අපෙ නිලක්ෂිය දැක්කෙත් නැහැනෙ බොලං
    මම දැන් වගේ බයිසිකලේ බැහැපු...........හුලං
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ටොපික පටස් ගාලා දැන්..................පවසනුව
    අපි දැන් ලේට්, වෙන ත්රෙඩ් ලග ජය.......කණුව
    හුසේන් බෝල්ට් වගෙ පැන්තෝ.........සැරසෙනුව
    අධි වේගයෙන් ගෙනයමු අපි කවි..............මඩුව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙහෙම ගියොත් ඉබ්බට වූ දේ............වෙන්නේ
    ස්ලෝ හින්දා මම එක්ස්ප්‍රස් පාරෙන්........එන්නේ
    කවියනි වරෙව් කෙවිලියනුත්.........පැමිණෙන්නේ
    මගෙ පණිවිඩය ලැබ ජැකියත් මෙහි.........එයිනේ
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආරන්චියේ හැටියට අද රෑ සමයේ
    උසස් පෙලේ ප්‍රතිපල දානවා එලියේ
    සමහරුනම් ඉන්නේ දැන් හරි ජොලියේ
    අපිට වගේ තව සමහරු ඇත කෙලියේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මරනය පමා වීමත් සැනසිල්ලක්වේ
    එලෙසම ප්‍රතිපලේටත් එය එසේමවේ
    සිත් සැනසිල්ල දිනකින් හෝ දිගුවේ
    ප්‍රමාද වේනම් මෙය තව යහපත්වේ