<< සුපිරි කවි ට්කක් >>

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එකෙක් පෙට්ෂ සිහිකරගෙන මෙතන......නහී
    තවත් එවුන් සැරෙන් සැරේ ඇවිත්.........කහී
    ඔබත් නැති උනෝතින්නම් දෙකක්.......නහී
    කවිමඩුවත් එලකිරි පහලටම..............බහී

    දුර සිට අවුත් දැන් ගෙදරට ගොඩ .......බැස්සේ
    මුහුණ හෝදලා නැහැ තවමත්........... පිස්සෙ
    කසුකුසුවකි දැක්කේ ගෙයි පිටි........... පස්සේ
    යකෝ එටකොට අපිද කවි මඩුවේ........කැස්සේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දුර සිට අවුත් දැන් ගෙදරට ගොඩ .......බැස්සේ
    මුහුණ හෝදලා නැහැ තවමත්........... පිස්සෙ
    කසුකුසුවකි දැක්කේ ගෙයි පිටි........... පස්සේ
    යකෝ එටකොට අපිද කවි මඩුවේ........කැස්සේ

    පැන්ත නලවලා දැන්නම් හරි..........හෙම්බත්
    කවියනි අහගනිව් මාගේ හිත............බැදගත්
    උඹල වගේ කොල්ලන් මෙහි නිතර.......ඇවිත්
    කැස්ස නෙමෙයි කම් නෑ ඉද තොපි....රුන්නත්
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි නම් නෙමයි මෙය දැන් වී ගොන්..........මඩුවක්
    කවුරුන් විසදයිද මෙය මහ..................අවනඩුවක්
    අයියේ යමන් අරගෙන මුවහත්.................කඩුවක්
    කපනට දීපු එකා මූට ලව්.....................ලණුවක්
    ආලය මගේ කොහොමත් බන් වගෙ නඩුවක්
    විත්තිය මමයි ඈ නම් වේ නඩු උතුමෙක්
    පිලිගන්නට මම රෙඩි බන් ඕන අනක්
    නොයා ඉන්න එක නම් බන් මාර දුකක්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හීනෙන් ඇය මට පෙනෙන්න එනවානම්
    කවදාවත් අවදි නොවී මම ඉන්නම්
    මිල්ටන් මහතා එය නෑ කීවේ නිකම්
    එස් එල් අයියේ දැන්වත් ඔබ එය දැනගම්

    හීනෙන් බල බලා උඹ ඉන්නා වෙලාවට
    අවදි නොවී වැටිලා මං ........මුලාවට
    දෙමාපියන් ඇවිදින් උඹෙ ඇද ....ලගට
    අරගෙන ගිහින් දෙනවාමයි ..අංගොඩට


     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බඹරු ඉන්නෙ මල්රොන් බී යන්න මිස
    ඇණිලා මැරෙන්නද කටුවේ තියන ..විස
    සුවද කියා ඉඹ ඉඹ මල් දිදි .........කිස
    හිටියොත් එයම වෙයි බඹරටත් ......වස

    අන් මල් වෙත ඔය කාරනෙ ඇත්තක් මුත්
    මගෙ මල පරසතු මල වෙත දෙවෙනි නොවුත්
    එවන් මලක රොන් උරනා බඹරකු මුත්
    පින් කල යුතුය ඇස් හිස් මස් දන්දී මුත්
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    පැන්ත නලවලා දැන්නම් හරි..........හෙම්බත්
    කවියනි අහගනිව් මාගේ හිත............බැදගත්
    උඹල වගේ කොල්ලන් මෙහි නිතර.......ඇවිත්
    කැස්ස නෙමෙයි කම් නෑ ඉද තොපි....රුන්නත්

    පැන්තා සමග මම දැන් වලියක් ..........යන්නේ
    ටොපික් එකක් නැතිවයි මේ ........ලතවෙන්නේ
    මේකගෙ ලවත් නැති උනොතින් මොක වෙන්නේ
    කබරයා තලගොයා කරලයි මේ .........කන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තා සමග මම දැන් වලියක් ..........යන්නේ
    ටොපික් එකක් නැතිවයි මේ ........ලතවෙන්නේ
    මේකගෙ ලවත් නැති උනොතින් මොක වෙන්නේ
    කබරයා තලගොයා කරලයි මේ .........කන්නේ

    පැන්තා කලයුතුය අපි දැන්.........ආරක්ෂා
    එය කරගන්න වෙනවා.........මූලිකරක්ෂා
    වැහුනොත් එහෙම මගෙ ඔළුවට.මලයක්ෂා
    අම්මප ගහනවා කණපිට ඔය.......පෙට්ෂා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ආලය මගේ කොහොමත් බන් වගෙ නඩුවක්
    විත්තිය මමයි ඈ නම් වේ නඩු උතුමෙක්
    පිලිගන්නට මම රෙඩි බන් ඕන අනක්
    නොයා ඉන්න එක නම් බන් මාර දුකක්

    දාගෙන වගෙයි පුතේ උඹ චාටර ......නඩුවක්
    මට කියපන් උඹේ ඕනෙම අව........ නඩුවක්
    දික්කසාද නඩුවට මම හොඳ ..........බඩුවක්
    වෙන්කරලා දෙමි පවුලක් ගෙන ...... කඩුවක්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අන් මල් වෙත ඔය කාරනෙ ඇත්තක් මුත්
    මගෙ මල පරසතු මල වෙත දෙවෙනි නොවුත්
    එවන් මලක රොන් උරනා බඹරකු මුත්
    පින් කල යුතුය ඇස් හිස් මස් දන්දී මුත්

    හීනෙන් අනේ මූ ඒකිගෙ රොන් ..උරලා
    බඹරෙකු වෙලා හෙන බයිලා මෙහි ගහලා
    සුවදක් තියා තව රූපෙත් නෑ .....දැකලා
    දැක්ක දාට මැරෙනවා මූදේ .....පැනලා

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිලක්ෂි වගේ කෙල්ලෙක් දෙව්ලොවෙත්........නැත
    අවොරා නංගි ගජමන්හට දෙවෙනි..............නැත
    නිකී පැටී සීනිබෝලෙ වගේ.....................ඇත
    යැක්...:growl::sorry::growl:
    පෙට්ෂව මතක්වෙද්දිත් වමනයා..................එත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තා කලයුතුය අපි දැන්.........ආරක්ෂා
    එය කරගන්න වෙනවා.........මූලිකරක්ෂා
    වැහුනොත් එහෙම මගෙ ඔළුවට.මලයක්ෂා
    අම්මප ගහනවා කණපිට ඔය.......පෙට්ෂා
    පෙට්ෂට හෙම අහිතක් කරනු හිතුවෝතින්
    පැනතර් වෙනවා දැන් කිO කොO විලසින්
    අල්ල ගහන්නේ පර සක්වල දෑතින්
    කවුරුත් එක්කලා එය තේරුම් ගන්නින්



    අමු ජෝක් හොදේ - එච්චර දෙයක් පුලුවන්නම් ඉතින්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැන්තා කලයුතුය අපි දැන්.........ආරක්ෂා
    එය කරගන්න වෙනවා.........මූලිකරක්ෂා
    වැහුනොත් එහෙම මගෙ ඔළුවට.මලයක්ෂා
    අම්මප ගහනවා කණපිට ඔය.......පෙට්ෂා

    පැණි හල හලා ඉන්නා එක මුගෙ .රස්සාව
    කොහොමද රකින්නේ මේ අලි ....පිස්සාව
    ගලවලා යන්න පොලු දාමුද අපි ....දුස්ශ්‍රාව
    ඒකම කරනවා අහුවුනොතින් ....පෙට්ෂාව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හීනෙන් අනේ මූ ඒකිගෙ රොන් ..උරලා
    බඹරෙකු වෙලා හෙන බයිලා මෙහි ගහලා
    සුවදක් තියා තව රූපෙත් නෑ .....දැකලා
    දැක්ක දාට මැරෙනවා මූදේ .....පැනලා

    සුවද අනුව හැක මල තතු විමසීම
    හැඩය අනුව හැක බීජයේ ගතු කීම
    අහස අනුව හැක කාලයේ ගුන කීම
    කවිය අනුව හැක ඇයගේ රුව කීම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නිලක්ෂි වගේ කෙල්ලෙක් දෙව්ලොවෙත්........නැත
    අවොරා නංගි ගජමන්හට දෙවෙනි..............නැත
    නිකී පැටී සීනිබෝලෙ වගේ.....................ඇත
    යැක්...:growl::sorry::growl:
    පෙට්ෂව මතක්වෙද්දිත් වමනයා..................එත
    පෙට්ෂව දැක බොට වමනෙට එනවානම්
    අමෘතයක් දැක බොල යයි පැන දුවමින්
    ඇගේ කවිරස විදින කලට පැන්තර්නම්
    සක්‍රයටත් මෙල්ල නොවේ එය දැනගන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැණි හල හලා ඉන්නා එක මුගෙ .රස්සාව
    කොහොමද රකින්නේ මේ අලි ....පිස්සාව
    ගලවලා යන්න පොලු දාමුද අපි ....දුස්ශ්‍රාව
    ඒකම කරනවා අහුවුනොතින් ....පෙට්ෂාව

    පෙට්ෂ ගෙ නෙවෙයි වැරුද්ද පැන්තා ගේ නේ
    පැණි මුල විළස ඉදගෙන පැණි හලන්.....නේ
    පිරිමි කමට නිගාවකිය දෙවන්............නේ
    මට අහු වුනොත් පැන්තව මස් කරන්.....නේ
    :angry::angry:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පෙට්ෂට හෙම අහිතක් කරනු හිතුවෝතින්
    පැනතර් වෙනවා දැන් කිO කොO විලසින්
    අල්ල ගහන්නේ පර සක්වල දෑතින්
    කවුරුත් එක්කලා එය තේරුම් ගන්නින්



    අමු ජෝක් හොදේ - එච්චර දෙයක් පුලුවන්නම් ඉතින්
    අම්මට හුඩු මූ හෙන චන්ඩියා ....වෙලා
    පෙට්ෂට හලන්නේ හවසට කුදු ..ගැහිලා
    කිං කොං පෙනෙන්නේ පීඑම් එක බලලා
    පෙට්ෂා එවු ඇගෙ පිංතූරය .......දැකලා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    සුවද අනුව හැක මල තතු විමසීම
    හැඩය අනුව හැක බීජයේ ගතු කීම
    අහස අනුව හැක කාලයේ ගුන කීම
    කවිය අනුව හැක ඇයගේ රුව කීම

    විලවුන් සුවඳ ගෙන්වීමට පනත්............ ඇත
    බිජ පනත ගිය සතියේ ක්‍රියාත්............. මක
    සුළි ගැන අපේ කාලගුනේ හතේ ...........හත
    කවියනි කෙසේ කියනුද තොප ඇගේ...... වත
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලන් දැකල කරනා පැනි හැලිල්.......ල
    මේ කිඹුළා ට දිරවන්නේ නෑ ලොල්.........ල
    කෙදිනකවත් කොට නැත පැණි හැලිල්......ල
    මම "පොර" සේ ඉදිමි ඉග දා ගෙන රැල්....ල
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙට්ෂ ගෙ නෙවෙයි වැරුද්ද පැන්තා ගේ නේ
    පැණි මුල විළස ඉදගෙන පැණි හලන්.....නේ
    පිරිමි කමට නිගාවකිය දෙවන්............නේ
    මට අහු වුනොත් පැන්තව මස් කරන්.....නේ
    :angry::angry:
    සියල්ල එක් වී පැන්තව කරනවා මස්
    අනOගයත් බලන් ඉදියි මේ වගේ බස්
    මගේ ආලෙට නිගාකරොත් වදීවි වස්
    එහෙම වුනොත් කන්න වෙන්නේ බොලාට පස්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පෙට්ෂ ගෙ නෙවෙයි වැරුද්ද පැන්තා ගේ නේ
    පැණි මුල විළස ඉදගෙන පැණි හලන්.....නේ
    පිරිමි කමට නිගාවකිය දෙවන්............නේ
    මට අහු වුනොත් පැන්තව මස් කරන්.....නේ
    :angry::angry:

    කතාව නම් ............ඇත්ත
    කරනට දෙයක් එනමුත් .නැත
    මස්කර දුනෝතින් .....පැන්ත
    ඩෙවල් හදමි කෑමට......බත