සිරි අයියේ මම ඔයාව හම්බෙන්නයි හිටියේ
වරදවලා හිතන් එපා මම සොනිකා මඩුවේ
කෑම ජාති හදන විදිහ ඔයා නේද දැම්මේ
පොඩි අබ්ලික් සීන් එකක් මට උනේය අයියේ
ඇඹුල් තියල් හදන විදිහ ඔයා නේද කිව්වේ
අසාවෙන් අපේ ගෑනි එක බලන් හැදුවේ
එය වැලදුව වෙලේ ඉදන් සිරි බෝරිස් අයියේ
නිතර නිතර බඩ බුරුලෙන් යනවා ඇයි අ යි යේ
ගෑණී රහට හැදුවයි. කියා
හැලියම කෑවද..... ඔයා
සීමාවක් නැතිව.... ගියා
ඒ නිසා බඩ ........ගියා
හැදීමේ වරදද .....නොවේ
රෙසිපියේ අව්ලක් නොවේ
මාලු වලද ප්රශ්ණ ......වේ
ඒ නිසා ලෙඩ .........වේ