<< සුපිරි කවි ට්කක් >>

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මගෙ ගම පොල්ගොල්ල අසබඩ මහවැලි නදිය
    පොල්ගොලු වේල්ලත් අත පොවනා ......දුරය
    කෙත් වතු අවට වී කරලින් ..............බරය
    විද්‍යාපීඨයත් හූවක් වත් ................නැතිය
    පොල්ගොල්ල මිටියාවත දුම්බරය
    ඔය පෙදෙසේ මම නිතරම ගැවසේය
    ඉන්නෙත් ඔය කිට්ටුව නුගවෙලය
    ගමේ එකෙක් හැදිනීම ආඩම්බරය
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ලොග් උන දා පටන් සිටියෙ වැඩිහිටි ත්‍රෙඩ් අතරෙ මම කම් සැප අරගෙනයා

    සුපුරුදු ලෙසම අදත් ආවා එවා නරබනු රිස්සෙ

    දුටුවෙඑ එකම වදනකි සුපිරි කියා.. එබුවෙය බටනය තවත් හොද කෙල්ලකු කියා.......


    අහො පුදුමයකි මෙ කවි කියනා පින්පෙන්තරයා :D :D .

    hapoi mata kawi kiyanda be ban metikath hada ganda hena wela giya.kiyanda oona aka kiyagandath beri una :baffled::baffled::baffled::baffled::baffled:

    any way machan ube hekiyawa patta .elama thred 1k :yes::yes::yes::yes::yes::yes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙට්ස ගේ බිත්තරේ ඇවිදින් කතා ....කරයි
    මේකට හිමින් ඇවිදින් හෙමිහිට .....ලිස්සයි
    කවි මඩුවේ කවිකාරිය හරි ..........දස්සයි
    එන්නේ නැතිද ඒ පැත්තේ-දැං .....ගස්සයි
    :eek::eek::sorry:


    :baffled: බඩේ බිත්තරත් තැම්බෙනවා බයට.....
    :dull: දඩේ වුනත් ඉල්ලං නම් බෑ කන්ට....
    :sorry: වඩේ කන්නවත් දත් ඕනෑලූ මට...
    :D නඩේ කවි මඩුවෙ- මතකයි තාම මට.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න අපේ පැන්තරගේ සීන්...........එක
    හොරෙන් ඇවිත් දාලා නොවැ කවක්.....එක
    පෙටී පෙටී කිය කිය හිටි පැන්තො.....මොක
    නිහඩ මොකද පෙටියා කෑවදෝ..........*ක
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොටන මොහොතේ පෝස්ට් වලින්...දෙදහසක්
    හද ඇවිලෙන්නේ පැතුමන්.............සුවහසක්
    ඈ ඇවිදින් පාලා ඇත..................මදහසක්
    කෙලෙසින් සඟවා ගන්නද බැඳි..........පෙමක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොටන මොහොතේ පෝස්ට් වලින්...දෙදහසක්
    හද ඇවිලෙන්නේ පැතුමන්.............සුවහසක්
    ඈ ඇවිදින් පාලා ඇත..................මදහසක්
    කෙලෙසින් සඟවා ගන්නද බැඳි..........පෙමක්

    11.gif

    රණ්ඩු වෙවී සිනහ වෙවී කවි වැල්...........අමුණාලා
    සහෝදරය වගේ මගේ ලගින් නිතර.............ඉදලා
    මෙන්න බොලේ පැන්තරයා දෙදහසකුත්.......ගහලා
    සුභපතන්නෙ බොට මල්ලියෙ කෙල්ලව.....නටවාලා


    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Sasliit-
    බුදු අයියේ පියතුම නැතිදෝ.......ඉන්නේ
    කවි පාරක් කියයිද පින්........සිදුවන්නේ
    කවි මඩුවට එය ගෞරවයක්......වන්නේ
    අඩපන් ටිකක් අයියේ අපි වෙනුවෙන්නේ

    අනේ පල යන්න එතුමා දෙයි ගින්දර වගෙ.......කවියක්
    මට නම් එවිට දැනෙයි අඩේ ගින්දර වගෙ........සවියක්
    එතුමා පියෙක් නොව දෙව්ලොව ඉදන් වඩපු...දෙයියෙක්
    රීෆ්‍රෙෂ් කරමි නිතරම බලනට එතුමගෙ...........කයියක්


    ආදර පියතුමණි පොඩ්ඩක්...........අහගන්න
    ඔබේ පුතා මැණිකකි මඩුවට...........ඔන්න
    ඔහු හින්දා හැකිවිය කවි...........අමුණන්න
    ඒ පින ඔහුව වැඩු ඔබ හට..........හිමිවන්න


    ඔබේ පුතණුවො ඉන්න විටකදි මෙමා නොමගට........නොයාමී
    ඔහුගෙ ගුණකඳ කවි වලින් මා මේලෙසින් දැන්............ගයාමී
    පියතුමණි ඔබ දුන්නු රන්කද හින්ද අප ඵල..............නෙලාමී
    එහෙව් පියතුම වදිමි මේ ලෙස “පීතු පාදං.................නමාමී”





    Dath kimbula-

    ශ්‍රී අයිය ගෙ පියාණෙනි ඔබෙ ..........නමට
    කවි මල් මාල අමුණමි හැඩ දා .........රුවට
    මෙවන් පුතෙක් ලද ඔබ නිවුණයි .....ඔන්න
    නිබ්බුත පද කියමි මම කවියෙන් ....මෙන්න

    එළ කිරියෙම එළ චෙෆ් ඔබෙ ....පුතාණෝ
    රන බිමකට සරිලන ......සෙනෙවියාණෝ
    අප සම බිමක සනහන ..සොහොයුරාණෝ
    කවි මඩුවෙහි අපට සිටිනා ........රජාණෝ


    Pink Panther-
    සැසියගෙ ආරාධනාව අප්..............කරලා
    මමත් කියනවා බුලතුත් හෙම............දීලා
    සිරි අයියගේ තාත්තේ අනේ මෙය.....දැකලා
    පබඬිනු මැන එක් කවි පදයක්........මෙහිලා

    ඔබේ පුතු නොවෙන්නට කවිකම්.....නොමැත
    අයාලයේ සරුන්ගලේ යනෙනු............ඇත
    වැයුවොත් ඔබ සිරි පුතුගේ චරිතේ.........වත
    මල් මිස කිසි අවගුනයක් අනේ...........නැත

    Sriboysl-

    ඔබ ඇරයුම් ..........පිළිගෙන
    කවි ලියන්ට
    පියතුමට බැරිවින
    ඔහු හිස වූයේ ......ගිණිගෙන
    කවි සිතට නිදහස නොලැබිණ

    නුදුටු මා පියතුමගෙ ගුණ ..........වනා
    ඔබ සැම ඔහුගෙ පුත් රුවනක් ....වුනා
    සැමගෙ හෙළ ගතිය හෙළි .........වුනා
    දැක මගෙ දෙනෙත කදුළින්ද තෙත් වුනා

    සිත නිදහස ලත් ..විටෙක
    බදිනට පද කවි ...පෙළක
    තබාගති ඔහු .......මතක
    ඉවසමු මිතුරෙ අපි එතෙක

    ඊයේ හවස මම කොළඹට ........ආවා
    දින දෙක අසුරු සැනෙකින් .....ගෙව්වා
    සිත මම නුවර තබලා මෙහි .......ආවා
    ආයෙත් මිතුරු කැළ කවි මඩුවේ සෙව්වා
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කොටන මොහොතේ පෝස්ට් වලින්...දෙදහසක්
    හද ඇවිලෙන්නේ පැතුමන්.............සුවහසක්
    ඈ ඇවිදින් පාලා ඇත..................මදහසක්
    කෙලෙසින් සඟවා ගන්නද බැඳි..........පෙමක්

    :yes: කවි මඩුවේ පැන්තා නැමති ගුරු වෙතටයි
    :D සවි ලැබුවේ කවියන් නුඹෙ වෙර හින්දයි
    :cool: රිවි ලෙස බැබලෙමින් දෙදහස පසුකෙරුවයි
    :)සිරි සුභ පැතුම - එළකිරි දිගුගමනකටයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැගලා යනව කවිනම් මෙහි හැමදාම
    කියවල හිනා වෙන්නට හැකි කවි බෝම
    අර්ථය සමඟ ගලපා එළිවැට සේම
    කවි කියනවා අපෙ කවි කිවඳියො සෑම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :yes: කවි මඩුවේ පැන්තා නැමති ගුරු වෙතටයි
    :D සවි ලැබුවේ කවියන් නුඹෙ වෙර හින්දයි
    :cool: රිවි ලෙස බැබලෙමින් දෙදහස පසුකෙරුවයි
    :)සිරි සුභ පැතුම - එළකිරි දිගුගමනකටයි
    ගුරු නොව මා වෙමි බාසුන් නැහැ.....මඩුවේ
    මුවහත් කරේ සිරි අයියයි කවි..........මඩුවේ
    ඔබ කොහි ගියෙද සුවඳක් නැත මේ....මඩුවේ
    මුවහත් කරන්නද ගියේ ඔබේ අත රැඳි .කඩුවේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ගුරු නොව මා වෙමි බාසුන් නැහැ.....මඩුවේ
    මුවහත් කරේ සිරි අයියයි කවි..........මඩුවේ
    ඔබ කොහි ගියෙද සුවඳක් නැත මේ....මඩුවේ
    මුවහත් කරන්නද ගියේ ඔබේ අත රැඳි .කඩුවේ

    :dull: බාසුන්නැහේ වූවද මට නැත කා..රී..
    :frown: මඩුවේ සියලු දෑ ඔප දැමුවේ ගෝ..රී..
    :sorry: කඩුවේ මුවත තැබුවේ ගා මම පී..රී...
    :lol: මුහුණේ අලුත් - කොටි හපුවා සී..දේවී..
     
    • Like
    Reactions: AWRORA

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :dull: බාසුන්නැහේ වූවද මට නැත කා..රී..
    :frown: මඩුවේ සියලු දෑ ඔප දැමුවේ ගෝ..රී..
    :sorry: කඩුවේ මුවත තැබුවේ ගා මම පී..රී...
    :lol: මුහුණේ අලුත් - කොටි හපුවා සී..දේවී..
    ඇහුවාමයි කොටි හපුවෙක් සී........දේවී
    එක් අතකට ඇත්තකි පෙට්ෂා........දේවී
    ඔබ ගැන සැලකූ කල එය මැච්.......වේවී
    ඕන යකෙක් ඔබ වචනෙට.......දැවටේවී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔන්න මම ඇරියා අදත් ...............දොර
    පැන්නෝ සස්ලිටෝ සොනිකෝ මෙහෙට වර
    නිදියා ගත්තා ඇති දැන් අත පය හිරි.... ඇර
    කවියක් කියා මඩුව සරසන්නට ..........වර
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔන්න මම ඇරියා අදත් ...............දොර
    පැන්නෝ සස්ලිටෝ සොනිකෝ මෙහෙට වර
    නිදියා ගත්තා ඇති දැන් අත පය හිරි.... ඇර
    කවියක් කියා මඩුව සරසන්නට ..........වර

    සැමදාමත් වැඩ වැඩ බන් ඉවර නොමැත වැඩ
    මඩුව දැක්කෙ ගොඩ කලකින් අපෙ එවුන්ගෙ හැඩ
    Petsha පැන්ත love කතාව දිගටම යන හැඩ
    අපිට කොයිද බූල් බල්ලො සැමදාමත් මඩ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි දෙකකි ඊයේ දවසටම පලවී ....ඇත්තේ
    සොනිකත් මමත් ඒදෙක ලියලා ......ඇත්තේ
    කවියෝ එකෙක් වත් මෙහි ඇවිදින් .නැත්තේ
    මෙහෙම ගියොත් වල පල්ලට යනු ..ඇත්තේ


     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උදේ ඇවිත් හැමදා දොර ...........ඇරියාට
    කවියො ඇවිත් කවි නොකියා .......ගියදාට
    මේ කවි මඩුව යන්නේ දැන් ........පාලුවට
    වරෙව්!! වරෙව්!! ගොඩ ගමු මෙය ඉක්මනට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දවසම ගෙවුනා ඊයේ වැඩ...........සමගින්
    අද ෆුල් ෆ්‍රී හිනහෙනවා මා..........මුවගින්
    පතනවා සුභ උදැසනක් මම........කවකින්
    සිරි අයියට උදවු වුනිද මගේ.....ලින්කෙන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවි ලියන්නේ කෝමැයි මෙහි හිතු පමණින්
    සස්ලිට්ටා සමග විවරන කරන .....ලෙසින්
    සෙට් වී ඇත තවත් හුයක් ගී .......පදමින්
    මී බී වැටෙති අපෙ සගයෝ එහි ...ඇවිදින්