මෙවැනි පුවත් හැම අතකින් ඇසෙන්නේ...
දෙවැනි කොටයි දිවියම පෙම් කරන්නේ...
ඔවැනි මුලාවක ඇයි දා දුවන්නේ...
කෙවෙනි අගින් නෙතු කදුලැලි ගලන්නේ..
නැත නැත නැගෙණියේ වැරදුනෙ මෙමට නොවේ
ඇය හට මගේ ඇති ආලය වෙනස් නොවේ
මහ බඹු ඇගේ නලලෙ කෙටුවෙ මාව නොවේ
ඉතින් දුක් වෙලා කිම එය පලක් නොවේ
රත්තරනේ මම ඔයාගේ මැණික් කැටේ
ඔයා තමයි ආදර මගෙ සීනි කැටේ
නිදි මරමින් කලාය ලව් හැටට හැටේ
කෙල්ලත් නැත සල්ලිත් නැත හිදිල කැටේ
මෙවැනි පුවත් හැම අතකින් ඇසෙන්නේ...
දෙවැනි කොටයි දිවියම පෙම් කරන්නේ...
ඔවැනි මුලාවක ඇයි දා දුවන්නේ...
කෙවෙනි අගින් නෙතු කදුලැලි ගලන්නේ..
හිමි නැති පෙමට දුක් වීලා පලක් නැතී...
අහිමි පෙමක් පසුපස සැනසුමක් නැතී....
කොතැනක හෝ හිමිකාරිය හිදිනු ඇතී
පෙම් සයුරේ කිමිදුනු දා ලොවෙත් නැතී ..
