සුභ අසුභ පෙරනිමිති

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුභ අසුභ පෙරනිමිති

    මුලින්ම කියන්න මේ පැරැන්නන්ගේ විශ්වාස ගැන ලියවුන ත්‍රෙඩ් එකක්.. ඉතින් ඩී.එන්.ඒ ටෙස්ට් එකක් කරලා තමන් තාත්තයි කියලා ඔප්පු කරනකන් ඒ මනුස්සයව තාත්තා කියලා පිලිගන්නේ නැති අයට මේක කාලේ කාදැමීමක් වෙයි. එයාල නාවට කමක්නෑ

    පෙර නිමිත්ත කිව්වම බෞද්ධයන්ට නම් එක වර මතක් වෙන්නේ සතර පෙර නිමිති. ඇත්තටම පුරානයේ ඉදලම මේ පෙරනිමිති ගැන මිනිස්සු ගොඩක් සලකිල්ලක් දැක්වුවා. සැළලිහිනි සංදේශය රචනා කල රාහුල හිමියන් එම විශිෂ්ඨ කෘතියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා

    නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
    පුල හෙල කුසුම ලිය පියතෙපල රන් කෙඩි
    සල සුදු සෙමර සේසත් ගිජිඳු නොද වැඩී
    බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩී

    sathara-pera.jpg


    ඉතින් අද පෙර නිමිති ගැන ටිකක් විස්තර කරන්න හිතුනා. අපේ පැරැන්නෝ පෙර නිමිති කොටස් 6කට වර්ග කරලා තියනවා.

    1. ආගත නිමිත්ත
    2. ගත නිමිත්ත
    3. දර්ෂන නිමිත්ත
    4. භාෂන නිමිත්ත
    5. ශ්‍රවන නිමිත්ත
    6. චිත්තාරම්භන නිමිත්ත

    ආගත නිමිත්ත
    ආගත නිමිත්ත කියන්නේ තමන් සුභ ගමනක් යනකොට ඉස්සෙල්ලම මූනට මුලිච්චිවෙන කෙනා, සත්වයා හෝ දෙයටයි.
    සුභ දෙයක් මුලිච්චි වුනොත් ඒක සුබ ආගත නිමිත්තක් ලෙසත් අසුභ දෙයක් මුලිච්චි වුනොත් ඒක අසුභ ආගත නිමිත්තක් ලෙසත් හදුන්වනවා.

    ගත නිමිත්ත
    මූනට මුලිච්චි නොවුනත් අපි යන මග හරහා යන කෙනෙක් පාර පනින සතෙක් එහෙමත් නැත්තන් අපි යන අතටම අපිත් එක්ක යන කෙනෙක් පාරේ හිටියොත් ඒ කෙනා හෝ සතා ගත නිමිත්ත වෙනවා. මේකත් සුභ අසුභ ලෙස හඳුන්වනවා. උදාහරනෙකට අපි යනකොට සුන්දර කාන්තාවක් පාර හරහා යන එක සුභ ගත නිමිත්තක්. හස්තිරාජයෙක් යන එකත් ඒ වගේමයි.

    දර්ශන නිමිත්ත
    යම් කර්තව්‍යයක් පටන් ගන්නට පෙර අපි දකින දේ (මේක මූනටම මුන නොගැහුනත් අපට පේනවනම්) තමයි දර්ශන නිමිත්ත. උදාහරනයක් කියනවනම් අපි පාරට බහින තැනම ඉදුනු අඹ පිරුනු අබ ගහක් තියනවනම් ඒක දර්ශන ගත නිමිත්තක්. මේ දර්ශන නිමිත්තට යම් කාරියකට පෙර අපි දකින සිහිනත් අයත්.

    භාෂන නිමිත්ත
    යමක් පටන්ගන්නකොට අසල සිටින කෙනෙක් විසින් පවසන දේ තමයි භාෂන නිමිත්ත වෙන්නේ උදාහරනයකට ජය වේවා , සැප වේවා වගේ ප්‍රාර්ථනාත් සෙත් පිරිත් වගේ දේවලුත් සුභ භාෂන නිමිති ලෙස පෙන්නන්න පුලුවන්. කෙලවෙලාම පල, හොඳක් නම් වෙන්නේ නෑ වගේ ඒවා අසුභ භාෂන නිමිති.

    ශ්‍රවන නිමිත්ත
    අපිට යමක් පටන් ගන්නකොට කවුරුන් හෝ යමක් පවසන දේට අමතරව තව ඕන තරම දේ ඇහෙන්න පුලුවන් ඒවා අයිති වෙන්නේ ශ්‍රවන නිමිත්තට. සක් හඬ, හොරනෑ හඬ, කුකුලන් හඬලෑම වගේ ඒවා සුභ ශ්‍රවන නිමිති. ඒ වගේම යමක් බිඳෙන හඬ, හූ හඬ, කහින හඬ, හූනන් ගේ හඬ වගේ ඒවා අසුභ ශ්‍රවන නිමිති විදිහටයි සලකන්නේ..

    චිත්තාරම්භන නිමිත්ත
    අපි ගමනක් යන්න පිටත්වෙනකොට හෝ වැඩක් පටන් ගන්න හදනකොට එකවරම අපේ සිතේ එක වරම ඇතිවෙන සිතිවිල්ල චිත්තාරම්භනනිමිත්ත වෙනවා ආගත නිමිත්ත වගේම ගොඩක් බලවත් කියලයි කියන්නේ. මොකද බෑ බෑ කියලා පටන් ගන්න වැඩක් අසාර්ථක වෙන්න තියන සම්භාවිතාව වැඩියි කියලා අපි ඉතින් දන්නවනේ.


    කොහොම වෙතත් සුභ වැඩකට යනකොට වතුර වීදුරුවක් අතින් ගත්ත අම්මව මුලිච්චිවෙලා අම්මගේ මුවින් මගේ දරුවට තුනුරුවන්ගේ පිහිටයි කියලා අහලා යන්න තියනවනම් ඔය කිව්ව පෙර නිමිති හයම සුභ පක්ශයෙන් සම්පූර්න වෙනවා.. අම්ම නැත්තන් තමන්ට ගොඩක්ම හිතවත් කෙනෙක් ගෙන් ආශිර්වාද ලබලා යන්න පුලුවන්නම් ඉතින් බොහොම සුභයි.

    ඉතින් මේ මගේ බ්ලොග් එකේ 50 වෙනි පෝස්ට් එකත් වෙනවා. අනිප් පරන පෝස්ට් ටිකත් මෙතනින් ගිහින් බලන්න
    http://tharaka-eli.blogspot.com/2014/09/50.html
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැදගත් ලිපියක් උබෙන් වැඩක් ගන්න තියනවා. කිබුලයි අදහස දැම්මේ. බැහැ කියන්න එපා.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හ්ම්ම් එළනේ බලමුකෝ එකෙත් හැටි
    සිරා කෙස් එකක් අපේ බෝඩිමේ ආච්චි මුලිච්චි උනොත් හැමදාම බාල්දියක් වැටෙනවා
    එත් පොඩි එකා මුලිච්චි උනොත් එහා ගෙදර අම්මට සිරි දවසම එල
    මෙය ඇත්හදා බලා ඇති දෙයකි :)
    පව් ඒ උනාට ආච්චි හරි හොදයි :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හ්ම්ම් එළනේ බලමුකෝ එකෙත් හැටි
    සිරා කෙස් එකක් අපේ බෝඩිමේ ආච්චි මුලිච්චි උනොත් හැමදාම බාල්දියක් වැටෙනවා
    එත් පොඩි එකා මුලිච්චි උනොත් එහා ගෙදර අම්මට සිරි දවසම එල
    මෙය ඇත්හදා බලා ඇති දෙයකි :)
    පව් ඒ උනාට ආච්චි හරි හොදයි :)

    ඔව් මටත් එහෙම අය සෙට් වෙලා තියනවා..:yes: මනුස්සයා හොඳයි හැබැයි චාන්ස් නෑ.. :dull:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    උබේ බ්ලොග් එකත් මම බලනවා..හැමදාම වැදගත් දෙයක් උඹ දාන්නේ.. හැබැයි පුතේ කිඹුලගෙන් පරෙස්සම් වෙයන්..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;17179445 said:
    මොකක්ද? :confused: කිඹුල අයිඩියා එක දැම්මනම් දරුනු කේස් එකක්..:yes:

    එක තමයි මාත් කියන්නේ. උබෙන් වැඩක් ගන්න ඕනි. නිකම් ඉන්න දෙන්න බැරිය:angry::angry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනිවා දතක් ගැලවෙයි :dull:

    ඕකා දැන් මගේ උඩ හක්කේ දත් දෙකක්ම ගලවලා තියන්නේ.. :rofl: කිඹුල් මාමිව මට ඔයාව මුනගැහුන දවසෙත් හම්බුනා මුකුත්ම කිව්වේ නම් නෑ.. :no:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එක තමයි මාත් කියන්නේ. උබෙන් වැඩක් ගන්න ඕනි. නිකම් ඉන්න දෙන්න බැරිය:angry::angry:

    එන පොට හොඳ නෑ වගේ ගොයියෝ..:dull: උඹලා දෙන්න එකතු වෙලා ලොකු ගේමක් දෙන්න වගේ යන්නේ? :baffled::baffled:
     
    • Like
    Reactions: Pan-X

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    නැකැත් රාල;17179480 said:
    එන පොට හොඳ නෑ වගේ ගොයියෝ..:dull: උඹලා දෙන්න එකතු වෙලා ලොකු ගේමක් දෙන්න වගේ යන්නේ? :baffled::baffled:

    :lol: :lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නැකැත් රාල;17179468 said:
    ඕකා දැන් මගේ උඩ හක්කේ දත් දෙකක්ම ගලවලා තියන්නේ.. :rofl: කිඹුල් මාමිව මට ඔයාව මුනගැහුන දවසෙත් හම්බුනා මුකුත්ම කිව්වේ නම් නෑ.. :no:
    එදා මම ගියා ඒ පැත්තේ හොදටම බිසී මාමි මම යන්නම් කියලා අවා :dull: රේඩියෝ එක ගැන වෙන්න පුළුවන් වෙලාවක් හදාගෙන කරොත් හොදා :dull:
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සුපිරි මචෝ :)
    එහෙම දකින්න හොද දේවල් හොද නැති දේවල් ගැන තව ගොඩක් විස්තර දාන්න පුලුවන්නම් වටිනවා :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ගොන් තෙර්ඩ් දාන්ඩ එපා බන්.
    උබේ ආගම මොකක්ද ?
    උබ මහා ම0ගල සුත්‍රය කියවල තියෙනවද ?
    මහා ම0ගල සුත්‍රය දේශනාව කරේ ඇයි කියල දන්නවද.?????

    පින් සිද්දවෙයි මිත්තයා දුශ්ටිය වපුරන්ඩ එපා බන්.:no::no::no: