සංහිඳියාව සුවඳ දෙයි..! උතුරේ සිට ආ යාපනය සරසවි සිසුන් විපතට පත් දකුණේ සිසුන්ට පාසැල් උපකරණ පරිත්‍යාග කරයි..!
සහයෝගිතාවය සහ සංහිඳියාව සංකේතවත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිකුරාදා (02) කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් කුකුලේ ගඟ මොල්කාව මහා විද්‍යාලයේ සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ මිළදී ගෙන පරිත්‍යාග කළහ.
යාපනය විශ්ව විද්‍යාල සිසුන් මෙම සත්කාරය සඳහා කොළඹට පැමිණි වහා ඔවුන්ගේ අරමුණ පිළිබඳව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම හිටපු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත දැනුම් දුන්නේ ය. ඉන්පසු මහේෂ් සේනානායක විසින් පාසල් උපකරණ මිළදි ගැනීමේ කටයුතු සංවිධානය කිරීම සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය. ඒ අනුව එම සිසුන් විසින් යාපනයෙන් එකතු කරන ලද රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලින් යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහාය ඇතිව 1 සිට 13 වසර දක්වා වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 දෙනෙකු සඳහා පාසල් උපකරණ මිළදී ගනු ලැබූහ.
අනතුරුව, යාපනය සරසවි සිසුන් කුකුලේ ගඟ ප්‍රදේශයට පැමිණ මොල්කාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ගංවතුරෙන් විපතට පත් සිසුන් වෙත මෙම පාසල් උපකරණ පරිත්‍යාග කළ අතර, අනතුරුව ඔවුන් සමඟ සුහද පිළිසදරක ද නිරත විය.
මේජර් ජෙනරාල් සේනානායක විසින් විශේෂ බළකායේ මුලස්ථාන බලඇණියේ සහයෝගය ඇතිව මෙම සත්කාරයේ නියුතු විශ්ව විද්‍යාල සිසුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන, ආහාර සහ නවාතැන් පහසුකම් ලබා දුන් අතර, මෙම ව්‍යපෘතීය සාර්ථක කර ගැනිම සඳහා කුකුලේ ගඟ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක (IPSOTSL) සහ නුදුරේදි ලේබනන් සාම සාධක මෙහෙයුම් රාජකාරින් සඳහා යාමට නියමිත බලඇණියේ අණදෙන නිලධාරි විසින් සිය සහයෝගය ලබාදෙනු ලැබීය.