සුසන්තිකා

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔහොම බැලුවොත් ඉතින් බුදුහාමුදුරුවන්ටත් කන්න බොන්න දුන්නේ, ඇප උපස්ථාන කරේ ළඟ පාත හිටපු දායකයෝ, දානේ දුන්නේ නැත්තන් කොහොමද බණ කියන්න ජීවත්වෙන්නේ, කන්න බොන්න දුන්න අපිටත් කියපු බණ වල බාගයක් අයිතියි කියන්න පුළුවන්. :oo: යුද්ද කරපු අයටත් අපි පඩි දීල අතට තුවක්කු දුන්නේ නැත්තන් කොහොමද යුද්ද කරන්නෙ කියල අහන්න පුළුවන්. :oo: දෙපැත්තක් තියෙනව ඒත් වැඩි ගෞරවේ අදාළ පුද්ගලයට යන්න ඕනේ. නිකන් ආ පලයන් කියල සල්ලි වියදන් කරලා යැව්වට පදක්කන් ගේන්න බෑ නෙ.:rolleyes:

    සුසන්තිකා කියන කතාව සාධාරණ උනත් අසාධාරණ උනත් අනාගතේ මලල ක්‍රීඩා කරන්න හිතාගෙන ඉන්න එක අය මේක දැක්කම හිතාවි සුසන්තිකාට මෙහෙමනං අපිට කොහොම වෙයිද කියල.:sorry: ඒ අය අධෛර්යමත වෙන එක වෙන්නෙ.

    ඇප උපස්ථාන කරපු දායකයො ධර්මයට අයිතිවාසිකම් කියන්න යනවනම් එයාල බෞද්ධයො නෙවීනෙ බන්. බෞද්ධයො මගේ කියල දේවල් බදා ගන්නෙ නෑනෙ.
    අනික බුදු හාමුදුරුවො බුදු උනහම තමන්ට උපස්ථාන කරපු පස්වග මහනුන් හොයාගන ඇවිල්ල තමයි පලවෙනි බන දේශනා කරේ. තමන්ට සෙවන දුන්න ගසට අනිමිස ලෝචන පූජාව කරපු කතාවත් උඹ දන්නවා ඇතිනෙ. උඹ කියපන්කො සුසන්තිකා රටේ බාල පරම්පරාවට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මොනවද කරලා තියෙන්නෙ කියල.

    මම හිතන්නෙ නෑ රටේ බාල පරම්පරාවට අධෛර්යමත වෙන්න දෙයක් තියනවා කියල. උඹ කතා කරන්නෙ සුසන්තිකාට නොලැබෙනවා කියන දේවල් ගැනනේ, ඇයි එයාට දීපු දේවල් ගැන කතා කරන්නෙ නැත්තෙ? අපි වගේ දුප්පත් රටකට සලකන්න පුළුවන් උපරිම විදිහට එයාට සලකල තියනවා. එයාට දීල තියන දේවල් වෙන කාටවත් ලැබිල නෑ. ඒව දැක්කම අනිත් පරම්පරාව ධෛර්යමත වෙයි, සුසන්තිකාට වෙලා තියන දේ දැක්කම ඔයිට වඩා හොඳට ජීවිතේ කළමනාකරණය කරගන්න පුරුදු වෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සුසන්තිකා රටේ බාල පරම්පරාවට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මොනවද කරලා තියෙන්නෙ කියල අහන්නේ ක්‍රීඩිකාවක් හැටියට සුසන්තිකා රටට ඔලිමිපික් පදක්කමක් ගෙනත් දුන්න ඒක තමා රටට දෙන්න පුළුවන් ලොකුම ප්‍රතිඋපකාරය ඊට වඩා මොනවද ආය. බාල පරම්පරාව ගැන බලන එක ක්‍රීඩා අමාත්යන්ශයේ වැඩක් සුසන්තිකාගේ සේවය ඕනේ නං කතාකරලා පඩියක් දීල සේවය ගන්නව මිසක් නිකන් අතින් කාල හරක් බලන්න සුසන්තිකාට පිස්සු නෑ නෙ. :no:

    මම කිවේ සුසන්තිකා නිකන් අපි සල්ලි වියදන් කරලා රට යැව්ව නිසා පදක්කම අරන් ආව කියල ඒකෙ වටිනාකම පහත් කරලා කතා කරන එක වැරදි කියල මිසක් සුසන්තිකාට අපි දුන්න මදි, තව දෙන්න ඕනේ කියල නෙවේ. සුසන්තිකා ගැන මටත් පැහැදීමක් නෑ අනිවාර්යයෙන් තියෙන දේ රැකගන්න බැරිකම නිසා තමා මෙයාට මෙහෙම වෙලා තියෙන්නෙ. ගෙවල් ඉඩම් කඩම් වාහන සල්ලි සෑහෙන හම්බුනා ඉස්සර, දුන්නේ නෑ මේ මදි කියන්න නං බෑ සුසන්තිකාට. ඒ වගේම ඔලිම්පික් පදක්කම පෙන්න පෙන්න ජීවිත කාලෙම නිකන් පඩි ගන්න බලාපොරොත්තු වෙනවනං ඒකත් වැරදියි.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්

    :yes::yes:
    '
    අනිවා මචන් මෙකීගේ පට්ට ලොකු සීන් එක්ක තියෙන්නේ , පදක්කම දින්නම මුලු රටේම උන් අනිත් ඔක්කොම දේවල් අත ඇරලා මෙයාට පුද සත්කාර කරන්න ඕන වගේ ටෝකක් දෙන්නේ. ආසියාවේම මෙයා වගේ උතුම් කතක් නෑ කියන්නේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සුසන්තිකා රටේ බාල පරම්පරාවට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මොනවද කරලා තියෙන්නෙ කියල අහන්නේ ක්‍රීඩිකාවක් හැටියට සුසන්තිකා රටට ඔලිමිපික් පදක්කමක් ගෙනත් දුන්න ඒක තමා රටට දෙන්න පුළුවන් ලොකුම ප්‍රතිඋපකාරය ඊට වඩා මොනවද ආය. බාල පරම්පරාව ගැන බලන එක ක්‍රීඩා අමාත්යන්ශයේ වැඩක් සුසන්තිකාගේ සේවය ඕනේ නං කතාකරලා පඩියක් දීල සේවය ගන්නව මිසක් නිකන් අතින් කාල හරක් බලන්න සුසන්තිකාට පිස්සු නෑ නෙ. :no:

    මම කිවේ සුසන්තිකා නිකන් අපි සල්ලි වියදන් කරලා රට යැව්ව නිසා පදක්කම අරන් ආව කියල ඒකෙ වටිනාකම පහත් කරලා කතා කරන එක වැරදි කියල මිසක් සුසන්තිකාට අපි දුන්න මදි, තව දෙන්න ඕනේ කියල නෙවේ. සුසන්තිකා ගැන මටත් පැහැදීමක් නෑ අනිවාර්යයෙන් තියෙන දේ රැකගන්න බැරිකම නිසා තමා මෙයාට මෙහෙම වෙලා තියෙන්නෙ. ගෙවල් ඉඩම් කඩම් වාහන සල්ලි සෑහෙන හම්බුනා ඉස්සර, දුන්නේ නෑ මේ මදි කියන්න නං බෑ සුසන්තිකාට. ඒ වගේම ඔලිම්පික් පදක්කම පෙන්න පෙන්න ජීවිත කාලෙම නිකන් පඩි ගන්න බලාපොරොත්තු වෙනවනං ඒකත් වැරදියි.

    උඹ කියන විදිහට රටක් විදිහට අපි සුසන්තිකාට වියදම් කරා. එයා ඒකට මෙඩ්ල් එක ගෙනත් දුන්න. එහෙනම් ඉතින් ඒ ගනුදෙනුව එතනින් ඉවරනෙ. (මේ උඹ කියන විදිහ, මට තියෙන්නෙ වෙනස් අදහසක්). :no:
    ස්පෝට්ස් මිනිස්ට්‍රි එකෙන් සුසන්තිකාට මෙච්චර කාලයක් (මම හිතන්නෙ ඒක තාම තියනවද කොහෙද) පඩි දීල සේවයක් ගන්න අනුයුක්ත කරලා තිබුනෙ කියල උඹ දන්නවද? :confused:
    වෙනත් කාලවල කරපු දේවල් අත අරිමුකො ඒ කාලෙ ඇතුලත එයා ගත්ත පඩියට එයා මොකද කරලා තියෙන්නෙ?
    මම බලාපොරොත්තු උනේ නෑ සුසන්තිකා උදේට බත් එකක් බැඳන් ග්‍රවුන්ඩ් ඒකට ගිහින් එන්න නංගි මම ඔයාට මෙඩ්ල් ගන්න හැටි කියල දෙන්න කියල කරයි කියල. එයාට අතින් කන්නෙ නැතුව හරක් බලන්න තමයි පඩි දීල වහනයක් දීල තිබුනෙ.

    උඹ ලියල තියන අනිත් ටික ගැන විවාදයක් නෑ. :yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕක ඇත්ත මචන් කතාව...දැන් ඔය සල්ලි දුන්න කාලේ අනුව කෝටි ගානක සල්ලි හම්බුනා.ගෙවල් වාහන හම්බුනා ..රටට ගව්රවයක් දුන්න එක ඇත්ත..හැබැයි ඒ වෙනුවෙන් රටෙන් වෙන්න ඕන දේ උන මෙයට ..ඊට පස්සේ මෙකි පිස්සු කෙලල දැන් සලකන්න කියනවනං ඉතින් දැන් උදව් කරන්න හදන උන්ට ගහන්න ඕනේ..තමන් පව්ද්ගලිකව උදව් කරනවා නං කමක් නැ ..ඕකත් ආණ්ඩුවෙන් (අපේ tax ) ඉල්ලනවනන් ඉතින් හෙනම ගහපිය කියල තම කියන්න තියෙන්නේ
    :yes::yes::yes: TRUE.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Not my blog. But have to agree with these ideas.
    http://thearrackdiaries.blogspot.ca/2017/06/blog-post.html

    සුසන්තිකා ජයසිංහ හිතන් ඉන්නේ එයාගේ ඔලිම්පික් පදක්කමට රටක් විදියට අපි එයාට ණයගැතිය් කියලාය.. දිවි ඇති තෙක් ආණ්ඩුවෙන් එයාට අති සුකෝපභෝගී ජීවිතයකට මුදල් ජාතික අයවැයෙන් වෙන් කල යුතුය් කියාය...
    හරියට බැලුවොත් සුසන්තිකා විතරක් නෙවෙය් මේ රටේ බොහොමයක් ක්‍රීඩකයන් සහ කලාකරුවන් හිතන් ඉන්නේ ඔය විදියටය.
    අණ්ඩුවෙන් සලකන්නේ නැති නිසා තමන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව සුසන්තිකා කියන්නේ මේ නිසාය.

    රජය දැනටමත් ඇයට දීමනාවක් ගෙවන බව කවරුත් දන්නා දෙයකි...ඔය පදක්කම් වෙන්දේසි අඳෝනාව පටන් ගන්නේ එය රුපියල් 80,000 සිට 60,000 දක්වා අඩු උන එකටය.

    ඒ ක්‍රීඩා අමාත්යන්ශයේ උපදේශක වශයෙන් කටයුතු කරනවාටය.
    ඔය්ට අමතරව සුසන්තිකා ජතික මලල ක්‍රීඩා කමිටුවේත් තව ලෝකෙ නැති ක්‍රීඩා සංගම් හා කමිටු වල සාමජිකාවක් බව හැමෝම දන්නා දෙයකි.

    ඕවට ගිහින් දීපු උපදේශ සහ කරපු ක්‍රීඩා සංවරධනය ගැන අපි අහන්න යන්නේ නැත (වත්මන් මලල ක්‍රීඩාව ඇද වැටී අති තත්වය බැලූ කල එය හොඳින්ම පෙනේ)

    ඊට අමතරව පසු ගිය මහින්ද (රජ) සමයේ රාජපක්ෂ වරුන්ට රෙදි නැතුව කඩේ ගොස් මදි නොකියන්න වරදාන ලබා ගත්ත හැටි අපට නම් අමතක නැත.
    මේ අකාරයට ආණ්ඩුව සුසන්තිකාලට වියදම් කරන්නේ ජනතාවගේ මුදල්ය.
    හරි නම් අපි සුසන්තිකා පදක්කමක් ගත්තාට ඇයට ණයගැති විය යුතු නැත. ඒ වෙනුවට මේ රටේ ජනතාවට හ රටට සුසන්තිකා ණයගැති විය යුතුය.

    කෑගල්ල අත්නාවල ගමේ උන් ඇයව ජාත්යන්තරය දක්වා ඔසවා ගෙන ඇතැන්ස් ඔලිම්පික් පදක්කම නම් වූ ඓතිහාසික මොහොත දක්වා රැගෙන ගියේ මේ රටේ බදු ගෙවන ජනතාවය්...
    පුද්ගලික දක්ෂතා තිබූ පමනින් ඇය ගිය ගමන යන්නට නොහැක.

    එදා ඇයගේ පුහුණු වීම්, පෝෂණය, නේවාසික පහසුකම්, වෛද්ය පහසුකම්, විදේශ පුහුණුවීම් හා සංචාර සඳහා බරපැන දැරුවේ රජයය්.
    ඔලිම්පික් පදක්කම දිනූ සමයේ ඇයට අලුත්ම ජීප් රථයක් සහ ලක්ෂ 50 ක මුදලක් රජයෙන් පිරිනැමුනි.
    මම නැවතත් මතක් කරන්නේ මේ සියල්ල අහිංසක ලාංකිකය්න් ගේ බදු මුදල් බවය...

    කෙටියෙනම කියතොත් අද සුසන්තිකා අත්විඳින සුඛවිහරණ සියල්ල අත්විඳින්නේ රජයටත් ජනතාවටත් පින්සිදු වන්නටය.

    දැන් එයා මාධ්ය ඉස්සරහ හොටු පෙර පෙර අඬන්නේ ජීවත් වෙන්න විදියක් නෑ කියලාය. පදක්කම විකුණන්නේ පවුලට කන්න දෙන්නලු. ආණ්ඩුව එයා ගැන බලන්නේ නෑලු..

    මට මේ කතාව දැක්ක ගමන් අවංකවම හිතුන දෙය නම්, අනේ යකෝ මුනුත් ක්‍රීඩිකාවොද කියාය...
    ක්‍රීඩාවේ හරය ඩිංගිත්තක් තරම් දන්නා කිසිවෙකුගන් මෙවැනි පකාශයක් බලාපොරොත්තු විය නොහැක.
    අඩුම තරමේ ඉස්කෝලෙක ජිල් බෝල ටීම් එකක ඉඳපු එව්වොන්ටත් ඔය්ට වඩා ක්‍රීඩාව සහ එය්න් ජීවිතයට එකතු කරන හරය සහ වටිනාකම් ගැන අවබෝධයක් තියෙනවාය.

    ක්‍රීඩාවෙන් කියා දෙන්නේ ජීවිතයේ තම අරමුණ වෙනුවෙන් බාධක හමුවේ නොනැවතී ධෛර්යයෙන් ඉදිරියට යාමටය. මාධ්ය ඉදිරියේ තම පුද්ගලික ජීවිතය සම්බන්දයෙන් නාහෙන් අඬමින් විවිධ පාර්ශව වලට ඇඟිල්ල දගු කිරීම ජාත්යන්තර ක්‍රීඩිකාවකට කිසිසේත් නොවටී...

    ක්‍රීඩාව අමතක කරමු. මෙවැනි කතාවක් අවුරුදු 42 ක් වූ පරිණත වගකීමක් ඇති කාන්තාවක ගෙන් ඔබට බලාපොරොත්තු විය හැකිද?
    මගේ නම් අදහස ඔය ගෙවන රුපියල් 60,000 ත් රජයෙන් නවත්තන්න ඕනය.

    ඔලිම්පික් පදක්කම බැරිනම් ඕන බඩමාලුවක් විකුණගෙන කාපුවාවේ... අපිට පාන්ද !

    මම කඩෙන් ගන්න සීනි පන්සීයට සහ කරවල දෙසිය පනහට ගහන බදු වලින් කොහේවත් ඉන්න සුසන්තිකාල නලවන්නට මට නම් කැසිල්ලක් ඇත්තේම නැත !!!
    :angry::angry::angry:
    100% ක් කතාව ඇත්තය..:yes::yes::yes: