ඔහොම බැලුවොත් ඉතින් බුදුහාමුදුරුවන්ටත් කන්න බොන්න දුන්නේ, ඇප උපස්ථාන කරේ ළඟ පාත හිටපු දායකයෝ, දානේ දුන්නේ නැත්තන් කොහොමද බණ කියන්න ජීවත්වෙන්නේ, කන්න බොන්න දුන්න අපිටත් කියපු බණ වල බාගයක් අයිතියි කියන්න පුළුවන්.යුද්ද කරපු අයටත් අපි පඩි දීල අතට තුවක්කු දුන්නේ නැත්තන් කොහොමද යුද්ද කරන්නෙ කියල අහන්න පුළුවන්.
දෙපැත්තක් තියෙනව ඒත් වැඩි ගෞරවේ අදාළ පුද්ගලයට යන්න ඕනේ. නිකන් ආ පලයන් කියල සල්ලි වියදන් කරලා යැව්වට පදක්කන් ගේන්න බෑ නෙ.
සුසන්තිකා කියන කතාව සාධාරණ උනත් අසාධාරණ උනත් අනාගතේ මලල ක්රීඩා කරන්න හිතාගෙන ඉන්න එක අය මේක දැක්කම හිතාවි සුසන්තිකාට මෙහෙමනං අපිට කොහොම වෙයිද කියල.ඒ අය අධෛර්යමත වෙන එක වෙන්නෙ.
ඇප උපස්ථාන කරපු දායකයො ධර්මයට අයිතිවාසිකම් කියන්න යනවනම් එයාල බෞද්ධයො නෙවීනෙ බන්. බෞද්ධයො මගේ කියල දේවල් බදා ගන්නෙ නෑනෙ.
අනික බුදු හාමුදුරුවො බුදු උනහම තමන්ට උපස්ථාන කරපු පස්වග මහනුන් හොයාගන ඇවිල්ල තමයි පලවෙනි බන දේශනා කරේ. තමන්ට සෙවන දුන්න ගසට අනිමිස ලෝචන පූජාව කරපු කතාවත් උඹ දන්නවා ඇතිනෙ. උඹ කියපන්කො සුසන්තිකා රටේ බාල පරම්පරාවට ක්රීඩාවෙන් ඉදිරියට යන්න මොනවද කරලා තියෙන්නෙ කියල.
මම හිතන්නෙ නෑ රටේ බාල පරම්පරාවට අධෛර්යමත වෙන්න දෙයක් තියනවා කියල. උඹ කතා කරන්නෙ සුසන්තිකාට නොලැබෙනවා කියන දේවල් ගැනනේ, ඇයි එයාට දීපු දේවල් ගැන කතා කරන්නෙ නැත්තෙ? අපි වගේ දුප්පත් රටකට සලකන්න පුළුවන් උපරිම විදිහට එයාට සලකල තියනවා. එයාට දීල තියන දේවල් වෙන කාටවත් ලැබිල නෑ. ඒව දැක්කම අනිත් පරම්පරාව ධෛර්යමත වෙයි, සුසන්තිකාට වෙලා තියන දේ දැක්කම ඔයිට වඩා හොඳට ජීවිතේ කළමනාකරණය කරගන්න පුරුදු වෙයි.
යුද්ද කරපු අයටත් අපි පඩි දීල අතට තුවක්කු දුන්නේ නැත්තන් කොහොමද යුද්ද කරන්නෙ කියල අහන්න පුළුවන්. 
ඒ අය අධෛර්යමත වෙන එක වෙන්නෙ.


