සුසිල්-බැසිල්...?

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සුසිල්-බැසිල්...?

    ‘එදා තමුසෙලා කොහෙද හිටියෙ?' - සුසිල් බැසිල්ගෙන් විමසයි!

    ‘නිකං ගොන් පාට් දාන්ඩ එන්ඩ එපා අපිට. හොරකං කරල හොරකං කරල ආණ්ඩුවට කෙලවල දැන් එනව ඒව අපේ පිට දාන්ඩ. මෙච්චර කල් අපිත් ඉවසන් හිටිය. තමුසෙ හිතුවෙ අපි පොන්නයො කියලද? මේක අහගන්නව හලෝ. මට මේ උලව් ඇමති කම නැතිවුනොත් මම හෙට ඉදන් කෝට් බෑය දාගෙන ආයිත් උසාවි යනව. තමුසෙ මොනව කරන්ඩද? තමුසෙට පුළුවන් ආයිත් ඇමරිකාවට පැනල යන්ඩ විතරයි. එකක් මතක තියාගන්නව. අපි ආයිත් තමුසෙලගෙ බොරු පාට් වලට බය වෙන්නෑ කියල' යනුවෙන් බල ශක්ති සහ පරිසර අමාත්‍ය එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතාට ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දින කීපයකට පසු මුව නොසෑහෙන සේ බැණ වැදී ඇත.

    සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට එසේ බැණ වැදී ඇත්තේ ඔහු, ප්‍රේමජයන්ත මහතා මාධ්‍යයට කරන ලද ප්‍රකාශයකට දුරකතනයෙන් බැණ වැදීමට පටන් ගත් අවස්ථාවේදීය.

    ‘පසුබෑමක් තියෙනවා. නමුත් ජයග්‍රහණය කරනවා' යනුවෙන් එක්සත් ජනතා සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් ඌව පළාත් සභාවේ ඡන්ද ප්‍රතිඵලය සමාලෝචනය කරමින් මාධ්‍යයන් වෙත දැක්වූ අදහස් සම්බන්ධයෙන් එසේ බැසිල් අමාත්‍යවරයා කෝපයට පත්වී දුරකතන ඇමතුමක් දී තිබේ.

    සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙම අවස්ථාවේ සිට ඇත්තේ තමන්ගේ නිවසේ අය හා හිතවතුන් කිහිප දෙනෙකු සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. බැසිල් අමාත්‍යවරයාගේ තර්ජනයෙන් උන්හිටි තැන් අමතක වී ඇති ප්‍රේමජයන්ත අමාත්‍යවරයා නිවස දෙක වන ලෙස කෑ ගසමින් ‘තමුසෙල 2005 කොහේද හිටියෙ? අයිසෙ අපි තමයි පක්ෂෙ බලයට ගේන්න ගුටි කෑවෙ. වෙඩි කෑවෙ. ජීවිත පූජා කලේ. තමුසෙල මොනවද කලේ. තමුසෙල කලේ ඇමරිකාවෙ ඉදන් පැරිෂුට් එකෙන් අරලියගහ මන්දිරයට බැහැල ලවක් දෙවක් නැතුව හොරකම් කරපු එක විතරයි. තමුසෙල ආණ්ඩුවත් කෑව. පක්ෂෙත් කෑව ඕයි. තමුසෙලගෙ කුප්ප වැඩ නිසා අපිටවත් පාරෙ බැහැල යන්ඩ නෑ. මේ හැම එකෙන්ම කෙල වෙන්නෙ එදා ඉදල දුක් විදපු සැබෑ ශ්‍රී ලංකා කාරයින්ට. කෙල වුනහම තමුසෙල ඇමරිකාවට මාරු වෙයි. ආයිත් යූඑන්පී කාරයින්ගෙන් ගුටි කන්න වෙන්නෙ අසරණ ශ්‍රී ලංකා කාරයින්ට' යනුවෙන් පවසා ඇත. දැඩිලෙස කෝපයට පත්වී සිටි ප්‍රේමජයන්ත අමාත්‍යවරයා හෘද රෝගියෙකු බැවින් ඔහු අස්වැසීමට පවුලේ උදවියට මහත් වෙහෙසක් ගැනීමට සිදුවී ඇත. නිවසේ රැස්ව සිටි හිතවතුන් තුෂ්නිම්භූතව ගල් ගැසී සංවාදය අසා සිට ඇත.

    ටික වේලාවකින් කෝපය සංසිදවා ගෙන ඇති ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ජනාධිපතිවරයා අමතා ඇත. ‘සර් මට බැසිල් ඇමතිතුමා බණින්න ආවා. මටත් තදවුනා. මමත් කෑ ගැහුවා. මට කරන්න දෙයක් නෑ. මං ගෞරව කරන්නෙ ඔබ තුමාට විතරයි. අපි ඔබතුමා එක්ක හැමදාම ඉන්නව' යනුවෙන් පවසද්දී සාවදානව අසා සිටි ජනාධිපතිවරයා අවසානයේ කියා ඇත්තේ ‘සුසිල් තනියමද ඉන්නෙ? ඔයා බැනපු එක කාටවත් ඇහුන්නෑ නේද? මේවා මීඩියාවල යන්න දෙන්න එපා. අපි කතා කරල විසදගම්මු. කලබල නොවී ඉන්න' කියාය. කෙසේ වෙතත් අප වෙත වාර්තාවන ආකාරයට මෙම අවස්ථාවේදී බැසිල් අමාත්‍යවරයා සිට ඇත්තේ ජනාධිපතිවරයා සමගය.

    කෙසේ වෙතත් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ශ්‍රීලනිප ජේෂ්ඨ ඇමතිවරුන්ට මෙම සිද්ධිය පවසා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (25) කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටවූ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය බැසිල් අමාත්‍යවරයා විසින් විවෘත කිරීමේ උත්සවය සියළුම ජේෂ්ඨ අමාත්‍යවරුන් වර්ජනය කොට තිබේ. මේ බව නොදැන එහි පැමිණි ෆවුසි අමාත්‍යවරයාද ටික වේලාවකින් එම ස්ථානයෙන් පිටවී ගොස් ඇත.
     
    • Like
    Reactions: Lewke

    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    බැලුමකට උනත් හුලං පිරෙන ප්‍රමානයක් තියනවා...වැඩිය පිරුනම පුපුරනවා .තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බැලුමකට උනත් හුලං පිරෙන ප්‍රමානයක් තියනවා...වැඩිය පිරුනම පුපුරනවා .තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි.
    :yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ‘සුසිල් තනියමද ඉන්නෙ? ඔයා බැනපු එක කාටවත් ඇහුන්නෑ නේද? මේවා මීඩියාවල යන්න දෙන්න එපා. අපි කතා කරල විසදගම්මු. කලබල නොවී ඉන්න'

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    බැලුමකට උනත් හුලං පිරෙන ප්‍රමානයක් තියනවා...වැඩිය පිරුනම පුපුරනවා .තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි.


    :yes::yes::yes:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    කවුරුන් කෙරුවත් වරද වරදමයි. කවදා හෝ එයට දඬුවම් ලැබේවි :yes:

    507583979.jpg