සෙන්පති~ඩෙන්සිල්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සෙන්පති~ඩෙන්සිල්

    අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව රට වෙනුවෙන් දිවි පුදා වසර 21යි

    kobbakaduwa.jpg


    දශක 3කට අධික කාලයක් පැවැති රුදුරු ත්‍රස්තවාදය විනාශ කර රටට සාමය උදාකරලීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවු අභීත සෙන්පති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන් ඇතුළු රණවිරුවන් දස දෙනෙකු උතුරේ කයිට්ස්හි අරාලි තුඩුවේදී කොටි බෝම්බයකට හසුවී රට වෙනුවෙන් දිවි පුදා අදට (08) පුරා වසර 21ක් සපිරෙයි.

    ජෙනරාල් කොබ්බෑකඩුව මහතා සමඟ බ්‍රිගේඩියර් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, කර්නල් ස්ටීවන්, කර්නල් යශෝධ පලීපාන, කර්නල් ආරියරත්න, මේජර් නලින් අල්විස්, ලුතිනන් කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කමාන්ඩර් චන්දිම විජයපුර සහ කෝප්‍රල් ජගත් වික්‍රමරත්න යන මහත්වරුන්ද රට වෙනුවෙන් ජීවිතය පුජා කළහ.