සෙමි_බස්_අහෝසි_නොකරයි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සෙමි_බස්_අහෝසි_නොකරයි

    අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අහෝසි නොකර සීමිත සේවාවක් ලෙස පවත්වාගෙන යාමට මගී ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (18 වැනිදා) තීරණය කර ඇත.

    මගී ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 වැනිදා) පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

    ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ රාත්‍රී 7 සිට අලුයම හය දක්වා පමණක් ධාවනය කළ යුතුය. දහවල් කාලයේදී අර්ධ සු‍ඛෝපභෝගි බස් රථ සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට මෙහිදී තීරණය විය. සෑම අර්ධ සුඛෝපභෝගි බස් රථයක්ම කිලෝමීටර් 200කට වඩා දුරක් ධාවනය කළ යුතු වෙයි. මෙම තීන්දු තීරණ ඇතුළත් ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට ඇමැති මහින්ද අමරවීර බලාපොරොත්තු වෙයි.

    දිවයින පුරා අර්ධ සුඛෝපභෝගි බස් රථ 427ක් ධාවනය වෙයි. ඊට අදාළ නීති ඇමැති මණ්ඩල අනුමත කිරීමෙන් පසු ජාතික ගමනාගමන කොමිසම විසින් බස් රථ හිමියන්ට දැනුම් දීමට නියමිතය.

    රාත්‍රී 7 සිට අලුයම 6 :lol: මොන විකාරයක්ද මේ. හවස 4ට විතර පටන් අරන් රෑ 12ට විතර කොටුවට ළඟා වෙන බස් තියෙනව. ඒ වගේම රෑ 12 ට පටන් අරන් උදේ 8- 9 ට ගමනාන්තයට ළඟා වෙනවා. එව්වගේ කොහොමද ටිකට් කඩන්නෙ. පැය ගාණට අනුපාතෙට බෙදලද?

    අනික රෑට යන සෙමිය උදේට අනිත් පැත්තට එන්නෙ කොහොමද ? නෝමල් එනවද ඌ ආයිත් ? නැත්නම් දවල්ට දුවන් නැතුව පහුවදා රෑවෙනකල් අරූ බස් එක තියන් ඉන්නවද ?

    කරන්ඩ තිබුණෙ අවම පහසුකම් සීමාවක්, උපරිම මඟීන් සංඛ්යාවක්, සීමිත නැවතුම් සෙට් එකක්, ටයිම් ටේබල් එකක් අසයින් කරලා, බස් සේවය ගුණාත්මක කරන එක. එහෙම උනා නම්, බස් සේවකයන්ටත් හොඳයි, මඟියන්ටත් හොඳයි.

    අර්ධසුපෙගිබොගී බස් කියන්නේ අහිංසක මිනිස්සූ හුරන් කාපු බස් රත සෙවයක්.. රජය හිතන්න ඔනේ අහිංසක මිනිස්සූ පැත්තෙන්ද කාල කන්නි බස් කාරයෝ පැත්තෙන්ද?

    ලොරි චැසිට බස් බොඩි ගහලා.. කර්ටන් එකක් දම්ම පලියට අර්ධසුපෙගිබොගී වෙනවා ද, ඔය බලු ඇමතිලාව එක දවසක් ඔය බස් එකක නන්ගලා යවන්න ඔනේ , එහෙනම් ඔකුන් සින්ගපුර් යන්වා කොන්දට බෙහෙත් කරන්න අනිත් පහුව දා..

    ඔය බස් ඇතුලේ මනුස්සයෙක් කකුල් දෙක හරියට තියන් ඉදගන්න පුලුවන් ද, පොල් පැටව්වා වගේ මිනිස්සූ පටවනවා .. මේ වා ඔය තිරන ගන්න හැතිරෙට පෙන්නේ නෑ .. අරුන්ට ඔන විදියට මිනිස්සූ හුරන් කන්න දෙනවා

    21cb91e8_38321_3.jpg

    http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=a3ba80bf&imageview=1&fbclid=IwAR3li9ifFcAubPox2wpP6oQr_N4xsivIY0V1ejyYUFEMw1QKCVst2csTCEY
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕවල යන උන්ට ගහන්න ඕනේ එකටම මම නම් ඕකුන් ඇහුව ගමන් පිටිපස්සේන් සිටිබි බස් එක එනව කියලා කියනව :lol: ඔකුන්ගේ ඇති සුබෝපබෝගියක් නැහැනේ මගදිගට කට්ටිය දාගෙන උන්ගෙන් වැඩිපුර කඩනවා නොයා ඉදපල්ලා ඕකුන්ටම තමා පාඩුව :P
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඕවල යන උන්ට ගහන්න ඕනේ එකටම මම නම් ඕකුන් ඇහුව ගමන් පිටිපස්සේන් සිටිබි බස් එක එනව කියලා කියනව :lol: ඔකුන්ගේ ඇති සුබෝපබෝගියක් නැහැනේ මගදිගට කට්ටිය දාගෙන උන්ගෙන් වැඩිපුර කඩනවා නොයා ඉදපල්ලා ඕකුන්ටම තමා පාඩුව :P

    එහෙම නොයා ඉන්න බෑ මචන් මිනිසුන්ට , ඕවා නවත්වන්න ඕන ආණ්ඩුවෙන් මයි , සමහර වෙලාවල් වලට තියෙන්නේ සෙමි විතරමයි , විශේෂයෙන් රෑට

    පාන්දර 12-1-2-3 යන කෙටිදුර බස් බොහොමයක් (122 වගෙ) සෙමි.

    ඕවා වැඩිපුර දුවන්නේ අනුරාධපුර,පදවිය,වව්නියාව වගේ දුප්පත් මිනිස්සු වැඩිපුර ඉන්න පලාත්වලට..ඒ වගේ මිනිස්සුන්ගෙන් සල්ලි අසාධාරණ විදියට සල්ලි ගසාකන මේවා සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕනේ
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    කොයි කොයි දේත් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    එහෙම නොයා ඉන්න බෑ මචන් , සමහර වෙලාවල් වලට තියෙන්නේ සෙමි විතරමයි , විශේෂයෙන් රෑට

    පාන්දර 12-1-2-3 යන කෙටිදුර බස් බොහොමයක් (122 වගෙ) සෙමි.

    ඕවා වැඩිපුර දුවන්නේ අනුරාධපුර,පදවිය,වව්නියාව වගේ දුප්පත් මිනිස්සු වැඩිපුර ඉන්න පලාත්වලට..ඒ වගේ මිනිස්සුන්ගෙන් සල්ලි අසාධාරණ විදියට සල්ලි ගසාකන මේවා සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕනේ

    හ්ම්... ඒවත් හරි නීතියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ කට කපලා ලෝඩ් කරනවා කර්ටත් හෝදන්නෙ අවුරුදු දෙකකට විතර එක වරක්.. වකුගඩු හෙල්ලෙන්න දාන අජිත් අයියගෙ ගීත... පිට ලෑලි පලුවක් වගේ පළල අඩු ප්‍රමිතියක් නැති සීට්.. මොන අඩ සැපක්ද බහිද්දි අඩක් මැරිලා... මේවා සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕනේ
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    ඕවල යන උන්ට ගහන්න ඕනේ එකටම මම නම් ඕකුන් ඇහුව ගමන් පිටිපස්සේන් සිටිබි බස් එක එනව කියලා කියනව :lol: ඔකුන්ගේ ඇති සුබෝපබෝගියක් නැහැනේ මගදිගට කට්ටිය දාගෙන උන්ගෙන් වැඩිපුර කඩනවා නොයා ඉදපල්ලා ඕකුන්ටම තමා පාඩුව :P

    මම නිතරම සෙමි වල (Long Distance) යන කෙනෙක්. සෙමි වල හුගක් අය යන්නේ ඔය කියන semi-luxury ක් බලාගෙන නෙවෙයි. ඒවගේ ඇති luxuryක් නැහැ. ෂිට් එක ටිකක් උසට තියනවා. මේකත් සමහර වෙලාවට normal bus වල තියනවා.

    සෙමි හුගක් වෙලාවට normal ඒවාට වඩා වේගෙන් යනවා. මම සමහර පරක්කු වෙලාවට දුර යන normal bus තුන හතර miss කරලා semi වල යනවා. ඒ වගේම මුන් අර bus ඔක්කොම pass කරනගෙන යනවා. හරි semi එකක් සෙට් උනොත් උන් ලේසියෙන් නතර කරන්නේත් නැහැ.

    අනික semi හුගක් වෙලාවට normal උන් යන පිස්සු යෑම යන්නෙත් නැහැ. (පේමන්ට් උඩ අනන් මනං වගේ...) උන්ගේ bus හුගක් වෙලාවට හොදටම තියන නිසා අවුලක් නැතුව වේගෙන් යන්න පුළුවන්.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493

    සෙනගත් අඩුයි
     
    • Like
    Reactions: Oli_Vili

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මට මතක විදිහට කවුරු හරි ඕක අහෝසිම කරනවා කිව්වා නේද?
    සජිත්ද? ගෝඨාද මන්දා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම නිතරම සෙමි වල (Long Distance) යන කෙනෙක්. සෙමි වල හුගක් අය යන්නේ ඔය කියන semi-luxury ක් බලාගෙන නෙවෙයි. ඒවගේ ඇති luxuryක් නැහැ. ෂිට් එක ටිකක් උසට තියනවා. මේකත් සමහර වෙලාවට normal bus වල තියනවා.

    සෙමි හුගක් වෙලාවට normal ඒවාට වඩා වේගෙන් යනවා. මම සමහර පරක්කු වෙලාවට දුර යන normal bus තුන හතර miss කරලා semi වල යනවා. ඒ වගේම මුන් අර bus ඔක්කොම pass කරනගෙන යනවා. හරි semi එකක් සෙට් උනොත් උන් ලේසියෙන් නතර කරන්නේත් නැහැ.

    අනික semi හුගක් වෙලාවට normal උන් යන පිස්සු යෑම යන්නෙත් නැහැ. (පේමන්ට් උඩ අනන් මනං වගේ...) උන්ගේ bus හුගක් වෙලාවට හොදටම තියන නිසා අවුලක් නැතුව වේගෙන් යන්න පුළුවන්.

    idala hitala matanan ohoma semi bus set wenne. ctb normal yanwa semi gaanatama. mata nan wisheshayak wela na konde amaruwak nan enawa samahara semi wala gihama. ewage curve wenna wage seat gahala thiyenne.owage gihama raata patta saneepai ithin :sorry: