| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “මං යනව නවෝද්.. ගුණසිංහ සර් එක්ක මං මේ ගැන ටිකක් කතා කරන්නම්.. යමු ඉමාන්..”

    හිස් කෝප්ප දෙක පැතුමා අතේ ඉතිරි වෙද්දි දිල්රංගියි, ඉමානුයි යන්න ගියා.


    “උමට කියන්න බෙකම්.. අම්මපා.. මං බුරිය විකාගෙන මැරෙනවා.. බලපං.. ආදරේ කරන හැම එකාටම හම්බවෙන්නෙ බූට් එකක්.. ඒත් මට හම්බවුණේ ඉන්දරේගෙ හද්ද පරණ පීරිසි කෝප්ප දෙකක්.. දිල්රංගිට වටින්නෑ මට මෙහෙම කරන්න.. ෂෙහ්.. අම්මපා.. මගේ පංච සත්‍යය වගේ මං කාන්තාවො ගැන ප්‍රමේයයක් හදනවා.. ඔන්න බලපංකො බොරුද කියලා..”


    පැතුමට හිස් කෝප්ප දෙකත් අරගෙන ටක් එක ඇතුළට යන්න දීලා මං ඒ ලෙවල් ක්ලාස් පැත්තට ආවා.


    තට්ටු දෙකේ බ්ල්ඩින් එකේ උඩ ක්ලාස් ටික වෙන්වුණේ මේ අගෝස්තු උසස් පෙළ ලියන දහතුන වසරෙ අයට.. දෙවනි තට්ටුවෙ කොට තාප්පෙට හේත්තු වෙලා චතුරංගයයි, උගේ අපත ගැන්සියයි මං දිහා හොඳට බලන් ඉන්නවා මං දැක්කා. එදා පරණ පාරෙදි බීච් එක ගාවදි ගුටි ඇන ගත්තට පස්සෙ මං චතුරංගයව ඔය දැක්කමයි.. අඩුගානෙ මිනිහා බාස්කට් බෝල් කෝට් එක ඇතුලෙ ප්‍රැක්ටිස් කරනව වත් මං දැක්කෙ නෑ.


    අඩුගානෙ මුං සූ සද්දයක්වත් නොදා මං දිහා බලන් ඉන්න ඉඳිල්ල මට දිරෙව්වෙ නෑ.. උං ටික වෙනමම කතන්දරේකට ලෑස්තිවෙන හැඩයි. කමක් නෑ.. අපි බලමුකෝ උං කෙක්කෙන් ආවොත් කෙක්කෙන්.. කොක්කෙන් ආවොත් කොක්කෙන්..


    එදා ග්‍රවුන්ඩ් එකේ සිද්ධියෙන් පස්සෙ මං සමින්දිව දැක්කෙම නෑ. අඩු ගානෙ තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එකේදි ඉන්කිව මීට් වෙන්න බැලුවත් ඒකත් හරිගියේ නෑ. මොකද කියනව නම් ඉන්කි, ෆිසික්ස් ක්ලාස් ආවෙ නෑ. ඉතිං කොහොමද මං සමින්දි ගැන විස්තරයක් දැනගන්නෙ. ඔය අතරෙ දවස් එක සීරුවට ගලාගෙන යද්දි, අපේ ප්‍රසංගයෙ වැඩ කටයුතුත් අවසාන වෙලා තිබුණ. ඉස්කෝලෙ පොඩි පන්තිවල ළමයි ටිකට් බර ගාණක් විකුණල සල්ලි විනය සර්ට බාරදීලා තිබුණා. ඕල්ඩ් බොයිස් ඇෂෝසියේෂන් එකෙනුත් පට්ට සප් එකක් දුන්නෙ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම. ඒක අපේ හිත් වලට ගෙනාවෙ මාරම ගතියක්. කොයි තරම් පොඩියට පටන් ගත්තු වැඩක්ද මේ මෙගා සයිස් වෙන්න යන්නෙ.


    “අඩෝ බෙකම්..”


    ගේට් එකට ටිකක් එහායින් ඉඳපු ඇම්ඩා මට අත වනලම කතා කරා. ගේට් එකයි මහ පාරයි අතරෙ පිරිල හිටපු කොල්ලො කෙල්ලො පීරගෙන මං ළඟට ඇම්ඩා ආවා.


    “ටිකට් පොත් කතන්දරේ ඉවරද..?”


    “නෑ නාලක.. තවත් ටිකක් තියෙනවා.. දෙන්න එකෙක් නෑ..”


    “දෙන්න එවුන් නම් ඕන තරම් ඉන්නවා.. ගෙදර ගිහින් තුනට විතර අපේ ගෙවල් පැත්තෙ වරෙන්..”


    ඇම්ඩා ඒ පාර මොන නාටකේ නටන්නද යන්නෙ..? ම නම් මූව තඹ සතේකට විශ්වාස නෑ..


    “කවුද බං දෙන්න ඉන්නෙ.. දෙන්න ඕන හැම එකාටම විකුණපිය කියලා දුන්නා.. ආයෙ දෙනව නම් දෙන්න තියෙන්නෙ දීපු එවුන්ටම තමා..”


    “උඹ හවසට වරෙන්කො..”


    තවත් වචනයක්වත් කියන්නැතුව ඇම්ඩා ගියා. ඌට පිස්සුද කොහෙද..? ටවුමෙයි, දන්න කියන හැම තැනටමයි ටිකට් පොත් විකුණන්න කියලා තියෙන්නෙ.. තවත් කාට දෙන්නද අප්පා.. කොහොම උනත් හවසට ඇම්ඩා හම්බවෙන්න මං හිතාගත්තා.


    “ඔයයි දිල්රංගියි දැන් හොඳටම යාලුයි නේද..?”


    කහ ඉර පනින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මගේ ළඟට ආපු නිරෝමි කිව්වා. එයා ළගින්ම පස්සෙන් ආවෙ නෙලුනි. මේ කෙල්ලටත් ඇත්තටම ඇම්ඩට වගේම පිස්සුද කොහෙද.. ඉස්කෝලෙ අර තරම් ළඟන් එක පන්තියක ඉද්දි නොකියන දේවල් දැන් මේ දෙනෝදාහක් දෙනා කලබල වෙලා බඩගින්දරේ දුවන වෙලාවෙ කියවනවා.. කාට කියන්නද සන්දුක්කාරේ.


    “මායි දිල්රංගියි..?”


    “ඔව්.. ඔයයි එයයි තමා.. බලාගෙන ආ..?”


    “ඇයි..?”


    “එයා ටිකක් එක විදියයි නේ.. ඔයාගෙ ඇඟේ එල්ලෙයි නවෝද්..”


    “පිස්සු කියවන්නැතුව ඉන්න නිරෝමි..”


    “ඔව්.. මට දැන් පිස්සු..”


    “මොනවද නිරෝමි.. ඔයා මේ කියවන්නෙ..?”


    දැන් නෙලුනිත් අපේ කතාවෙ කොටස්කාරියක් වෙන තරමටම ලංවෙලා.. එයාටත් මේ හැමදේම ඇහෙනවා.


    “මගේ ළඟින්ම තියෙන දේ රටේ ඉන්න හැම කෙල්ලටම අත පත ගාන්න දීලා බලාගෙන ඉන්නයි මට වෙලා තියෙන්නෙ.. මේක මහ පුදුම ලෝකයක්..”


    “නිරෝමි.. තේරෙන දෙයක් තේරෙන බාසාවකින් කියන්න.. මට පරක්කු වෙනවා..”


    “ඔයාට මං දැන් කතා කරන එකත් වදයක්ද..?”


    වදයක් නෙමේ හත්තිලව්වෙ.. මහා මල ඇනයක් කියලා කියන්න කටට ආවත් මං සද්දෙ වහ ගත්තා.


    “ආ.. නවෝද්.. කියන්න.. ඔයාට මාව වදයක්ද.?”


    බැගෑපත් විදියට මං දිහා බලන ගමන් නිරෝමි ඇහුවා. ඒත් මං බැලුවෙ නෙලුනි දිහා. ඒකි සං සං ගාලා අහක බලා ගත්තෙ මාව ජීවිතේටවත් දැකපු නැති විදියට.


    “පිස්සු කියවන්නෙපා නිරෝමි.. මේ බඩගින්දර එකසිය හයයි දශම පහට නැගල තියෙන වෙලාව.. ඔයා හොඳටම දන්නවනේ හීන් බංඩා අංකල්ගෙ කතන්දරේ අත ළඟටම ඇවිල්ලා කියලා.. ඉතිං මාව දන්න කියන හැමෝම මට උදව් කරනවා.. මේක සාර්ථක කරගන්න.. දිල්රංගිත් මේකෙ ලොකු රෝල් එකක් කරනවා.. ඉමාන් වගේම.. ඒ දෙන්නා තමයි මේකෙ වැදගත්ම චරිත දෙක.. ඉතිං මට එයාලත් එක්ක නිතරම ගණුදෙනු කරන්න වෙනවා.. ඒක තේරුම් ගන්න..”


    “ඒ උනාට ඔයයි දිල්රංගියි එකට එකතුවෙලා කතාබහ කරනකොට මට මහා මොකක්දෝ වෙනවා..”


    යකෝ මේ දොළහ සී එකේ පන්ති නායිකාව නේද..? මේ කෙල්ලට මොන ඔඩ්ඩි මස්සිනා වැහීගෙන එනවද අප්පා.. තවදුරටත් කතාව ඇදගෙන ගියොත් ආරණිය කෙම්ට සදා සොත්ති භවන්තුතේ තමයි.


    “මං යනව නිරෝමි.. මට බඩගිනියි..”


    මේ පට්ට බඩගින්දරේ ඉඳගෙන විරහ ගීත අහන්න පුළුවන්ද හත්තිලව්වෙ.. මේකිට මේක තේරෙන්නැද්ද මංදා..


    “දිල්රංගි එක්ක කතා කරාට, ආස්සරේ කරාට කමක් නෑ නවෝද්.. හැබැයි එයත් එක්ක යාලුවෙන්න නම් එපා..”


    “මොකක්..?”


    “වෙන ඕන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න.. හැබැයි දිල්රංගි එක්ක එපා..”


    “ඔයාගෙ වයර් ෂෝට් එකක් නිරෝමි.. අදම ගිහිල්ලා ඒක චෙක් කරගන්න.. මං යනවා..”


    කහ ඉර උඩ අඩමානෙට ඉඳගෙන තවත් කලර්ස් දාන්න ගියොත් මට මෙතනම ත්‍රීවිල් බාප්පොච්චෙක් ගෙන් මරු වැළඳ ගන්න වෙනවා.. නිරෝමිට ඕන බම්බුවක් ගහගන්න කියලා මං ගෙදර එන්න ආවා.


    සුපුරුදු විදියටම උඩින් පල්ලෙන් කෑම එකට වග කියලා මං ගෙදරින් පැනගත්තා. උඩින් පල්ලෙන් වග කිව්වා කියලා කිව්වට, අන්තිමට ඉතුරු අනේ පිඟාන විතරයි.. ඇයි හත්වලාමෙ ඒකෙ තිබ්බ ඔක්කොම මගේ බඩ ඇතුළෙනේ.


    “බෙකම්..”


    ඇම්ඩලගෙ ගෙවල් වලට යන පාරට හරවන්න උනේ නෑ. මෙන්න තවත් කොල්ලො දෙන්නෙක් එක්ක ඇම්ඩා මගේ ඉස්සරහින් මතුවුණා. හිපියො වගේ ආතක් පාතක් නැතුවම කොන්ඩ වවාගෙන, මාල, මුදු, බ්‍රේස්ලට්, වළලු වගේ රටේ නැති ඒවා පොරවගෙන හිටපු කොල්ලො දෙන්නා මගේ ජීවිතේටවත් දැකපු එවුන් නම් නෙමෙයි. ඇම්ඩට මොකක්ද මේ වගේ නසරානි සංස්කෘතියක එවුන් එකක් තියෙන ගණුදෙනුව.


    “එහෙනම් උඹලා ගාණට වැඩේ දීපල්ලා.. මං පස්සෙ එන්නම්..”


    ඇම්ඩා කොල්ලො දෙන්නට කියනවත්තෙක්කම උං පටාස් ගාලා මාරුවෙලා ගියා.


    “කවුද බං ඒ මරුමුස් ඈයො දෙන්නා..?”


    බයිසිකලෙන් බැහැලා, ඇම්ඩත් එක්ක උංගෙ ගෙවල් පාරෙ ටිකක් දුර ඇවිදන් එද්දි මං ඇහුවා. උගේ මූණට පුංචි හිනාවක් ආවා.


    “උඹ හිතන්නෙ කවුරු කියලද..?”


    “මංදා බං.. කාට හරි ගේමක්වත් දුන්නද..?”


    ගාණට වැඩේ දීපල්ලා කියන වචන ටික මට ඇහිච්ච හින්දා මං ඇහුවා.. ඇම්ඩගෙ හිනාව තව ඩිංගක් වැඩි වුණා.


    “නෑ බං.. ඔය අපේ ස්ටේජ් එක අලංකාර කිරීම සඳහා ඉන්න සපෝටර්ස්ලා.. ෂෝ එක වෙලාවෙදිම බලපංකො.. ආයෙ ඉතිං ලොවෙත් නෑ..”


    “උඹ හුඟක් දේ ගැන හිතනවා ඇම්ඩා..”


    “එහෙම තමයි බෙකම්.. උඹ වෙනුවෙන් නොකරන දෙයක් මගේ ළඟ නෑ..”


    ඇම්ඩගෙ ඒ වචන ටිකේ තිබ්බ ශක්තියට, මගේ ඇඟේ හැම ලේ නහරයක්ම හිරි වැටිල ගියා.. ඇත්තටම ඉතිං ඇම්ඩා වගේ යාලුවෙක් ළඟින් ඉන්නකොට මොන තරම් ශක්තියක් හිතට දැනෙනවද..?


    “හ්ම්.. ඔතනින් ඇතුළට යමු..”


    ඇම්ඩලගෙ ගෙදරට තව දුර යන්න තියෙද්දි ඌ මගේ අතින් ඇද්දා.


    “මේ කොහෙද බං..?”


    ඇම්ඩයි මායි නතර වෙලා හිටියෙ, සාගරයක් වගේ ලොකු තට්ටු දෙකේ ගෙයක් ගාව. ඒක ඇතුළට යන්න තියා ගේ දැක්කහමත් නිකං කිචි කිචි වගේ.


    “ආ.. ඇම්ඩා අපි මේ කොහෙද යන්නෙ..?”


    කතාවක් බහක් නැතුව ගේට්ටුවෙ යකඩ කොක්ක පන්නන ඇම්ඩගෙන් මං ඇහුවා. මේකා මුංගෙ ගෙදර යකඩ කොක්ක පන්නනව වගේනේ මෙතන රඟන්නෙ.


    “දිවිය ලෝකෙට බෙකම්.. දිවිය ලෝකෙට..”


    ඒක නම් ඉතිං ඇම්ඩා කියන්න ඕන නෑ.. ගේ දැක්කම නිකම්ම එහෙම හිතෙනවා.


    “ඇම්ඩා බලාගෙන..! පත දඩෝරියෙක්ගෙ බිරුම් සද්දයක් එනවා..”


    මං මඟ නතර උනා. මොකද කියනවනම් දඩෝරියන්ට කියල හපාගන්න මං කැමති නෑ. වැරදිලාවත් හපල තිබුණොත් බුරිය වටේටයි, පස්ස පැත්තටයි, ඉන්ජෙක්ෂන් කීයක් විතර වදියිද දන්නෑනෙ..


    “මං ඌ තමයි මරන්න ගියේ..”


    “මොකක්..?”


    මට නම් දැන් ඇම්ඩා කියන කතන්දර අංඩර දෙමළ ගාණයි.


    “ඔව් ඔය බලු තඩියව මට පේන්න බෑ.. ඌ මගේ දෑහට නොපෙනී ඉන්න එකමයි කාරිය..”


    මොන නොපෙනී ඉන්නවද..? මහා පත සයිස් දඩෝරියෙක්ගෙ බිරුම් සද්දෙ කණ ගාවින්ම ඇහෙනවා. සද්දෙ හැටියට නම් ඌ අපිටත් වැඩිය උස මහත බලු තඩියෙක් වෙන්න ඕන.


    “ඇම්ඩා..! මෙහේ කවුද ඉන්නෙ..?”


    “ඉන්න එවුන් ගැන මං කියන්නම්.. ඊට කලින් ඔය බොන්සායි ගස් පේලිය අයිනෙන් බලපං..”


    කියන පරක්කුවට මාත් එබිල බැලුවා. මගේ සන්තෝ.. ගෙදරක කාමරයක සයිස් එකට හදල තිබ්බ කූඩුවක හිටියෙ හයේ හතරෙ සයිස් කලු බල්ලෙක්.. දැක්කහම ඇඟ හිරිවැටෙනවා.


    “ඇම්ඩා මේ..? උගේ එක කටකට අපි දෙන්නම මදි.. පිස්සු නටන්නැතුව යමං.. නිකං හරි කූඩුව ඇරගෙන ආවොත් සොරිම තමයි..”


    “උඹට කියන්න බෙකම්.. මං ඔය රෝවර් තඩියා තමයි මරන්න ගියේ..”


    කට කොනට ලාවට හිනාවක් ගන්න ගමන් ඇම්ඩා කිව්වා. රෝවර් කියපු ගමන්, මගේ ඔලුවට පටාස් ගාලා ආවෙ දවස් ගානකට කලින් ඇම්ඩයි, ඉන්කියි අතර උන කතාව. රෝවර් උඩු බරන තාලෙට ළඟදිම අවමගුලක් ෂුවර් කියල ඇම්ඩා කටේ තෝලේ නොගෑවී කීව්වෙ.. ඒ අවස්ථාවයි, මේ අවස්ථාවයි එකට සම්බන්ධ වුණාම හැටේ වේගෙන් මට උත්තරේ හම්බවුණා. ඒ මේ අපි ඇවිල්ල ඉන්නෙ කොහෙටද කියනෙක.


    “ඇම්ඩා.. මේ ඉන්කිලගෙ ගෙදරද..?”


    එහෙම කියලා මට කට ගන්න හම්බවුනේ නෑ.. ඉන්කිගෙ කටහඬ උඩ තට්ටුවෙ බැල්කනි එකෙන් ඇහුණා.


    “දෙයියනේ.. නවෝද්..”


    සතුටයි.. පුදුමයයි දෙකම පිරුණු කටහඬින් මහා සද්දෙට කෑගහන ගමන් ඉන්කි බැල්කනි එකෙන් අයින් වුණා. එයා ගේ ඇතුළෙන් එළියට එන්නයි හදන්නෙ.. මං ඇම්ඩා දිහා බැලුවම ඌ මෙලෝ සංසාර දෙයක් දන්නැති තොත්ත බබෙක් වගේ මං දිහා බලන් හිටියා. ඇත්තටම ඉතිං මේකව මැරුවත් මදිනේ මේ ලෝකෙ දෙයක් කියන්නැතුව මාව ඉන්කි ළඟටම එක්කං ආපු එකනේ වැඩේ කියන්නෙ.


    “අ..නේ නවෝද්.. හරිම පුදුමයි.. හරිම පුදුමයි.. ඔයා අපේ ගෙදර..”


    ඉස්සර මහ විසාල දොරෙන් එළියට දුවන් ඇවිල්ලා ඉන්කි මගේ අතේ එල්ලුනා. යකෝ.. මේ කෙල්ලගෙ අම්මල තාත්තල නැද්ද අප්පා.


    “ඔව් ඉන්කි.. මං ඇම්ඩත් එක්ක ආවෙ.. මෙතෙනක්ට එනකන් මං දන්නෑ මේක ඔයාලගෙ ගෙදර කියල..”


    “අනේ ඇත්තද නාලක.. ඔයා නවෝද්ට මුකුත් නොකියද එක්කන් ආවෙ..?”


    මගේ අතේ එල්ලිලා ඉන්න ගමන් ඉන්කි හුරතල් වෙනවා.. කවදාවත් නැති විදියට කැටයමුත් ගොඩයි.. කෙල්ලගෙ හිතේ මොනව තියෙනවද මංදා.. මේ විදියට හැසිරෙන්නෙ.. අත ඉන්කිගෙන් ගලවගන්න මට හිතුණත් ඉන්කිගෙ හිත රිදෙයි කියල මං ඒ දේ කෙරුවෙ නෑ.


    “ඔව්.. බෙකම්ට නම් මුකුත් කිව්වෙ නෑ.. හැබැයි ඉන්කි අර ඔයාගෙ රෝවර් තඩියට නම් මං වැඩක් දෙනවා.. ඌට කියන්නකො ඩිංගක් හෙමීට බුරන්න කියල..”


    “ඔයාම කියන්නකො නාලක.. ඉන්න මං ඌව කූඩුවෙන් එළියට දාන්න..”


    විහිලුවටද ඇත්තටමද මංදා ඉන්කි එහෙම කියද්දි මගේ ඇගේ මයිල්, ඉස්මයිල් උනා. ඇම්ඩගෙ මූණත් කරත්තෙට අහුවෙච්චි රෙඩ් බුල් කෑන් එකක් වගේ උනා.



    “ඉන්කි මේ.. ඔයාට ඕන අපේ හත් දවසෙ දානෙත් මෙතනම දෙන්නද..? ආ.. මායි බෙකමුයි ආවෙත් වැදගත් වැඩකට.. ඒක ගැනවත් අහන්නෙ නැතුව මේ තරම් පත ගෙයක මිදුලෙ අපිව තියාගෙන විලි ලැජ්ජාවක් නැතුව දඩෝරියෙක් ලිහන්න හදනවා.. අම්මප කැතයි හොදේ ඕවා නම්..”


    ඇම්ඩා නිල බලලා ගහපු හින්ට් එකට ඉන්කිගෙ මූනට ලැජ්ජාවක් වගේ හැඟීමක් ආවා. ඒක හින්දා කෙල්ල මගේ අතින් ඇඳගෙන ගේ ඇතුළටම ගියා. ඇම්ඩත් වටපිට බල බලා මායි ඉන්කියි පස්සෙන් ආවෙ, රෝවර් දඩෝරියා කොයි මුල්ලකින් හරි මතුවෙයිද කියලා දන්නෑ වගේ.


    “ඔයාලා ෂෝක් දවසෙ ආවෙ නවෝද්..”


    සාලෙ මායි, ඇම්ඩයි වාඩි උනාට පස්සෙ ඉන්කි කිව්වා.


    “ඇයි ඉන්කි..?”


    “අද ගෙදර කවුරුවත්ම නෑ..”


    “බෙකම්.. ගෙදර කවුරුවත්ම නැත්නම්, අපි ආපු වැඩේට බහිමු.. මොකෝ කියන්නෙ..?”


    “මොන වැඩේද නවෝද්..?”


    “මං දන්නෙත් නෑ.. ඇම්ඩා තමයි මාවත් ඇදගෙන ආවෙ..”


    “ඇත්තටම කතන්දරේ මේකයි ඉන්කි.. මං බෙකම්වත් ඇදගෙන මෙහේ ආවෙ, ඔයා බෙකම්ට හුඟක් හිතවත් කියල මං දන්න හින්දා.. බෙකම් සාමාන්‍යයෙන් ආවට ගියාට කොහේවත් යන කොල්ලෙක් නෙමෙයි.. ඒත් මං අඬගැහුව ගමන් ආවා. ඒ මං විශ්වාස හින්දා..”


    ඇම්ඩා ඒපාර මොනවද මේ කියවන්නෙ.. මට හිතාගන්න බැරිවුණා, කොයි තරම් අපත වැඩ කරත් මේකා සීරියස් වෙන්න ගත්තම, පට්ට සීරියස් වෙනවනේ..


    “සමහර විට ඔයා දන්නවත් ඇති, නොදන්නවත් ඇති.. අපේ බෙකම් පොඩි වැඩක් පටන්ගත්තා.. දැල්ලාස් හෝප් කියලා..”


    එතන ඉඳලා මං හීනෙකින්වත් හිතපු නැති විදියට ඇම්ඩා ඉන්කිට දැල්ලාස් හෝප් එක මුල ඉඳල අඟටම විස්තර කරා. ඒක ඇත්තටම සර්ව සම්පූර්ණ විස්තරයක්. ඌ කියවන් ගිය විදියට මං ඒක ඇතුලෙ කෙනෙක් උනත්, මටත් ආස හිතුණා.


    “ඔයාලට මොනවද නාලක මගෙන් කෙරන්න ඕන..? නවෝද් වෙනුවෙන් මට හුඟාක් දේ කරන්න පුළුවන්..”


    ඉන්කි මගේ දිහා බලාගෙන කිව්වා. ඇත්තමයි කෙල්ලෙ ඒක නම් ටිකක් බරපතල කතාවක්. මගේ හිතත් නිකං මොනවදෝ වෙලා ගියා..


    “බෙකම්..! ඔය ටිකට් පොත් ටික ඉන්කිට දෙන්න..”


    ඔන්න දැන් තමයි මට වැඩේ නිට්ටාවටම තේරුණේ.. ඇත්තටම ඉතිං.. බාලිකාවෙ බොහොම ලේසියෙන් මේ ටිකට් පොත් ටික විකුණලා දාන්න පුළුවන්.. ඒකට හොඳම කෙනත් ඉන්කිම තමයි.. එයා බොහොම ලේසියෙන් මේ වැඩේ කරයි.. මට ඇම්ඩා ගැන යාලුකමට වඩා මාර භක්තිමත් හැඟීමක් ආවා.. ඌ කොයි තරම් මේ වැඩේ ගැන හිතනවද..? මොන තරම් කැපවෙනවද..?


    “සිම්පල් කේස් එකක්නේ නවෝද්.. මීට වඩා බර වැඩක් බාරගන්න ඔය ප්‍රොජෙක්ට් එකේ මට නැද්ද..?”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්කි හිනාවෙවී අහද්දි මටත් හිනාවක් ආවා. ඒ කියන්නෙ වැඩේ එකෙන්ම හරි කියනෙකනේ..

    “අපෝ නෑ.. ඔය ටික කරා නම් ඉහටත් උඩින්..”


    ඇම්ඩත් අපේ හිනාවට එකතුවෙන ගමන් කිව්වා.


    “නවෝද්..”


    ටිකට් පොත් ටිකත් ඉන්කිට බාර දීලා, දැන් ඉතින් මෙතනින් මාරුවෙනු කියල හිත කියද්දිම ඉන්කි මට කතා කරා. හැම සැහැල්ලුකමක්ම පැත්තකට දාලා ඒ මූණෙ තිබ්බෙ ටිකක් සීරියස් ගතියක්. මොකක්ද ඒ පාර වෙන්න යන්නෙ..


    “ඔයා වැඩිය කතා නොකරන්නෙ මගෙත්තෙක්ක තරහ වෙලාද.. ආ.. මං මොනව හරි වැරදි දෙයක් කිව්වද..?”


    “කතා කරන්න ඔයාව හම්බවුණේ නෑනෙ.. අඩුම ගානෙ තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එකටවත් ඔයා ආවෙ නෑනෙ.. හ්ම්..”


    “සමින්දි අක්කි මේ පාර එක්සෑම් කරනවනේ.. ඉතිං එයා ළඟ නැති ටියුට්ස් ටික හොයන්න මහන්සි වෙන්න උනා.. ආ..පෝ කියල වැඩක් නෑ නවෝද්.. ඔලුවත්තෙක්ක රිදෙනවා.. එක එක බාහිර වැඩ හින්දා සමින්දි අක්කිට මිස්වෙච්ච නෝට්ස් ගොඩක් තියෙනවා..”


    “යසයි ඒවා ආපහු එක්කහු කරන වෙලාව..”


    මට ඉබේටම කියවුණා. ඇත්තනේ බං.. එග්සෑම් එක කට ළඟටම ආවහමද නෝට්ස් හොයන්න ගන්නෙ.. පිස්සුද ආ.. මං හිතුවෙ අපිටයි වැඩියෙන්ම පිස්සු තියෙන්නෙ කියලා.. බලපුවහම අපිටත් වැඩිය පිස්සො මේ ලෝකෙ ඉන්නවනේ..


    “පව් නවෝද්.. ඔයා දන්නෙ නැතුවට එයාට කොයි තරම් වැඩ තියෙනවද..? ඉස්කෝලෙ උනත් හුඟාක් දේ තියෙන්නෙ එයාගෙ කර උඩනේ.. එග්සෑම් එකත් අත ළඟ තියාගෙන එයා මේ මහන්සි වෙන්නෙ අපේ ඉස්කෝලෙ වෙනුවෙන්නේ.. එයාට ඕන නම් පුළුවන් හැමදේම අතෑරල දාලා එයාගෙ එක්සෑම් එක විතරක් ලස්සනට කරන්න.. ඒත් එයා ඒ වගේ ආත්මාර්ථකාමී කෙනෙක් නෙමෙයි..”


    “ආත්මාර්ථකාමීකම පැත්තක තියන්නකො. ඔය පණ යනකල් වැඩ තියාගෙනද එහෙනම් එයා ඔය පිට්ටනි වටේ දුව්නන ආවෙ.. තියෙන මහන්තත්වකමනේ..”


    “නෑ.. නවෝද්.. කාත්තෙක්ක හරි චැලේජ්න් එකක් කරා නම්, මොන වැඩේ තිබ්බත් එයා කර අරින්නෑ.. ඒ ගතිය එයා ගාව හැමදාම තිබ්බා..”


    “එහෙනම් එයා හැමදාම පරදින්නැති..”


    “නෑ.. එයා ඔයාට විතරයි සෙකන්ඩ් උනේ..”


    ඉන්කිගෙ ඒ කතාව නම් මගේ හිතට මාරම ගතියක් ගෙනාවා. බාලිකාවෙ ෆේමස්ම කැරැක්ටර් එක මට දෙවනි උනා කියලා ඉන්කි පිලිගන්නෙක මට මහා ලොකු දෙයක් උනා.


    “බෙකම්.. එහෙනම් අපි යමුද..?”


    අපේ කතාවට නැවතීමේ තිත තියන්න වගේ නාලක මැද්දට පැන්නා.. මූට හිටපු ගමන් ආපු හදිස්සියෙ හැටි බලපල්ලකො..


    “පොඩ්ඩක් ඉඳපං.. මට ඉන්කිගෙන් අහන්න තව දෙයක් තියෙනවා..”


    ඇම්ඩගෙ කතාව එකතැන නතර වෙද්දි මං ආයෙත් ඉන්කි දිහාට හැරුණා. එයාගෙ හිතේ මේ වෙලාවෙ තියෙනව ඇත්තෙ, අපිට බොන්න මුකුත් අරන් එන එක ගැන වෙන්නැති.


    “මොකක්ද නවෝද්..?”


    “ඔයා ඇයි ඉන්කි ඔය තරම් සමින්දිට කඩේ යන්නෙ..?”


    “ම.. මං..”


    ඉන්කිගෙ මූණ අමනාපයෙන් ඇදවෙද්දි ඇම්ඩගෙ මූණට නම් සවුත්තු හිනාවක් ආවා.


    “ඔව් ඔයා තමයි..! සමින්දි ඔයාගෙ හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්නැති.. ඒත් බලන්න එයා කොයි තරම් කැතද කියලා.. ෂිහ්..”


    “කැත..?”


    “ඔව්.. ඔයාට මතකද එයා ග්‍රවුන්ඩ් එකේදි මට කතා කරපු විදිය.. එයා මෙලෝ මැනර්ස් එක්ක දන්න ගෑනු ළමයෙක් නෙමෙයි.. චැලේජ්න් එක බාරගත්තෙ එයා.. මුලින්ම ඒකට මුල් උනෙත් එයා.. ඒත් පස්සෙ, මට කඩන් පැන්න හැටි ඔයාට මතක නැද්ද..? හරියට හැමදේම මම කරා කියල..”


    “ඔව්.. ඔව්.. බෙකම්.. උඹ හරි.. එයා උඹට කැත සතා කියලා කිව්වා..”


    පොතේ ගුරා වගේ පැත්තක ඉඳලා, ඇම්ඩා මට මතක් කරා. ඔය තියෙන්නෙ.. දැන් දෙන්නම්කො රම්පෙට පොරි හැලෙන්න..


    “ඔයාම කියන්න ඉන්කි.. මං කැත සතෙක්ද කියලා.. ආ.. ඔයාම කියන්න..”


    “න්..නෑ නවෝද්.. එහෙම නෑ.. ඔයා.. ඔයා කොයි තරම් හොඳ කෙනෙක්ද..? ඔයා මේ කරන දැල්ලාස් හෝප් කියන එකෙන්ම ඔයාගෙ හිත ගැන මට තේරුම් ගන්න පුලුවන්.. ඔයා ගැන දන්නැති කෙනෙකුට උනත්, ඔයාගෙ වටිනාකම මේකෙන්ම තේරෙනවා..”


    “ඉන්කි හදන්නෙ අපේ බෙකම්ව මුරුංගා අත්තෙ තියන්නද..?”


    “නවෝද් මුරුංගා අත්තෙ තියලා මට ලැබෙන දෙයක් නෑ නාලක.. මං නවෝද්ට එදා ඉඳලම කැමතියි..”


    “ඉතිං ඔය මුරුංගා අතු හොයන්නෙ නවෝද්ගෙ කැමැත්ත ගන්නනේ..”


    “අපෝ ඒකට මුරුංගා අතු ඕන්නෑ.. මං දන්නව නවෝද් මට කැමතියි කියලා.. නේද නවෝද්..?”


    ඔලුව පැත්තකට ඇල කරන සුපුරුදු ඉරියව්වට ඇවිත් ඉන්කි මගේ මූණට එබුණා. ඒ හැඩකාර මූණෙ තිබ්බෙ මං දකින්න ආසම කරන පුංචි හිනාවක්. ඉන්කි ඔහොම හිනාවෙලා ඉන්නකොට හරිම හැඩයි කියලා කියන්න හිතුණත් මගේ ළඟම ඉන්න ඇම්ඩා ගැන මතක්වෙලා මං ඒ අදහස හිතින් අයින් කරගත්තා.


    “ඉන්කි මගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නෑ..”


    “මං සමින්දි අක්කට කඩේ යන්නෙ ඇයි කියලද..?”


    “ඔව්..”


    “ඒ.. මං එයාට හුඟක් කැමති හින්දා..”


    ඉන්කි ඒක කියපු තාලෙට මට පුදුමත් හිතුණා. එයා සමින්දිට කැමතියි කියනෙක නම් මගේ හිත ඒ තරම් හොඳින් පිළිගත්තෙ නෑ.


    “එයා මහ සවුත්තු කෙනෙක්නෙ ඉන්කි.. ඔයා එයාගෙ මොනවට කැමති වුණාද කියලා මට නම් හිතාගන්නවත් බෑ.. මහම මහ ඇට්ටර කෙල්ලෙක්නේ.. මං නම් හිතන්නෑ කවදාවත් එයා යාලුවෙන කොල්ලට නිදහසක් නම් හම්බවෙයි කියලා.. ඇත්තමයි.. පුළුවන් තරම් දස වඳ දෙයි..”


    “ඔයාට වැරදිලා නවෝද්.. සමින්දි අක්කා ඒ වගේ කෙනෙක් නෙමෙයි.. එයා, ඔයා වගේ හරිම හොඳ කෙනෙක්..”


    “ඔයා නම් එයාටම කඩේ යන්න ඉපදිච්ච කෙනෙක්ද කොහෙද.. අපි යමු නාලක..”


    මං ඉස්සර වුණා. මගේ ළඟම ඉන්කි, සමින්දිගෙ පැත්තට කතා කරපු එක මට දිරෙව්වෙ නෑ.. අනික කොයි වෙලාවකදි වත් ඉන්කි, සමින්දිට දොස් කියනව මට ඇහිලත් නෑ.


    “අනේ නවෝද්.. ඔයාලා මුකුත් බොන්නැද්ද..?”


    “ඕන්නෑ ඉන්කි.. ඔයා අපේ වැඩේ බාරගත්තනේ.. ඒ හොඳටම ඇති.. අපි යනවා..”


    “ඔයා තරහින්ද යන්නෙ නවෝද්..?”


    ගෙට එනකොට අතින් ඇදගෙන ආව වගේම යන්න ලෑස්ති වෙනකොටත් ඉන්කි මගේ අතින් අල්ලගත්තා. හිතේ සතුටක් නැති වුණත් මං ඉන්කි දිහා බලද්දි, ඒ මූණෙ ලියැවිලා තිබුණෙ අනේ නවෝද් යන්නෙපා කියන වචන තුන. මොන දේ උනත්, කොහොම උණත්, කොතනදි උනත්, සමින්දි ගැන වචනයක් හරි කතා වෙන්නැතුව, ඉන්කිගෙයි මගෙයි කතාව ගලන් යන්නෑ කියලා මං තේරුම් අරගෙන හිටියෙ.. දැන් උනත් එහෙමනේ..


    “තවත් වැඩ ටිකක් තියෙනව ඉන්කි.. ඒව ඉවරයක් කරගන්නෝන.. ඒකයි යන්නෙ..”


    “මට කියන්න බැරි වැඩක්ද නවෝද්..?”


    “නෑ.. අපි කට්ටිය හිතන් ඉන්නෙ හීන්බංඩා අංකල්ගෙ ගෙදර යන්න.. අපේ ප්‍රසංගයට කලින්..”


    “අනේ.. මාත් එන්නද නවෝද් ඔයාලාත් එක්ක යන්න..”


    ඉන්කි ඇහුවෙ මගෙන් උනත්, අපේ සෙට් එකේ අනුමැතියක් නැතුව මට ඒකට උත්තරයක් දෙන්න හිතුන්නෑ.. ඒකයි මං ඇම්ඩා දිහා බැලුවෙ.. කාලෙකින් දැක්කෙ නැති ලොකු හිනාවක් ඇම්ඩගෙ මූණෙ මැද්දෙ තිබුණා. ඒ කියන්නෙ ඉන්කි අපිත් එක්ක එනවට ඇම්ඩා කැමතියි කියනෙකද..?


    තුන්වෙනි පාරටත් අපි යනවා කියලා ඇම්ඩයි මමයි සෝෆා එකෙන් නැගිට්ටා.. ඒ එක්කම තමයි, ඇම්ඩයි මමයි හීනෙකින්වත් හිතපු නැති දෙයක් සිද්ධ වුණේ.


    “මොනවත් බොන්නැතුවද යන්න හදන්නෙ.. ආ..?”


    ඒ කටහඬ ආවෙ කොහෙන්ද කියල මට හිතාගන්න බැරිවුණා. දෙයියනේ.. සමින්දි අක්කා.. එයා බීම ට්‍රොලි එකක් තල්ලු කරගෙන අපි දිහාට එනවා.. එතකොට එච්චර වෙලා සමින්දි අක්කා ඉඳලා තියෙන්නෙ ඉන්කිලාගෙ ගෙදරද..? එතකොට මං කියපු හැම ලට්ට පට්ටෙම සමින්දි අක්කා අහගෙන ඉන්න ඇත්තෙ.. ඇතත්ටම මට දැනුණෙ මං හිටපු තැන පොළව ගිලා බැස්සා වගේ.. මොන අවනඩුවක්ද දෙයියනේ මේ වුණේ.


    “නවෝද්.. එන්න..”


    ආකාසෙන් මේ දැන් පතබරියන් උනු වැහි බිංදුවක් වගේ හිනාවෙන ගමන් සමින්දි අක්කා මට කතා කරා. ඇම්ඩා උනත් හිටියෙ අවුල්වෙලා කියල මට තේරුණා. අපි දන්නෙ නැතුවම මෙතන සිද්ධවෙලාතියෙන කොමඩි ස්ටාර් එක මොකක්ද කියලා මං හිතාගත්තා.


    “නවෝද් එන්නකො..”


    බීම ට්‍රොලියට හේත්තුවෙලා සමින්දි අක්කා මං දිහා බලන් ඉද්දි ඉන්කි මට කතා කරා. සමින්දි ඇඳලා හිටියෙ නිල්පාට ටී ෂර්ට් එකකුයි, සුදු පාට ඩෙනිම් ස්කර්ට් එකකුයි.. එයා ඒ වගේ ඇඳලා ඉන්නවා මං කවදාවත් දැකලා තිබුනෙ නෑ.. අමුතුම සිරියාවක් තමයි ඇත්තම කියනව නම් සමින්දි අක්කා ගාව තිබුණෙ. ඒ අතින් එයා ඉන්කිව පරාද කරලා තිබුණා.


    “මට බෑ.. මං යනවා..”


    හිතට එකපාරටම ආපු මොකක්දෝ ශක්තියකින් මං කිව්වා. ඉන්කි වගේම සමින්දිත් මං දිහා බලන් හිටියෙ පුදුම වෙලා වගේ. ඇම්ඩා නම් හිටියෙ මට ඕන මගුලක් කරගනිං කියල වගේ.


    “ඔ.. ඔයාට මොනවද වෙලා තියෙන්නෙ නවෝද්..? අනේ මං මේවට මුකුත් දාලා නෑ..”


    “ඔයා මේවට වහ දාලා දුන්නත් මං බොනවා ඉන්කි.. ඒත් මේ වගේ සවුත්තු වැඩ කරන්නෙපා..”


    “සවුත්තු වැඩ..?”


    “ඔව්.. එයා ගේ ඇතුළෙ තියාගෙන ඔයා අපිත්තෙක්ක කතා කර කර හිටියෙ.. ඒක සවුත්තු වැඩක් නෙමෙයිද..?”


    “ඔයා කියන දේ මට තේරෙන්නෑ නවෝද්.. සමින්දි අක්කා මෙහේ හිටපු එක, එහෙම ඉද්දි මං ඔයාලා එක්ක කතා කරපු එක සවුත්තු වැඩක් වෙන්නෙ කොහොමද..?”


    මෙන්න මේවට තමයි කියන්නෙ පිස්සු නැත්නම් සෝක් කියලා.. වෙන්නෙ කොහොමද කියලා අහනවට වැඩිය උනේ කොහොමද කියලා ඇහුවා නම් නරකද..?


    “මෙයා ගේ ඇතුළෙ ඉන්නව කියලා, ඔයාට කියන්න තිබුණනේ.. නැද්ද ඇම්ඩා..?”


    මං කතන්දරේට ඇම්ඩත් සම්බන්ධ කරගත්තා. ඌ නම් නිකං පිලුණු වෙච්ච බත් කාපු පූසා වගේ බලන් හිටියා.. ඒත් ඌ ටිකකින් කට ඇරියා.


    “එහෙමනන් ඉතිං අපි මේ ගෙට අඩියක්වත් තියන්නෑ.. නැද්ද බෙකම්..”


    “ඔයාලා දෙන්නා මොනව කියනවද කියලා මට තේරෙන්නෑ.. මගේ ඔලුවත්තෙක්ක අවුල්වෙලා.. අනේ.. නවෝද් මේ කියවන එක නතර කරන්නකො..”


    ඉන්කි අත් දෙකෙන්ම ඔලුව බදාගත්තා.. ඔන්න එතකොට තමයි මෙච්චර වෙලා නිශ්ශබ්ද මිලියම්ගෙ වයිෆ් චරිතෙ රඟපාපු සමින්දි අක්කා කතාවට එන්ටර් වුණේ.


    “ඔයාලට ප්‍රශ්නයක් වුණේ මං මේ ගේ ඇතුළෙ හිටපු එකයි, මං ඔයාලගෙ කතාව අහගෙන හිටපු නිසයිනේ නේද..?”


    තාලෙට ඇදල පැදල සමින්දි අක්ක මගෙන් ඇහුව. මං මෙයාට කියපු ඒවට මෙහෙම සතුටින් සාමදානයෙන් ඉන්නෙ කොහොමද අප්පා.. සමින්දි අක්කට අද මල පැන්නෙ නැති එකට මට ආවෙ මාරම කුතුහලයක්..


    “මං හුඟක් වෙලාවට ඉන්නෙ මෙහෙ තමයි..”


    ඇයි වෙනද ඉන්න දිහාට ගංවතුරද කියල ඇහෙන්න ඔන්න මෙන්න තියෙද්දි මං කට තද කරගත්තා.


    “ඉන්කි මට කඩේ නොයා කාට කාඩේ යන්නද නවෝද්.. ඉන්කි කියන්නෙ මගේ නංගි..”


    “මොකක්..?”


    “පිස්සු හැදෙනවා..”


    තව පොඩ්ඩෙන් මටයි, ඇම්ඩටයි කලන්තෙ හැදෙන්නෙ එකපාර.. ඇයි හත්වලාමෙ ඒ වගේ මැක්සා කතාවක්නේ මේක.. කීයටවත් වෙන්න පුළුවන්ද අප්පා.. ඉන්කියි, සමින්දි අක්කයි නංගියිලු..


    “ඔයා හිතන්නෙ.. ඔයාගෙ ටොම් පච වලට අපි අහුවෙයි කියලද සමින්දි..? ආ..! අපිට අන්දවන්නැතුව ඔයාගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්න..”


    මං ටිකක් සැරට කතාකරා.. නැතුව බෑ අප්පා.. සමින්දි අක්කා වගේ අයට කටින්ම ගහලා දිනන්නෝන.. නැත්නම් බලන් හිටියොත් හෙම ඇපත් නෑ..


    “සමින්දි අක්කගෙ කතාව හරි නවෝද්.. අපේ අම්මගෙ අක්කගෙ දුව තමයි සමින්දි කියන්නෙ.. දැන් ඔයාට තේරුණාද..? ඉතිං එයයි මමයි අක්කයි නංගියිනේ..”


    ඒ පාර කතන්දරේට පැන්නෙ ඉන්කි.. කෙල්ල බලන්නැති මේ විදියට ගියොත් නම් කීයටවත් වැඩේ ගොඩදාගන්න බෑ කියලා.. ඇයි ඉතිං.. ඇම්ඩයි, මායි සමින්දියි තකට තකනේ.. බලන් ඉන්නෙ කොයි වෙලාවටද පැටලෙන්නෙ කියලනේ..


    “තේරුණාද අහනවා.. හරියට පොල්ලකින් ගැහුව වගේ.. කලින් කියන්න එපාද හත්තිලව්වෙ, ඔය මල ඉලව් නෑකමක් ගැන..”


    ඇම්ඩා කුටු කුටු ගගා කියවන ගමන් බීම වීදුරුවක් අතට ගත්තා. මේ තරමටම සබ්බ සකලෙ බිමටම ඇනිල තියෙද්දිත් මූ යස අපූරුවට බීම බොන හැටි.


    “ඉන්කි.. ඔයා නවෝද්ට දෙන්න.. මං දුන්නොත් බොන එකක් නෑනෙ.. ඔයා දුන්නොත් වහ උනත් බොනව කිව්වනේ..”


    “ආ නවෝද්..”


    බීම කතන්දරේටම සෑහෙන්න වෙලා ගියපු හින්දා මං බීම එක අතට ගත්තා. ඇම්ඩා නම් දෙවනි වීදුරුවටත් වග කියන්න ගත්තා.. ඌ මං හිතන්නෙ සහරා හරි වෙන මොනවම හරි කාන්තාරෙක අතරමං වෙලා වගේ. ඒ තරම් සා පිපාසයෙන් ඉන්නෙ.


    “එහෙනම් අපි යනවා..”


    තවත් දුරට එතන රැදෙන්න බෑ කියලා මට තේරුණා. ඒකයි මං ඇම්ඩවත් ඇඳගෙන එළියට බැස්සෙ. ඌ ඒ වෙනකොට බීම වීදුරු තුනකටම වග කියලා තිබුණා. ඉන්කියි සමින්දියි බලාගෙනම ඉඳ්දි මායි ඇම්ඩයි එළියට බැස්සා. සමින්දිගෙ මූණෙ තිබ්බෙ සවුත්තු හිනාවක්ද මංදා.. වැඩේ කියන්නෙ, මාත් පිස්සු හුටං වගේ ඉන්කිත් එක්ක සමින්දිට බැනපු එකනේ.. කෙල්ල ඒ හැමදේම යස අගේට අහගෙන ඉන්නැති.. හැබැයි ඉතිං තියෙන එකම පුරස්නෙ තමයි කෙල්ල අද පත්තු වුණේ නැත්තෙ ඇයි කියනෙක.


    “අතක් පයක් නොකැඩි ඔයින් ගියා මැදැයි..”


    “ඇත්තටම ඇම්ඩා උඹට ඩිංගක්වත් නෝට් උනේ නැද්ද සමින්දි, ඉන්කිලහ ඇවිත් ඉන්නවා කියලා..! බලපං දැන අඳුනගෙන මෙච්චර කාලයක් ගිහිල්ලත්, අපිට උං දෙන්නගෙ නෑදෑකම තේරුම් ගන්න බැරි උනානේ.”


    “මොන නෝට්විල්ලක්ද බෙකම්.. මට හතර විලි ලැජ්ජාවයි.. මේ වෙච්ච වැඩේට නම්..! උඹ අර රට වටේම ඒවා කියනකොට සමින්දි කාමරේ ඇතුළෙ ඉඳගෙන පුපුර පුපුර අහගෙන ඉන්නැති..”


    “ඒත් ඇම්ඩා.. සමින්දි අක්කා මට කිසිම කලර්ස් එකක් දැම්මෙ නෑනේ.. සමහර විට එදා ග්‍රවුන්ඩ් එකේ සිද්ධියෙන් පස්සෙ කෙල්ලගෙ අලි උණ බැස්සද දන්නෑ..”


    “පිස්සුද බෙකම්.. කෙල්ලො ගැන ඔය තරම් අඩු තක්සේරුවට හිතන්නෙපා.. අපි නොහිතන වෙලාවක උං අපිට වැටෙන්නම දෙයි..”


    “මං හිතන්නෑ ඇම්ඩා.. බලපං සමින්දි අක්කා අද හොඳට කතා කරානේ.. උඹ ඔය කියනව වගේ අවුලක් මං ඒකිගෙ ගාව දැක්කෙ නෑ..”


    ඇම්ඩා මොනවා කිව්වත් සමින්දිගෙ පැහැදිලි වෙනසක් මං දැක්කා. ඒ වෙනස ආරම්භ වුණේ එදා අර ග්‍රවුන්ඩ් එකේ බිමට පතබරියං වුණ වෙලාවෙ කියලා මට ෂුවර්.. ඇම්ඩට කොහෙද ඕවා තේරෙන්නෙ.


    “කෙල්ලො ගැන උඹට වඩා හුඟක් දේ මං දන්නවා බෙකම්.. උංව වැඩිය තේරුම් ගන්න යන්නැතුව පාඩුවෙ ඉඳපං.. ඒක තමයි හොඳම දේ.. එහෙම නැතිවුණොත් වේනනෙ අපේ මොලේ කොලොප්පං කරලා උං ආතල් එකක් ගන්න එකයි..”


    “උඹ ඔය මොනව කිව්වත් මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි බං..”


    “එහෙනම්..?”


    “ඉන්කි මොකද සමින්දි ගැන අපිට කිව්වෙ නැත්තෙ කියනෙක..”


    “කිව්වෙ නැත්තෙ කියන්නෙ.?”


    “උං දෙන්නා අක්කයි නංගියි කියනෙක..”


    “බොහොම සරල ප්‍රශ්නයක් බෙකම්.. සමින්දි කියන්න ඇති අපිට ඒ විත්තිය අඟවන්න එපා කියලා.. ඒත් උං දෙන්නගෙ තිබ්බ ළඟ සම්බන්ධතාවෙ ගැන අපේ මොලේ හරියට වැඩ කරා නම් මීට කලින් හොයාගන්න තිබ්බා..”


    ඇම්ඩා කිව්ව කතාවෙ ලොකු ඇත්තක් තිබුණා. ඒත් සමින්දි අක්කා ගැන වෙනද වගේ මගේ හිතට එන කහටත් වගේ හැඟීම අද නම් ඇවිල්ලා තිබුණෙ නෑ.. ඒකට ලොකු හේතුවක් උනේ සමින්දි අක්කා මට මූණ දීපු හැටි. එයා මාව කරකවලම අතෑරල දාලා තිබුණා.



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    patta macho gedara apu gaman kare mekata log una eka

    ko?????????????????????

    hmmmm ko??????????????

    mama kiywannama balagena hitapu kathwa:cool: thanks buddiyo ithuru tikath ikmanata dapanko:)rep 5+:)

    kooooooooooooooo??????????/


    දැන් දාන්නම් මචංලා ඉතුරු ොටස් ටිකත්..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    ඉරිදා හවස එකට විතර මං මගේ පුටාර් එකත් එක්ක පරණ කඩ වීදියට ආවා. පුටාර් එක කියන්නෙ මොකක් කියලද හිතුවෙ..? ජෙට්, රොකට් වගේ සම්බන්ධයකින් පැවත එන මගේ අහිංසක පුට් සයිකලේට තමයි පුටාර් එක කියන්නෙ.

    “බෙකම්..”


    කඩ වීදියෙ කොනකින් පැතුමයි, මාධවයි මතුවුණා. පැතුමා ඇවිත් තිබුණෙ හාලි ඩේවිඩ්සන් මෝටර් සයිකලයකින්. කවුරුවත් නෙමෙයි ඌ තමයි එහෙම කියන්නෙ. වී ගෝනියක් දෙකක් තියල බැඳගෙන යන්න පුළුවන් ලැගේජ් තඩියකින් සමන්විත හද්ද මලකඩ කාපු ලුමාලා බයිසිකල් තඩියට ඌ දාලා තිබ්බ ආස හිතෙන නම ඒක තමයි.


    “කෝ ඇම්ඩයි බලයයි..”


    උං දෙන්නට කිට්ටු වෙන ගමන් මං ඇහුවා. වෙනදට නම් මේ වගේ ගමනකදි ඉස්සෙල්ලම ඇවිත් ඉන්නෙ බලයා නැත්නම් ඇම්ඩා.


    “ඇම්ඩා කෙලින්ම දැල්ලගෙ ගෙදර ගාවට එන්නම් කිව්වා. බලයා නම් ග්‍රවුන්ඩ් එක පැත්තට ගියා.”


    “ග්‍රවුන්ඩ් එක පැත්තට..?”


    චමිල් මොකටද ග්‍රවුන්ඩ් එක පැත්තට යන්නෙ..? මගේ හිතට ආපු පළවෙනි ප්‍රශ්නෙ ඒකයි.. අද ප්‍රැක්ටිසුත් මේ කතන්දරේ හින්දනේ නැවතුණේ.


    “ඔව්.. ඌ එන්නම් කිව්වා..! අපිට යන්න කිව්වා..!!”


    පැතුමා තාලෙට කියද්දි මෙතන මොකාක් හරි අවමගුලක් තියෙන විත්තිය මට තේරුණා. පරණ කඩ වීදියෙන් බීච් එක පැත්තට තිබ්බ අතුරු පාරවල් බර ගාණෙන් එකක අපි හෙමීට ඇවිදගෙන ආවා.


    “අපි දැන් දැල්ලගෙ ගෙදර ගිහින් මොනවද කරන්නෙ..?”


    “කරන්නෙද..? අපි ගිහින් උගේ ගෙදර පදිංචි වෙනවා පැතුමා.. ගොන් ප්‍රශ්න අහන්නැතුව වැදගත් විදියට පේ වෙලා ඉඳපං.. තමන්ගෙ නොතේරුම්කම පෙන්නන්න යන්නෙපා..”


    බස බස ගාලා මාධව කියවගෙන යද්දි පැතුම්ගෙ ඇස් උඩ ඉන්දුනා.. ඌ බලන්න ඇති මේ මොන හෙණ ගෙඩියක්ද කියලා.


    “අඩෝ මාධවයා.. උඹ මගෙන් මැරුම් කන්නෙපා.. ඔහොම නොහොඹිනා දේවල් කියලා.. මං ප්‍රශ්නෙ ඇහුවෙ බෙකම්ගෙන්.. උඹෙන් නෙමෙයි..”


    “අපි ඉස්සෙල්ලම දැල්ලගෙ ගෙදර තත්වෙ බලන්න ඕන.. ඊට පස්සෙ තමයි ඉතුරු වැඩ ටික ක්‍රියාත්මක කරන්නෙ..”


    “මට තේරුන්නෑ බෙකම්..”


    “තේරුන් නැත්නම් වැඩේ කෙරෙන හැටි බලන් ඉඳපිය..”


    එතනින් එහාට මුකුත් කියාගන්න බැරිව වගේ මාධවගෙ කට ඇරුණා. ඇත්තටම ඌ පුදුම වෙලා හිටියෙ.


    “බෙකම් අර බලපං..”


    “වලාමයි.. මේ අපේ බලයා නේද..? ඉන්කි කෙල්ලත් එක්ක බර කඩයක් දාගෙන එන්නෙ..”


    මං හිතුවෙ පැතුම් බොරුවට එහෙම කියන්නැති කියලා.. ඒත් හැරිල බල්දදි ඇස් දැකපු දේ මට විශ්වාස කරන්න බැරිවුණා. අලුත බැඳපු ජෝඩුව වගේ හිනාවෙවී අපි දිහාට ආවෙ බලයයි, ඉන්කියි, ඉන්කිලාගෙ ගෙදර ගියපු වෙලේ එයා අපිත්තෙක්ක දැල්ලගෙ ගෙදර යන්න එන්නද කියල අහපු එක මට මතක් වුණා. කෙල්ල නම් වැඩේ ගැන හිතුව වගේම වැඩේට අතත් ගහල තිබුණා.


    “බෙකම්.. සමාවෙන්න ඕනි.. අවසරයක් නැතුව ඉන්කිව එක්කං ආවට.. ඉන්කිටත් අපිත්තෙක්ක යන්න ඕනෙලු..”


    පැතුමයි, මාධවයයි මූණින් මූණ බලාගනිද්දි, මං ඉන්කි දිහා බැලුවා. එයා අඩමානෙට හිටියෙ.. හිනාවෙන්න ඕනෙද නැද්ද කියලා හිතාගන්න බැරිව.. මං ඔය මුකුත්ම හිතන්නැතුව ඉන්කිත් එක්ක හිනා වුණේ එයා හිටපු අපහසු තත්වයෙන් මුදවාගන්න.


    “යන්න ඕනෙ නම් යමු ඉතිං.. අපි ඔයාව ඉතා සාදරයෙන් පිළිගන්නවා.. බෙකම්ගෙ යාලුවෙක් කියන්නෙ ඉතිං අපෙත් යාලුවෙක් තමා..”


    පැතුමා මොනවදෝ කියන්න කට අරිද්දිම මාධවයා බස බස ගාලා කියලා දැම්මා..


    දැල්ලා අංකල්ගෙ ගෙදර තියෙන තැන ගැන මට විස්තරේ කිව්වෙ සෝමතිලක සර්.. ඒකහින්ද හැමෝටම ඉස්සරහින් වීරය වගේ යන්න වුණේ මට. පුටාර් එකත් තල්ලු කරගෙන දැල්ලගෙ ගෙදර ගාවට යද්දිම ගේ ළඟින්ම හිටියෙ ඉන්කි. ළඟින් ළඟින් අඩි තිය තියා ගියාට අපි දෙන්නා අතරෙ කතාවක් වුණේ නැති තරම්.. සැරින් සැරේට ඉන්කි මගේ මූණ දිහා බලලා යාන්තමට හිනාවෙද්දි, මං කෙරුවෙ පුංචි හිනාවක් මූණ උඩට ගන්න ගමන් කොල්ලො සෙට් එක දිහා බලපු එක. අර දඩාර් සයිස් මලකඩ කාපු බයිසිකලේ බලයා පදිනවා. හැබැයි තනියෙම නෙමෙයි. ලැගේජ් එක උඩ පැතුමා, ඇද පොල්ල උඩ පැතුමා තියාගෙන.


    දැල්ලගෙ ගෙදර තිබ්බෙ මුහුද පැත්තට ගියපු පටු පාරක උනත්, වෙරල සීමාවෙන් ටිකක් ඈතට වෙන්න වගේ.


    “මේකා බකල් ගගහ හැමදාම මේ පාරෙ කොහොම යනව එනවද මංදා..”


    පැතුමගෙ බෙලෙක් කටහඬ පස්සෙන් ඇහෙද්දි මං හිටියෙ දැල්ලගෙ ගෙදර ඉස්සරහ.. සෝමතිලක සර් කියපු විස්තර වලට අනුව, ඒක හොයාගන්න ඒ තරම් අමාරුවක් වුණේ නෑ.. ඇත්තටම ඒක ගෙයක් කියලා කිව්වට, ගෙයක්ම නෙමෙයි.. බාගෙට ගරා වැටිච්ච පැරණි නටඹුන් ගොඩක් වගෙයි මම නම් දැක්කෙ. මිනිස්සු ජීවත් වේනන කොයි තරම් දුක් විඳිනවද අප්පා.


    “හීන් බංඩා අංකල්.. හීන් බංඩා අංකල්..”


    කීප සැරයක්ම මහා සද්දෙට අපි කතා කෙරුවත් ගේ ඇතුළෙන් කවුරුවත්ම එළියට ආවෙ නෑ.


    “පිස්සු හැදෙනවා බෙකම්.. මේ මනුස්සයා මේකෙ තනියෙම කොහොම ජීවත් වෙනවද මංදා.. හොල්මං ඇති ඇටි හැලෙන්න..”


    “එයාට නෑදෑයො කවුරුත් නැද්ද නවෝද්..?”


    වටපිටාවෙ තිබුණ මූසල කමට සසල වෙච්ච බවක් ඉන්කිගෙ මූණෙන් පෙනුණා.


    “මාත් හරියට දන්නෑ ඉන්කි.. අද තමයි දැනගන්න වෙන්නෙ..”


    “මේ ගෙදර ජීවත්වෙනව කියනෙක, පොර ආයෙ යකෙකුටවත් බය නැතිව ඇති.. බලපං මාධව තියෙන මූසල පාට විතරක්..”


    බලයා ඒ දේ කියද්දි කලින්ම අපි හැමෝටම ඒ හැඟීම දැනිලයි තිබ්බෙ.. ළඟ පාතක ගෙයක් දොරක්වත් නෑ.. ටිකක් ඈතින් මුහුදෙ රළ බිඳෙන හඬයි, සර සර සද්දෙට අපිවත් තුරුලු කරන් ගියපු සුළඟකුයි විතරක් අපේ තනියට හිටියා.


    “හීන් බංඩා අංකල්...”


    අපි හැමෝම කතා කරල, වැඩේ අතෑරල වගේ ඇතුළට යන්න ඔන්න මෙන්න කියල තියෙද්දි අපේ පිටිපස්සෙන් දැල්ලට කතා කරන කටහඬක් අපිට ඇහුණා. අපි හැමෝම ආපහු හැරුණෙ පුදුම වෙලා වගේ. මොකද ඒ කටහඬ අපි හැමෝම අඳුනගත්තු හින්දා.


    “ස... සමින්දි අ.. අක්කි..”


    මගේ ළඟ හිටපු ඉන්කි අඩියක් දෙකක් පස්සට උනා. හරියට මගේ අයිතිකාරයා මං ළඟට ආවා වගේ.


    “අ.. අක්කි.. ඔ.. ඔයා කොහෙද මෙහේ..”


    පුදුම වෙලා වගේ බලන් ඉඳපු අපි හැමෝගෙන්ම ආයෙත් කතා කරන්න පුළුවන් උනේ ඉන්කිට විතරයි.


    “මාත් ඔයාලත් එක්ක එක්කහු උනාට කමක් නැද්ද..?”


    අපි හතර පස් දෙනෙක් හිටියත් සමින්දි ඒ ප්‍රශ්නෙ කෙලින්ම ඇහුවෙ මගෙන්. මං මොනව කියන්නද හත්තිලව්වෙ.. හිතට පුංචි සතුටක් ආවත් මං ගල් වෙලයි හිටියෙ.. කවුද අප්පා මෙහෙම දෙයක් හිතුවෙ.. මේ කෙල්ල අපිත්තෙක්ක පට්ට තරහෙන්නෙ හිටියෙ.. එදා ග්‍රවුන්ඩ් එකේදි හතර ගාතෙ දාලා ඇඳගෙන වැටුණට පස්සෙ තමයි, සමින්දි මේ හැම වෙනස්වීමක්ම පටන් ගත්තෙ.. වැටිච්ච පාරට ඔලුවවත් කොහේ හරි හයියෙන් වැඳුනද මංදා.. කැටයමකටම හේතුව..


    “ඇ.. ඇයි නවෝද් ඔයාලා පුදුම වෙලා වගේ..”


    සමින්දි අක්කා ආයෙත් මගෙන් අහද්දි, ඔන්න ඒකට නම් පැතුමගෙ කට ඇරුණා. ඒත් තාමත් මං වගේම මාධවයි බලයයි හොල්මං වෙලා හිටියෙ.


    “පුදුම නැද්ද අප්පා.. ඔයා වගේ ගරු ගාම්භීර චරිතයක් අපේ පස්සෙ ආව කිව්වම..”


    “බොරු නොකියා ඉන්න..”


    “බොරු..? ඇත්තටම කියන්න.. ඔයා ආවෙ අපිටයි බෙකම්ටයි බකට් එක අඳින්න නේද..?”


    “නෑ.. මං මොකටද ඔයාලට බකට් අදින්නෙ..?”


    “ඇයි අපි ඔයාගෙන් දෙපාරක් ෆ්‍රයිඩ් රයිස් කාලා තියෙනවා.. ඔයාව ග්‍රවුන්ඩ් එකේ රවුම් විසි අටක් දුවවලා තියෙනවා.. ඉතිං හත්තිලව්වෙ ඒ මැදෑ අපිව එල්ලන්න.. නැද්ද බෙකම්..”


    පැතුම්ගෙ කතා කෝච්චියට සමින්දිට පුංචි හිනාවක් ගියා. එයා ඒ හිනාවෙන්ම මං දිහා බලද්දි ඉන්කි බිම බලාගන්නවා මං දැක්කා. සමින්දි අක්කා මේ එන්න හදන්නෙ මොකාටද කියල මගෙත් වයර් මාරුවෙලයි තිබ්බෙ.


    “ඒ කිසිම දේකට නෙමෙයි.. මං ආවෙ තනිකරම සාමෙට.. ඔයාලත් එක්ක, ඉන්කි වගේම එක්කහු වෙන්න.. ඔයාලට ශක්තියක් වෙන්න.. ඔයාලා කැපවෙලා කරන මේ වැඩේට පුළු පුළුවන් හැටියට උදව්වක් කරන්න..”


    කොල්ලො ටික මූණින් මූණ බලා ගනිද්දි මං සමින්දි අක්කා දිහා බැලුවා. ඒ ඇස්වල අවිශ්වාස කරන්න පුළුවන් තරමෙ කිසිම දෙයක් මං දැක්කෙ නෑ.. මගේ හිතේ අර මුලින් තිබ්බ පුංචි සතුට තවත් ඩිංගක් වැඩිවුණේ මටත් හොරටම.. සමින්දිට කොයි තරම් බැන්නත්, එයාම අපේ ළඟට ඇවිත් මෙහෙම කතා කරන එක මගේ හිතට පුදුම ගැම්මක් ගෙනාවා.


    “උදව්වක් කරනව කියල නෝනා මහත්තයා අන්තිම තත්පරේ අපේ බෙකම්ගෙ බෙල්ල මිරික්නනෙ නෑනෙ..”


    මාධවගෙ කතාවෙන් සමින්දිගෙ මූණ වෙනස් වුණා.


    “ඇයි මං එයාට එහෙම කරන්නෙ..?”


    “කරන්නෙද..? ඔයාගෙ ජීවිතේ පළවෙනි වතාවට පරාජය කියන දේ අත්වින්දෙ බෙකම්ගෙන් හින්දා.. එක පාරක් නෙමෙයි තුන් පාරක්ම..”


    “මං ඒවා අමතක කරලයි ඉන්නෙ.. මං මේ ඔයාලට දික් කරන්නෙ ෆ්‍රෙන්ඩ් ෂිප් හෑන්ඩ් එකක්.. එහෙම නැතුව සවුත්තු අරමුණක් ඒකෙ නෑ..”


    “බෙකම්.. මොකද මෙයා කියන ඒවට කියන්නෙ..?”


    බලයා කෙලින්ම මගෙන් ඇහුවා.. අපි මෙතෙන්ට ආවෙ වෙනම වැඩකට.. ඒත් දැන් වෙලා තියෙන්නෙ මිත්‍රත්ව සංසදවලට අත් උස්සන්න.


    “ආ.. බෙකම්.. අපි මෙයාවත් අපේ යුනිට් එකට ගන්නවද..?”


    පැතුමයි, මාධවයි උනත් බලන් හිටියෙ මගේ උත්තරය දිහා. සමින්දි මගේ ළඟටම ඇවිත් මෙහෙම කතා කරපු එක ගැන සතුටක් මගේ හිතේ තිබ්බත්, මගේ යටි හිත මොකක්දෝ අනතුරු ඇඟවීමක් කරා. ඒත් ඒ දේ මට හරියට ටච් උනේ නෑ.


    “ඔව්.. ඉන්කි වගේම අපි සමින්දිවත් අපේ යාලුවෙක් කරගමු..”


    සමින්දි දිහා බලාගෙනම මං කිව්වා.


    “ඔයාලා හැමෝටම හුඟක් තෑන්ක්ස් මාව මේ විදියට පිළිගත්තට.. ඔයා ග්‍රේට් බෝයි කෙනෙක්..”


    කටපුරාම හිනාවෙන ගමන් සමින්දි කියවගෙන ගියා. අපි හැමෝම දැල්ලගෙ කඩා වැටිච්ච ගේ ඉස්සරහදි සමින්දි අපේ යාලුවෙක් විදියට පිලිගත්තටප ස්සෙ තමයි චමිල් කතා කරන්න ගත්තෙ.


    “අපි ඔයාව යාලුවෙක් විදියට පිළිගත්තා තමයි. හැබැයි ඒකෙන් හැමදේම ගොඩ කියලා හිතන්නෙපා.. ඔයාට පුංචි ප්‍රොබේෂන් පීරියඩ් එකක් අපි දෙනවා.. මොකද අත් දෙක දික් කරන් ආවා කියලා එක පාරටම ඔයාගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල අපිට තේරුම් ගන්න බෑනෙ.. නැද්ද පැතුමා..”


    “හරියට හරි බලයා.. හරියට හරි.. ඒ කිව්ව කතාවට නම් උඹේ කට කන්න ඕන.. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. අපි තරහ වෙලා ඉද්දි අපිට ගහන්න සෑහෙන්න අමාරුයි.. ඒත් අපි යාලුවො වගේ ඉද්දි ඔයාට පුළුවන් අපිට ඕන දෙයක් කරන්න.. හැබැයි සමින්දි මෙහෙම යාලුවො වගේ ඉද්දි ඔයා පිටිපස්සෙන් ඉඳන් ජුදාස් කෙනෙක් වගේ පේ බෙකම්ට පිහියකින් ඇන්නොත් ඔයාට බෙකම්ට අනින්න වෙන්නෙ මෙතන ඉන්න අපි හැමෝටමත් ඇනලා ඉවර වෙලා තමයි.. මොකද අපි ඒ තරම්ව බෙකම්ව ගාඩ් කරන හින්දා.. ඔයා ඒකත් හොඳට මතක තියාගන්න..”


    හිතුවෙ නැති විදියට පැතුම්, ටික්ක බරපතල විදියෙ කතාවක් කරා.. සමින්දිගෙ මූණ ඩිංගක් විතර කලු වෙලා ගියත් මට කරන්න දෙයක් තිබ්බෙ නෑ.


    “ම.. මං ඔයාලගෙ විශ්වාසෙ කඩන්නෙ නෑ යාලුවනේ..”


    බිඳුනු හඬින් සමින්දි එහෙම කියද්දි මට පව් කියලත් හිතුණා. උද්දච්චකමට සෑහෙන තරම් දේවල් මීට කලින් එයා කියෙව්වට අපිත් එයාට සෑහෙන්න වද දීලා තියෙනවා.. ඒත් දැන් ඒ හැමදේකම අවසානයට ඇවිත් තියෙන හැටි මං දැක්කා. තවදුරටත් සමින්දිව අයින් කරලා තියන්න මට හිතුණෙ නෑ.. ඒත් සමින්දි අපිට ලංවෙන තරමට ඉන්කි අපෙන් ඈත්වෙයි කියලා මට බයක් දැනුණා.


    “කෝ බෙකම් මේ දැල්ලා..?”


    ගරා වැටිච්ච ගේ ඉස්සරහ දොරට දාලා ති්බබ ඉබ්බා හොලවන ගමන් පැතුමා ඇහුවා.


    “සමහර විට කොහේ හරි යන්නැති.. අද ඉරිදනේ..”


    “අපි දැන් දැල්ලගෙ ගේ බලාගත්තු එකේ.. ඉස්සරහට කරන්න ඕනෙ මොනවද කියල තීරණයක් අරගෙන මෙතනින් යමු.. මට නම් අම්මපල්ලා මේ දැනෙන මුස්පේන්තු ගතිය දිරවන්නෙම නෑ..”


    කටත් හතර අතටම හරව හරව මාධව කියද්දි, ඒක නම් සහතික ඇත්ත කියලා මට හිතුණා.


    “හම්බවෙන සල්ලි වලින් ටිකක් දාලා ගේ පොඩ්ඩක් රෙපයාර් කරලා දෙමු.. ඊට කලින් මිනිස්සු දෙන්නෙක් දාලා මේ වටපිටාව සුද්ද කරල දාමු..”


    “අම්මප පැතුමා.. මෙච්චර කල් ඔය මොළ දන්ඩ කොහෙද බං තිබුණෙ.. උඹ ඕක විහිලුවටවත් පාවිච්චි කරේ නෑනෙ..”


    “බලයා.. මං උඹට හැමදාම කියනවා.. වැඩිහිටියො කතා කරන තැන්වල මැද්දට පනින්නෙපා කියලා.. ඒක හින්ද මාව දේවදත්තයෙක් කරන්නැතුව නිකං හිටපිය..”


    කොල්ලො ටික කතාවෙන දේවල් වලට සමින්දි හෙමින් සීරුවෙ හිනාවෙන හැටි අපි ආපහු එද්දි මං දැක්කා. ඉන්කිට නම් දැන් වැඩිය මුං කියන ඒවට හිනා යන්නෑ.. මොකද මුංගෙ අලුගුත්තේරු කතාවලට එයා දැන් පුරුදු වෙලා ඉවරයි.


    “නවෝද්..”


    කොල්ලො ටිකයි, ඉන්කියි ඉස්සර වෙලා යද්දි සමින්දි හෙමින් සීරුවෙ මගේ ළඟට ආවා. ඇයි කියල අහන්න වගේ ඒ සුදු මූණ දිහා බැලුවම තමයි මං දැක්කෙ එයා ඩිංගක් විතර අවුල් වෙලා ඉන්නබව.


    “ඔ.. ඔයා මගෙත්තෙක්ක තාම තරහින්ද ඉන්නෙ..?”


    “නෑ..”


    “එහෙනම් මං එක්ක කතා නොකරන්නෙ..?”


    “එහෙම දෙයක් නෑ..”


    “එහෙනම් මගේ නම කියල කතා නොකරන්නෙ ඇයි..?”


    බලන් ගියාම ඕනම ආඩම්බර කෙල්ලෙක් කතා කරන්න ගියහම මල ඇනයක් කියන්නෙ ඇත්ත තමයි.. ඇම්ඩා ඔය කතාව හැම තිස්සෙම කිව්වත් ඒකෙ හරි හමන් අර්ථය තේරුනේ අද තමයි..


    “නවෝද්..”


    පැතුම්ල ඉන්කිල අපි දෙන්නගෙන් තවත් ඈතට යද්දි සමින්දි අක්කා මාව නතර කරගත්තා. මේ කෙල්ල මොනවද මේ කරන්න හදන්නෙ.. සමින්දිගෙ හිතේ තියෙන්නෙ මොනවද කියල හිතාගන්න වගේ මං එයා දිහා බැලුවා. ඒ අංග සම්පූර්ණ ස්ත්‍රී රූපෙ සොඳුරු ලාලිත්‍ය මගේ හිතට හොඳටම කා වැදුනෙ ඒ වෙලාවෙ තමයි. මේ තියෙන සොඳුරු කමට ලංවෙන්න නම් ඉන්කිට තව විභාග තුන හතරක්වත් පාස් කරන්න වෙනවා.


    “නවෝද්..”


    මූණ දිහා බලන් හිටියත් මගෙන් වචනයක්වත් පිට නොවිච්ච හින්ද සමින්දි ආයෙත් කතාව පටන් ගත්තා.


    “ඔයාගෙන් මං දෙයක් අහන්නද..?”


    “හා..”


    මොනව ඇහුවත් කමක් නෑ කියල හිතාගෙන මං කිව්වා.


    “එදා ග්‍රවුන්ඩ් එකේදි..”


    සමින්දිගෙ මුළු ඇස් දෙකම දැන් මගේ මූණෙ. ආයෙ ඉතිං බිංදුවක්වත් මට ගැලවීමක් නෑ.. බෙකම්.. නැගිටපං බෙකම්.. නැගිටපං.. මගේ හිත ඇතුළෙන් කෑගහන සද්දෙ මට ඇහුණා. ඒත් සමින්දිගෙ මායාකාර ඇස් මගේ ආත්මෙ හැම අස්සක් මුල්ලක් නෑරම පිරික්සන්න අරන් තිබුණා. එයා දැන් මට ලංවෙලා හොඳටම වැඩියි.


    “ඔව්.. එදා ග්‍රවුන්ඩ් එකේදී..”


    “කෙල්ලෙක්ගෙ දැකපු නැති දේවල් ඔයාගෙ ජීවිතේ නෑ කියලා කිව්වා.. ඒක ඇත්තද නවෝද්..”


    මං උඩ ගිහින් බිම වැටුණා. එදා වීරය වගේ කටට ආපු පලියට ඔහොම දේවල් කියාගෙන කියාගෙන ගියා තමයි. ඒත් කවුද දෙයියනේ සමින්දි අක්කා ඕවා හිතේ තියන් ඉඳියි කියල හිතුවෙ.. ඇරත් ඒක මගෙන් කෙලින්ම අහපුහැටි බලපල්ලකො.. බෙකම් කියන්නෙ මේ ලෝක විදියකට ඇඹරෙන කොල්ලෙක් නම් නෙමෙයි.. ඒත් දැන් සමින්දි අක්කා ඉස්සරහ මට ඇඹරෙන්න වෙලා තියෙන්නෙ.


    “ආ.. මට කියන්න ඒක ඇත්තද..?”


    “න්..නෑ.. මං ඒක කටට ආපු පලියට කිව්වෙ..”


    “ඒක තමයි.. මං එහෙම හිතුවා..”


    සමින්දිගෙ මූණට අපූරු හිනාවක් ආවා. එයා ඒ විදියට හිනාවෙනවා මං දැකලම තිබ්බෙ නෑ.. හිතාගන්න බැරි තරම් නැවුම් ගතියක් ඒ හිනාවෙ තිබ්බා.


    “එතකොට..?”


    ඒ පාර තවත් මොනව හරි අහන්න යනව වගේ.. ඒකනේ ඔය කට එහෙට මෙහෙට ඇඹරෙන්නෙ.. ඒ රතු පාට තොල්පෙති අතරින් පිටවෙන්නෙ මොනවද කියලා අහගන්න කන් දෙක දිගෑර ගන්න ගමන් මං වටපිට බැලුවා. මුහුදෙ රළ බිඳෙන හඬත් එක්ක හොඳටම ගැලපුන පාලු වටපිටාවෙ ඒ වෙනකොට හිටියෙ මායි සමින්දියි විතරයි. පැතුම්ල, ඉන්කිල, මාධවල, බලයල ඒ වෙනකොට අපේ ඇස් මානෙන් හුඟාක් ඈතට ගිහින් තිබුණා. ඒත් ඒ ගැන වැඩිය හිතන්න අපි දෙන්නම ගියේ නෑ. මායි සමින්දියි දෙන්නම කල්පනා කෙරුවෙ මේ ඇතිවෙච්ච නිදහසත් එක්ක අපේ වචන හරඹෙ කොහොම කොයි විදියට ගලපන්නද කියලා.


    “තවත් දේවල් එදා ඔයා කිව්වා. ඔව්.. හුඟාක් දේවල්.. ඇත්තමයි නවෝද් මං හුඟාක් මානසිකව වැටුණා. මං.. මං ගැන හුඟාක් අධිතක්සේරුවක හිටපු ගෑනු ළමයෙක්.. ඔයා හැමදේම කිසිම බයක් නැතුව බිඳලා දැම්මා. ඔයා හිතල හරි නැතුව හරි ඒ කතා කරල තිබ්බෙ මගේ ආත්මෙට.. කිසිම පිරිමි ලමයෙක් සත පහකටවත් ගණන් ගන්නැතුව හිටපු මට ඔයා මහම මහා වදයක් දුන්නා එදා ඉඳලා..”


    “වදයක්..?”


    හීනෙකින්වත් හිතපු නැති විදියට කතාව වෙනමම පැත්තකට ඇඳිලා ගියා. සමින්දි එයාගෙ ඇතුලාන්තය බොහෝම සැහැල්ලුවෙන් මං ඉස්සරහ දිහ අරින්න පටන් අරන් තිබුණා. ඒත් මට තිබ්බ එකම ප්‍රශ්නෙ එයා ඇයි මට මේවා කියන්නෙ කියනෙකයි. මේවයින් එයාට අවාසියක් මිස වාසියක් නම් වෙන්නෑ.. ඒක හුඟාක් වෙලාවට එයත් දැනගෙන ඉන්නැති.


    “ඔව්.. කිසිම වැඩක් පලක් කරගන්න බැරි තරමට මට ඔයාව මැවිලා පේන්න ගත්තා.. මං හුඟාක් බය වුණේ ඒලෙවල් එග්සෑමුත් අත ළඟටම ඇවිත් තිබ්බ හින්දා.. මේ අන්තිම මොහොතෙ ඔයා මගේ හිත තැලුවට පස්සෙ, අවුරුදු දහ තුනක් තිස්සෙ එක සීරුවට කරගෙන ආපු අධ්‍යාපනේට හානියක් වෙයි කියලා මට හිතුණා. ඔයත්තෙක්ක දිගින් දිගටම රන්ඩු වෙවී හිටියොත් මට මාවත් නැතිවෙන දවස වැඩි ඈතක නෑ කියලා මට හිතුණා. ඇත්තමයි නවෝද්.. ඒ දේට මං හුඟක් බයෙනුයි හිටියෙ..”


    දාඩිය බිංදු තුන හතරක් තොළ ළඟ රැඳිලා තිබ්බ සොඳුරු මූණෙ මං දැක්කෙ මහන්සි ගතියක්. සමින්දි ගැන හිතේ කහටක් තිබ්බා උනත් එයා වගේ හැම අතින්ම පරිපූර්ණ ගෑනු ළමයෙක් එක්ක මේ වගේ තනිවෙලා දොඩමලු වෙන්න ආසාවක් නෑ කියලා මං කිව්වොත් ඒක පට්ට පල් බොරුවක්..


    “ඔයාට කම්මැලිත් ඇති මං කියන දේවල් අහන් ඉඳලා..”


    “නෑ.. ඔයා කියන් යන්න..”


    “මං විතරද කියන්නෙ..? ඔයා මුකුත් කියන්නැද්ද..? ආ...”


    “ම්.. මං කියන්නම්කො.. ඉස්සෙල්ලා ඔයා කියන්න..”


    “තව ඔයා එදා කිව්වා.. මට වැඩියලස්සන ගෑණු ළමයින්ගෙ ෆිගර් ඕන තරම් දැකලා තියෙනවා කියලා.. ඒක නම් මං පිලිගන්නවා.. හැබැයි..”


    “හැ..බැ..යි.. මොකක්ද..?”


    “හැබැයි ඇඟේ එක නූල් පොටක්වත් නැතුව කියලා කිව්වා.. ඒක ගැන දැන් මොකද කියන්නෙ..?”


    ගිනි විජ්ජුම්බරයයි.. මෙයා ඔක්කොම ඒ වලිය අල්ල පනල්ලෙ රෙකෝඩ් කරගෙනද කොහෙද.. ඇයි හත්වලාමෙ.. මං කියපුව එක ඇලපිල්ලක්, පාපිල්ලක් අඩු නැතුව කියනවනේ.. දැන් ඉතින් මොනව කරන්නද අප්පා.


    “මොකද කියන්න කියන්නෙ..?”


    “ඒ කිව්ව කතාව ඇත්තද කියලා..”


    “ඒකත් බොරුවක්..”


    “ම්.. හොඳ ළමයා.. එතකොට..”


    සමින්දි ආයෙක් කට හැදුවා.. එදා මං කියපු දේවල් අතරෙ තවත් අහන්න තරම් දේවල් තියෙනවද අප්පා..


    “අනික දකින්න තරම් දේවල් මගේ ඇඟේ තියෙනවද කියලත් ඔයා ඇහුවා.. ඒ ගැන මොකද කියන්නෙ නවෝද්..?”


    සමින්දි අක්කා මට තවත් ළංවුණා. ඒ ළංවීමේ ප්‍රතිඵලේ ඒ මොහොතේම මට දැනුණා. ඒතමයි සමින්දි මගේ අතින් අල්ල ගත්තු එක. මාත් වැඩිය මුකුත් හිතන්නෙ නැතුව ආපිටට ඒ අත අල්ල ගත්තා. ඇඟිලිකරුවලින් එකට බැඳිලා අපේ අත් හයි වෙද්දි, අපි දෙන්නම කරේ ඇඟිලි කරුවලින් තවත් තද කරගන්න එක.


    “මං ඔයාව කේන්ති ගස්සවන්නයි එහෙම කිව්වෙ.. මතකද ඊට පස්සෙ ඔයා මට කැත සතා කිව්වා.. මාව මරණවා කිව්වා..”


    මටත් දේවල් අමතක වෙලා නෑ කියල වගේ පේන්න මං එහෙම කිව්වා. ලස්සන දිග ඇස් දෙක ලොකු කරලා සමින්දි අක්කා මං දිහා බැලුවෙ, ඒ හැමදේටම සමාව ඉල්ලන්න වගේ.


    “ඔයා ඒක හිතට ගන්නෙපා නවෝද්.. කේන්ති වැඩිකමටයි මට එහෙම කියවුණේ.. ඔයා සමහර විට දන්නැතුව ඇති ඒ වචන ටිකට මං කොයිතරම් පසුතැවිලි උනාද කියලා.. ඇත්තමයි නවෝද්.. මං කිසිම කෙනෙකුට ඒ වගේ සවුත්තු විදියට කතා කරලා නෑ.. ඔයත් එහෙම වෙන්නැති.. ඒත් අපි දෙන්නගෙ වෙලාවට, අපි දෙන්නා අතින්ම එහෙම කියවුණා. කොහොම උනත් ඒ හැමදේටම මුල මමයි.. මං ඔයාගෙන් ඒ වචන වලට සමාව ඉල්ලනවා..”


    හිත ඇතුළෙ හිරවෙලා තිබ්බ කුණු කන්දල් ටික හෙමින් සැරේ එළියට ඇදෙද්දි මට දැනුණෙ පුදුමාකාර සනීපයක්.. සමින්දිටත් ඒක එහෙමමයි කියලා ඒ මූණ දකිද්දි මට තේරුණා.


    “මාත් ඉතිං ඔයාට වැරදි කරානේ..”


    “කමක් නෑ.. අපි ඒ ඔක්කොම නරක දේවල් අමතක කරලා දාමු.. හොඳ දේවල් විතරක් හිතේ තියාගම්මු..”


    “එහෙනම් ඒකත් හරි.. එතකොට මං ඉස්සෙල්ල අහපු ප්‍රශ්නෙට මට උත්තරයක් ඕන..”


    “දකින්න තරම් දෙයක් ඔයාගෙ ඇඟේ තියෙනවද කියල අහපු එකද..?”


    “ඔ..ව්..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් කියල ඉවරවෙලා, සමින්දි යටිතොල හපා ගත්තා... මගේ හිතේ ඇතුළෙ විදුලි එළි දෙක තුනක් සට සට ගාලා කොටල දැම්මා. ඒ එයා හිටපු ඉරියව්වටත් එක්ක.. මේ තරම් ළංවෙලා ඉඳලා ඔයා මට මොනවද කරන්න හදන්නෙ සමින්දි අක්කෙ..

    “එහෙනම් අහගන්නකො.. මං දැකපු ගෑනු ළමයින්ගෙන් ලස්සනම ෆිගර් එක තියෙන්නෙ ඔයාට..”


    මෙච්චර වෙලා මැලවිලා තිබ්බ සමින්දිගෙ මූණ මැදට ලස්සන සුදු හිනාවක් පායගෙන ආවා.


    “ඉස්සරහිනුත් ගාණට, පිටිපස්සෙනුත් ගාණට.. අඩුත් නෑ.. වැඩිත් නෑ..”


    “නර..ක..යා..”


    නිදහස් වෙලා තිබ්බ අනිත් අතින් මට හෙමින් සීරුවෙ පාරක් ගහන ගමන් සමින්දි අක්කා ඒ අතින්ම අනිත් අතත් තද කරලා අල්ල ගත්තා. දැන් අපි දෙන්නා එක ළඟ නතරවෙලා මූණින් මූණ බලාගෙන හිරවෙලා හිටිය වගේ. අපි දෙන්නගෙන් කාටවත් මෙතනින් ගැලවිලා යන්න උවමනාවක් තිබ්බෙ නෑ වගේ. සමින්දිගෙයි, මගෙයි ඇස් එකට එක්කහු වෙලා විනාඩි ගානක් එක දිගට බැඳිලා තිබුණා. අපි දෙන්නගෙන් කවුරුවත් ඇස් අහකට ගත්තෙ නැත්තෙ ඉස්සෙලල්ම බිම බලාගත්තු කෙනා පරාදයි කියල හිතල වගේ.


    “නවෝද්..”


    “ම්..”


    “ඔයාටත් දේවල් කියන්න තියෙනවා කිව්වා නේද..?”


    රතු පාට තොල්පෙති එහෙට මෙහෙට පටලවන ගමන්, ඇස් දෙක බිංදුවක්වත් හරවන්නැතුව සමින්දි ඇහුවා. ඒත් මං කිසිම දෙයක් කියන්න කලින්, සපත්තු අඩිවලට වැලි පෑගෙන සර සර සද්දෙ, සමින්දිටයි, මටයි එක තත්පරේම ඇහුණා. අපි දෙන්නම වටපිට බැලුවෙ පැතුම්ලව, ඉන්කිලව දකින්න කියලා හිතාගෙන. ඒත් අපි ළඟම හිටියෙ අපේ හිත මිත්‍රයො නම් නෙමෙයි.. මට හැමදාමත් චැලේන්ජ් කරපු චතුරංගයයි උගේ අපත ගැන්සියයි.. ඊට අමතරව ෆුට් බෝල් ටීම් එකේ හතුරා වෙච්චි පෙත්තාවඩුත් පැත්තකින් හිටියා.


    “මේ.. මේ අය කවුද නවෝද්.. ඔ.. ඔයාගෙ යාලුවොද..?”


    චතුරංගල, පෙත්තාවඩුල හිටපු ඉරියව් මට කොහොමවත් දිරෙව්වෙ නෑ. උං ඇවිල්ලා ඉ්නනෙ නම් හොඳකට නෙමෙයි කියලා මට හිතුණා. උං කලින් දෙපාරක් තුන් පාරක් විතර කැත නැතුව අපෙන් ගුටි කාපු එකේ රිටර්න් එක දෙන්න ඇවිල්ල කියලයි මට හිතුණෙ. ඒත් මායි සමින්දියි මෙතන ඉන්නව කියා මුං කොහොම දැනගත්තද මංදා.


    “ඔ.. ඔව්.. අපි බෙකම්ගෙ යාලුවො.. ඒත් සීදේවි ඔයා අපිව අඳුනන්නෙ නැතුවට අපි නම් ඔයාව යස අගේට අඳුනනවා.. ඔයා බාලිකාවෙ සුපිරි කෑල්ලනේ.. මොකද කියන්නෙ.. අපිත් බෙකම් වගේම ෆිට් පොරවල් තමයි.. අපි එක්කත් ටිකක් එන්ජෝයි කරමු.. ඔයාට අපි කට්ටියම වැඩිවෙන එකක් නෑ.. හහ්.. හහ්.. හා..”


    හිතුවෙ නැති විදියට චතුරංග, සමින්දි ටාගට් කරල කියවන්න ගත්තා. ඒ මදිවට උං කට්ටියම අපි දෙන්නව වට කරා. එන පොට හොඳ නෑ වගේ කියලා මට තේරෙද්දි මං වටපිට බැලුවෙ පැතුම්ල ඉන්නවද බලන්න. ඒත් උං පේනතෙක් මානෙක නෑ. එහෙනම් මේ ගේම මටමයි තනියෙම අදින්න වෙන්නෙ. ඒත් සමින්දිව බේරගන්න මෙතන ඉන්න දහ දෙනාවත් බිම දාගන්න මට පුළුවන් වෙයිද කියලා විචිකිච්චාව මගේ හිත උඩින්ම තිබ්බා.


    “එන්න රත්තරං අපි ළඟට..”


    චතුරංග, සමින්දිට තව ඩිංගක් ලංවුණා.


    “චතුරංග.. උඹේ තියෙන ගනුදෙනුවක් මගෙත්තෙක්ක බේරගනිං.. පිරිමියෙක් වගෙ..”


    “හිටපං.. උඹට මං කවුද කියලා පෙන්නන්න..! පෙත්තා.. උඹ මේකිව ඇඳලා ගනිං.. මං මූව ඉවරයක් කරන්නම්..”


    පෙත්තාවඩුට සමින්දිව අල්ලගන්න කියන ගමන් චතුරංග මං ඉස්සරහට පැන්නා. මෙච්චර වෙලා එකට බැඳිලා තිබ්බ අපේ අත් ගැලවිලා ගියේ ඒ මොහොතෙම වගේ.


    “සමින්දි බලාගෙන..”


    චතුරංගට පාරක් ගහන්න උත්සාහ කරන ගමන් මං කෑගැහුවා.. ඒ පෙත්තාවඩු සමින්දිට ළංවෙන හැටි දැක්කත් මට සමින්දි ළඟට යන්න විදියක් තිබ්බෙ නැති නිසා.


    “උඹ මට කරපු හැම නින්දාවකටම වාඩුව මං අද ගන්නවා.. බෙකම්.. උඹට අද කියලා දෙන්නම් මං කවුද කියලා..”


    චතුරංග කොහොමත් කයිවාරුකාරයා හින්දා මං ඌ කියවන දේවල් වලට වැඩිය අවධානයක් යොමු කරේ නෑ.. මං බැලුවෙ සමින්දි දිහා.. ඒ වෙනකොට එයා පෙත්තාවඩුට කොටුවෙලා තිබුණා. කරන දෙයක් දැන්මම කරේ නැත්නම් වැඩේ අමාරු වෙනවා කියලා මට තේරුණා. ඒත් ඒ තේරුම් ගැනීම එහෙම්මම තියේදදි චතුරංග මට මොනවදෝ කුඩු වගයකින් දමලා ගැහුවා.. ඇස් දෙකම පේන්නැති වෙලා යන දැවිල්ලක් මුළු මූණෙම පටන් ගනිද්දි.. සමින්දි දුව්නන කියලා මං මහා හයියෙන් කෑගැහුවා.. ඒ එක්කම හතර වටින්ම මට එරෙහිව ප්‍රහාරය දියත්වෙන්න ගත්තා.


    “ගහපිය ඕකට.. නැතිවෙන්නම ගහපිය.. ආ මෙන්න.. තවත් මිරිස් කුඩු තියෙනවා.. පෙත්තා.. ඒකව අල්ලගෙන මගේ ළඟට ගෙනෙන්..”


    ඇස් දෙකම පේන්නැතිවෙන්න, දැවිල්ල එන්න මට ගහල තියෙන්නෙ මිරිස් කුඩු කියලා මං දැනගත්තෙ ඒ වෙලාවෙ.. වටපිටාවෙ කිසිම දෙයක් පේන්නැතුව මං හිටියෙ අන්ත අසරණ වෙලා. ඒකෙ ආයෙ කියන්න දෙයක් නෑ. චතුරංගයලා මට ෆුට් බෝලෙකට ගහනව වගේ හතර පැත්තෙන්ම වට කරගෙන නෙලන්න ගත්තා. ඒ අතරින් පතර මට සමින්දිගෙ කෑගැහිල්ලයි, චතුරංගයි, පෙත්තයි මහා සද්දෙට හිනාවෙන හඬයි ඇහුණා. දෙයියනේ මුං කෙල්ලට කරදරයක් කරයිද..? එහෙම උනොත් නම් ඉඳල වැඩක් නෑ.. මෙච්චර දවසක් චතුරංගට දාපු කලර්සුත් වැඩක් නෑ.. ඒත් මොනව හිතුවත් ඇස් දෙක ඇර ගන්න බැරි තරම් දැවිල්ල එද්දි මට කරකියා ගන්න දෙයක් නැතිවුණා.


    “එ.. එයාට ගහන්නෙපා.. එයාට ගහන්නෙපා.. මට එයා ළඟට යන්න දෙන්න..”


    සමින්දිගෙ කටහඬ මං හිටපු තැනින් ටිකක් ඈත් වෙන්න වගේ ඇහුනා. මං ඒ කටහඬ ආපු පැත්තට ගුටි කකාම දුවන්න හැදුවත් පිටම දෙදරල යන්න වැදිච්ච පාරකින් මං බිමට ඇදන් වැටුණා.


    “තව ගහපන්.. ඕකව මරල දාපන්..”


    මං ඉස්සරහ හැමදාම බල්ලෙක් වගේ පාත්වෙලා ඉඳපු චතුරංග උගේ පලිගැනීම ඉස්තරම්ම විදියට කරලා තිබුණා. මං මටම සාප කරන්න ගත්තෙ ඌව මේ තරම් ලේසියට අරගෙන තිබුණු එකට.


    “ඉස්කෝලෙ හැම නම්බු නාමයක්ම ගියේ ඕකට.. මට කිසි දෙයක් නෑ.. මට කිසි දෙයක් නෑ.. දැනගනිං බෙකම්.. උඹ හින්දා මට නැතිවේචච දේවල් හුගක් වැඩියි.. ඒ හැමදේටම හරියන්න මං උඹේ ආදරේ මටම තියාගන්නවා.. මං මේකිව ගන්නවා.. මං මේකිව ගන්නවා..”


    වියරුවෙන් වගේ චතුරංගගෙ කටහඬ ගලාගෙන යද්දි මං අමාරුවෙන් ඔලුව උස්සන්න හැදුවා. ඒ එක්කම තමයි තවත් වැදිච්ච දැවැන්ත පාරකින් මට හැමදේම පේන්නැති වෙලා ගියේ. චතුරංගගෙ ගැන්සියෙ කොල්ලෙක් ගහපු ඒ පාරක් එක්කම මට කැගැහුනෙ සමින්දි කියලා විතරයවි.. ඊට පස්සෙ හැමදේම කළුවර වෙලා ගියා.


    “න..වෝ..ද්..”


    හීනෙකින් වගේ කාගෙදෝ කටහඬක් ඇහෙද්දි මං ඇස් දෙක අරින්න උත්සාහ කරා. ඒත් ඇස්වල දැවිල්ල තාමත් එහෙම්මමයි.. ඒ මොහොතමෙ තමයි ලොකු වතුර පාරක් මගේ මූණ හරහා ගියේ.. තවත් ටිකකින් ගෑනු අතකින් මගේ ඇස් හොඳ෯නවා මට දැනුණා.


    “අ.. අනේ නවෝද් කතා කරන්නකො..”


    “ඔ.. ඔයාට අමාරුද නවෝද්.. අනේ ඇස් අරින්නකො..”


    මුලින් අඳුනගන්න බැරි උනත්, මං පස්සෙ ඒ කටහඬවල් දෙකම අඳුන ගත්තා.. සමින්දියි, ඉන්කියි.. ඔලුවෙ බර ගතියක් දැනුනත් මං හෙමින් සීරුවෙ ඇස් ඇරියා.


    “හප්පේ ඇති යාන්තං..”


    මගේ මූණ ඉස්සරහම හිටියෙ ඇම්ඩා.. උගේ ෂර්ට් එකේ පැත්තක්ම ඉරිල ගිහින්.. ඒකෙන්ම මං වෙලා තියෙන දේ හිතාගත්තා. ඇම්ඩයි, පැතුමලයි මොනව නැතත් වෙලාවට ඇවිල්ලා තියෙනවා..


    “ඔ.. ඔයාට කරදරයක් නෑ නේද..”


    බාගෙට නැගිටින ගමන් මං සමින්දිගෙන් ඇහුවා.. ඒ ලස්සන ඇස්වල කඳුළු පිරිලා උතුරල ගිහිල්ලා.. ඉන්කිගෙ ඇස්වලත් කඳුළු..


    “ම.. මට මුකුත් නෑ.. අ.. නේ නවෝද්.. ඔ.. ඔයාට අමාරුද..? අ.. අපි ඩොක්ටර් කෙනෙක් ළඟට යමු..”


    “ඕන්නෑ සමින්දි.. මං මීට වැඩිය පාරවල් කාලා තියෙනවා.. ෆුට්බෝල් ගහද්දි.. මේවා ඒ තරම් දේවල් නෙමෙයි.. මං බයවුණේ ඔයා ගැන..”


    එහෙම කියද්දි සමින්දිගෙ ඇස් දීප්තිමත් වෙල හැටි මං දැක්කා.


    “ඒ වුණාට ඔයාට සිහිය නැති වුණානේ..”


    “අර මිරිස්කුඩු වැදිච්ච එකෙන් අවුල වුණේ.. ඇස් ඇර ගන්න බැරිව ඉන්දෙද්දි වැදුනු පාරෙන් තමා මං ෆේන්ට් වෙන්න ඇත්තෙ..”


    “කෝ නැගිටපං..”


    සමින්දිව පැත්තකට කරන ගමන්, මං ළඟට ආපු පැතුමා මට අත දික් කරා.. මං ඒ අතේ එල්ලිලා නැගිට ගත්තා.


    “ඔයාට අමාරුවක් නෑ නේද නවෝද්..?”


    ආයෙත් මගේ ළඟට ඇවිත් සමින්දියි, ඉන්කියි දෙන්නම එක පාරම ඇහුවා.. පැත්තක හිටපු ඇම්ඩට ඒකට ලාවට හිනාවක් ගියා.


    “ඔයාලත් අහන්නෙ මාර දේවල්නේ අප්පා..”


    “ඇයි පැතුම්..?”


    “හැයි පැතුම් තමයි.. අලියට පෑගිලා මොනවද ගියේ කියල ඇහුව වගේ දෙයක්නේ ඔයාලා ඇහුවෙ..”


    “බෙකම්.. අපි හදිස්සියාට ඩිංගක් පෙන්නමුද..?”


    හසිද්දියා කිව්වෙ අත ළඟට හිටපු රිටායර් වෙලා වගේ හිටපු ඩොකා.. මිනිහට අවුරුදු හැත්තෑවක් විතර ඇති.. ලෙඩෙකුට බෙහෙත් දෙන්න තියෙන පුදුමාකාර ඉක්මන හින්දා තමයි මිනිහට හදිස්සියා කියන නම වැටිලා තියෙන්නෙ.. තුවාලෙකට බෙහෙත් දාන එකත් දෙවනි නෑ.. එකෙන්ම ගොඩ.


    “ඕන්නෑ මාධව.. අමාරුවකට තියෙන්නෙ ඇස් දෙක ටිකක් දනවා.. එච්චරයි..”


    තවත් ටික වෙලාවක් යද්දි ඉන්කියි, සමින්දියි අපෙන් ඈත්වෙලා ගියේ අකමැත්තෙන් වගේ.. සමින්දි නම් තවත් ටිකක් ඉන්නයි බැලුවෙ.


    “උඹට කියන්න මාධවයා.. මට පේන විදියට අක්කයි නංගියි දෙන්නම අපේ බෙකම්ට කැමතියි වගේ..”


    “පැතුමා..! නොදන්න ප්‍රකාශ නොකර වැදගත් විදියට උඹේ උණ්ඩුක පුච්චෙ වහගෙන ඉඳපං..”


    “ඇයි..?”


    “හැයි අහන්නෙ.. උං දෙන්නා කැමතියි නෙමෙයි..”


    “හේනම්..?”


    “උං දෙන්නා බෙකම්ට ලව්..”


    මාධවගෙ කතාවෙන් කොල්ලො හැමෝම නිශ්ශබ්ද වුණා.


    “මේ ඔය කතාව නවත්තලා මෙතන උනේ මොකක්ද කියලා කියපල්ලකො.. කෝ චතුරංගයි පෙත්තයි..?”


    “උං දෙන්නා මෙලහකටත් ඉස්පිරිතාලෙ හරි මෝචරියෙ හරි ඇති.. ආයෙ දෙන එක දුන්නා ගිය ආත්මෙ එක්ක මතක් වෙන්න..”


    “උනේ මොකක්ද කියපල්ලා.. උඹලා කොහොමද දන්නෙ චතුරංගයල මට නෙලනව කියලා..”


    “අපිත් එකක් එකට ඇවිත් උඹයි සමින්දියි ඕනකමින්ම පහුවුණානේ.. උඹල පරක්කු හින්දා අපි ආයෙත් පස්සට ඇද්දා..”


    “පැතුමා ඒත් කිව්වා, මුං දෙන්නා මනුස්සයො වගේ කතා කර කර ආවට කෙහෙවලු පටලවගෙනද දන්නෑ කියලා.. ඒ එනකොට තමයි දැක්කෙ, චතුරංගයල සමින්දිව කැලේට ඇදගෙන යන්න හදනවා.. උම කට කපලා බිම.. තවත් ඉතිං බලන්න කියන්න දෙයක් නෑනෙ.. අපි ගේමට එන්ටර් ද ඩ්‍රැගන් වුණා. කාලක් විතර වැඩේ යද්දි, දැල්ලගෙ ගෙවල් පැත්තෙ ඉඳලා ඇම්ඩත් පියාඹගෙන ආවා.. ඊට පස්සෙ ඉතිං වෙච්ච හරිය උඹට කියන්න ඕන නෑනෙ.. අපි හතර අතටම නෙලුවා.. චමිල් නම් පෙත්තාවඩුගෙ යටි බඩටමයි ගැහුවෙ.. ඌ නම් ආයෙ සතියකට මෙහා ඉස්කෝලෙ එන එකක් නෑ.. චතුරංගයත් සති දෙකකට එන එකක් නෑ.. උඹට කියන්න බෙකම්.. අපේ ඇම්ඩා උංට ගැහුවෙ ඩේට් දීලා.. උං දෙන්නගෙ බත් බැලයො ටික හිස් ලූ ලූ අත දිව්වා.. දුකේ බෑ..”


    “ඌට කොහෙන්ද ඇම්ඩා ඔය වගේ ගටක් ආවෙ..? මට මිරිස් කුඩු ගහලා සමින්දිව කැලේට ඇදගෙන යන්න තරම්..?”


    “මට හිතෙන විදියට ඌ ඩ්‍රග්ස් ගන්නවා.. ඒවයෙ බලපෑම තමා ඉතිං..”


    “මං හූනා කිව්වා වගේ කියන්නම්.. තව ටික දවසකින් චතුරංගයට වෙන්නෙ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයෙ ඇතුලෙ බංකුවක ලගින්න..”


    “කොහොම උනත් උඹල වෙලාවට ආවෙ.. නැත්නම් මටයි සමින්දිටයි මොනව වෙයිද දන්නෑ..”


    “අපි ඉන්නකන් උඹට මුකුත් වෙන්නෑ බෙකම්.. මං අර සමින්දිට කිව්ව වගේ, උඹට මොනව හරි කරනවා නම් ඊට කලින් අපිට මොනවා හරි කරන්නෝන.. නැද්ද ඇම්ඩා..


    මාධවගෙ කතාවට ඇම්ඩා ඔලුව වැනුවා.. උගේ ෂර්ට් එකේ බොත්තමුත් කැඩිලා.. කමක් නෑ.. චතුරංගයයි, පෙත්තයි දුවල තියෙන්නෙ ෂර්ටුත් නැතුවනේ.. එතන ඉඳලා කොල්ලො ටික ගෙවල් වලට ගියේ මාව අපේ ගෙදරටම ගෙනැල්ලා දාලා.


    දවස් දෙකක් විතර ගෙරට වෙලා ඉඳලා මං ආයෙත් ඉස්කෝලෙ ගියේ බදාදා.. කැඩෙට් කෑම්ප් හින්දා මේ දවස්වල ඉස්කෝලෙ වැඩ වෙන්නෑ කියල මං අම්මටයි තාත්තටයි බොරුවකුත් නොවෙන ඇත්තකුත් කියලා තිබ්බා. කොහොමටත් අපි කට්ටියම ඉරිදා කතා වුනේ වෙච්ච කිසිම දෙයක් කාටවත්ම නොකියා ඉන්න.. ඒ වගේම චතුරංගයට අමතක වෙන්නැති පාඩමකුත් උගන්නන්න.. ඒත් ඒ පාඩම ඩිංගක් විතර කල් දැම්මෙ, දැල්ලාස් හෝප් ප්‍රසංගය අත ළඟටම ඇවිල්ල තිබ්බ හින්දා.


    “කමෝන් බෙකම්..”


    “දවස් ගාණකින් උඹව දැකීම සතුටක්..”


    උදේ ඉස්කෝලෙට ගියා විතරයි සුපුරුදු විදියටම පන්තියෙ කොල්ලොන්ගෙන් එක එක ප්‍රතිචාර ලැබුණා. නිරෝමිලට, නෙලුනිලට, පැතුම් කියල තිබ්බෙ මැච් එකකට මං අවුට් ගිහිල්ලා කියලා.. නැත්නම් ඉතිං මේ වෙච්ච සංහදිය දන්නවා නම් උං මාව මාසයක් පුරා බයිට් එකට ගනියි.


    “බෙකම්..”


    පන්තියෙ කොල්ලො කෙල්ලොන්ගෙ කච කචේ එහෙම්මම තියෙද්දි මහේලගෙ කටහඬ ඇහුණා. ඌ දැන් ටික දවසක ඉඳන් පට්ට වෙනස් කියලා අපි හැමෝටම තේරිලයි තිබුණෙ. එදා බාලිකාවෙ තාරකා විද්‍යා ප්‍රදර්ශනෙන්ප ස්සෙ වෙච්ච සිද්ධියත් එක්ක අපි හැමෝම උගෙන් ඩිංගක් අයින් උනා කියලා කිව්වොත් ඒක හරි. පැතුමගෙයි, මාධවගෙයි, කල්හාරගෙයි කසු කුසු වලට අනුව නම් මේ වෙනකොට නෙහාරයි මහේලයි ආදරවන්තයො වෙලා ඉවරයි.. උං දෙන්නම දැන් කරන්නෙ අපිට කොලේ වහන එක.


    “බෙකම් මං උඹට දෙයක් කියන්නයි යන්නෙ..”


    “මොකක්ද මහේල..?”


    “උඹට මං මේක කියනෙක හරිද මංදා..”


    “හරියන්න හරි වරදින්න හරි කියපං.. ලමිස්සි වගේ ඇඹරෙන්නැතුව..”


    “අමල්..”


    “ඔව් අමල් මොකද..?”


    අමල් කිව්වෙ නෙහාරගෙ කොල්ලනේ.. මූ මොකද උගේ නම කට පාඩම් කරන්නෙ..


    “අමල් එෆෙයාර් එක නවත්තනව කියලා නෙහාරට කියලා..”


    මහේල එහෙම කියනවත්තෙක්කම පන්තිය මැද හෙන කඩයක් දාගෙන හිටපු නෙහාරා දිහා මං බැලුවා. ඔය බැබලි බැබලි හිනාවෙවී ඉන්නෙ.. මොන දුකක්වත් නැතුව.. මට පේන විදියට නම් ඒ ආරංචිය සතුටු දායක එකක් වෙන්නැති.


    “ඒ කියන්නෙ නෙහාරගෙ ආදරේට අමලයා තිත තියනවා කියනෙකද..?”


    කොල්ලොත් එක්ක මොකක්දෝ බයිලයක් ගගහ හිටපු පැතුම් එහෙම කියාගෙන මායි මහේලයි අතරට පැන්නා.



    “ඔව්..”


    “ෂිහ්.. තෝ කැත නැතුව ඔව් කියපු හැටි.. ඇයි මහේලයා ඕකට තිතක් නොතියා කොමාවක්, බැටන් පොල්ලක් තියන්න බැරි..? ආ..”


    පැතුම්ගෙ ප්‍රශ්නෙත් එක්කම මහේලයට උතුර දකුණ මාරු උනා වගේ.. ඒත් ඒ කතාව එතනින් එහාට ගියේ නැත්තෙ චේතනා මිස් පන්තියට ආපු හින්දා.


    ඉන්ටවල් එකේදි මං ඉමාන්වයි, දිල්රංගිවයි හම්බවෙලා ප්‍රසංගයෙ අවසාන කටයුතු ටික කෙරෙන්න ඕන කොහොමද කියලා පුංචි චැට් එකක් දැම්මා. මුලදි මුලදි වැඩේට ටිකක් අදිමදි කරත් ඉමාන් දැන්නම් බැහැලම වැඩේ දීගෙන යන ගතියක් තිබ්බා. දිල්රංගි, ගුණසිංහ සර්ගෙ නැටුම් කණ්ඩායමට කතා කරගෙන සෙට් වෙලා හිටියෙ. තව සුද්දගෙ චරිතෙට මාත් එක්ක හෙළ විරුවා නාට්ටියෙ රඟපාපු මංගලත් එක්කහු කරන් හිටියා. බලන් යන විදියට නම් වැඩේ සිරාවටම පත්තු වෙන පාටයි.


    “සෙනසුරාදට කලින් රිහසල් එකක් කරන්න වෙයි නේද ඉමාන්..?”


    “අනිවා බෙකම්.. අනිවා.. කරන්නම ඕන.. මේ දවස්වල ගෘප් එකක් එක්ක සිරාවටම ප්‍රැක්ටිස් පාර දානවා..”


    “අහන්න සන්තෝසයි ඉමාන්..”


    “හුඟාක් වෙලාවට සිකුරාදා හවස රිහසල් එකක් කරලා බලනවා.. ඊට පස්සෙ ඉතිං සෙනසුරාදා ගේමට බහින්නනේ තියෙන්නෙ..”


    “මොනම හරි ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න දිල්.. හිතේ තියාගෙන ඉන්නෙපා..”


    “හිතේ තියෙන හැමදේම කියන්නත් බෑනෙ නවෝද්..”


    හිටපු ගමන් දිල්රංගි හතර බීරි කතා කියනවා. ඕක කෙල්ලොන්ගෙ සහජ දුර්වලතාවයක්ද මංදා.


    “ඒක ඇත්ත.. මට කියන්න බැරි වුණාට කියන්න පුළුවන් අයත් ඇතිනේ..”


    මං එහෙම කිව්වම කෙල්ලට ලැජ්ජ හිතුණ වගේ.


    “කියන්න පුළුවන් අය නම් කවුරුවත් නෑ නවෝද්..”


    “එහෙනම් කියන්න පුළුවන් කෙනෙක් හම්බවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..”


    “තැන්ක් යූ නවෝද්..”


    දිල්රංගිගෙ තැන්ක් යූ එකත් අරගෙන මං ආපහු පන්තියට ආවා. ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එක තිබ්බෙ සුජාතා මිස්ට. කොල්ලොන්ගෙ පරමානන්දයට හේතුවන පරිද්දෙන් සුජාතා මිස් ඇවිල්ලා නෑ.


    “නෙහාරා.. ඔයා දන්නවද ලෝකෙ පොඩිම සුරංගනා කතාව..?”


    සර්ලා, මිස්ලා පන්තියෙ ඉන්නකොටත් කච කචේ දාන පැතුමා, සර්ලා මිස්ලා නැති ඕෆ් පීරියඩ් එකක් අහුවුණොත් හෙම සල්ලි නොදී මගුල් ගෙදරකින් කෑවා වගේ ෆිට් එකකින් හැසිරෙන්නෙ.. ඒ වෙලාවට උගේ කට වහන්න දත් දොස්තර කෙනෙකුටත් බෑ.


    “උඹ මොකද නෙහාරගෙන් අහන්නෙ.. ඔය නෙලුනිලා ඉන්නෙ.. ඒකිගෙන් අහපන්..”


    එකපාරටම මහේල මැද්දට පැන්නා. ළඟකදි ඉඳලා මහේලයා මොනව හරි ඉල්ලනවා වගේ.. මොන තරම් හොඳ යාළුවෙක් උනත් ගුටි කෑමෙන් සියල්ල හැදේ කියන්න වගේ මූටත් දෙක තුනක් අනින්නයි තියෙන්නෙ.


    “මට ඕන නෙහාරගෙන්ම අහන්න.. උඹට ඕන නම් නෙලුනිගෙන් අහපං.. ආ නෙහාරා.. ඔයා දන්නවද..?”


    “නෑ පැතුම්.. මං දන්නෑ..”


    “මට හරි දුකයි ඔයා ගැන.. මේ එක එක වහුකුනාට අහුවෙන හන්දා.. හොඳයි මං කියන්නම්.. හොඳට අහගන්නකො.. මං මේ උඹලටත් එක්කයි කියන්නෙ..! ඔන්න ලස්සන කුමාරියක් අභියසට අසුපිටින් පැමිණි කුමාරයෙක් ඇයට ඉතා ආදරයෙන් විවාහ යෝජනාවක් කරාලු... තරහින් ඔරවා ගත් කුමාරිය ගත් කටටම එය ප්‍රතික්ෂේප කලාලු.. ඊට පස්සෙ කුමාරයා දිගු කලක් සතුටින් ජීවත් වුණාලු.. හරි....”


    “ඊට පස්සෙ..?”


    “ඊට පස්සෙ කියන්නෙ යකෝ කතාව එච්චරයි.. නොදෝකිං මේ අමන හැත්ත.. ඕක තමයි ලෝකෙ පොඩිම සුරංගනා කතාව..”


    පැතුමත් හොයාගන්නෙ මාරම කතන්දර තමයි.. නෙහාරා කට කොනකින් හිනාවෙනවා මං දැක්කා. මහේලයට ඒකට ටිකක් මල පැනල වගේ. ඒත් ඉතිං මොනව කරන්නද..? පැතුම්ගෙ කටේ දිග පලල දන්න හින්දම මහේල කට වහන් හිටියද කොහෙද..? පැතුමත් එක්ක වලිය්ක දාගන්නවට වැඩිය හොඳයි නගර සභාවෙ කුණු ට්‍රැක්ටරේ ළඟින් ඉන්න එක.


    “හොඳයි.. හොඳයි.. උඹලට නම් දෙයක් කියල මේ ලෝකෙ වැඩක් නෑ.. අඩෝ කල්හාරයා මේ පින්බර ඕෆ් පීරියඩ් එකේ මං උඹෙන් සිරා ප්‍රශ්නයක් අහනවා.. පුළුවන් නම් උත්තර දීපිය..”


    “හරි අහපං බලන්න.. අඩෝ ගෙරි පැතුමා.. උඹ හිතන්නෙ උඹ පොරක් කියලද..? ලෝකෙ පොඩිම සුරංගනා කතා කියලා එනවා මෙතන වීරයා වෙන්න..”


    “කල්හාරයා.. මං හරක් මස් කන්නෑ.. ඒක හින්දයි උම හැමදාම බේරෙන්නෙ.. මං වගේ ප්‍රොපෙශනල් වර්ක් කරන සිරා කොල්ලෙක් මේ පන්තියෙ ඉන්න එක ගැන ආඩම්බර වෙයව්.. මං මේ අහන ප්‍රශ්නෙට උත්තර අටක්ම තියෙනවා.. ඕක එකෙක් උත්තර දීපියව්..”


    “අඩෝ පැතුමා.. ගුටි කන්නැතුව ප්‍රශ්නෙ අහපං..”


    “ඉවසපං මාධවයා.. උමටත් මේකෙ උත්තරයක් දෙන්න පුළුවන්.. හා හොඳයි කියපල්ලා සමහර පිරිමි කසාඳ බඳින්නැතුව බල්ලො හදන්නෙ ඇයි කියලා..”


    පන්තියම මොහොතකට නිශ්ශබ්ද උනා වගේ. පැතුම්ගෙ ප්‍රශ්නෙ ගැන මාත් හිතන්න ගත්තා. ඇත්තටම ඒක අමුතු ප්‍රශ්නයක්. ටිකක් හිතුවොත් මටත් උත්තරයක් දෙන්න පුළුවන් වගේ. විනාඩි භාගයක් විතර ගෙවිලා යද්දි ඉස්සෙල්ලම කට ඇරියෙ කල්හාර.


    “පිරිමියා පරක්කු වෙලා ගෙදර එන තරමට, ඒක දකින්න ආසාවෙන් ඉන්නෙ බල්ලා වීම..”


    “ඔව්.. ඕව්.. ඒකත් සමීප උත්තරයක්.. තව තව..?”


    “උඹේ බල්ලට වෙන නමකින් කතා කරාට ඒක නෝට් වෙන්නැති වීම..”


    “ජනිතයා.. ඒ උත්තරෙත් හොඳයි.. ඒත් සමීප මදි..”


    “ඒයි පැතුමා.. මටත් උත්තයක් තියෙනවා.. අහගනිං..”


    හිටපු ගමන් අපේ දොළහ සී පන්තියෙ දොරගඩින් බලයගෙ කටහඬ ඇහුණා. යකෝ මූට දැන් කෙම්ස්ට්‍රිනේ.


    “උඹලගෙ පන්තියෙ හේමන්ත සර් ඉන්නව නේද..?”


    “උඹට ඒ අල ගෙඩියෙන් වැඩක් නෑ.. මගේ උත්තරේ බාර ගනිං..”


    බලයත් ඇවිල්ලා පැතුමට මැච් වෙන ඔරිජිනල් චරිතයක්. අරහෙ හේමන්ත සර් අහන ප්‍රශ්න වලට උත්තර නොදී ඌ අපේ පැතුමගෙ අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇවිත්.


    “මිනිහා පට්ට රෑක ඇහැරවලා, මං මැරුණොත් වෙන බල්ලෙක් හදාගන්නවද වගේ ගොන් ප්‍රශ්න අහන්නැති හින්දා..”


    බලයගෙ උත්තරේට පන්තියෙ කොල්ලො සෙට් එකටම හිනා ගියා. බලයත් ෂේප් එකේ දොළහ බී එකට රිංග ගත්තා.


    “ඒ උත්තරේ නම් සිරාවට මැචින්.. හා බෙකම්.. උමට මොනවද කියන්න තියෙන්නෙ.. හැමදාම ෆුට්බෝල් ගගහ ඉඳලා හරියන්නෑ.. මේ වගේ සම්භාව්‍ය සම්මන්ත්‍රණවලටත් සහබාගී වෙන්නෝන.. තේරුණාද..?”


    “බල්ලා ගෙදරින් යනකොට ගෙදර සියලු ජාති ඔතාගෙන යන්නැති හින්දා..”


    මගේ උත්තරේටත් හැම එකාම හුකු හුකු ගගා හිනාවෙන්න ගත්තා. ඒ අතරෙ මාධවයි, මහේලයයි උත්තර දෙකක් දුන්නා.


    “බල්ලගෙ දෙමාපියන් කිසිදාක බල්ලා සොයා එන්නැති නිසා..”


    “මිනිසා කණ පැලෙන්න බීලා ඉන්නෙක බල්ලාට මේ ලෝක අවුලක් නොවෙන හින්දා..”


    “ෂෙහ්.. බලන් ගියාම උමල මාර පොරවල් ටිකක් නේ.. අම්මපා මං හිතුවට වැඩිය උඹල සිරාවටම හොඳයි.. ඇත්තමයි.. මං, මං ගැන වගේම උඹල ගැනත් ආඩම්බර වෙනවා..”


    පැතුම්ගෙ ප්‍රශ්නෙට අදාලව පන්තියෙ කොල්ලො තවත් උත්තර දුන්නත් ඌ හැම එකක්ම සාමකාමීව ඉවර කරා. ඇත්තටම ඉතිං මුංගෙ ඔලු ගෙඩිවලටත් එන දේවල් වල හැටි. මට ඉතිං නොතේරෙන්නෙ ඔය වගේ සිරාවට කල්පනා කරල මේ අධ්‍යාපනයෙ උසස් ප්‍රතිඵල මුංට ගන්න බැරි ඇයිද කියලා.. හැමදාම මුං ටික පන්තියෙ විස්සෙන් පල්ලෙහානේ.



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සිකුරාදා හවස් වරුවෙ මායි, ඇම්ඩයි, මාධවයි නගර සභා ශාලාවට ගියා. ඒ වෙනකොටත් එතන රිහසල් එක යස අපූරුවට යනවා. අපිව දැක්ක ගමන් ඉමාන් එළියට ආවා.

    “උඹ අද ඉස්කෝලෙත් ආවෙ නෑනෙ බං..”


    ඉමාන්ගෙ පිටට ගහන ගමන් මං කිව්වා.


    “ඔව් බෙකම්.. අද ඉස්කෝලෙ ආවා නම් මේ වැඩේ හරි විදියට කරගන්න වෙන්නෑ.. උමට කියන්න.. හෙට වෙනකන් මං මාර ආසාවෙන් බං ඉන්නෙ.. මේක මාර විදියට නැගල යයි බං..”


    “ඒක අනිවා ඉමාන්.. මට හුඟක් සතුටුයි උඹ ඔහොම කතා කරන එකට.. හුඟාක් වෙලාවට උඹේ මහන්සියට, මුදල් පැත්තෙනුත් යමක් කරන්න අපිට පුළුවන් වෙයි..”


    “මං සල්ලි බලාගෙන කරපු ඉලව්වක් නෙමෙයි බෙකම්.. උඹේ වචනෙටයි මං මේක කරේ.. හැබැයි මේක මේ විදියට ගොඩ නැගිලා ලස්සන අවසානයක් වෙන එකක් නෑ කියලා මට පොඩි බයක් දැනුණා. ඒත් මං වගේම උඹලත් උපරිමේටම හැමදේම කරලා තිබුණා. හෙට ලස්සන ප්‍රසංගයක් තියෙයි බෙකම්..”


    “මාත් එහෙම හිතනව ඉමාන්.. තව අඩුපාඩු මොනවද තියෙන්නෙ..?”


    “ඔය සංග්‍රහ කටයුතු වගේ දේවල්වල තමයි.. ඒවත් ආට් ක්ලාස් එකේ මංගලයා බලාගනියි..”


    “එහෙනම් ඉමාන් වැඩ ටික කරගනිං.. මං දිල්රංගිවත් හම්බවෙලා එන්නම්..”


    ඒ වෙනකොට ඇම්ඩයි, මාධවයි නගර ශාලාව ඇතුළට ගිහින් තිබුණා.. ඒ මියුසික් බෑන්ඩ් එකේ අඩුපාඩුයි තව අත්‍යවශ්‍යම දේවල් මොනවද කියල බලන්නයි. මං කිව්වෙ ඒ හැම අඩුපාඩුවක්ම කොලේක ලියා ගන්න. එතකොට කිසිම දෙයක් මිස් වෙන්නෑ.


    “නවෝද්.. අපි මෙහේ...”


    නගර ශාලාවෙ ස්ටේජ් එක කොනෙන් මං එබෙනකොටම මාව දැකපු දිල්රංගි කෑගැහුවා. නැටුම්වලට අදින පරණ ඇඳුමක් ඇඳන් ප්‍රැක්ටිස් කර කර හිටියත් මං දිල්රංගිගෙ අමුතුම ලස්සනක් දැක්කා. තවත්, ආට් ක්ලාස් වල කෙල්ලො ගැන්සියකුයි, ගුණසිංහ සර්ගෙ නැටුම් කණ්ඩායමේ දහය වසරෙ නංගිල වගේකටයි මැදිවෙලා හිටියෙ එයා. කෙල්ලොම බර ගානක් හිටපු හින්දා මං එතනම නතර වුණා.


    “ඇයි බයද අපි ගාවට එන්න..?”


    ස්ටේජ් එක උඩ ඉඳල හෙමින් හෙමින් මං ළඟට ආපු දිල්රංගි ඇහුවා. ඒ මූණෙ මැවිලා තිබ්බෙ, මාව සවුත්තු කරන්න ඕන වගේ බැල්මක්. මං ඒක මගෑරලා කතාව පටන් ගත්තා. ඒ කතාව දිගේ ගියොත් හුඟාක් දුර යන්න වෙනවා.


    “දැන් වැඩ ටික කොහොමද දිල්..?”


    “හොඳට කරන් යනව නවෝද්..! එන්න අපි අර පැත්තට යමු.. මෙතන සද්දෙ වැඩියි..”


    බෑන්ඩ් එකේ සද්දයි, ඉමාන් ආයෙ ප්‍රැක්ටිස් කරන හඬයි එකට එක්කහු වෙලා මහා ඝෝෂාවක් වගේ ඇහුණා. හෙටත් මේ විදියට කන් අඩි පැලෙන්න ගේම දුන්නොත් හෙම එකෙක්වත් ප්‍රසංගෙ බලන්න නම් ඉන්නෑ.


    “ඇඳුම් ටික හරිද දිල්..”


    නගර ශාලාවෙ, අනිත් පැත්තෙ හිස් කොරිඩෝවෙ හිටියෙ මායි දිල්රංගියි විතරයි. ගෘප් එක බලන්න කියලා ගියපු ඇම්ඩත්, මාධවයත් පේනතෙක් මානෙක නෑ.


    “ඇඳුම් ටික..?”


    දිල්රංගිගෙ මූණ ටිකක් අමුතු වුණා. එයා මං දිහා බැලුවෙ දුකෙන් වගේ. හිටපු ගමන් මේ වෙච්ච වර්ණ විපර්යාසෙ මොකද අප්පා.


    “ඔව්.. හෙට ප්‍රසංගෙට අඳින ඒවා..”


    “ආ.. ඒ..ව..ද..? ඒවා ඔක්කොම හරි..”


    “ඇයි ඔයා අවුල්වෙලා වගේ කතා කරන්නෙ දිල්..?”


    ඒ පැත්තට මේ පැත්තට තෙල් බෙද බෙද ඉඳලා බෙකම් කවදාවත් වැඩක් පලක් කරගෙන නෑ. ඒක හින්දා මං කෙලින්ම කතන්දරේට බැස්සා. ඒක විවෘතයි, වඩාත් හොඳයි.


    “ඇයි අනේ.. ඔයා ආපු වෙලාවෙ ඉඳලා මගේ අඩුපාඩු ගැන අහුව මිසක් මං කෑවද බිව්වද කියලවත් ඇහුවෙ නෑනෙ.. ඔන්න ඉතිං අපේ ළඟම යාලුවොන්ගෙ හැටි..”


    එහෙනම් ඒකයි මේ මූර්ත කලාබරේ අවුල්වෙලා තියෙන්නෙ.. ෂහ්.. ඒකත් වස වැරැද්දක් තමා..


    “අනේ සොරි දිල්.. ඉන්න මං මොනව හරි අරන් එන්නම්.. මෙතන ඉස්සරහ රෙස්ටෝරන්ට් එකක් තියෙනවනේ..”


    මං ආපහු හැරුණා. මගේ වචනෙකට මේ වගේ කැපවෙන මේ කෙල්ල ගැන මීට වැඩිය හොයලා බලන්න තිබ්බා කියලා මගේ හිත මට දොස් කිව්වා.


    “හෝව්.. හෝව්.. කොහෙද මේ පණ කඩාගෙන දුවන්නෙ.. මං විහිලුවටනේ කිව්වෙ.. අපි දවල්ට කාලා ඉවරවෙලා තමයි ප්‍රැක්ටිස් කරන්න පටන්ගත්තෙ...”


    “හ්ම්.. ඒකත් එහෙමද..?”


    නගර ශාලාව ඇතුලෙ හුඟාක් උණුසුම් උනත්, ඒකෙ එළියෙ ඒ තරම් උණුසුමක් තිබ්බෙ නෑ.. මං ආයෙත් දිල්රංගි දිහා බැලුවා. එයාගෙ ඇස් තිබ්බෙත් මගේ මූණෙමයි.


    “න.. වෝ.. ද්..”


    මෙච්චර වෙලා ටිකක් සද්දෙට ඇහිච්ච කටහඬ ඒ පාර ස්ලෝම වෙලා තිබුණා. මොකද අප්පා ඒ..?


    “ඇයි දිල්..?”


    “ම.. මං ඔයාගෙන් බඩ්ඩක් අහන්න.. ඔයා මට ඇත්තම කියනවද..?”


    “මොකක්ද..?”


    මෙච්චර වෙලා ලාවට හරි හිනාවකින් පිරිලා තිබ්බ කෙල්ලගෙ මූණ මොකක්දෝ අහේතුවකින් අඳුරු වෙලා තිබුණා. වැඩේ කියන්නෙ එහෙම අඳුරු වෙලා තියෙද්දිත් දිල්රංගිගෙ මූණ තවත් ලස්සනට මට පෙනිච්ච එක. මගේ පෙනීමේ දෝෂයක්වත් තියෙනවද මංදා.


    “චතුරංග අයියා ඩ්‍රග්ස් ගන්නවද..?”


    කෙල්ල එක පාරටම අහපු දෙයින් මං උඩ ගිහින් බිම වැටුණා. මොනව ගැනද මේ අහ්නනෙ.. අරක්කු, සිගරැට් නම් චතුරංගයා අනිවා ගන්නවා කියලා මං දැනන් හිටියා. ඒත් එතනින් එහාට ගියපු දේවල් ගැන කියන්න මට දැනුමක් තිබ්බෙ නෑ. ඒක හින්ද මං මුකුත්ම කියන්න ගියේ නෑ.


    “ආ.. නවෝද්.. කියන්නකො..”


    “කියන්න තරම් දේවල් මං දන්නෑ දිල්..”


    “බොරු කියන්නෙපා.. ඔයා හුඟක් දේවල් දන්නවා.. ප්ලීස් නවෝද්.. මේක මගේ ජීවිතේ සම්බන්ධ ප්‍රශ්නයක්.. මට ඇත්ත කියන්න..”


    ජීවිතයට සම්බන්ධ ප්‍රශ්නයක් කියල කිව්වෙ, කෙල්ල චතුරංගයට බහක් දීලද දන්නෑ තියෙන්නෙ.. මං දිල්රංගි දිහා හොඳට බැලුවා. ඒ ඇස් දෙක පුරාම තිබ්බෙ ජීවිතේ ගැන, ආදරේ ගැන බලාපොරොත්තු.


    “මං මොනවද දිල් කියන්න ඕන..”


    “ආයෙ මාව ප්‍රශ්නෙ මුලට ගෙනියන්නෙපා නවෝද්.. ඔයාට මං ගැන පුංචි දුක්කවත් නැද්ද..? පුංචි අනුකම්පාවක්වත් නැද්ද..? ආ.. මං ඔයා ගැන හිතනව වගේ ඔයා මං ගැන ඩිංගක්වත් හිතන්නැද්ද..?”


    මහා වේදනාවකින් කියවගෙන කියවගෙන ගිහිල්ලා දිල්රංගි මගේ අතේ එල්ලුණා. ඒ අත අයින් කරල දාන්න තරම් ශක්තියක් මට ඒ වෙලාවෙ තිබුනෙ නෑ. හැමෝටම පේන්න සතුටින් මේ කෙල්ල හිනාවෙලා හිටියත්, හදවතේ තියෙන්නෙ මොන තරම් දුක් ගංගාවක්ද කියලා මට තේරුණාඤ.


    “ඔයා ගැන සහෝදරියක් වගේ මගේ හිතේ නැත්නම් එදා ඔයාලගෙ ක්ලාස් එක ළඟට ඇවිල්ලා චතුරංග ගැන ඔයාට අනතුරු අඟවන්නෑ. මොන දහපඳුරා බලු වැඩේ කරත් කොල්ලෙක්ව පාවල දෙන්න මට බෑ.. හැබැයි ඔයා වගේ කෙනෙක් හින්දා මං ඔයාට කෙලින්ම කියනවා චතුරංගගෙන් ඈත්වෙන්න කියලා.. ඒක ඔයාගෙ ලස්සන අනාගතේට හුඟක් හොඳයි..”


    “ඒ කියන්නෙ ඒ කතා ඔක්කොම ඇත්ත..?”


    “මං ඒවා ගැන කතා කරන්නෑ දිල්.. ඔයා චතුරංගට ගුඩ් බායි කියන්න.. ඌ වගේ කැත සතෙක්, ඔයා වගේ සියුමැලි කෙල්ලෙකුට කොහෙත්ම මැච් වෙන්නෑ.. මේ තීරණේ ගන්න ඔයාට ගොඩක් අමාරු වෙයි.. ඒත් පස්සෙ දවසක ඒ තීරණේ ගැන ඔයා ආඩම්බර වෙයි..”


    මං කියවන් ගියපු හැම වචනයකටම දිල්රංගි ඔලුව වැනුවා. ඇස් දෙකේ හීනියට කඳුලු බිංදු දෙකකුත් පුරවගෙන එයා මං දිහා බලන් හිටියෙ, යාපා පටුන ජයගත්තු සපුමල් කුමාරයා දිහා බලනව වගේ.


    “මං ඒ දේ කරනව නවෝද්.. මං ඒ දේ කරනවා.. මට වගේම චතුරංගටත් හුඟාක් විඳවන්න වෙයි..”


    “විඳවන්න ඕන චතුරංග.. මොකද ඔයා වගේ අංග සම්පූර්ණ ස්ත්‍රී රූපයක් අහිමි කරගත්තට.. ඔයාට තියෙන්නෙ සැනසෙන්න.. ඒ වගේ ජීවිතේ විනාස කරගන්න කාළකණ්නියෙක්ගෙන් බේරෙනවට.. තේරුණාද..?”


    “හ්ම්..”


    එතනින් එහාට තවත් කතා කරන්න දෙයක් නෑ වගේ, දිල්රංගියි මමයි මූණින් මූණ බලාගෙන හිටියා. ඒ එක්කම තමයි හුරු පුරුදු කටහඬක් නගර ශාලාවෙ පැති දොර ගාවින් ඇහුණෙ.


    “න..වෝ..ද්..”


    මායි, දිල්රංගියි එකපාරටම ඒ දිහා බැලුවා උනත්, දිල්රංගිගෙ අත් දෙක ඒ වෙනකොටත් තිබ්බෙ මගේ දකුණු අත උඩ.


    “ස..මින්දි..”


    “කවුද නවෝද් ඒ..? හරිම හැඩ කෙල්ලෙක්නෙ.. නිකං දැකල පුරුදුයි වගේ..”


    “මගේ යාලුවෙක් දිල්.. එන්න අපි යමු එතෙන්ට..”


    “ම්.. යාලුවෙක් වෙන්න බෑ..”


    “ඇයි..?”


    “හේතු ගොඩක් තියෙනවා.. එකක් කවදාවත් නැති විදියට ඔයා එක්සයිට් වෙලා.. අනික ඒ ළමයා අපි දිහා බලන් ඉන්න හැටි බලන්නකො..”


    “ඇයි..?”


    “ඇයි තමයි.. මට ඔරවන ගමන් ඔයත්තෙක්ක හිනා වෙනවා..”


    දිල්රංගි කියපු තාලෙට මට ලොකු හිනාවක් ආවා. ඒ හිනාව පිටින්ම මං සමින්දි ළඟට ගියා.


    “සමින්දි..”


    මං එයාට කතා කරත්, සමින්දිගෙ ඇස් තිබ්බෙ දිල්රංගි ගාව. මේ කෙල්ලට මොනව වෙලාද මේ..?


    “ම.. මට ඔයාට ටිකක් කතා කරන්නෝන..”


    ආයතේ පාරක් දිල්රංගි දිහා බලන ගමන් සමින්දි කිව්වා. එයාගෙ වැඩෙන් දිල්රංගිත් අවුල් වුනා වගේ.


    “න.. නවෝද්.. මං යනවා.. හෙට හම්බවෙමු..”


    සමින්දි දිහා බලන ගමන් ඒ ටික කියපු දිල්රංගි නගර ශාලාව ඇතුළට ගියා.


    “ක.. කවුද නවෝද් ඒ..?”


    “අපේ ඉස්කෝලෙ ළමයෙක්..”


    “ඉතිං ඔච්චර ලංවෙලා හිටියෙ.. අනිනුත් අල්ලන් හිටියෙ..”


    එළ.. එළ.. ඔන්න දැන් තමයි මට ඇත්ත කතන්දරේ නීත්‍යානුකූලව තේරුනේ. මොනව නැතත් සමින්දිට සෑහෙන තරමෙ ඉරිසියාවක් ඇතිවෙලා දිල්රංගි ගැන. ඒ වගේම දිල්රංගි මට ළංවෙලා හිටපු එක ගැන. මට නිකං අමුතුම ගතියක් ආවා. ඔහොම එකක් ඔයාට දැනෙනවා කියලා මේ බෙකම් හාන්කවිසියක් හරි දැනන් හිටියා නම් මේ වෙලාවෙ බෙකම් ඉන්නෙ දිල්රංගිගෙ ඔඩොක්කුවෙ.


    “ආ.. ඒ අපි යාලුවො හින්ද..”


    “යාලුවො හින්දද..? එයා ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් හින්දද..?”


    අපි ඒ වෙනකොට, නගර ශාලාවෙ, අපි හිටපු පැත්තෙ ඉඳල ආයෙත් පාර පැත්තට ඇවිදන් ඇවිල්ලා තිබුණා. නගර ශාලාව මැද්දෙන් එද්දි සමින්දි වටපිට බැලුවෙ දිල්රංගි ඉන්නවද කියල බලන්න කියලා මට තේරුණා. ඒත් දිල්රංගි පේන්න හිටියෙ නෑ. එයා කෙලින්ම ඩ්‍රෙසින් රූම් එකට යන්නැති කියලා මට හිතුණා.


    “මට තාම එහෙම වාසනාවක් නෑ..”


    “ඒ කිව්වෙ..?”


    “මට තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ..”


    “ස්.. සූ.. ඇයි ඔයා මේ තරම් බොරු කියන්නෙ..?”


    “බොරු..”


    “ඔව්.. මං දැක්කනේ.. ඔයා ඒ නටන ළමයා දිහා බලන් හිටපු හැටි.. එයා ඔයා දිහා බලන් හිටපු හැටි..”


    “ඒ කොහොම උණත් අපි අතරෙ සම්බන්ධයක් නෑ.. ඉතිං..”


    තවත් දුරට අත පත ගගා, අරහෙන් මෙහෙන් කෙරෙන මේ කතාව මට දිරෙව්වෙ නෑ.. සමින්දිට උනත් මං මේ තරම් දේවල් පුන පුනා කියන්න ඕන කමක් නෑ..


    “මං ආවෙ ඇයි කියලා ඔයා දන්නවද..?”


    “නෑ..”


    සමින්දිගෙ මූණෙ අර කලින් තිබ්බ අමනාපකම ගති ලක්ෂණ මැකිලා ගිහින් යස අපූරු හිනාවක් පහළ වුණා. හනේද කියන්නෙ.. මේ තරම් යස අපූරුවට සිරික්කිය දාන්න පුළුවන්කම තියෙද්දිනේ.. මූණ එල්ලගෙන මාව කන්න හදන්නෙ..


    “ආ.. මෙන්න ගන්න..”


    බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතපු පාර්සලයක්, සමින්දි මට දික් කරා.


    “මොනවද සමින්දි මේ..?”


    “ඔයාගෙ ටිකට් පොත් විකුණලා හම්බවෙච්ච සල්ලි..”


    “ටිකට් පොත්..?”


    “ඔව්.. ඔයා ඉන්කිට දුන්නෙ.. මායි ඉන්කියි එකතුවෙලා ඔක්කොම විකුණුවා..”


    මං සමින්දිගෙ මූණ දිහා බලන් හිටියෙ, එයා කියන දේවල් අදහා ගන්න බැරිව.. මේක වෙන්න පුළුවන් දෙයක්ද අප්පා.


    “ඔක්කොම විකුණුවා..? පොත් තිහම..?”


    “ඔව්.. ඔතන තිස් දාහක් ඇති.. ගණන් කරලා බලන්න..”


    මං උඩ ගිහින් බිම වැටුණා. එදා ඉන්කිට පනහෙ ටිකට් පොත් දොළහක් දෙද්දි, ඇම්ඩයි මායි හීනෙකින්වත් හිතුවෙ නෑ එයාලා ඒ හැම ටිකට් එකකටම සල්ලි අරන් ඒවි කියලා. ඒ කියන්නෙ සමින්දිල ටිකට් දෙදාස් පන්සීයක් විකුණලා.. හප්පේ.. වෙන්න පුළුවන් දෙයක්ද මේ..?


    “හුඟාක් පින් සිද්ධ වෙනවා.. ඇත්තමයි.. ම.. මට හිතා ගන්නවත් බෑ..”


    මං සමින්දිගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා. එයා එක පාරටම මං දිහා බැලුවා. හරියට නිකං මං කිව්ව දේ එයාට විශ්වාස නෑ වගේ.


    “කාත් කවුරුවත් නැති අන්ත අසරණ මනුස්සයෙක්ගෙ ජීවිතේ අන්තිම අවුරුදු කීපය ලස්සන කරාට.. ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.. සතුට කියන දේ හැමදාම.. හැමදාම ඔය හිතේ පදිංචිවෙලාම තියෙන්න ඕන..”


    “නවෝද්.. ඔහොම කතා කරලා මාව අඬවන්නද හදන්නෙ..? ආ.. මෙතන මිනිස්සුත් ඉන්නවා.. ප්ලීස්.. අපි ඔය ගැන පස්සෙ කතා කරමු..”


    සමින්දිගෙ ඇස්වලට කඳුලු උනතා තිබ්බා. එයා හෙමින් සීරුවෙ අතේ ගුලිවෙලා තිබ්බ ලේන්සුවෙන් කඳුලු පිහිදාගත්තා. එයා ඒ දේවල් කරපු විලාසය. ඒකෙ තිබ්බ අව්‍යාජකම මගේ හිත පුරාම ඇඳුණා. ජීවිතේ මෙච්චර දවසකට මං දැක්කෙ නැති අහිංසකකමක් ඒ සුදු මූණෙ සිත්තම් වෙලා තියෙනවා මං දැක්කා.


    “පස්සෙ කතා කරමු කිව්වෙ.. අපි ආයෙත් හම්බවෙනවද..?”


    “මං හිතනව එහෙම..”


    “කවදද සමින්දි..?”


    “හෙට..”


    “හෙට..?”


    “ඔව්.. හෙටනේ මේ හැමදේකම අවසාන ප්‍රතිඵලය ලැබෙන්නෙ.. ඉතිං ඔයයි, මමයි කොහොමත් හෙට හම්බ වෙනවා..”


    සමින්දි කියපු කතාවෙ තේරුම මට හරියකට පැහැදිලි උනේ නෑ.. මං එයාගෙ මූණ දිහා බලන් හිටියෙ තවත් මොනව හරි කියයි කියල බලාගෙන.. ඒත් ඒක එහෙම උනේ නෑ.


    “මං යනව නවෝද්.. හෙට දවසෙ වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..”


    සමින්දි ආපහු හැරුණා. අඩු ගානෙ එයා මගේ තැන්ක් යූ එකවත් ගත්තෙ නෑ.. බලන් ගියහම සමින්දි කියන්නෙත් තේරුම් ගන්න බැරි චරිතයක්.


    “වැඩේ පත්තු වෙලාම ගියා නේද..?”


    සමින්දි ගියා විතරයි මෙන්න ඇම්ඩයි, මාධවයයි මං ගාව. මාධළුයගෙ කෙසේ වෙතත් ඇම්ඩගෙ මූණ නම් තිබ්බෙ ඌ උපදිනකොටම තිබ්බයි කියන කුණු හිනාව.


    “එහෙම දෙයක් නෑ නාලක..”


    “නෑ..? මං බලාගෙන උඹ සමින්දිගෙ අතිනුත් අල්ලනවා.. ඇයි බං උඹලා දෙන්න මරාගෙන මැරෙන්න නේද හිටියෙ.. දැන් උඹලා දෙන්නා සමීප වෙලාද..?”


    “උඹට තේරෙන්නෑ ඇම්ඩා.. සමින්දි ඇවිත් තිබුණෙ සල්ලි දීලා යන්න..”


    “සල්ලි..?”


    මං එතන ඉඳලා මේ දැන් වෙච්ච හැම දෙයක්ම ඇම්ඩටයි, මාධවයටයි කිව්වා. කිසිම දෙයක් හංගන්නවත් කිසිම දෙයක් වැඩි කරල කියන්නවත් මං ගියේ නෑ.. කාලෙකට පස්සෙ ඇම්ඩගෙ කට ඇරිලා තියෙනවා මං ඒ වෙලාවෙ දැක්කා.


    “ලොවෙත් නෑ.. සුපිරියි බෙකම්..”


    “මැක්සා ගේම් එකක්නේ ඒකියි, ඉන්කියි දීලා තියෙන්නෙ..”


    “ඒක තමයි නාලක.. අපේ වැඩෙන් භාගයක්ම ගොඩනේ..”


    “ඒක නේන්නම්.. ඒක නේන්නම්.. උඹ ඒකිගෙ අතින් නෙමෙයි වෙන වෙන අවයව වලින් ඇල්ලුවත් කමක් නෑ. මේ කරපු පට්ට හෙල්ප් එකට.. මැක්සා ආ..”


    කියන්න ඕන ටික කියලා ඇම්ඩා අන්තිමට අලුගුත්තේරු කතාවකුත් කිව්වා.


    ++++++


    වතුර බිංදුවකින් පටන් අරගෙන මහා විසාල ගඟක් බවට පත් වෙච්ච භාරදූර වැඩක අවසාන පැය කීපය ළංවෙලා තිබුණා. ඇම්ඩා, මම, පැතුම්, බලයා, මාධව, කල්හාර අපි හැමෝම සෑහෙන තරමට කාර්ය බහුල වගේම කලබල වෙලා හිටියෙ. මෙච්චර දවසක් හැම දෙයක්ම අමාරුවෙන් ඇදගෙන ආව මෙන්න මේ අවසාන මොහොතටනේ. තව ටිකකින් මේ හැමදේම පටන්ගන්නවා. සෙනසුරාදා උදේ පාන්දර ඉටන් අපි හැමෝම නගර ශාලාව ළඟට වෙලා, අන්තිම මොහොතක දක්වා තියෙන, තිබ්බ අඩුපාඩු එකින් එක හරි ගැස්සුවා. වෙන්න තිබ්බ වැරදීම් අඩුම කරගත්තා. ෂෝ එක පටන් ගන්න පැය දෙකක් වගේ තියෙද්දි, හැමදේම නූලට තිතට තියෙනවා කියලා අපි තේරුම් ගත්තා. පිච්ච මල් මාලා හතර පහකින් වටවෙච්චි යෝධ පොල්තෙල් පහන ස්ටේජ් එකට ප්ලලෙහා ප්‍රේක්ෂකාගාරය ඉස්සරහින්ම ලස්සනට තියල මායි, ඇම්ඩයි, බලයයි එළියට බැස්සා. ඒ අලුත් කිට් එකක් ඇඳගෙන පිළිවෙලකට එන්න. නැතුව බෑනෙ අප්පා.. දහස් සංඛ්‍යාත ජන ගංගාවක් අතරෙ අපිත් ලස්සනට එන්න එපෑය.


    “බෙකම්.. මං මොකක්ද අඳින්නෙ..?”


    අපි පාරට එනකොටම නගර ශාලාවෙන් එළියට ඔලුව දාපු පැතුමා ඇහුවා. ඕන බලපල්ලකො ඉතිං.. මං මුගේ ලොකු බාප්පොච්චි වගේ හැම දෙයක් ගැනම හොයල බලන්න වෙලා. මේක ඇත්තටම පිස්සු ලෝකයක් අප්පා.


    “ඇඳුම් මුකුත් නැතුව වරෙන්..”


    මගේ උත්තරේට පැතුම මොනවදෝ කියල බනිනවා මට ඇහුණා. ඒ එක්කම තමයි ප්‍රදීප් හතිදාගෙන මායි ඇම්ඩයි ළඟට දුවගෙන ආවෙ. ප්‍රදීප් කියල කිව්වෙ චතුරංගගෙ බාස්කට් බෝල් ටීම් එකේ ඉන්න අහිංසක කොල්ලෙක්.. උගේ ගම සියඹලාන්ඩුවෙ. එදා තරු පිරි අහස් වියන යට බලන්න යද්දි රහුමානියා හෝටලේදි ජෙල් කාලා මඤ්ඤං වෙලා හිටියෙ ප්‍රදීප් තමයි. අපි ඌට වතුර පොවලා, ත්‍රීවිල් එහෙකත් දාලා බෝඩිමට යැව්වනේ.. ඔන්න ඊට පස්සෙ අද තමයි සිරාවටම ෆේස් ටු ෆේස් හම්බවුණේ.


    “”බෙ..කම්.. හ්.. හ්ග්.. හ්ග්..


    “මොකද බං මේ හති දාගෙන.. කරදරයක්වත්ද..?”


    මට මොකක්දෝ අමුත්තක් දැනුණා. මට එහෙම දැනෙන්නෙ මගේ තරහකාරයෙක් කොහේ හරි වේගයෙන් ක්‍රියාත්මක වෙද්දි.. ඒක හරිම පුදුම දෙයක්. මගේ ඔලුවට පටාස් ගාලා ආවෙ චතුරංග..


    “අ.. අරගෙ පරණ පාරෙ.. චතුරංග අයියලා බොනවා..”


    ඕක ඉතිං අහන්නත් දෙයක්යෑ.. ඌ හදන්නෙ ලංකාවෙ නොම්මර එකේ බේබද්දා වෙන්නනේ.. ඊට පස්සෙ අපේ ඉස්කෝලෙට ලොකු නම්බු නාමයක් දෙන්න.. නොදකිං වහුකුණා.


    “ඉතිං උං එහේ බිව්වට, උඹ ඇයි හතිදාන්නෙ.. මෙන්න මෙහේ ඉඳන් අපිත්තෙක්ක ෂෝ එක බලපං...”


    “චතුරංගයල හදන්නෙ ෂෝ එකට කචල් එක අඳින්න..”


    ප්‍රදීප්ගෙ කතාවෙන් මායි ඇම්ඩයි උඩ ගියා.


    “මොකක්..?”


    “ඔව්.. නගර ශාලාවට ඇවිත් හූ කියලා වැඩේ චාටර් කරලා දාන්නයි හදන්නෙ..”


    “ඒවා කොහෙද.. කවුද උං ඇතුළට ගන්නෙ..?”


    “උං ආවොත් ගන්න වෙනවා ඇම්ඩා.. උංගෙ අතේ ටිකට් ඇති.. එතකොට කොහොමද නොගෙන ඉන්නෙ..”


    “තව චතුරංග අයියයි, පෙත්තාවඩුයි ලෑස්ති වෙනවා..”


    “මොනාටද..?”


    ප්‍රදීප්ගෙ කතාව ඉවර වෙනකන්වත් අපිට ඉන්න බැරිවුණා. ඒ තරම් ඉක්මනට ඒ ප්‍රශ්නෙ අපෙන් එළියට ඇඳිලා ආවා.


    “ගෘප් එකේ මියුසික් කචල් කරල දාන්න..”


    “මොකක්..?”


    “ඔව්.. ටියුනින් අප්සට් කරල දාන්න.. බේස් එහෙම උපරිමේටම වැඩි කරලා..”


    යකෝ මුංව කොටියම කන්න ඕනනේ.. දැන් මොකද කරන්නෙ.. හවස තුන වෙන්නත් තව ඒ තරම් වෙලාවක් නෑ..


    “දැන් මොකද කරන්නෙ බෙකම්..?”


    ඇම්ඩත් ටිකක් විතර අවුල් වෙලා. පෙන්නුවෙ නැති උනාට මාත් අවුල් වෙලයි හිටියෙ. ඇයි අප්පා අන්තිම මොහොතෙ මේ වගේ හෙණගෙඩියක් පාත්වෙයි කියල කවුද හිතුවෙ..?


    “තව මොනවද ප්‍රදීප් උං කතාවුණේ..?”


    “දැල්ලා අංකල්ට දෙකක් ඇනලා ෂෝ එක බලන්න එන්න බැරි කරනවා කිව්වා...”


    මට හීන් දාඩියයි, මහ දාඩියයි දෙකම දැම්මා.. දෙයියනේ දැල්ලා අංකල්නෙ ප්‍රධාන අරාධිත අමුත්තා.. එයා නැතුව ප්‍රසංගෙ කොහොමද තියන්නෙ.. එයා වෙනුවෙන් අපි මේ තරම් දෙයක් කරා කියලා එයා දැනගන්නත් ඕනනේ.


    “ඇම්ඩා.. අපි යමු..! ප්‍රදීප් ඔය කතන්දරේ මෙතන කාටවත් කියන්නෙපා.. හැමෝම අවුල්වෙයි.. තේරුණාද..? අපි එන්න පරක්කු උනොත් බලයටයි, පැතුමටයි වැඩේ ඇදගෙන යන්න කියපං..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රදීප් කට ඇරගෙන බලන් ඉද්දි මායි ඇම්ඩයි මගේ පුටාර් එකට නැග ගත්තා. බඩල් දාලා හැටට හැටේ පාගල යන්න ඇම්ඩා කොහොමත් දක්ෂයා. මං කෙරුවෙ හරස් බාර් එකේ පාඩුවෙ වාඩිවෙලා හිටපු එක. විනාඩි පහලොවක් විතර යද්දි මායි ඇම්ඩයි, පරණ පාරෙන් දැල්ලා අංකල්ගෙ ගේ ළඟට ඇවිත් තිබුණා. ඒ එනකන්ම මායි ඇම්ඩයි වචනයක්වත් කතා කරේ නෑ. මාව දාගෙන හැටට හැටේ පාගල ආපු හින්ද ඇම්ඩගෙන් හති කූඩයක් පිටවුණා.

    “බෙකම් අර බලපං..”


    අපි දැල්ලා අංකල්ගෙ ගේ ඉස්සරහ පාර ගාවට එද්දිම තමයි දැල්ලා අංකල් ගෙයින් එළියට බැස්සෙ. සුදු පාට අලුත් සරමක් ඇඳලා ඊට උඩින් ඇඳපු සුදු ෂර්ට් එකට උඩින් කලු කෝට් එකක් දාගෙන, හිතාගන්න බැරි තරම් ප්‍රසන්න ගතියකින් අපි ඉස්සරහට ආවෙ. මෙච්චර කාලෙකට අපි දැකපු දැල්ලා අංකල් නම් නෙමෙයි. රැවුල කපලා, කොණ්ඩෙ හොඳට පීරලා ඉන්න මේ මනුස්සයා දැක්කම මායි ඇම්ඩයි මූණින් මූණ බලා ගත්තා. මාර මොඩ් වීමක්නේ.


    “යකෝ.. මේ මනුස්සයා හැඩවෙලා තියෙන හැටි..”


    “ඒකනේ බෙකම්.. මට අඳුනගන්නත් බැරිවුණා..”


    “කෝ බං චතුරංගයලා..?”


    “සුපුරුදු විදියටම උං අඩිය ගහලා නන්නත්තාර වෙලා ඇති.. උං කොහෙද බෙකම් අපිට බකට් අදින්නෙ..?”


    “හානේ.. බෙකම් පුතා.. මගටත් ආවද..?”


    අපිව දැක්ක ගමන් හීන් බංඩා අංකල් කට පුරාම හිනාවෙලා ඇහුවා.


    “ඔව්.. ඔව්.. ප්‍රධාන ආරාධිත අමුත්තා වුණාම මගටම ඇවිත් එක්ක යන්න එපැයි..”


    කලින් දවසක ඇවිත් දැල්ලා අංකල්ගෙ ගෙදර වටපිටාව දැකල අපි සෑහෙන්න අවුල් උනානෙ.. ඊට පස්සෙ කුලීයට මිනිස්සු තුන්දෙනෙක්ව දාලා, වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරලා, දැන් ටිකක් අමුතු ගතියකට අපි ගෙනල්ලයි තිබුණෙ. දැනට ඉතිං ගේ විතරයි අප්සට් එකකට තිබුණෙ. ප්‍රසංගයට පස්සෙ ඒකත් ගොඩදාන්න පුළුවන් වේවි කියන විශ්වාසෙ මට තිබුණා.


    “එහෙනම් අපි යමු..”


    මං පුටාර් එක තල්ු කරගෙනම ඉස්සර උනා. දැල්ලා අංකලුයි, ඇම්ඩයි එක පෙළට වැටුණා.


    “මේ කරන කියන දේවල් වල ණය ගෙවන්න මට ආත්ම තුන හතරක් ගියත් බැරිවෙයි බෙකම් පුතා.. ඇත්තමයි ලබන ආත්මෙ මං සතෙක් වෙලා හරි මේවයෙ කළගුණ සලකණවා..”


    දැල්ලා අංකල් හදවතින්ම කියාපු ඒ කතාවෙන් අපේ පපුවෙ තුන් හතර පොළක්ම ඇවිලෙද්දි මායි ඇම්ඩයි මූණින් මූණ බලාගත්තා. දැල්ලා අංකල්ගෙ වියපත් ඇස් අද්දට ඒ වෙනකොට කඳුලු බිංදු දෙකක් ඇවිල්ලා තිබුණා.


    “දැල්ලො.. උඹේ ණය අපි ගෙවල දාන්නම්..”


    මහා සද්දෙට එහෙම කියන ගමන් චතුරංග අපි ඉස්සරහයින් මතුවුණා. ඒ උගේ අපත ගැන්සියයි, ටවුමෙ මදාවියො දෙන්නෙකුයි එක්ක.. එහෙනම් ඇම්ඩා හිතුවට වැඩිය මුං ක්‍රියාශීලියිනේ.. අපි දැල්ලා අංකල්ව මෙතනින් ගන්න කලින් මුං ගේමට හැබැලනේ.


    “හීන් බංඩා අංකල්ට අතක් තියන්නෙපා..”


    දැල්ලා අංකල් කවර් කරගන්න කියලා ඇම්ඩට කියන ගමන් මං චතුරංග ඉස්සරහට ගියා. මට ඇත්තටම ඌත් එක්ක මරාගෙන මැරෙන තරමෙ කේන්තියක් ඇවිල්ලයි තිබුණෙ.


    “ඇයි අත තිබ්බොත් තියවෙන්නෙ නැද්ද..?”


    චතුරංගගෙ උජාරු කතාවට මගේ ඇඟේ ලේ රත්වෙලා උතුරන්න ගත්තා. අනික එදා මූ මට මිරිස්කුඩු ගහපු එකත් මගේ හදවතේ පතුළෙම තැන්පත් වෙලා තිබුණා.


    “යකෝ උඹල මේ මහන්සිවෙලා හොයන සල්ලි වලින් හොඳ ෆන් එකක් ගනිපියව්.. හොඳ ඩ්‍රින්ක් එකක් දාලා සුස්ති පාරක් ගහලා, පොඩි මසාජ් පාරක් දාගන්න මසාජ් ක්ලීනික් එක පැත්තෙ ගිහින්, දාර සයිස් එහෙකට බැහැපියව්.. මේ කොහෙද ඉන්න වල් උගුඩ්ඩෙක්ව මුදුනා කරන්නැතුව..”


    මොනවා නැතත් චතුරංගයා, ඌ උගේ සාමාන්‍ය හැසිරීම් ක්‍රියා පටිපාටිය අපි ඉස්සරහ කියල දැම්මා. ඔය කියෙව්වෙ ඌ කරන දේවල් වෙන්නැති.


    “ඔය තියරි එක උඹේනේ චතුරංග.. මගේ නෙමෙයි..”



    “තියරි විතරක් නෙමේ යකෝ.. ප්‍රැක්ටිකලුත් මගේ.. උඹටත් හැදෙන්නයි මං ඔය ටික කිව්වෙ.. හැබැයි පුතේ.. උඹ අද දැල්ලව මෙතනින් ගෙනියනව බොරු.. මං මෙතන ඉන්නකල්ම දැල්ලත් අද මෙතන තමයි.. තේරුණාද..? හැබැයි එක ක්‍රමයක් තියෙනවා.. අපෙන් කිසිම අවුලක් නැතුව දැල්ලව මෙතනින් නිවාඩු පාඩුවෙ අරගෙන යන්න..”

    චතුරංග කතාව නැවැත්තුවා.. තව ඕන නම් තත්පරයක් දෙකක් මං ඉවසනවා.. ඊට පස්සෙ අනිවා ගේමට බහිනවා.


    “උඹලා එකතු කරපු සල්ලි වලින් විසි දාහක් අපිට දීපල්ලා පොඩි ෆන් එකක් ගන්න..”


    මගේ ඉතුරු වෙලා තිබ්බ යකත් උපරිමේටම නැග්ගා.. චතුරංගගෙ අමන කතාවෙන්.. තවත් ඉවසල වැඩක් නෑ.. අරගෙ උත්සවේ අත ළඟම එනවා..


    “ආ.. උඹට හොඳ ආතල් එකක්..”


    අත ගුලි කරලම මං චතුරංගගෙ මූණ මැදට ඇන්නා. ඒ තත්පරයෙම ඇම්ඩත් ගේම පටන් ගත්තා. හීන් බංඩා අංකල් කවර් කරගෙන වලිය ඇදගෙන ගියත් ඒක අසාමාන්‍ය සටනක් වුණා. මොකද චතුරංගගෙ ගැන්සියෙ එකොලොස් දෙනාට මූණ දෙන්න හිටියෙ මායි ඇම්ඩයි විතරක් හින්දා. සටන අපේ පැත්තට අවාසියක් වේවි කියලා මට තේරුණේ පෙත්තාවඩුයි තවත් ටවුමෙ මදාවියොයි නොහිතපු විදියට ඇම්ඩගෙ අත් දෙකෙන් අල්ලගෙන හිරකර ගත්තු වෙලාවෙ. ඒකෙන් මාත් සෑහෙන්න අවුල් වුණා. මොකද මාවව කවර් කරන්න පස් දෙනෙක් ගේමට බැහැලා තිබුණ හිංදා.. ඒත් අන්තිම ධෛර්යය බිංදුවත් බිමට වැටෙනකල්ම ගේම ඇදගෙන යනවා කියලා බැරි මරගාතෙම මං හිතාගත්තත් ජීවිතේටම අදහාගන්න බැරි දේ සිද්ධ වුණෙත් එකම වෙලාවෙ. ඒ තමයි මෙච්චර වෙලා අන්ත අසරණ අහිංසකයෙක් වගේ අපෙන් ආරක්ෂාව බලබා මුලු ගැන්විලා හිටපු දැල්ලා අංකල් ගේමට බැහැපු එක. එයා පුදුමාකාර ශක්තියකින්, චතුරංගගෙ සෙට් එකට හයේ හතරෙ පාරවල් ඇදලා ඇරියා. ඇත්තටම බලන් ඉන්න ආසයි. චතුරංගගෙ හඩු ගැන්සිය කාපු කෑම නම්, සනත් ජයසූරිය ගහපු දාර සයිස් හයේ පාරවල් වලට වැඩිය සැර පාරවල් දැල්ලා අංකල් දියත් කරා. කොටින්ම වෙච්ච දේ චතුරංගයලට වගේම මටත් අදහගන්න බෑ. මේ තරම් වයසක මනුස්සයෙක්ගෙ ඇඟේ මේ තරම් හයියක්.. කොටින්ම ඩෝප් මරගාතෙ ඉඳපු චතුරංග වඳින කල්ම දැල්ලා අංකල් ඌට නෙලුවා. පෙත්තාවඩු නම් සුපුරුදු පරිදි දෙක තුන වදිනකොට උගේ කල්‍යාන මිත්‍රෙයා සෙට් එක මඟ දාලා පැනලා දිව්වා.


    “හ්හ්.. හ්.. අපි යමු බෙකම් පුතා..”


    කලු කෝට් එක උඩට වැටිලා තිබ්බ වැලි පාරවල් දෙක තුනක් පිහදාන ගමන් දැල්ලා අංකල් කිව්වා. මට වටපිට බලද්දි ඇම්ඩා පුටාර් එකත් අරගෙන අපේ ළඟට ආවා. උගේ නම් මූණ ඩිංගක් ඉදිමිලා වගේ. ෂුවර් එකට පාරක් වදින්නැති. මම නම් මූණ ගාඩ් කරගෙනමයි හිටියෙ.. නැත්නම් හැම කොල්ලා, බල්ලම ඔය ගැන අහනවා.


    “කොහෙන්ද හීන් බංඩා අංකල් ඒ චීනඩි සෙට් එක පුරදු වුණේ. අරුන් ටික දිව්වෙ ගාල කඩාගත්තු කේප්ප වස්සො වගේ...”


    “ඕවා මං තරුණ කාලෙ ප්‍රගුණ කරපු දේවල් නාලක පුතා.. ඒත් මං හිතුවෙ ඕවා කවදාවත් ප්‍රෙයෝජනවත් වෙන එකක් නෑ කියලා.. ඒත් හිතුවෙ නැති විදියට මගේ ජීවිතේ ලස්සනම දවසෙ, ඒ හැමදේම මට උපකාරි උනා..”


    “අංකල් නිකංවත් අපිට අඟවල නෑනෙ ඕවා දන්නවා කියලා.. හැබැයි කොල්ලො විහිලුවටවත් විහිලු කරන එකක් නෑ.. අංකල් චීනඩිකාරයෙක් කියලා දන්නවා නම්..”


    ඇම්ඩා කියපු දේට හීන් බංඩා අංකල් මුකුත් නොකියා හිනාවුණා. ඒ හිනාවෙ තිබ්බෙ තමන් ගැන ආඩම්බරවෙන වියපත් මනුස්සයෙක්ගෙ අව්‍යාජම හැඟීම් කන්දරාවක්.


    “එහෙනම් හීන් බංඩා අන්කල් මේ ත්‍රීවිල් එකේ නගර ශාලාවට යන්න.. මායි, නාලකයි ඇඳුමක් දාගෙන පටස් ගාලා එන්නම්..”


    ඒ වෙලාවෙම අපි ඉස්සරහට ආපු ත්‍රීවිල් එකේ දැල්ලා අංකල්ව නග්ගවලා මායි ඇම්ඩයි ආපහු ගෙදර එන්න හැරුණා.


    “බෙකම්..”


    “ම්..”


    “යාන්තං වැඩේ ගොඩ නේද බං..?”


    “තාම නෑ නාලක.. අරුන් අපේ මියුසික් වලටත් ලෙඩක් අදිනවා කියල කතා වෙනවනේ.. කෝකටත් අපි ඉක්මනට යමු..”


    “කාපු කෑමට නම් උං ආපහු එන එකක් නෑ බෙකම්.. මං මේ කල්පනා කරේ වෙන දෙයක්..”


    “ඒ මොකක්ද නාලක..?”


    “දැල්ලා අංකල්ට මාත් නොහොඹිනා විදියට විහිලු කරලා තියෙනවනේ බං.. ඒ වගේ වෙලාවක මිනිහගෙ අතට මං අහුවුණා නම් අර පැතුමා කියන්න වගේ හයියෝ සල්ලි කියල තමයි කියන්න වෙන්නෙ..”


    ඇම්ඩගෙ මූණ සවුත්තු වෙලා තියෙන හැටි දැක්කහම මටත් හිනාවක් ආවා. කොහොම නමුත් වෙච්ච වැඩේ නම් එළම කිරි.. චතුරංගයලා ඔය ටික කරගන්න සෑහෙන්න වලි කෑවා. කලින් නැව් ගානට ගුටි කාලා ඉස්පිරිතාලෙත් ඉඳල දවස් කීයද ගියේ.. ඌ නම් ඇත්තමයි කෝවක දාලා මකලගවත් හදන්න පුළුවන් එකෙක් නම් නෙමෙයි..


    +++++++


    හරියටම දහයයි දහය වෙද්දි, හැම දෙයක්ම අංග සම්පූර්ණ වෙච්ච අපේ ප්‍රසංගය ආරම්භ වුණා. මුලින් පැතුමා කොහෙන්දෝ උස්සගෙ ආපු දාර සයිස් පොල්තෙල් පහන ආරාධිත අමුත්තො පත්තු කරයින් පස්සෙ දිල්රංගිගෙ සරස්වතී නැටුමත් එක්ක වැඩේ ගානටම පත්තුවෙලා ගියා.

    මුළු නගර ශාලාවම පිරිලා තියෙද්දි ඉමාන් ඉස්සෙල්ලම අමරදේව මාස්ටර්ගෙ රත්නදීප ජන්ම බූමි සිදුවෙන් වැඩේ ආරම්භ කරා. ඒ කතන්දරේ එකෙන්ම ගොඩ කියන්නෙ ආයෙ ලොවෙත් නෑ.


    හැම අංගයක්ම අදුන්වල දෙන්නයි, තවත් රටේ ලෝකෙ තියෙන වැදගත් දේවල් එකට අමුනල තෙලකුත් බෙදාගෙන කතා කරන්නයි මං සෙට් කරල තිබ්බෙ මිලාන්ව. ඌ දහය වසරෙ කොල්ලෙක් උණත් එනවුන්ස් පාර ගජරාමෙට තිබ්බා.උගේ කෙල්ල නිලංකාත් සෙනග ගොඩ අස්සෙ ඉන්නවා මං දැක්කා. ඇම්ඩයි, මමයි, බලයයි, පැතුමයි හිටියෙ කොරිඩෝ එකේ. මියුසික් ගෘප් එක කිට්ටුවෙන්. මොකද කියනව නම් චතුරංගයා ආයෙත් ඇඳගෙන නාන්න ඒවි කියලා මගේ හිතේ පුංචි සැකයක් තිබුණා. ඒත් උගේ වෙලාවටද අපේ වෙලාවටද මංදා ඌ ආවෙ නෑ.


    “බෙකම්.. ඉන්කිල ඇවිත් හිටියද..?”


    ඉමාන් ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ සිංදුව පටන් ගනිද්දිම චමිල් ඇවිත් ඇහුවා.


    “මං නම් දැක්කෙ නෑ..”


    ඇත්තටම ඉන්කිටත් වැඩිය මගේ ඇස් හෙව්වෙ සමින්දිව.. එයා අද එනවමයි කියල කිව්වනේ.. මගේ ඇස් කීප සැරයක්ම හෝල් එක ඇතුළෙ එහෙට මෙහෙට ගියත් මං සමින්දිව දැක්කෙ නෑ.. ස්ටේජ් එක ඉස්සරහින්ම සමහර විට එයාලා ඇති කියලා මට හිතුණෙ අපි හිටපු තැනට ඒ හරිය පෙනුනෙ නැති නිසා.


    “වැඩේ හිතුවටත් වැඩිය හොඳට පත්තු වෙලා යනව නේද..?”


    “කියල වැඩක් නෑ බං.. මැක්සා තමයි..”


    “ලොවෙත් නෑ බං.. මෙහෙම ගේමක්..”


    “පුදුමත් හිතෙනව නාලක.. අපි මෙහෙම දෙයක් කරාද කියල හිතෙනකොටත්.. බලපංකො වැඩේ යන ලස්සන..”


    “ඒක තමයි බෙකම්.. මිනිස්සු ගත්තු ටිකට් එකේ වටිනාකමට වඩා වැඩි දෙයක් අපිට දෙන්න පුළුවන් වෙච්චි එක කොයි තරම් දෙයක්ද..?”


    “මේ හැමදේකම වටිනාකම දැනෙන්නෙ අපි මේ ඉස්කෝලෙ ජීවිතෙන් සමුගත්තාම.. මේ ගෙවන ලස්සන දවස් මතක් වෙනකොට පපුවත් එක්ක හිරවෙයි මචං.. ඇත්තට ඉතිං තව අවුරුද්දකින් අපි කොහේ කොහේට විසික් වෙලා යයිද..?”


    චමිල් කියපු කතාවත්තෙක්කම අපි හැමෝගෙම කටවල් වැහුණා. හැම එකාම තනි තනියෙන් ඒ වචන දිගේ කල්පනා කරන්න ගත්ත වගෙයි. ඇත්තටම ඒ කතාව මගේ පපුවෙ ඉතාම සංවේදී තැනක් ස්පර්ශ කරා. තව අවුරුද්දකින් පස්සෙ කොයි තරම් නම් දේවල් වෙනස් වෙයිද..? අපේ යාලුවොන්ගෙන් කවුරු කවුරු අපි ළඟ ඉඳියිද..?


    “මේකා මේ තරම් ටැලන්ට් පොරක් කියලා මම නම් හිතුවෙ නෑ.. බලපංකො දෙන එනවුන්ස් පාර..”


    කරගෙන ආපු කතාවෙන් පිට පනින්න අපි හැමෝටම උවමනා වෙලා තිබුණා. ඒකට මූලික අඩිතාලම දැම්මෙ පැතුම්..


    “ඕකා එදා අඬාගෙන මායි, බෙකමුයි ඉස්සරහට දුවන් ආවෙ, චතුරංගයා උගේ කෙල්ලට ලයින් කියලනේ.. ඒ වෙලාවෙ ඌට හරියකට කතා කරගන්නවත් බැරිවුණා.. දැන් බලහංකො මුගේ කටේ සද්ද..”


    “ඌ මොකක්දෝ බයිලයක් ගහන්න යන්නෙ.. ඉමාන්ටත් මහන්සි ඇත්නේ.. වරෙල්ලා..”


    කොල්ලො සෙට් එක, එක එකාට ඉඟි කරගන්නවා මං දැක්කා. ඒත් මට කාගෙන්වත් ඉඟියක් හම්බවුණේ නෑ.. ඒ කියන්නෙ බෙකම්ට රස ගුණ පිරි පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නද යන්නෙ.


    කොරිඩෝව දිගේ අපි කට්ටිය ස්ටේජ් එක ළඟට යද්දි පොඩ්ඩක් ඈත්වෙලා තිබ්බ නගර ශාලාවෙ කර්ට්න් එකක් අතරින් යාංතමට වගේ මං සමින්දිව දැක්කා. එයත් එක්ක තවත් උෂ මහත පාංශු දේහදාරී පුද්ගලයෙක් හිටියා. ඒත් මං ස්ටේජ් එක පිටිපස්ස පැත්තට ආපු හින්ද මට එයාලව පේන්නැති වෙලා ගියා.


    “ඔව්.. පැමිණි සිටින ආරාධිත අමුත්තනි.. දයාබර හිතවත් මිත්‍රයිනි.. සහෝදර සහෝදරියනි.. වාදක මඬුල්ලත් ගීතයකට සූදානම් වෙන අවස්ථාවේ කිව යුතුම දෙයක් පැවසීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා......


    .. අපේ පාසල් සීනුව හඬවන හීන් බංඩා මහතාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කරනා මේ මහගු කාර්යයේ මූලික අඩිතාලම, එහෙමත් නැත්නම් මුල්ම වස්තු බීජය ඉපදුනේ ඔහුගේ සිතෙයි.. කරන්නට තබා සිතන්නටවත් අපහසු මෙවැනි දැවැන්ත ප්‍රසංගයක් කිරීමට අවැසි ධෛර්යය, අධිෂ්ඨානය තිබුණේ ඔහුටයි.. ඔහුගේ ඒ කාරුණික හදවතෙහි ඇති රිද්මයට, අපි හැමෝම එකතු කර ගැනීමේ ශක්තියකුත්, එයට ආවේනික වූ පෞර්ශත්වයකුත් ඔහුට තිබුණා. ඔහු අපේ පාසලට දැවැන්ත ගෞරවයක්.. අපිට සම්පතක්.. තව ඉදිරියේදී මේ රටට සමාජයට වැඩදායි යුග පුරුෂයෙක්.. මේ කාලයෙදී ඔහුත් සමග එකට එකම පාසලේ සිටියා යැයි කීම පවා අපට ආඩම්බරයට හේතුවන කරුණක්.. ඉතිං..”


    මිලාන් කියවගෙන කියවගෙන ගිහින් මිනිස්සුන්ගෙ කුතුහලය අවුස්සන්න වගේ කියල හිතලද කොහෙද කතාව ඩිංගක් නතර කළා..


    “ඇම්ඩා මූ මොනවද කියවන්නෙ..?”


    මං ඇම්ඩගෙ අතින් ඇද්දා.. ඒත් උගේ මූණ හිනාවෙන් පිරිලා.. එහෙනම් මුංගෙ ඉඟි කර ගැනීමේ රහස මේකයි.. මං හිතුවෙ ඔය කියපු ටිකෙන් කතන්දරේ ඉවරයි කියලා.. ඒත් මේ වගේ ප්‍රසංගයක කවදාවත් නොකරන දෙයක් ඇම්ඩල කරල තිබුණා. එයින් එහාට මිලාන් කියවගෙන ගියපු දේවල් අහලා මං ගල් ගැහුණා. මේකා මොනවද දෙයියනේ මේ කියවන්නෙ..?


    “ඉතිං.. මා මෙපමණ කියූ.. අප සැමගේ ආදර බුහුමන් වලට ලක්වූ.. ආදරණිය ඔහු.. වේදිකාවට කැඳවන්නයි මා මේ සූදානම.. ඒ කිසිවක් සඳහා නොවේ.. ඔහුගේ මියුරු කටහඬින් ගීතයකින් අපව රසවත් කිරීමට.. ඉතිං මා ප්‍රේක්ෂකාගාරයෙන් ඉල්ලා සිටිනවා දැවැන්ත අත්පොලසන් නාදයකින් ඔහුව පිළිගන්නා ලෙස.. ඉතින් මෙන්න දැන් වේදිකාවේ.. බෙකම් නම් සුරතල් නාමයෙන් හඳුන්වන අප සැමගේම ශක්තිය වූ නවෝද් රත්නායක සොයුරා..”


    එතනින් එහාට මට කිසිම දෙයක් ඇහුනෙ නෑ.. දිගටම හතර වටින් අත්පොඩි සද්දෙ විතරයි මට ඇහුණෙ.. ඒ අතරින් පතරෙ විසිල් සද්දත් මට ඇහුණා.


    “මොනවද යකෝ මේ කරේ.. අරක උඩ ගිහිල්ලා මං මොන බම්බුවක් කියන්නද..?”


    මං ඇම්ඩට කඩන් පැන්නා.. උං හිනාවෙනවා.. හිනාව තමයි.. මේ තරම් ජන ගංගාවක මට ලැජ්ජාවෙ ගිලිලා මැරෙන්නයි වෙන්නෙ.. මොන සිංදුද අප්පා.. දැන් එනවුන්ස් කරලා තියෙන එකේ මොන අලගෙඩියක් හරි කියන්නම වෙනවා.. හයියෝ.. සල්ලි..


    “බෙකම්.. ඉක්මනට පලයං..”


    “ගිහින් මොනවද වස්සො කියන්නෙ..? උඹල හිතුවද මේක ඉස්කෝලෙ විවිධ ප්‍රසංගයක් කියලා.. නෑ.. මේක සල්ලි දීලා පෙන්වන ෂෝ එකක්..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “ඒවා වැඩක් නෑ.. උඹට පුළුවන් බෙකම්.. උඹට පුළුවන්.. ලස්සනට දීපන්.. අපි හැමෝටම සදාකාලික මතකයක් වෙන්න..”

    ඇම්ඩා මාව ස්ටේජ් එකට තල්ලු කරන ගමන් කිව්වා.. කියන්නෙ මොකක්ද කියලා කල්පනා කර කර මං මයික් එක ළඟට ආවා. හපොයි.. බලන් ඉන්න ජනකාය දැක්කම හීන් දාඩියයි, මහ දාඩියයි දෙකම දානවා.. ඒ එක්කම බෑන්ඩ් එක මියුසික් පටන්ගත්තා.. හප්පේ.. මං කියන්නත් කලින්ම නේද..? ඒත් මියුසික් පටන්ගත්ත සිංදුව මොකක්ද කියලා හිතට එද්දි මට හැමදේම තේරෙන්න ගත්තා.. කොල්ලො ටික එහෙනම් ප්ලෑන් එකට වැඩේ සෙට් කරා.. මේක අපේ සුපුරුදු සිංදුවනේ..


    “සුළගේ ලෙලෙනා - මල් සේ දඟ පා..

    අප පාසල් ගිය කාලයේ..
    යාලුවො අද නැත - වෙන අය එහි ඇත..
    කාලය මැව් වෙනසක අරුමේ..”

    ඉන්ට්‍රො එක ඉවරවෙලා මං හෙමින් සීරුවෙ වටපිටාව බැලුවා.. අවුලක් නෑ.. ශාලිත අබේවික්‍රම වගේ නොවුණත් ඒ ළඟ පාතකින් හරි යනව ඇතිනේ..


    “ලොකු පන්තියෙ අය.. පොඩි පන්තියෙ අය

    හැමදෙන එක පන්තියෙ විලසේ..
    අප පොත්වල දුටු රජවරු සිටුවරු
    වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..”

    කොරස් එකත් අවුලක් නැතුව කියාගත්තු හින්දා මගේ හිතට ලොකු ශක්තියක් ලැබුණා. ඊගාවට තියෙන්නෙ වර්ස් එක විතරයි.. පන්තියෙ ඩෙස්ක් එකට ගගහ කියනව වගේද අප්පා මේක.. හෙණම ආතල්නේ.


    “සාමල අමරල පොත් තුළ තව ඇත

    එන එන අය හා යාලු වෙතේ..
    අපේම පාසල අපේම මව විය
    එදවස් අප හට නැත ආයේ..”

    සිංදුව අවසාන වීගෙන එද්දි මගේ ඇස් නැවතිලා තිබුණෙ සිටේජ් එකේ ඉඳලා තුන්වෙනි පේලියෙ ඉඳපු සමින්දි අක්කා ගාව. එයාට දකුණු පැත්තෙන් ඉඳපු ඉන්කියි, වම් පැත්තෙන් අර මං කලින් දැකපු පාංශු දේහදාරී පුද්ගලයා හිටියා. කවුද අප්පා ඒ.. සමින්දිගෙ මූණෙ නම් පුංචි සතුටක්වත් මං දැක්කෙ නෑ.. මොනවා වෙලාද මංදා.. අද මේ තරම් සතුටු දවසකත් ඇයි එයා දුකින් ඉන්නෙ.. මගේ හිතට තිබ්බෙ එකම ප්‍රශ්නෙ ඒක.


    “වෙල්ඩන් බෙකම්.. වෙල්ඩන්..”


    “සුපිරි ගැයීමක් මචං..”


    ස්ටේජ් එකෙන් කොරිඩෝව පැත්තට බැස්සා විතරයි කොල්ලන්ගෙන් උසස් ප්‍රතිචාර මට ලැබුණා. හැම එකාම කිව්වෙ මං එකෙන්ම ගොඩ ගියා කියලා.


    “අනිවා මචං.. දැන් ඉමානයට සහය ගායනයට උඹව ගන්නවා..”


    “නිකං ඉඳපං පැතුමා.. මං මාර බයෙන් ගියේ..”


    “උඹ වැඩකරු කියලා අපි දන්නවා බෙකම්.. අපිට උඹේ සලකුණක් මේ ප්‍රසංගය ඇතුළෙ තදබල විදියට තියෙන්න ඕන උනා.. ඒකයි අපි ඒ දේ කෙරුවෙ..”


    “අනික අපි දන්නවනේ උඹට ඔය සිංදුව කට පාඩම් කියලා.. ඒකයි අපි ඒක ගෘප් එකට දුන්නෙ..”


    කොල්ලො හැමදෙනාම කරපු ඒ දේ ගැන විග්‍රහ කරද්දි මං හිතපු දේ හරි කියලා මට තේරුණා.. මුං කවදාවත් මේ වගේ ලොකු තැනක මාව අමාරුවෙ දාලා මාව සවුත්තු කරන්නෑ කියලා මට හිතුණ එක ගැන මං ආඩම්බර වුණා.


    “නවෝද්..”


    ප්‍රංසගය ඉවරවෙලා කට්ටිය පිටවෙලා යද්දි, තවත් සමහරු ඉමාන්ගෙ දක්ෂතාවලටයි, දිල්රංගිගෙ නර්තන හැකියාවටයි ස්ටේජ් එක ළඟටම ඇවිත් සුභ පතලා ගියා. ඒ අතරෙදි තමයි ඉන්කි මගේ ළඟට ආවෙ.


    “ඉනිකි.. කෝ සමින්දි..?”


    “සමින්දි ගියා..”


    “සමින්දි ගියා..? ඇයි ඒ.. මට කතා කරේවත් නෑ..”


    “සමින්දිගෙ තාත්තා ඇවිත්..”


    ආ.. එහෙනම් අර සමින්දි ළඟ හිටපු හයේ හතරෙ යුග පුරුෂයා තමයි එයාගෙ තාත්තා.. මං හිතාගත්තා..


    “ඉතිං තාත්තා ආවහම මොකද..?”


    “මේ වෙලාවෙ ඒවා විස්තර කරන්න බෑ.. මං යනවා.. හෙට හවස මං ඔයාව හම්බවෙන්නම්..”


    “ඇයි ඉන්කි මේ හදිස්සියෙ..?”


    “සමින්දි අක්කිගෙ තාත්තා එක විදියක්.. කලින් හමුදාවෙ හිටියෙ.. මේජර් කෙනෙක්වෙලා.. මාව හොයනවත් ඇති.. බායි නවෝද්... ඔයා ලස්සනට සින්ග් කරා.. ඔයාලගෙ වැඩේ හරිම ලස්සනයි..”


    වතුර ගලනව වගේ ඒ ටික කියපු ඉන්කි පාර පැත්තට දුවල ගියා. මං වගේම කොල්ලො සෙට් එකත් හොල්මං වෙලා ඉන්න හැටි මං දැක්කා.


    “මොකක්ද බං ඒ ඇවටියෙල් එක..?”


    “ඒකනේ හත්තිලව්වෙ.. අපි මේ බලන් හිටියෙ, බාලිකාවෙ කුමාරිකාව ඇවිත් අපේ බෙකම්ව බදාගනියි කියලා..”


    “මොකක් නමුත් කුණුහරුපයක් මචංලා.. නැත්නම් එකෙන්ම ගොඩ යන්න තිබ්බ වැඩක් මේක..”


    “ඉන්කි මොනවද බෙකම් කිව්වෙ..?”


    “හෙට කියන්නම් කිව්වෙ..”


    “ඔය කෙල්ලන්ගෙ හැටිනේ බං.. තියෙන නොසංඩාල කමක හැටි බලාපියව්.. තියෙන ලඩඩ්ක් දැන් කියල ගියා නම් මොකද..? දැන් ඉතිං අපි බොක්කයි අනිත් අවයවයි පත්තු කරන් හෙට වෙනකල් හිටපියව්කො.. හනේ මංදා.. මුංටත් ඉර හඳ පායනවනේ..”


    චමිල්ගෙ කතාව සහතික ඇත්ත කියලා මට හිතුණා. සියලු දේම හෙටට කල් දැමුණු ඒ වෙලාවෙ, දැල්ලා අංකල් වෙනුවෙන් උපය ගත්තු මුදල හෙට පිනා සර් අතින් දැල්ලට දෙන්න අපි කට්ටිය තීරණය කරා. තවත් පැය බාගයක් විතර ඉමානුයි දිල්රංගියි එක්ක ඉඳලා, හිත උඩින් ලොකු සන්තෝෂයක් එයාලට පෙන්නලා මුඩු වෙච්ච හිතත් කර තියන් මං ගෙදර එන්න ආවා. මොන තරම් බාධක අවහිරතා මැද සතුටින් කරගෙන ආපු වැඩක්ද මේක.. ඒත් දැන් මගේ හිතේ තියෙන්නෙ දුකක් එකක් මුහුවෙච්ච නොසන්සුන් කමක් විතරයි.. ඒ නොසන්සුන්කම මැද්දෙන් මහා පාලුවක් මට දැනෙන්න ගත්තා. තවත් ටික වෙලාවක් කොල්ලොත් එක්ක හිටිය නම් හරි කියලා හිතට තේරෙද්දි මං ආයෙත් මගේ පුටාර් එක පටාස් ගාලා හරව ගත්තා. ඒ එක්කම තමයි රතු පාට වීල් එකක් මං ගාව නතර වුණේ.


    “නවෝද්..”


    මගේ හිතේ තිබ්බ දුකයි, නොසන්සුන්කමයි කොහෙන් ඈතට ගියාද මංදා. සමින්දියි, ඉන්කියි දෙන්නම මං ළඟට තත්පරේට දෙකට දුවගෙන ආවා. සමින්දිගෙ මූණත්තෙක්ක රතුවෙලා.. අඬලද මංදා.. ඒත් ඇයි ඒ..?


    “අනේ මට සමාවෙන්න න..වෝ..ද්..?”


    මහ පාර මැද්දෙම සමින්දි අක්ක මගේ අතේ එල්ලුණා.


    “ඇ.. ඇයි මේ..?”


    “ඔ.. ඔයාට විෂ් කරන්න බැරි වුණාට..”


    “ඒකට කමක් නෑ.. ඔයා දැන් ආවනේ..”


    “අ.. අනේ නවෝද්..”


    මං කවදාවත් දැකල තිබ්බෙ නෑ සමින්දි අක්කා මේ තරම් සංවේදී වෙලා ඉන්නවා. මේ වගේ අසරණ වෙලා ඉන්නවා. අපි දේනනා මුලින් මුලින් මහා තරහකාරයො වගේ හිටියත්, දැන් ඒක අතීතයට අයිති දෙයක් වෙලා ඉවරයි.. දැන් තියෙන්නෙ අපිට යමක් කමක් කරන්න පුළුවන් වර්තමානය. ඒත් සමින්දිගෙ ඇස්ව තියෙන කඳුලු දැක්කහම මේ වර්තමානයෙත් අපිට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා මට හිතුණා.


    “ආ...! ඇයි සමින්දි මේ.. ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද..?”


    ඇස් දෙක පුරවලා කඳුළු උතුරද්දි සමින්දි මං දිහා බලන් හිටියා.. එයාට මං අහපු දේ ඇහුනෙ නැති ගාණයි.


    “සමින්දි.. මොකද මේ..?”


    මං එයාගෙ උරහිස් දෙකෙන් අල්ලල හොලවන ගමන් මහා සද්දෙට ඇහුවා. ඉන්කිත් හිටියෙ ගල්වෙලා වගේ. වෙනදට ගිරව් වගේ කියවන කෙල්ලො දෙන්නට මොනව වෙලාද මංදා..?


    “අ.. අනේ නවෝද්.. ම.. මට ඔයාලා දාලා යන්න වෙලා..”


    “මොකක්..? කොහේටද..? මොකටද..?”


    “ප්‍රංශයට..”


    “ප්‍රංශයට..?”


    මං අන්දමන්ද උනා.. මොන හෙණ ගෙඩියක්ද මේ අහිංසක කෙල්ලට කඩන් පාත්වෙලා තියේනනෙ..


    “ඔව් නවෝද්.. තාත්ති ඉන්නෙ එහේනේ.. මේ පාර මගේ එග්සෑම් ඉවර උනාම අම්මිවයි, මාවයි එක්කං යන්න ඇවිත් තියෙන්නෙ..”


    ලොකු ශක්තියක් හිතට අරගෙන, සමින්දි එක දිගට කියවගෙන ගියා. ඒ රතුවෙච්ච ඇස් දකිනකොට මගේ හිතට කවදාවත් නොදැනුණු තරමෙ ලොකු දුකක් දැනුණා.


    “ඒ කියන්නෙ ඔයා අපිව දාලා යනවා.. තව මාසයක්වත් නෑනෙ..”


    “ඔව්.. නවෝද්.. ඔව්..”


    “ඔයාට නොගිහින් ඉන්න බැරිද සමින්දි..?”


    ඒ වෙලාවෙ අහන්න තියෙන ගොන්ම ගොන් ප්‍රශ්නෙ මං ඇහුවා.


    “ඒක කොහොම කරන්නද..? අනේ මට නම් පිස්සු වගේ.. ඔයාව හම්බ නොවී උන්නා නම්.. ඔය ගමන යන්නෙ මං හුඟක් සංතෝසෙන්.. ඒත්.. ඒත්..”


    “ඒත් කිව්වෙ..?”


    “ඔයයි, මායි අතර වෙච්ච හැම අංශුමාත්‍ර සිදුවීමක්ම මට මතකයි නවෝද්.. හුඟාක්ම තියෙන්නෙ අපි රණ්ඩු වුණ ඒවා. මං ෆේන්ට් වෙලා ඉන්දෙද්දි ඔයා මාව උස්සන් ආපු හැටි.. අපි බැනගත්තු ඒවා.. ඔයාට හොරෙන් ඔයා ප්ලේ කරන මැචස් මං බලපු හැටි.. ඕවා ඔක්කොම හිතේ පෙරලි පෙරලි එද්දි.. මට ඉවසන් ඉන්න බෑ නවෝද්.. මේ මතකය අතෑරලා මං කොහොමද දෙයියනේ ඉන්නෙ..?”


    පුංචි එකෙක් වගේ මගේ ඇඟේ එල්ලිලා සමින්දි ඇහුවා. ඒ හැම මතකයක්ම මගේ ජීවිතේට හුඟක් තදින් ළංවෙද්දි මට කියල කියන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ.


    “හැමදේටම කලින් එග්සෑම් ඉවර කරගන්න සමින්දි.. ඔයා ගියාට අපිට අවුරුදු ගානකින් හරි දකින්න පුළුවන් වේවිනේ.. හ්ග්.. අන්තිම මොහොතෙදි අපි හුඟක් ලංවුණා. මේ තරම් හිතට දුක දැනෙන්නෙ ඒකයි.. ඉන්න තැනක ඔයා සංතෝසෙන් ඉන්න.. ඔයාට කවදාවත් වරදින්නෑ..”


    “අනේ.. ඔහොම කතාකරන්නෙපා නවෝද්.. හ්..ග්..”


    “ඔයා ගියාට, මෙහෙන් ගියාට මට ඔයාව කවදාවත් අමතක වෙන්නෑ සමින්දි..”


    “අ.. අනේ.. මටත් එහෙමයි.. නවෝද්.. මගේ හිතේ ඔයා ගැන මතකය සදාකාලිකවම තියෙයි.. මට ඔයාව හැමදාම මතක්වෙයි..”


    “කිසිම දෙයක් අමතක නෑ සමින්දි අක්කෙ.. කිසිම දෙයක් කවදාවත් අමතක නෑ..”


    “අ..ක්කී.. ලොකු තාත්තගෙ කැබ් එක..”


    ඉන්කිගෙ කටහඬත් එක්ක සමින්දි අක්කා කලබල වුණා..


    “මං යනවා න..වෝ..ද්.. අපි ආයෙ හම්බවුණේ නැතත්.. මගේ හිතේ හැමදාම ඔයා ඉන්නවා.. ඒක හැමදාටම එහෙමයි.. සතුටින් ඉන්න ඩියර්..”


    හතරට නමපු පුංචි කොල කෑල්ලක් මගේ දිහාට විසි කරන ගමන් සමින්දි පාරෙන් එහාට පැනලා ඉන්කිට එක්කහු උනා. ඒ එකක්ම ආපු නිල් පාට ටොයොටා විග්‍රෝ කැබ් එක මාවයි, එයාලා දෙන්නයි අතරෙ හරස් බාධකයක් වගේ නතර වුණා. ඒකෙ වීදුරු සම්පූර්ණයෙන්ම කළු කරලා තිබ්බ හින්දා මට ඇතුලෙ මුකුත්ම පෙනුනෙ නෑ.. ටිකකින් දූවිල් වලාවකුත් අවුස්සගෙන සමින්දියි, ඉන්කියි නංවගත්තු කැබ් එක මං ගාවින් ඈතට ඇදිලා ගියා..


    කැබ් එක පේන්නැතිවෙලා යනකන් ඉඳලා, සමින්දි අක්කා මට විසි කරලා ගියපු සුදු කොල කෑල්ල දිගෑරියා.. සමින්දි අක්කගෙ අත් අකුරු වලින් ඒකෙ ලියැවිලා තිබ්බෙ ටී.එම්. ජයරත්නගෙ අතිශයින් සංවේදී සිංදුවක පේලි කිහිපයක්.. මං ඒවා එකින් එක කියවන්න ගත්තා.


    “මේ පුංචි රටේ..

    කොතැනකදී හෝ
    මතු කවදා හෝ..
    යළි අප හමුවේවි.. යළි අප හමුවේවී..

    ජීවන ගමනේ.. කොතැනකදී හෝ..

    අප යළි හමුවන දිනයේ..
    මේ දුක් කඳුළැලි වියැකුනු දෑසින්
    හිනැහෙනු මැන පෙරසේ.. හිනැහෙනු මැන පෙරසේ..”

    පුංචි කොලේ කියවල ඉවර වෙනවත් එකක්ම මගේ ඇස් වලට කඳුලු උනාගෙන ආවා. ඒ හැම කඳුළක්ම අපේ මේ නමක් නොදන්නා සම්බන්ධයේ සාක්ෂිකාරයා කියලා මට හිතුණා. හිතට දැනුණ මහා හිස් බවයි, තනිකමයි එක්ක ඇම්ඩවයි, පැතුමවයි, බලයවයි හොයාගෙන යන්න මං මවුන්ටන් බයික් එකට නැග්ගා. අඩු ගානෙ උංගෙ මිත්‍ර සමාගමෙදී වත් මගේ මේ හිතේ අමාරුව නැතිවෙලා යාවි කියලා මට හිතුණා.





    වත් කොටසක් එන්නත් පුළුවන් සමහර විට.. හරි හැටි අවසානයක් දකින්න ලැබුණෙ නැති නිසා. බලමු ඉදිරියෙදි..
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    ගොඩක් ලස්සන කතාවක්.
    කතාව නවත්තපු විදියත් හොඳයි. මොකද මේක අවසානයක් නෙටි කතාවක්. මෙකතාවට අවසානයක් දෙන්න එපා.