සොබාදහමේ නීතිය මෙයයි...

Oct 2, 2008
1,458
24
0
Colombo
සොබාදහමේ නීතිය මෙයයි...

122lmv4.jpg
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වර්තමානයක් නොමැති මිනිසෙකුට අතීතයක් කොයින්ද
    වර්තමානය සුන්දර නම් අතීතය කොච්චර සුන්දරද.

    සාර්තක නිර්මාණයක් sis
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඔව් ඇත්ත..ඒක තමයි ස්වභාවධර්මයාගේ නීතිය...
    එම අදහස අපූරැවට ගොනු කරලා තියනවා....
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    වර්තමානයක් නොමැති මිනිසෙකුට අතීතයක් කොයින්ද
    වර්තමානය සුන්දර නම් අතීතය කොච්චර සුන්දරද.

    සාර්තක නිර්මාණයක් sis

    athithaya nisa warthamanye duk wewi kal gewaddi anagathayedi pasu thawenna wenawa..
    thanx
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමණි...සොබාදහමට විරුද්ධ වන හැමදෙනාටම පසුතැවිල්ල විතරයි ඉතුරු..

    අර්ථවත් අදහසක්....
    දිගටම අප හැමදෙනාටම අක්කියගෙ නිර්මාණ ගෙනෙන්නට සුභ පැතුම්...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සියල්ල වෙනස්වන ලොවක සිතුවිලි හා වේදනාවන්ද වරින් වර උස් පහත් වී නැගී වැටෙමින් කාලයත් සමඟ ඔන්චිල්ලා පැදුමක යෙදී සිටී..

    හිටි ගමන් ඒ ඔන්චිල්ලාව ඉබේම නවතින්නට පුළුවන.. එවිට එය අපට අනිත්‍යය මෙනෙහි කරවයි..

    ඉතා අරුත්බර අකුරු කිරීමක්...පූර්වාදර්ශී නිර්මානයක්...

    කාලයකින් නංගියගේ කවි නිර්මානයක් කියවන්න ලැබුනේ.... වෙලා තිබෙන හැම විටෙකම අපට මෙවන් නිර්මාන බෙදා දෙන්න. මේ සමාජය තුල සිටිනා දහසකගේ හෝ කොහේ හරි සිටිනා එක් අයෙකුගේ හෝ සිත් සුවපත් කල හැක්කේ එතුලිනි..

    ඔබට ජය.....
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    පසුතැවිල්ල යනු ඉතිහාසය තුල අප කළ නොකළ දෑ පිළිබඳ වත්මනෙහි අප සිතේ ඇති වන කණගාටුව කියලයි මට හිතෙන්නේ. ඒක සොබා දහමට පිටු පෑම නිසා වගේ ම වෙනත් හේතු නිසාත් ඇති වෙන්න පුළුවන්. සොබා දහමට පිටු පෑ යමෙක් වත්මනෙහි යථාර්ථය තේරුම් අරං ඉන්නවා නම් එයාට පසු තැවීමක් ඇති වේවි. තවමත් ඔහු කළ දේ හරියි කියන නිගමනයේ ඉන්න කෙනෙක් කවදාවත් පසු තැවෙන්නේ නෑ. ඒත් කවදා හරි දවසක එයා ඒ ගැන මෙනෙහි කරනවා. එදා ට නම් පසු තැවෙන්න වෙනවා මයි.


    හොඳ නිර්මාණයක්. ඒ වගේම සමාජයට හොඳ පණිවිඩයක්.