සොවාන් වනුයේ කෙසේද ?

kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මේ සිදු කරගත්තා වූ ධර්ම දානමය පින නිවන පිණිස හේතු වාසනා වේවා...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරිම සන්තෝසයි අපේ එළකිරි මිත්‍රයන් සෝවාන් පලය ගැන දක්වන උනන්දුවට.. බුදුදහම වෙනුවෙන් යමක් කරන්න ඕන කියල හිතනවානම් කල යුත්තේ බුදුරජානන් වහන්සේ ලොවට දායාද කල මේ දැවැන්ත දහම් වෘක්ෂයේ පල නෙලාගනීමයි... බුද්ධ ධර්මය සසරින් එතෙරවීම සඳහාම පමණයි බුදුරජානන් වනසේ විසින් දේශනා කරලා තියෙන්නේ...ඒ උතුම් දහම් පහුරෙන් හැමදෙනාම සසරෙන් එතෙර වෙන්න උත්සහ කරනගමන් කල්‍යාන මිත්‍ර සම්පත්තිය ඇතිකරගෙන ඒ අයවත් මේ කුණු සංසාරයෙන් එතෙර කරන්න උත්සහ කරමු.. හැමෝටම තෙරුවන් සරණයි..
     
    Last edited:

    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8
    පවේ ප්‍රමාණය ගැන තීරණය වෙන්නේ හිතේ තියන චේතනාව අනුව මචන්.. කර්මයට මුල වෙන්නේ චේතනාවයි.. ඔයාල විහිලුවට ගන්න හෝ ඔච්චම් කරන හෝ පුද්ගලයාගේ සීලවන්ත කම වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාලාට සිද්දවෙන වෙන පාපය බරපතලයි..

    බුද්ධ සාහිත්‍යයේ තියනවා කව්ද මනුස්සයෙක් ගහන්න එනකොට රහතන් වහන්සේ කෙනෙක් දිව්වා කියල.. රහතන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා රහතන් වහන්සේට පහර දුන්නොත් ඒ පුද්ගලයා කරගන්නේ ලොකු පාපකර්මයක් කියල.. ඒ හින්දයි රහතන් වහන්සේ දුවන්නේ.. ඒ වගේම හොදන්දම දේ සියලු පාපකර්ම වලින් ඈත්වී සිටීමයි.. ඔයාල කව්රුහරි කෙනෙක්ව ඕනෑකමින් කේන්ති ගස්සනවා කියන්නේ ඔයාල පවක් කරගන්නවා කියන එකයි.. නිතරම කරන ක්‍රියාව තමුන්ට අනුයුක්ත කරලා හිතල බලන්න... මේ ක්‍රියාව වෙන කෙනෙක් මට කරනවට මම කැමතිද කියල.. උත්තරේ නැහැ කියන එකනම් ඒ ක්‍රියාව කරන්න එපා..විශේෂයෙන් කෙන්තියන කෙනෙකුට නම් ඔයාල කල යුත්තේ ඒ පුද්ගලයා සංසාරෙන් අරන් ආපු කේන්ති යන ගති ගුණය දුරු කරගන්න උදව් කිරීමයි...

    ඔයාල ඒ කරන ක්‍රියාවෙන් අපාගතවෙනවද නැද්ද කියල කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි...කරමය කියන විෂය හරි ආකාරව දන්නේ බුදු කෙනෙක් විතරයි..

    e ape malli. waradda eya athe. eya usas manasika thathweka kiyala eya yana gihi bhaawana madhdhyasthane kenek kiwe. namuth waradda kale eyai. eya passe magen ekata samawa illuwa. waradi kena eya nam eya e wage thathwekanam pawa matada? kawadawath shodarayekta nokiwa yuthu de kiyalai eya banne
    ඒ අපෙ මල්ලි. වැරැද්ද එයා අතේ. එයා උසස් මානසික තත්වෙක කියල එයා යන ගිහි භාවනා මධ්‍යස්ථානෙ කෙනෙක් කිවෙ. නමුත් වැරද්ද කලේ එයයි. එයා පස්සෙ මගෙන් ඒකට සමාව ඉල්ලුව. වැරදි කෙනා එයා නම් එයා ඒ වගෙ තත්වෙකනම් පව මටද? කවදාවත් සහෝදරයෙක්ට නොකිව යුතු ඩේ කියලයි එයා බන්නෙ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    e ape malli. waradda eya athe. eya usas manasika thathweka kiyala eya yana gihi bhaawana madhdhyasthane kenek kiwe. namuth waradda kale eyai. eya passe magen ekata samawa illuwa. waradi kena eya nam eya e wage thathwekanam pawa matada? kawadawath shodarayekta nokiwa yuthu de kiyalai eya banne
    ඒ අපෙ මල්ලි. වැරැද්ද එයා අතේ. එයා උසස් මානසික තත්වෙක කියල එයා යන ගිහි භාවනා මධ්‍යස්ථානෙ කෙනෙක් කිවෙ. නමුත් වැරද්ද කලේ එයයි. එයා පස්සෙ මගෙන් ඒකට සමාව ඉල්ලුව. වැරදි කෙනා එයා නම් එයා ඒ වගෙ තත්වෙකනම් පව මටද? කවදාවත් සහෝදරයෙක්ට නොකිව යුතු ඩේ කියලයි එයා බන්නෙ

    ඔයා අවවාද කරේ සහෝදරයාගේ වරදක් නිවැරදි කරන පිරිසිදු චේතනාවෙන් නම් ඔයාට පවක් සිද්දවෙන්න විදිහක් නැහැ.. එයාට කේන්ති යනවනම් මයිත්‍රී භාවනාව වඩන්න කියන්න..
     

    chamara0123

    Member
    Jul 4, 2016
    13
    3
    0
    සක්කාය දිට්ඨි

    13769500_631419177033417_4879624861116182511_n.jpg


    වෙනස්වන ලෝකය තුළ ‘මම’ යන්නකු සිටිය නොහැකි බව වටහා ගන්නේනම් මිලිනවන ලෝකය කිසිසේත් ‘සැප’ නොවේය යන්න අවබෝධ කර ගන්නේනම් සැප දුක යනු සිතේ මායාවක් මිස පවතින දෙයක් නොවන බව පැහැදිලි කරගන්නේ නම් එම තැනැත්තා සම්මා දෘෂ්ටිගත වුන සක්කාය දෘෂ්ටිය ප්‍රහීණ කළ අයකු බව පැහැදිලිය.

    මෙම ලිපිය සාකච්ඡා කරනුයේ දහම අනුව දකින අයුරුයි. එය පවත්නා ජීවිත හෝ ලෝක පැවැත්මට සංහිදියාවක් ඇතිකර ගැනීම ගැන අදහස් නොකරේ. සක්කාය සත්කාය වශයෙන් ද කියවේ. සත් යනු හොඳ යන්නයි. කාය – කය ශරීරය යැයි කියවේ. හොඳ ශරීර ඇති යනු හොඳ සැප දෙන යහපත් යැයි කියවෙන ශරීර වලින් යුක්ත බවයි. සැප රජ කරවන ලෝකය යන්න අරුත් වලට බිදේ. මෙම ලිපිය දහම ගැන කතා කරයි. දහම ශරීර ස්කන්ධ වශයෙන් හඳුන්වන්නේ ජීව ලෝකයයි. ජීව ලෝකය යනු මේ පෘතුවි තලය මතුපිට සහ අවට පවතින පැවැත්වෙන ජීවීන්ටය. අපගේ සාමාන්‍ය දැනුම මත එය කතා කරන්නේ නම් ලෝකයේ පෙනෙන සත්වයන් සහ භෞතික ලෝකය කාය නම් වේ. එය හොඳයැයි සැප යැයි වනුයේ මේ ලෝකය සැප දායක බව ජීවිත පී‍්‍රතිමත් බව සහ ජීවිත – වින්දනය සඳහන් නිසාවෙනි.

    ලෝකය සුවදායක සැපදායක තැනක් යන්න දැකීම සහ සැප සහ සුව ගැන ඒක පාක්‍ෂිකව බැලීම වැරැදි දෙයක් බව සඳහන් කළ යුතුය.

    පළමුව සැප යනු කුමක්දැයි බලමු. යම් තැනක සැපයැයි සඳහන් කරනුයේ එහි දුක නැති බවයි. එහෙත් සැප සමඟ දුක අත්වැල් බැඳ ඇති බව පැහැදිලිය. අපි උදාහරණයක් ගෙන බලමු.ගෙයකට ගෙවැදීමකට උත්සවයක් සංවිධානය කරවනවා යැයි සිතමු. උත්සවය සංවිධානයට, නැකත් බැලීම, උත්සව ශාලාව හෝ ස්ථානය සැකසීම, වෙනත් විවිධ සංවිධාන කටයුතු රාශියක් කළයුතුව ඇත. නියමිත වේලාවට අමුත්තා ලවා පීත්ත පටිය කපන මොහොතේ දී සියල්ල සතුටුවේ. ඒ සතුට පවතිනුයේ එම තත්පර කීපය තුළ පමණි. එම කටයුත්ත සංවිධානය ඇරඹූ දින සිට සමහර විට උත්සවයෙන් පසුවත් බොහෝ දුක් ගැහැට විඳී. ඒ අත්පොලසන් හඬත් සමඟම සැප මිලින වී යයි. සැප යැයි කියන මොහොත ලබා ගැනීමට අපි කොතෙක් නම් දුක් විඳිමුද?

    මේ ධර්මතාවය මේ ලෝකයේ සැප යැයි අත් විඳින සියල්ලටම පොදුය. ක්‍ෂණයක සිදුවීම මොහොතක ගැටුම සැප යැයි සිතා සතුටු වෙමු. එහි ඉතිහාසය පුරාම දිවෙන්නේ දුකකි. එම අනුව සැපය ප්‍රතිශතයක් වශයෙන් ගැනීමේ දී දශම බිංදු කීපයෙකින් එහා අගයක් ගනී. තුලානාත්මකව සැප දුක දෙස බැලීමේ දී අප වැරැදි දැක්මක සිටින බව පසක් කරගත යුතු ය.

    බොහෝ අය සැප කායික සහ මානසික වශයෙන් දෙකොටසකට බෙදත්. භෞතික අභෞතික වින්දනය ඉහත සඳහන් ආකාරයට බෙදා වෙන් කෙරේ.

    සැප යැයි කියන වින්දනය ලබා ගැනීම සඳහා කොපමණ වාරයක් මානසික ගැටීම් වල අතරමන් ව්ද? කොපමණ වාරයක් ඇලීම්, ගැටීම්, තෙරපීම්, පිපිරීම් වලට ලක්වේද? නොඉවසිලි උද්වේගකාරී කනස්සලු සිතිවිලි පරම්පරා කීයක් බිහිකරනවාද? මොහොතක් සිතා බලන්න.

    හුදෙක් ජීවිතය හෝ ලෝකය දුක යැයි සිතීම අශුභ වාදීව දැකීමක් නොවේ. යමෙක් සැප සහ දුක හෝ ප්‍රතික්‍ෂේප කිරීමට තමාගේ මිම්මට ගලපන්නේ නම් එය අශුභවාදී සිතිවිල්ලකි. පවතින දේ පවතින අයුරින් වටහා ගැනීම තාත්ත්විකත්වයයි. පවතින අයුරින් දැකීමයි. පවතින දෙයෙහි මූලික පදනම සහ යථා ස්වරූපය දැකීම සත්‍ය දැකීමයි. මේ අයුරින් සත්‍ය දකින්නකු එහි පතුලටම බැස විමසිය යුතු ය.

    ලෝකයේ ඇති සියල්ල සැප දුක මුසුව පවතින බව අපගේ පිළිගැනීමයි. මේ සැප දුක වින්දනය කරනුයේ සිත විසින්ය. දිවට දැනෙන යම් රස භාවය හෝ අමිහිරි භාවය තීරණය සිතේ ලියාපදිංචි කිරීමේ පිළිවෙත අනුව සිදුවේ. එම කාර්යයට පෙර ලැබූ අත්දැකීම් සහ පංචේන්ද්‍රිය වල බලපෑම ඇතිවිය හැක. ඒ සමඟම මිහිරි හඬක් ශ්‍රවණය කරයි. එයද සිත සටහන් කරගනී. මෙය ඇතිවූයේ කොහිද? වරෙක දිව අග තවත් වරක කන් බෙරය තුළත් ය. බිහිරි පුද්ගලයකුගේ සෝත නාලිකා තුළ සිත පිහිටන්නේ නැත. එයින් සෝත වින්දනය නොලබයි. වින්දනයේ ගුණාත්මක බව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එම වින්දනය සිත මුල් කොට පවතී. පංචේන්ද්‍රිය වින්දනය ලබාගැනීමේ මාධ්‍යයි. මාධ්‍යයේ ප්‍රබලතා පුද්ගල වින්දනයේ වෙනසකට හේතුවේ.

    සැප දුක යනු සිත වෙනස්වීමකි. යම් හෙයකින් එක් වින්දනයක් සැප නොවේ යැයි කියා ප්‍රතික්‍ෂේප කරන්නේනම් හෝ දුක යැයි වශයෙන් එය පිළි නොගන්නේනම් එය සිතේ ඇති සටහනකි. එසේනම් අප සැප හෝ දුක යැයි කියන්නේ සිතටය.සිතට එන සංඥා (වින්දන) නවත්වන්නේ නම් සිතට තීරණවලට එළඹීමට නොහැකිවනු ඇත. සැප දුක කියා සංඥා නොලබන්නේ නම් සිත සැප දුක හඳුනා නොගනී. එසේනම් ලෝකය යනු අපට සංඥා එවන ගබඩාවකි. ගබඩාව හිස් කළ සිත සිතිවිලි නොලබයි. එසේ නම්, ලෝකය සැප දුක දෙකකට බෙදන්නේ කෙසේද? ඉහත කරුණු අනුව සක්කාය දිට්ඨිය වැරැදි හැඟීමකි.

    වැඩි ජනතාවක් ලෝකය සැපදායක පී‍්‍රතිදායක තැනක් බව පිළිගන්නා, අතර ටික දෙනකු එය දුකක්ම බව පිළිගැනීමට මැලිවේ. මේ දර්ශනයන් දහමට අනුව කෙසේ පිළිගනිමුද? මෙහිදී දහමට අනුව යනුවෙන් සඳහන් කළේ දහමේ මතය කොටුකර පෙන්වීමට නොවේ. එසේත් නොවේ නම් දහම් මතය සුවිශේෂි මතයක් බව බලයෙන් පැටවීමටත් නොවේ. නමුත් එය සත්‍යම බව සහ පරම සත්‍යම බව ඒත්තු ගැන්වීමටයි. දහම යනු මතයක් හෝ දර්ශනයක් නොවේ. යම් දෙයක් නිරීක්‍ෂණය කිරීමේදී නිර්ණායකයන් වුවමනා කෙරේ. දහම පිරිසුදු නිර්ණායකයන් සමූහයකි.

    අපි යම් සතුටක් වින්දනය කරන්නේ භෞතික වස්තුවකින් හෝ මනසින් බව ඉහතින් පැහැදිලිව දැක ගත්තෙමු. ඇස ගැටෙන ප්‍රසාද රූපය තවත් ඉන්ද්‍රියන්ගෙන් නිකුත් කළ රූපත් සමඟ හෝ තනිවම සංඥා නිකුත් කරයි. එය එක ගොණුවක් වශයෙන් මනසේ ළැඟුම් ගනී. මෙය සංඛාරයි. මෙම සංඛාර විඤ්ඤානය උත්පාදනයට උදව්වේ. විඤ්ඤානය ලද දේ නාම රූප ලබයි. අප ඉදිරියේ ඇති රූපය මානව රූපයක් හෝ සතකුගේ රූපයක් හෝ වෙනත් භාණ්ඩයක රූපයක් හෝ අප තුළ පදිංචි වන්නේ මෙ අයුරිනි.

    සම්පූර්න ලිපියට : https://www.facebook.com/NivanaBoho...5858942256110/631419177033417/?type=3&theater


    "https://www.facebook.com/NivanaBohoDuraNowe/"

    :):):):):):):)