සෝරත පොඩි හමුදුරුවෝ

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    සෝරත පොඩි හමුදුරුවෝ

    ළමා කාලයේ සුන්දරත්වය නැවතත් හදවතට සමීපකරවන ටෙලි නාට්‍යයක් ලෙස මේදිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ‘සිඳූ’ හැඳින්විය හැකිය.එහි එන ළමා චරිත අතුරින් සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය කැපීපෙනෙන චරිතයක් වී ඇති අතර, එය මේදිනවල වැඩිවශයෙන් කතාබහටද ලක්ව තිබේ.මේ ‘සිඳු’ හි සෝරත පොඩි හාමුදුරුවන් සමග සිදුකරන ලද සම්මුඛ සාකාච්ඡාවකින් උීපුටා ගැනීමකි.

    පොඩි හාමුදුරුවනේ කෝ සිවුර?

    දැන් ෂූටිං නෑනේ. ඒ නිසා සිවුර තියලා ආවේ.

    පොඩි හාමුදුරුවන්ගේ නම මොකක්ද?

    කවීෂ විහඟ

    අපි පොඩි හාමුදුරුවො කියන්නද? කවීෂ කියන්නද?

    කවීෂ කියන්න.

    කවීෂ මේ දවස්වල මොනවද කරන්නේ?

    ඉස්කෝලෙ නිවාඩු. ඒ නිසා ෂූටිං යනවා, සෙල්ලම් කරනවා.

    රඟපානකොට ඔයාට බයහිතෙන දේවල් එහෙම වුණාද?

    ඔව්. එක දවසක් රඟපානකොට උඩින් ආපු ප්ලේන් එකකට බයවුණා. මට ඇඬුණා. ඊටපස්සෙ ඒ මාමලාට මම කිව්වා ඒක ටීවී එකට දාන්න එපා කියලා.

    ඉතිං තව මොනවද වුණේ?

    දවසක් ෂූටිං කරද්දිවැව ළඟදි එකපාරටම දුවගෙන එන්න කිව්වා. මම දුවගෙන ආවා. ඊටපස්සේ ජබොස් ගාලා ගිලුණා. ආයෙ උඩට ආවා. වැවේ ඉද්දි මාළුත් කෙටුවා.ලොකු හාමුදුරුවන්ට හොරෙන් යාළුවොත් එක්ක වැවේ නාන්න ගිහිල්ලා තමයි එහෙම වුණේ.ඊටපස්සේ එයාලා ආපහු යට යන්න කිව්වා. මම බයවෙලා ගියේ නැහැ.

    කැලේ යද්දි මොකද වුනේ?

    කැලේ යද්දි කටු ඇනිලා මම ඇඬුවා. එතකොට ඒ මාමලා කටු අයින් කළා.

    ‘සිඳු’ කණ්ඩායමේ ඉන්න නැන්දලා, මාමලා කවීෂට මොනවද කියන්නේ?

    එයාලා මට ගොඩක් ආදරෙයි. මාව හැමවෙලාවෙම වඩාගෙන ඉන්නේ.

    පොඩි හාමුදුරුවන්ගේ යාළුවො ටික කොහොමද?

    එයාලා හොඳයි. මම රඟපානවා ලස්සනයි කියලා කියනවා.

    එතකොට ‘සිඳූ’?

    එයත් හොඳයි.

    20160812Kaveesha-6‘සිඳූ’ නාට්‍යයේ ඔයා කැමතිම කෙනා කවුද?

    හීං බබා සීයා

    ඒ ඇයි?

    හීං බබා සීයා ලොකු කතන්දර කියනවා. මම එයාට ආසයි. මට සරුංගලයක් හදලා දෙනවා කිව්වා. තවම හදලා දුන්නෙ නැහැ. හැබැයි ඉතිං හීං බබා සීයා ටිකක් බොරුත් කියනවා.

    එතකොට ලොකු හාමුදුරුවො කොහොමද?

    ලොකු හාමුදුරුවෝ හොඳයි. හැබැයි ටිකක් සැරයි.

    ඔයාගේ ‘සරණ’ ගැනත් කියමුද?

    මම පූසෙක් වඩාගත්තෙ ඉස්සරලම නාට්‍යයට. ඒ කුරුණෑගල ෂූටිං තියෙද්දි. අපි එහෙ නැවතිලා හිටියෙ. ‘සරණ’ ටිකක් බරයි. මට බයත් හිතුණා. මම වඩාගත්ත ගමන් එයාපැනලා දිව්වා.

    ගෙදර කවුරු කවුරුද ඉන්නේ?

    අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි

    ගෙදර අය ‘සිඳූ’ බලනවද?

    ඔව්, එයාලා හොඳයි කියනවා. අපේ ගමේ නැන්දලා මාමලාත් හොඳයි කියනවා.

    කවීෂට ඇත්තටම පොඩි හාමුදුරු කෙනෙක් වෙන්න ආසයිද?

    (සිනහවෙමින්)ඔව්. ආසාවක් තියෙනවා.

    ගමේ පන්සලේ හාමුදුරුවො මොකද කියන්නේ?

    හාමුදුරුවෝ ආසයි. මහණ වෙන්න කතා කරනවා.

    ඉතිං පොඩි හාමුදුරුවෝ නාට්‍ය‘යේ බණ කියනවද?

    බණ කියන්නනැහැ.

    දැන් සිවුර තනියම ඇඳගන්න පුළුවන්ද?

    තවම බැහැ. එයාලා අන්දවනවා.

    නාට්‍යයට අමතරව තව මොනවද කරන්නේ?

    දෙරණ එෆ්.එම්. එකේ ‘පුංචි තරුත් එක්ක ආයුබෝවන්’ වැඩසටහනේ ඉන්නවා. ඒකේ මම හඬකැවීම්කරනවා. නාට්‍ය රඟපානවා, කතා කියනවා, අපේ වැඩසටහනට එන අයගෙන් තේරවිලි අහනවා. සිංදු කියන්න කියල කියනවා.

    කවීශ මොනවටද වැඩියෙන්ම ආස?

    නාට්‍ය රඟපාන්න

    තව නාට්‍යවල රඟපාන්න කැමතිද?

    ඔව්,රඟපාන්න කැමතියි.

    එහෙම රඟපාන්න කතා කරලා තියෙනවද?

    තවම නම් නැහැ.

    පොඩි හාමුදුරුවන්ගෙ චරිතෙ රඟපෑවා වගේ තව මොනවද රඟපාන්න කැමති චරිත?

    රජතුමාගේ චරිතෙ රඟපාන්න කැමතියි.

    එතකොට කවීෂගෙ ඉස්කෝලෙ මොකක්ද?

    පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය

    කීවෙනි වසරෙද ඉන්නේ?

    එක වසරේ. ටීචර්ගේ නම කුසුමාලි.

    උපුටා ගැනීමකි…

    • Like
    Reactions: kellsupun

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බලනවා නම් හොද කතාවක් නෙහ් බන් :) අර indian ජරාවල් බලන්නේ නැතුව :dull::dull:
     
    • Like
    Reactions: rox2030

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ලංකාවේ ටෙලි නාට්‍ය නම් බලන්න එපා. මෙලෝ රහක් නැ. ඔය පූස් පැටියෙකුයි පොඩි හාමුදුරු කෙනෙකුයි දගලන එකක් දාලා මාර්කට් කෙරුවට ඉතින් ඔච්චර තමයි. කතාව බලන්න පුරුදු වුනොත් අතැරගන්න අමාරුයි. මිනිස්සු ඉතින් බලනවා අනේ බලන්න පොඩි හාමුදුරු පැටියා කිය කිය. :D ඕකෙ මලී කියන එකයි අත්තම්මා කියන එකයි මම බැලුවා ඒ දවස්වල. අයියෝ ඉතින් කතාව මාස ගණන් අදිනවා අදිනවා කිසි තේරුමක් නැති විදියට. මේක හදන්න ඇත්තෙත් ඒ හදපු කෙනාම වෙන්න ඇති නේ. නිකන් මන්තර ගුරුකම් පොඩි පාට් එකක් දාලා රගනවා. අනික ඔය කොම්බු දෙරණ නම් ඉතින් කොහොමත් හත්පොලේ ගාගන්න දක්ෂයි නේ. ඕන වෙලාවක අනිත් චැනල් කරන දේවල් ‍කොපි කරලා දාගන්න හරි දක්ෂයි.
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93

    මෝඩ කතා කියන්නේ නැතුව හිටපන් . උන් ඔහොම හරි දෙයක් කරනවා ඒක අගේ කරපන්, උබලටත් අර සිරස වගේ සක්කිලි චැනල් වල යන කුපාඩි ඉන්දියන් කතාවක් දැම්මනම් සූ සූ කියල බලයි .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මෝඩ කතා කියන්නේ නැතුව හිටපන් . උන් ඔහොම හරි දෙයක් කරනවා ඒක අගේ කරපන්, උබලටත් අර සිරස වගේ සක්කිලි චැනල් වල යන කුපාඩි ඉන්දියන් කතාවක් දැම්මනම් සූ සූ කියල බලයි .

    තමුසෙට පිස්සුද අයිසේ. මං ඔය ලංකාවේ යන ගූ හැලි බලන්නෙ නැ. ඉන්දියන් ලඩි බලන්නෙත් නැ :lol: tv එකක් තිබුනට ඒවයින් වැදගත් දෙයක් බලපන්. නිකන් ඔය ලපයි සිපයි ටෙලිනාට්‍ය බලන්න එපා. උබල වගේ typical ඩයල් තමයි ඔහේ tv ඉස්සරහට වෙලා උදේ ඉදන් රෑ වෙනකන් ඕකෙ යන හැම රෙද්දම බල බල ඉන්නේ
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉන්දියන් කොරියන් සුත්තවල් වලට වඩා හොදයි !
    නෙදකින් මේකප් හැත්හ්තක් ඉන්නෙ ඒවයේ :D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ලංකාවේ ටෙලි නාට්‍ය නම් බලන්න එපා. මෙලෝ රහක් නැ. ඔය පූස් පැටියෙකුයි පොඩි හාමුදුරු කෙනෙකුයි දගලන එකක් දාලා මාර්කට් කෙරුවට ඉතින් ඔච්චර තමයි. කතාව බලන්න පුරුදු වුනොත් අතැරගන්න අමාරුයි. මිනිස්සු ඉතින් බලනවා අනේ බලන්න පොඩි හාමුදුරු පැටියා කිය කිය. :D ඕකෙ මලී කියන එකයි අත්තම්මා කියන එකයි මම බැලුවා ඒ දවස්වල. අයියෝ ඉතින් කතාව මාස ගණන් අදිනවා අදිනවා කිසි තේරුමක් නැති විදියට. මේක හදන්න ඇත්තෙත් ඒ හදපු කෙනාම වෙන්න ඇති නේ. නිකන් මන්තර ගුරුකම් පොඩි පාට් එකක් දාලා රගනවා. අනික ඔය කොම්බු දෙරණ නම් ඉතින් කොහොමත් හත්පොලේ ගාගන්න දක්ෂයි නේ. ඕන වෙලාවක අනිත් චැනල් කරන දේවල් ‍කොපි කරලා දාගන්න හරි දක්ෂයි.

    මේකෙත් ඇත්තක් නැත්තෙම නෑ
    සරනගෙනුයි පොඩි සාදුගෙනුයි තම දුවන්නේ :D හා නැද්ද ? 100% ක් ම.
    මාත් බලන්න ගත්තේ ඒකයි.
    හොදට බැලුවොත් කතාව යන්නේ විනාඩි 18ක් වගේ :D අනිත් විනාඩි 12ම ඇඩ් යන්නේ.
    හම්බු කරනවා උනුත් :D
    ඉන්න්දියන් කොරියන් බේබි සබාන් වලට වඩා අපේ දෙයක් දෙන එක අගය කල යුතුයි ;)