හතරදෙනාම_සූරයෝ…_ඒත්…
හතරදෙනාම සූරයෝ… ඒත්…
මේ ඉන්නේ ලෝකෙ හතර දිග්භාගේ ඉන්න සූරයෝ හතරදෙනෙක්. මේ අයගෙන් එක්කෙනෙක් ගැන හරි ඔබ අනිවාර්යෙන්ම අසා ඇති. මේ මිනිසුන් හතර දෙනාට තියෙන්නේ පුදුම සහගත ධෛර්යයක් . . .
01. ස්ටීවන් හෝකින් (Stephen Hawking) . . .
පළමුවෙන්ම ඉන්න කෙනාගේ නම ස්ටීවන් හෝකින් (Stephen Hawking) එයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. විශ්වයේ රහස් පිළිබඳ නිරන්තරව මහා කුතුහලයකින් සොයා බලන බටහිර ලෝකයාට නම් ඔහු මහා සම්පතක්. පසුගිය කාලයේ සිදු කරන්නට යෙදුණු, අජටාකාශ විද්‍යාවේ ප්රමුඛ පෙළේ නව සොයා ගැනීම් බොහොමයක් සමඟ හෝකින් නාමය නිරන්තරයෙන් සම්බන්ධ වීය . . .
ඔහු ගෞරව උපාධි දොළහකට උරුමකම් කියන අයෙක්. උපාධියක් ලබා ගන්න එකත් ඒ තරම් ම පහසු නැති එකේ, ආචාර්ය උපාධියකට වගේ ම ගෞරව උපාධි දොළහකටත් හිමිකම් කියන එක මොන තරම් දක්ෂ කමක්ද නේද ද? හැබැයි ඉතින් අපේ රටේ නම් කොල්ලටයි බල්ලටයි හැමෝටම අචාර්ය උපාධි තියෙනවා . . .
මේ විද්‍යාඥයා සිය ජීවිතයේ හැත්තෑ වසරක කාල සීමාවක් ගත කොට අවසන්. එහෙත් ඒ කාලයෙන් වසර 38ක්ම, ඒ කියන්නේ ජීවිත කාලයෙන් හරි අඩකටත් වැඩි කාලයක්ම ඔහු ගත කරන්නේ අංශභාග රෝගියෙකුගේ ජීවිතයක්. මේ තත්වය ඔහුට ඇති වුණේ මෝටර් නියුරෝන් ඩිසීස් (Mඔටොර් ණෙඋරොනෙ ඪිසේසේ කියන ස්නායු ආශි‍්‍රත රෝගයකට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් විදිහටයි. රෝගී තත්වය නිසා ඇඳට සහ රෝද පුටුවට සීමාවන්නට ඔහුට සිදු වුණත්, ඔහු නව දැනුම සොයා යන එක නම් මොනම හේතුවක් නිසා වත් නැවැත්තුවේ නෑ. ඔහු මේවන විට විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන මහාචාර්යවරයෙක්. අපට ඔහු මේ පැමිණි ගමන සුවිශේෂි වන්නේ මේතරම් බරපතළ රෝග තත්වයකට ගොදුරු වී සිටිය දී පවා, මෙවන් සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට ඔහු සමත් වූ නිසයි . . .
ඔහු සතු ආත්මශක්තියත්, උගත්කමත්, කුසලතාවයත් විසින් ඔහු විශිෂ්ටයෙකුගේ තත්වයට ඔසවා තබා අවසන් . . .
02. නික් වුජිසිස් (Nick Vujicic)
දෙවෙනියා තමයි නික් වුජිසිස් (Nick Vujicic). එයා ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්. දැන් තිස් වෙනි වියේ පසු වන නික් උපන්නේ උපතින් ම අතපය හතර නැතිව. ඒ රෝගය ටෙට්රා ඇමීලියා සින්ඩ්‍රොම් (Tetra-amelia Syndrome) නමින් හඳුන්වනවා. අත්වෙනුවට ඔහුට තියෙන්නෙ උරහිස් පමණයි. පාද වෙනුවට කලවා හෝ කෙණ්ඩා නැති යටි පතුල් පමණක් ඔහු සතුයි. එවන් එක් යටි පතුලක ඇඟිලි දෙකක් පමණක් පිහිටලා තියෙනවා. අවුරුදු 8 දී ඔහු සිය දිවි හානිකර ගන්න උත්සහ දැරුවේ ජීවිතයේ ඇති අසරණකම දරා ගන්න නො හැකි වුණ නිසා . . .
ඊට ටික කලකට පසු ඔහුට දැඩි ලෙස ආබාධිත වූවෙකු වෑයමෙන් ජීවිතය ගොඩනගා ගත්ත හැටි පත්තරයකින් කියවන්න ලැබුණා. එහි ප්‍රතිඵලය වුණේ නික් තම ජීවිතය අලූතෙන් පටන් ගැනීම. ඔහු මුලින් ම පාදයේ ඇඟිලි දෙක භාවිත කරලා ලියන්න පුරුදු වුණා. ඊට පස්සෙ මුහුණකට සෝදා ගන්න, රැවුල කපා ගන්න, දුරකතනය භාවිත කරන්න විතරක් නෙමෙයි පරිගණකය භාවිත කරන්නත් ඔහු ඉගෙන ගත්තා. 2005 වසරෙදි, "වසරේ ඕස්ටේ්රලියානු යෞවනයා" ලෙස පිදුම් ලැබුවෙත් නික්. මේ ධෛර්ය සම්පන්න මිනිසා දැන් වෘත්තීය දේශකයෙක්. ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඔහුට සවන් දෙනවා. ඔහු ඔවුන්ට කියා දෙනවා ධෛර්යය සම්පන්නව ජීවිතයට මුහුණ දෙන හැටි. ජීවිතය ඔහුට බොහෝ දේවල් අහිමි කොට තිබුණා වුණත් ඔහු පෙරළා ජීවිතයට හොඳ පිළිතුරක් දුන්නා . . .
03. ජුආන් ජෝස් පැඩිල්ලා (Juan Jose Padilla) . . .
තුන් වෙනියා තමයි ඔහු ජුආන් ජෝස් පැඩිල්ලා (Juan Jose Padilla). එයා ස්පාඤ්ඤ ජාතිකයෙක්. ස්පාඤ්ඤය ගොන් පොරවලට නම ගියපු රටක්. ‘ගොන් පොර’ කිව්වට ගොන්නු සහ මිනිස්සු තමයි පොරකන්නෙ. ඒත් ඉතිං කියන්නෙ ‘ගොන් පොර’ කියලා තමයි. ස්පාඤ්ඤ ගොන් පොර පිටියේ ජුආන් පැඩිල්ලා කියන්නෙ ඉහළින් ම කියැවෙන නමක්. කිලෝ පන්සීයක් හයසීයක් බර, තියුණු අං තියෙන සද්දන්ත ගොනෙක් බෙලහීන කරලා පරදවන එක ලේසියෙන් කරන්න බෑ. ඒත් ජුආන් අවුරුදු 11ක් තිස්සේ අඛණ්ඩව 25 වතාවක් ඒ දස්කම කළා. හැබැයි 26 වැනි වතාවේ ඔහුට වැරදුණා . . .
ඒ තරගයේ දී ගොනා ඔහුට දරුණු විදිහට පහර දුන්නා. සද්දන්ත ගොනාගෙ තියුණු අං යුගල ජුආන්ගෙ මුහුණ පසාරු කළේ මුහුණෙ මාංශ පේශි ඉරා දමමින් සහ හිසට බරපතළ හානි සිදු කරමින්. සැබැවින් ම ඔහු සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. වාසනාවකට ඔහු සුවපත් වුණා. ඒත් ඔහුගෙ මුහුණෙ එක් අංශයක් සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය වුණා. ඇහැක පෙනුම සදහට ම නැති වුණා. කනක ශ්‍රවණ හැකියාවත් අතිශය දුර්වල වුණා . . .
ඒ මාරාන්තික අනතුරෙන් මාස පහකට පස්සෙ ඔහු ආයෙමත් ගොන් පොර පිටියේ තරග වැදුණා. ඒ මාස පහ ඇතුළත පුහුණුවීම් කරලා ඔහු පිටියට ආවේ කිලෝ පන්සීයකට වඩා බර ගොන්නු දෙන්නෙක් එක්ක සටන් වදින්න. එක් ඇසකින් විතරක් තරග පිටිය දකිමින්, මහා අනතුර නිසා පිරිහී ගිය සෞඛ්‍යයෙන් යුතු ව ඔහු ගොනුන් දෙදෙනා සමඟ කරට කර සටන් වැදුණා. පේ්රක්ෂකයන්ගේ ඔල්වරසන් මැද්දෙ ඔහු ජයග්රහණයෙන් තරගය අවසන් කළා. ඔහු සතු වූ ආත්ම විශ්වාසය ඔහු ගොන් පොරපිටියේ වීරයා බවට පත් කළා. ඔහුගෙ තේමාව වුණේ ‘ගොනෙකුට බෑ මාව පරද්දන්න’ කියන එක. අවසානයේ ඔහු දිනුවා . . .
04. අහිංසක (Prince Ahinsaka) . . .
හතරවෙනියා තමයි අහිංසක (Prince Ahinsaka). එයා ඉන්දියානු ජාතිකයෙක්. වේගයෙන් දුවන ඇතාව ලූහුබැඳලා අල්ල ගත්ත, වේගයෙන් දුවන අශ්වයාවත්, මුවාවත් ලූහුබැඳලා අල්ල ගත්ත, තිහ හතළිහ පනහ ගාණෙ ආපු කණ්ඩායම් එක්ක තනිවම සටන් කරලා ගුරු පඬුරු පුද දෙන්න වෑයම් කරපු, මහාවෙර තිබුණ, මහ සවි තිබුණ අංගුලිමාල බවට පත්වූ තරුණ අහිංසක, ඒ සා දරුණු බිඳ වැටීමකින් පස්සෙ අලූතෙන් ජීවිතය පටන් ගත්තෙ මොන තරම් ආශ්චර්යයවත් ආකාරයකින් ද ?
මේ හැමෝම ජීවිතේ දෙපාරක් ඉපදුණ අය. ඒත් අහසට පොළව වගේ වෙනසක් තියෙනවා.
ස්ටීවන්ලා, නික්ලා, ජුආන්ලා හැමෝම කල්ප ගණනකින් මේ ලෝකෙට ආයෙත් එයි. ඒ එද්දි ඔය විදිහට ම දිනන්න බැරි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයිට වැඩිය ඛේදනීය තත්වයකට ඇදවැටෙන්නත් පුළුවන් . . .
ඔබ කැමති මොනවිදිහට ජීවිතේ දිනන්න ද? ස්ටීවන්ලා, නික්ලා, ජුආන්ලා කරපු දේ කරන්න ගුරුහරුකම් උවමනා නෑනෙ. අංගුලිමාල මහරහතන් වහන්සේගේ මඟ යන්න උවමනා කරන දේ ඒ නිකෙලෙස් හද මඬලින් පැන නැගුණ වචනවලින් ම අපි සටහන් කර තබා ගමු . . .
‘‘කවුරු හරි කලින් දහමේ හැසිරෙන්ට පමා වෙලා හිටියත් පස්සෙ කාලෙක අප්‍රමාදීව දහමේ හැසිරුණොත්, එයා මේ ලෝකය එළිය කරනවා. වලාකුළින් මිදුණ පුන් සඳක් වගේ . . .
කුඹුරේ ලියැදි හදන අය තමන් කැමති දිශාවට වතුර ගෙන යනවා. හී වඩුවන් ඊ තලවල ඇද ඇරලා කෙළින් කරනවා. ලී වඩුවන් කැමති විදියට ලී නවනවා. අන්න ඒ විදියට බුද්ධිමත් කෙනා තමන්ගෙ ජීවිතය දමනය කර ගන්නවා.
මෝඩ ජනතාව බාහිර වැඩකටයුතුවලට මුළු ජීවිතය ම කැප කරනවා. ධර්මයේ හැසිරීම ප්‍රමාද කරනවා. නමුත් බුද්ධිමත් කෙනා අප්‍රමාදව ධර්මයේ හැසිරී උතුම් ධනයක් එක් රැස්කර ගන්නවා වගෙයි.”
යන්න ඕන මඟ ඔබ තීරණය කළා ද ?
මේ ලිපිය මා සිත් ගත් බැවින් එය ඔබ සියළු දෙනා සමඟ බෙදා ගැනීමට අදහස් කලෙමි.
බුදුසසුන බැබලේවා !

Last edited: