හන්තානට පායන සද
ගායනයඅමරසිරි පීරිස්
පද රචනය ධම්මික බණ්ඩාර
සංගීතය ඩැනිස්ටර් පෙරේරා
අමරසිරි පීරිස් මහතා ගායනා කරන මේ ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් කරන ලද ගේය පද රචනයක්.
ගී පද
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...
ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
හන්තානට පායන හඳ...
පේරාදෙනිය සරසවි බිම... හන්තාන කදු බිම... එහි තුරැ වැල්ලතා කතා කරන්න පුළුවන් නම් පෙම්වතුන් ගැන... ආදරය ගැන කෙතරම් අත්දැකීම් පවසාවිද... හන්තානේ පා සටහන් නෙතැබූ පෙම්වතුන් යුවලක් පේරාදෙණිය සරසවියෙන් සොයා ගත හැකිද...
පේරාදෙණිය ගැන, හන්තාන ගැන ගී ලියන්න කවි ලියන්න කවි ලියන්න පෙරැම් පුරන අය කෙතරම්ද... එවන් නිර්මාණකරැවන් අතින් බිහිවන ගී වල සුන්දරත්වය ගැන කවර කතාද...
අද අපි කතා කරන්නේ ඒ විදිහට කාලාන්තරයක් තිස්සේ පෙරැම් පුරලා... බිහිකළ නිර්මානයක් ගැන. ධම්මික බණ්ඩාර හන්තානට පායන සඳ ගැන ලියූ පද රචකයා.
ඔහු මෙලෙස එම ගීතයේ සුන්දරත්වය කියන්නට විය.
මම ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ, ඒත් මගේමිතුරන් හිටියා පේරාදෙණියේ. නවසිය අනූවේදී විතර නිවාඩුවට මම යනවා පේරාදෙණියට. ඒ පරිසරය හරිම සුන්දරයි. මට හිතුණා පේරාදෙනිය ගැන සිංදුවක් ලියන්න. ඒත් එක කවදාවත් ලියවුණේ නැහැ.
පසුව මම ගුරැවරයෙක් වුණා. මගේ උසස් පෙල පංතියේ දවසක් මම දැක්කා සිසුවෙක් සිසුවියක් අතර පෙම් සබදතාවක් මෝරණවා. මම කරබාගෙන හිටියා. මේ සිසුවිය ඒ තුනක් අරගෙන පේරාදෙණියට ගියා. ඒත් කොල්ලට යන්න බැරි වුණා.
වසර ගණකට පස්සේ දවසක් මට මේ තරැණයා හමුවුණා. කෝ උඹත් එක්ක ඒ කාළේ එකට බත් කාපු කෙල්ල කියා මම ඇහුවා. නෑ සර්... ඒක ඉවරයි. එයා කැම්පස් ගියා. එයාට දුර ගමනක් තියෙනවානේ. පේරාදෙණියට ගියාම එයා කොතරම් සුන්දර දේවල් දකිනවාද...
ඒ සුන්දරත්වය මා නිසා විදින්න බැරි වේවි. ඒ නිසා ලියුම් ගණනාවක් ලියලා මම අයින් වුණා. ඒත් එයා නම් කැමති වුණේ නැහැ. ඒ තරැණයා මට කිව්වා. මම කිව්වා. මම කල්පනා කළා මෙයා අමුතු විදිහට හිතපු ළමයෙක්. ඉතින් අවුරැදු ගණනාවකට කලින් මගේ හිතේ තිබුණු පේරාදෙණිය ගැන ලියන්න ඕන සිංදුව ලියැවුණා.
ඒ ධම්මික ගීතයේ නිමිත්ත ගැන කළ සටහන්ය.
ගීතය ගැන එහි අරැත ගැනත් ධම්මික කතා කළා දැන් ඇය ඉන්නේ පේරාදෙණිය සරසවි බිමේ. ඒබිමට හන්තාන හද පායන අවස්ථාව ඒත් ඒ පුරහද මට දකින්න බැහැ. එය ඔබට දැකිය හැකියි.
සරසවි බිමේ ඇය දකිනා බොහෝ සුන්දර දසුන් දකින්නට ඔහුට වරම් නැහැ.
අදුර ලලා වහින කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...
ඔහු සරසවි නොගියත් එහි ජීවිත ගතවන ආකාරය ගැන මනා අවබෝධයක් තිබෙන තරැණයෙක්. පේරාදෙණිය සරසවි බිමට හිරිපොද වැස්ස අලුත් දෙයක් නොවේ. මේ වැස්ස පතිත වන්නේ අදුරත් කැන්දා එමින්. ඉතින් සරසවි පේර්මාතුරයන් එක කුඩේ යටින් තුරැළු වෙලා යද්දී... ඈ යන්නේ කුඩේ යටින් තනිවයි. ඒ ඇයගේ පෙම්වතා ඉන්නේ ගමේ. ඒත් කැමැති කෙනෙක් ඉන්නවා නම් කුඩේ යටට ගත්තාට කමක් නැහැ කියා ඔහු ඇයට පවසනවා. කුඩේ යටින් ඔබ යන කල එපා තනිය ඇනෙන්න... කියා ඔහු කියන්නේ ඒ නිසයි.
ලතා මඩුළු අත වනාවී
එපා අහක බලන්න...
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
ඔහු ආත්මාර්තකාමියෙක් නොවේ. ආදරය කැපකළ අහිංසක සුන්දර පෙම්වතෙක්.
සරසවි බිමේ හැම තුරැ වදුලක් පයටම ආදරවන්තියන් පෙම් බස් දොඩවන අසුන... විශ්වවිද්‍යාල ජීවිතය හදුනන ඕනෑම අයෙකු අත් විදින්නක්. මේ තුරැ වදුලු පසුකරන් යද්දී ඒ ඒ ගහකොළ ඇයට අත වනනවා. ලතා මඩුල්ලේ සෙවනට එන්න කියා... ඒ තනිව නොවේ... ඇතැම් විට සරසවියේ ඇයගේ පේර්මය ඉල්ලා සිටින තරැණයෙක් වෙන්නත් ඇති හිතන්නේ ගමේ පෙම්වතා ගැන. ඒපා මා ගැන හිතන්න එපා. සරසවි බිමේ සුන්දරත්වය ඔයා විදින්න. අපි දෙදෙනාගේ ආදරය ගැන මතකය අමතක කරලා දාන්න. කිසිදා ඒ මතකය යළිත්... නොයන ලෙසට මේ ත්‍යාගශීලී පෙම්වතා ඇයගෙන් ඉල්ලා සිටිනවාය.
තරැණයෙක් තමන්ගේ පෙම්වතිය දෙස උපෙක්ෂාවෙන් බලනවා. සරසවියට යන්න තමන්ට නොහැකි වුනත් එහි සුන්දරත්වය විදින්න පේමවන්තියට ඉඩ දෙනවා. මෙය අහිමි ආදරයක් ගැන කියැවෙන සුන්දර ගියක්. ඒ අදහස අමරසිරි පීරිස් පුවීන ශිල්පියාගේ.
පේමයේ පිරිත්‍යාගය ගැන ලියැවුණු ගැඹුරැ ගීයක් මෙන් මින් පෙර රස විද නැතැයි සංගීතය යෙදූ ඩැනිස්ටර් පෙරේරා ශිල්පියා පූකාශ කළා. මේ සදහා මුලිකව යොදා ගත්තේ බටහිර සංගීතය බවත්, හන්තානේ සුන්දරත්වය වඩාත් උසස් කිරීම සදහා සෙක්සපෝනය යොදාගත් බවක් ඔහු පවසන්නේය...
අසන ඕනෑම අයෙකුට අපූර්ව මිහිරක් විදිය හැකි පද මාලාවක් හඬක් සංගීතයක් මේ ගීයේ තියෙනවා. මදකට දෙනෙත් පියාගෙන මේ ගීය විදින්න... මනසේ ඇදෙන සිතුවම කොතරම් සුන්දරද...
© Copied