Star class කියල නෑ, අසහන කාරයො කොහේත් ඉන්නවා, ගෙජ්ජි හොල්ලගෙන විසිල් ගහගෙන යන්න එපා honey mooners කියල මුලු පලාත්ම දන්නවා, නරඹන්න්නො සෙට්වෙනවා. නෝමල් ඇඳලා නෝමල් වාහනේක ගිහිල්ලත් මට එහෙම උනා උදේ බලනකොට sea side බැල්කනි එකේ මඩ අඩිපාරවල් හෝටලේ නම Amaya Reef ඒකාලේ දැන් වෙනස් වෙලා.
බයවෙන්න නෙවෙයි දැනුවත් වෙන්න කිව්වෙ
මටත් ඔහොම සීන් එකක් උනා බන්. පොඩි හොටෙල් එකක නෙමෙයි තරු 5 එකක.
එකෙක් දොර ඇරගෙන කඩාගෙන ඇතුලට ආවා කියපන්කො උදේ. ඒ වෙලාවෙ උදේ නැගිටලා වැඩේ කරන ගමන් හිටියෙ. මූ දොර ඇරන් ඇවිත් සොරි කියලා යන්නත් ගියා.
මට මල පැනලා කම්ප්ලේන් කරාම හොටෙල් එකේ උන් කියනවා. උන් තට්ටු කරලා ප්‍රතිචාර දැක්කුවේ නැත්නම් උන්ගෙ යතුරෙන් දොරවල් අරිනවලු. ඒක එහෙම තමයිලු. කොහොමත් ඒ දොරවල් ඇතුලෙන් ලොක් කරාට වැඩක් නෑලු. අපිට තට්ටු කරන සද්දෙ ඇහුනෙ නෑ.
මම නම් හිතන්නෙ ඒක උන් හිතලම කරනවාද කොහෙඩ? එතනින් පස්සෙ අපි ගිය ඩෙවෙනි හොටෙල් එකෙත් ඕකම උනානෙ. ඒ වෙලාවෙ නම් තට්ටු කරේ නෑ කියන එක ශුවර්ම ශුවර්. ඌ දොර ඇරන් අවිත් මම් ඇඳෙන් නැගිටලා යන ටිකට අතුරුදහන්. ආවෙ මොකාද කියලවත් හොයන්න බෑ කම්ප්ලේන් කරන්න.
බොන වෙලාව්ක අපිත් එක්ක බොන්න සෙට් වුනා හොටෙල් එකක වැඩ කරන එකෙක්. ඌ කිව්ව කතා ඇහුවහම ජීවිතේට හොටෙල් එකක නවතින්න යන්න බයයි බන්. උන්ගෙ වෙනම නෙට්වර්ක් එකක් තියෙනව ඕවා වීඩියෝ කරලා විකුනන සහ මිලදී ගන්න. පට්ට ගානක් හොයනවා ඒ වැඩෙන්ම හෝටල් කාරයො. විස්තර ශෙයා වෙන්නෙ නම ගමත් එක්ක ෆේස්බුක් එකේ ෆොටොසුත් එක්කමලු.
පොඩ්ඩක් ඔය ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ගෙන් අහලා බලපන්කො ඔය කල්චර් එක ගැන. ලොකේ ඔක්කොම සල්ලිවලට විකිනෙනව බන්. ජීවත් වෙන්නත් වෙලා තියෙන්නෙ බයෙන්.
මට ලාවට වගේ මතකයි අර පුපුරගත්තු එවුන් බෝම්බ බැඳගන්න වීඩියෝ වැඩ කරන උන් ගාව තිබිලා අහුවුනා කියලා. ඒත් ඒක ඊටපස්සෙ යට ගියානෙ.