තර්කයක් ගොඩ නැගුවොත් අනිත් පාර්ශවයට පුළුවන් ඒක පිළි ගන්න හෝ බිඳ හෙලන්න....
අනේ පලයං බන් යන්න!



උඹව කලින් වැඩිය ආශ්‍රය කරන්න ලැබිල නැහැ නේ... කොහොමහරි මට click උනා, ගොඩ ඉඳන් පීනන එක ගැන කියව කියව ඉන්න එකෙක් නෙවෙයි, පීනන්න වතුරට බැහැපු එකෙක් කියන එක නම්... ඒ ගැන සන්තෝසයි! හැබැයි තාම මග පීන පීන ඉන්න එකෙක්ද? එතෙරටම ගියපු එකෙක්ද? මගට ගිහින් හැරිලා ආපු එකෙක්ද කියල තාම හිතාගන්න අමාරුයි. data not sufficient. ඒත් උඹට ඒකෙ කිසිම අවුලක්, ගැටළුවක් නැහැ! මට උඹට එකක් කියන්න පුළුවන්. ඔය වාද කතාව බුදුහාමුදුරුවෝ එපා කියපු එකක්!! වතාවක් බක පණ්ඩිතයෝ වගයක් ඔය එපා කියපු දේ කරලා ඒක සමූල ඝාතනයකිනුයි කෙලවර වෙලා තියෙන්නේ... ඒක හන්ද පණ්ඩිත වැඩ කරන්න එපා!!! මචෝ අනික් කරුණ -rep කියන්නේ බකපණ්ඩිත කම් කියවන්න ගිහින් කට උත්තර නැතිවෙන්න කෑවහම කොන්ද පනනැති පෙන්දෝ කේන්තියට, කරගන්න දෙයක් නැති කමටම, කරන දෙයක්! පාවිච්චි කරන ආයුධයක්. ඒවා ගණන් ගන්න ඕනේ නැහැ! මම නම් ඔය කිසි එකක් (+/- both) care කරන්නේ නැහැ!! මොකද මම හොඳටම දන්නවා භාග්‍යවතුන්වහන්සේ වදාළ සියල්ල පරම සත්‍ය බව!! මම කියන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් මට දැනගන්න ලැබුණු ඒ භාග්‍යවතුන්වහන්සේ වදාළ දේවල් තමයි! ඒවා එක්ක හැප්පෙන්න 'පුතයෝ' කවුරුවත් මේ තුන් ලෝකෙම නැහැ!!! මේ හැම දේකම ගෞරවය මගේ ශාස්තෘන්වහන්සේටත් මට ධර්මය ලැබීමට උපකාර උන කල්‍යාණ මිත්‍ර පිරිසටත් විතරයි!!! කොහෙන් ගලාගෙන ආවත් මූදට වැටුනයින් පස්සේ මූදු වතුර නේ... ඒ මූදු වතුර වෙරල ඉක්මවන්නෙත් නැහැ! (සුනාමියකදී හැර!)
උඹ ඔය එක එකා එක්ක වාද කරන, තර්ක කරන එක අල්ලලා දැම්මොත් උඹට හොඳයි! අහනවා නම් අහපන්... නැත්නම් නිකන් හිටපන්!! මම නම් සාමාන්‍යයෙන් කියන්නේ සැරයයි... දෙකයි... මම ඒ අතරේදී detect කරගන්නවා මොකාටද එන්නේ කියන එකත්. ඊට පස්සේ වැඩක් ඇති දෙයක් නම් කියනවා, නැත්නම් silence තමයි. මම හුඟක් වෙලාවට කරන්නේ ගොනා වගේ මගේ පාඩුවේ ඉඳල, බයිලා කාරයෝ සද්ද දැම්මට වැඩක් කරගන්න ගියාම කරගන්න බැරුව දාල ගියාම, lost උනාම, වැඩේ කරලා දාන එක තමයි!!! ඒකෙ මාර ගතියක් තියනවා... නිකම් self satisfaction එකක් වගේ... cool එකේ ඉන්නත් පුළුවන්. ගැටීම්, 'කචල්' මොකවත් ඇත්තෙත් නැහැ.



