හමුදාපතිකම බාර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලී

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හමුදාපතිකම බාර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලී

    ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයේ දී ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කළ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඇමැතිවරයා ඒ බව කීවේ ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    ජනාධිපතිවරයා එලෙස ඉල්ලා ඇත්තේ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමට සහ විනය සකස් කිරීම සඳහාය.

    ඊට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ නිසි බලතල ඇතිව දෙන්නේ නම් තමා එය බාර ගැනීමට සූදානම් බවයි.

    source : lankadeepa
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සයිටම් වෛද්‍ය උපාධියට විරෝධය පල කරමින් හා එම ආයතනය රජයට පවරා ගන්නා ලෙස රජයට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැවැන්ත වැඩ වර්ජනයක් කැදවා තිබේ.

    මැයි මාසයේ මුල් සතියේ ක‍්‍රියාත්මක කරන මෙම වැඩ වර්ජනය සදහා වරාය, ඛණිජ තෙල්, ප‍්‍රවාහන, විදුලි, ජලය, බැංකු වෘත්තීය සමතින්ගේද සහාය හිමිව ඇති බව එම සංගමය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    Source :- LankaCNews
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උද්ඝෝෂණ ඇතිවිමට අදාළ හේතු පසෙකලා...... පය බරවායට පිටිකර බෙහෙත් බදින්නයි එහෙනම් හිටනුත් හදන්නේ...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උද්ඝෝෂණ ඇතිවිමට අදාළ හේතු පසෙකලා...... පය බරවායට පිටිකර බෙහෙත් බදින්නයි එහෙනම් හිටනුත් හදන්නේ...

    Lankawe warjana karanne wurthiya aitheen dinaganna newei. Anduwe deshapalana theerana wenas karanna.

    Wurtheeya samithi karayanta ona ona widiyata rata palanaya karanna nan chanda thiya thiya parliment ekak path karaganna one na.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    දේශපාලන උවමනාවන් වලට කරන වර්ජන මැඩපැවැත්විය යුතුයි .පහුගිය දවස් වල අපේ GMOA එක බජට් එකටත් වර්ජනය කරේ අන්න ඒවා .
    හැබැයි සුදු වැන් නම් ඔට්ටු නැ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    NEWS JUST IN: ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට අලුත් ම තනතුරක්
    ත්‍රිවිධ හමුදා ඇතුලු ආරක්ෂක අංශ සමග කටයුතු කළ හැකි ආකාරයේ නව තනතුරක් ඇතිකර ඒ සදහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත්කිරීමට ජනාධිපතිතුමා කළ යෝජනාවකට ඇමතිමණ්ඩලයද එකග වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
    දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ වසර 02 ක කාලයක් සදහා නව තනතුර ඇති කිරීමට යෝජනා වී ඇති බවයි.
    අමාත්‍ය තනතුරෙන් ඉවත්වී නව තනතුර භාර ගැනීමට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද කැමැත්ත පලකර ඇතැයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා.
    දිගින් දිගටම සිදුවන වැඩවර්ජන,උද්ඝෝෂණ ඇතුලු ක්‍රියාකාරකම් සැලකිල්ලට ගෙන නව තනතුර ඇති කිරීමට යෝජනා වී තිබෙනවා.

    Newsfirst.lk
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,958
    113
    -~උලක් උඩ-~
    ඔන්න ඕක හමුදාව උද්ගෝශනය කරනවානම් හරි හමුදාවෙ විනය සකස් කිරීමට හරිනම් කමන්නෙ නෑ.. නමුත් ඕකෙන් හිතන්න තියෙන්නෙ එකදෙයයි:P RIP ප්‍රජාතන්ත්‍රවාදය:baffled:
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සතුටුයිද දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ස්වභාවය උබලට බලාගතහැකි .... ඉල්ලපු වෙනස මාරයි
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔන්න ඕක හමුදාව උද්ගෝශනය කරනවානම් හරි හමුදාවෙ විනය සකස් කිරීමට හරිනම් කමන්නෙ නෑ.. නමුත් ඕකෙන් හිතන්න තියෙන්නෙ එකදෙයයි:P RIP ප්‍රජාතන්ත්‍රවාදය:baffled:

    ප්‍රජාතන්ත්‍රවාදිව කවදාවත්ම ලංකාව හදන්න පුලූවන් රටක් නෙමේ :no::no: රටට හිතැති තද පාලනයක් තියෙන්නේ ඕනා ලංකාව ගොඩදාන්න නම් :D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Lankawe warjana karanne wurthiya aitheen dinaganna newei. Anduwe deshapalana theerana wenas karanna.

    Wurtheeya samithi karayanta ona ona widiyata rata palanaya karanna nan chanda thiya thiya parliment ekak path karaganna one na.

    දේශපාලන උවමනාවන් වලට කරන වර්ජන මැඩපැවැත්විය යුතුයි .පහුගිය දවස් වල අපේ GMOA එක බජට් එකටත් වර්ජනය කරේ අන්න ඒවා .
    හැබැයි සුදු වැන් නම් ඔට්ටු නැ

    සුදු වෑන් army එක දාල වතුර ඉල්ලන මිනිස්සුන්ට වෙඩි තියෙන එක වැරදියි හැබැයි කලින් ආණ්ඩුව වැරදියි කියලා ඒ වැරදීම මේ අයට කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ මොකද මේ අය බලයට පත්වුණේ ඒ දේවල් නිවැරැදි කරන්න.army එක ready කරන්නේ කවුරුත් ආණ්ඩුවට විරුද්ධව ආයුධ අතට ගෙන නෑ මේවා මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා ඇතිවෙන ගැටලු මේ වගේ අවස්ථාවකදී පොලිසියට කටයුතු කරන්න පුළුවන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    සුදු වෑන් army එක දාල වතුර ඉල්ලන මිනිස්සුන්ට වෙඩි තියෙන එක වැරදියි හැබැයි කලින් ආණ්ඩුව වැරදියි කියලා ඒ වැරදීම මේ අයට කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ මොකද මේ අය බලයට පත්වුණේ ඒ දේවල් නිවැරැදි කරන්න.army එක ready කරන්නේ කවුරුත් ආණ්ඩුවට විරුද්ධව ආයුධ අතට ගෙන නෑ මේවා මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා ඇතිවෙන ගැටලු මේ වගේ අවස්ථාවකදී පොලිසියට කටයුතු කරන්න පුළුවන්

    ඔව් යහපාලනය මුවාවෙන් ආයේ මහින්ද පාලනයක් ඕනේ නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න ඕක හමුදාව උද්ගෝශනය කරනවානම් හරි හමුදාවෙ විනය සකස් කිරීමට හරිනම් කමන්නෙ නෑ.. නමුත් ඕකෙන් හිතන්න තියෙන්නෙ එකදෙයයි:P RIP ප්‍රජාතන්ත්‍රවාදය:baffled:

    Pat pat go jahapalanaya:rofl:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ප්‍රජාතන්ත්‍රවාදිව කවදාවත්ම ලංකාව හදන්න පුලූවන් රටක් නෙමේ :no::no: රටට හිතැති තද පාලනයක් තියෙන්නේ ඕනා ලංකාව ගොඩදාන්න නම් :D

    රටට හිතැති nowana තද පාලනයක් ne genna hadanne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ප්‍රජාතන්ත්‍රවාදිව කවදාවත්ම ලංකාව හදන්න පුලූවන් රටක් නෙමේ :no::no: රටට හිතැති තද පාලනයක් තියෙන්නේ ඕනා ලංකාව ගොඩදාන්න නම් :D

    ශ‍්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සකල ප‍්‍රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - පවුල්වාදය සහ අශිෂ්ටත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ.

    යුද්ධයෙන් ලැබුවාවූ හමුදා ජයග‍්‍රහණයේ කීර්තිය පාලන කල්ලියක බල තණ්හාව උදෙසා යොදා ගැනෙමින් තිබෙන අතර, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග අද වන විට නීතිගත කෙරී ඇත. ජනතා බලය වෙනුවට, තනි පුද්ගලයෙකු සකල බලධාරියා බවට පත්කිරීම එහි ප‍්‍රතිවිපාකයයි.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අතීසාරයට අමුඩෙ ගහනවා කියන්නෙ මේවාට.... ප්‍රශ්නේ මූලයට ප්‍රතිකාර නෑ... තුවාලේ නිසා කකුල කැපුවා වගේ... මොඩයො... තවත් බටලන්දක්... සූරියකන්දක් වගේ