හමුදාව ඇමති ආරක්ෂාවෙන් ඉවතට
නව රජයේ ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් ආරක්ෂාවට යොදවන ලෙසත් ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව සදහා යොදා නොගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ.
එසේම ඇමැතිවරයෙකුගේ රථයට අමතරව එක් පසුගමන් ආරක්ෂක රථයක් පමණක් භාවිතා කළ යුතු බවටද අගමැතිවරයා උපදෙස් දී ඇති අතර, ඇමැතිවරුන්ට පසු ගමන් රථ කිහිපයක් භාවිතා කිරීමද අගමැතිවරයා විසින් නවතා ඇත.
ඇමැතිවරුන් ගමන් කිරීමේදී මහජනතාවට හිරිහැරයක් කරදරයක් ඇති නොවන ආකාරයට ගමන් කළ යුතු බවත් ඇමැති ආරක්ෂක රථයද එලෙස කටයුතු කළ යුතු බවටත් ඔහු උපදෙස් ලබා දී තිබේ.