හමුදා_ඩිෆෙන්ඩර්_එක_පෙරළුණ_හැටි
අධික වේගයෙන් ගිය ගුවන් හමුදා රථය වට කිහිපයක් පෙරළී යයි (PHOTOS)

කටුනායක සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ ගුවන් හමුදාවට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් අනතුරකට ලක්ව පෙරළී යාමෙන් එහි ගමන් කරමින් සිටි එක් අයෙකු මිය ගොස් තවත් පස් (05) දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කෙරුණු බව සාලියවැව පොලීසිය පවසනවා.
ඊයේ (15) සවස පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 18 කණුව ප්රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන ගුවන් හමුදා සෙබළ එස්.එල්.බී. නුවන් ප්රදීප් රණසිංහයි. ඔහු අනුරාධපුරය, තලාව, කුඹුක්ගස්වැව පදිංචිකරුවෙක්.
තවත් සෙබළෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.
අධික වේගයෙන් ගමන් කර ඇති ජීප් රථය ඉදිරියෙන් ගිය යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කරන විට එක් වරම වට කීපයක් පෙරළී ගොස් නැවතී ඇති බවයි සඳහන් වන්නේ.
සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

) ඉතින් වහලේ ගැලවිලා ගිය ගමන් හතර අතේ විසි වෙලා වැටෙන්න ඇති..