හමුදා_ඩිෆෙන්ඩර්_එක_පෙරළුණ_හැටි

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
හමුදා_ඩිෆෙන්ඩර්_එක_පෙරළුණ_හැටි

අධික වේගයෙන් ගිය ගුවන් හමුදා රථය වට කිහිපයක් පෙරළී යයි (PHOTOS)

අධික වේගයෙන් ගිය ගුවන් හමුදා රථය වට කිහිපයක් පෙරළී යයි (PHOTOS)

කටුනායක සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ ගුවන් හමුදාවට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් අනතුරකට ලක්ව පෙරළී යාමෙන් එහි ගමන් කරමින් සිටි එක් අයෙකු මිය ගොස් තවත් පස් (05) දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කෙරුණු බව සාලියවැව පොලීසිය පවසනවා.
ඊයේ (15) සවස පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.


අනතුරින් මිය ගොස් ඇත්තේ ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන ගුවන් හමුදා සෙබළ එස්.එල්.බී. නුවන් ප්‍රදීප් රණසිංහයි. ඔහු අනුරාධපුරය, තලාව, කුඹුක්ගස්වැව පදිංචිකරුවෙක්.
තවත් සෙබළෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.
අධික වේගයෙන් ගමන් කර ඇති ජීප් රථය ඉදිරියෙන් ගිය යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කරන විට එක් වරම වට කීපයක් පෙරළී ගොස් නැවතී ඇති බවයි සඳහන් වන්නේ.
සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.




DSC00583.JPG


DSC00580.JPG


DSC00578.JPG


DSC00575.JPG
 
  • Like
Reactions: kasun757

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට පෙන්නේ ගුවන් ගත වෙන්න ට්‍රයි කරලා වගේ :rolleyes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    bALAHANKO EKA PERALUNA KIYALA GODAK LOKU DAMAGE EKAK NAHA WAHALE & BONNET EKA GALAWILA GIHIN .

    මෙහේ අය කවදාවත් සීට් බෙල්ට් දාන්නේ නෑනේ.. (මමත් ඇතුලුව:angry:) ඉතින් වහලේ ගැලවිලා ගිය ගමන් හතර අතේ විසි වෙලා වැටෙන්න ඇති..:baffled:

    හබැයි ඉතින් වහලේ නැතුව පෙරලෙනකොටත් ඔලුව පාරේ ඇතිලෙන්න ඉඩ කඩ වැඩී සීට් බෙල්ට් තිබුණත්..:sorry:
     
    Jul 20, 2018
    210
    31
    0
    ඔය වාහන එලවන උන් ටිකකක් ලොකු ඔලුවෙන් ඉන්නේ .පාර උන්ගේ වගේ යන්නේ .
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0


    මෙහේ අය කවදාවත් සීට් බෙල්ට් දාන්නේ නෑනේ.. (මමත් ඇතුලුව:angry:) ඉතින් වහලේ ගැලවිලා ගිය ගමන් හතර අතේ විසි වෙලා වැටෙන්න ඇති..:baffled:

    හබැයි ඉතින් වහලේ නැතුව පෙරලෙනකොටත් ඔලුව පාරේ ඇතිලෙන්න ඉඩ කඩ වැඩී සීට් බෙල්ට් තිබුණත්..:sorry:

    උබටත් තියෙන්නේ ඩිෆෙන්ඩර් එකක්ද? ඔකේ සීට් බෙල්ට් නැතුව යනකොට වාත වෙනකන් එලාම් වදින්නේ නැද්ද?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    mata penne yanaye doshayak tibila wage

    මම කිරියේම කොහේ හරි දැක්කා මේ වාහනේ එහෙම ස්පීඩ් යන්න හදපු එකක් නෙමේ කියලා. ඒ නිසාලු ගොඩක් අනතුරු වෙන්නේ.
     

    AnuradhaRa

    Well-known member


  • මෙහේ අය කවදාවත් සීට් බෙල්ට් දාන්නේ නෑනේ.. (මමත් ඇතුලුව:angry:) ඉතින් වහලේ ගැලවිලා ගිය ගමන් හතර අතේ විසි වෙලා වැටෙන්න ඇති..:baffled:

    හබැයි ඉතින් වහලේ නැතුව පෙරලෙනකොටත් ඔලුව පාරේ ඇතිලෙන්න ඉඩ කඩ වැඩී සීට් බෙල්ට් තිබුණත්..:sorry:

    කාර් එක ඔයිට වඩා ආරක්ෂිතයි නේ බං.. වහලෙ ගැලවිලාම ගිහින්නෙ :shocked: