හරක් මස්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නෑ. වස් කාලෙ බණ කියන්න යන්නෙ නැත්තෙ ඒ කාලෙට බිම පණුවො වගේ සත්තු බහුලව ඉන්න නිසා එවුන් පෑගිලා මැරෙන එක වලක්වන්න. ඉතින් දැන් එතකොට බුදුන් වහන්සේත් නිගන්ඨ නාථ පුත්ත වගේද?

    උබ නම් මහ.. අයියෝ සල්ලි..
    බන අහන හාමුදුරුවො වෙනස් කරපන් බන් එක්කො..

    :lol::lol::lol::lol:

    මෙකී සමස්ත කරුණු කෙරෙහිම අවධානය යොමු කිරීමෙන් විශද වනුයේ විනය නීති ප්‍රකාශයට පත් කිරීම තුළින් මූලිකවම අවධාරණය කර ඇත්තේ සංඝ සමාජයේ නිරවුල් යහපැවැත්ම බවයි.
    එවැනි චිරාගත විනය චාරිත්‍රයක් ලෙස වස් විසීම දැක්විය හැකිය.
    දඹදිවට අධික වැසි සහිත කාලය (වර්ෂා සෘතුව) ඇසළ මසින් උදාවේ. මෙකල හටගන්නා වැස්ස ඇතැම් විට දින හතක් පුරාවටම අඛණ්ඩව පැවතුණි.

    බුදුන් වහන්සේ වේළුවන අරමෙහි වැඩ වසන සමයෙහි භික්ෂුහු හේමන්ත, ගිම්හාන, වස්සාන යන තුන් සෘතුවෙහිම වෙනසකින් තොරව ධර්ම ප්‍රචාරයේ හැසිරෙති.
    මේ බව දුටු මහජනයා කළකිරීමට පත්ව ප්‍රකාශ කළේ අන්‍ය තීර්ථකයන් හා පක්ෂීන් පවා එක්තැන්ව සිටින වස්සාන සෘතුවෙහි ලා තෘණ මඩිමින් භික්ෂූන් සංචාරය කිරීම පිළිකුල් සහගත බවයි.
    මෙම කරුණ පදනම් කොටගෙන බුදුන් වහන්සේ විසින් ‘අනුජානාමි භික්ඛවෙ වස්සං උපගන්තුං’ යනුවෙන් මහණෙනි වස් විසීමට නියම කරමියි දෙසූහ.
    මෙහිදී වස් වැසිය යුත්තේ කවදා ද යන පැනය උද්ගත වූයෙන් ‘අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං’ යනුවෙන් වස්සාන සෘතුවෙහි වස් විසිය යුතු බවට එය සංශෝධනය වුණි.

    http://www.lakehouse.lk/budusarana/2010/08/03/tmp.asp?ID=vision03
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ. වස් කාලෙ බණ කියන්න යන්නෙ නැත්තෙ ඒ කාලෙට බිම පණුවො වගේ සත්තු බහුලව ඉන්න නිසා එවුන් පෑගිලා මැරෙන එක වලක්වන්න. ඉතින් දැන් එතකොට බුදුන් වහන්සේත් නිගන්ඨ නාථ පුත්ත වගේද?
    උබ උපන්ගෙයි බෞද්දද නැත්තම් ලගදි බෞද්ද උන කෙනෙක්ද? මේ මොන හතර විලි ලැජ්ජාවක්ද? වස්කාලේ බන කියන්නේ නැලු පනුව මැරෙන නිසා.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උබ උපන්ගෙයි බෞද්දද නැත්තම් ලගදි බෞද්ද උන කෙනෙක්ද? මේ මොන හතර විලි ලැජ්ජාවක්ද? වස්කාලේ බන කියන්නේ නැලු පනුව මැරෙන නිසා.

    කියන දේ තේරුං ගනින් උත්තර දෙන්න කලින්
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උබ නම් මහ.. අයියෝ සල්ලි..
    බන අහන හාමුදුරුවො වෙනස් කරපන් බන් එක්කො..

    :lol::lol::lol::lol:

    මෙකී සමස්ත කරුණු කෙරෙහිම අවධානය යොමු කිරීමෙන් විශද වනුයේ විනය නීති ප්‍රකාශයට පත් කිරීම තුළින් මූලිකවම අවධාරණය කර ඇත්තේ සංඝ සමාජයේ නිරවුල් යහපැවැත්ම බවයි.
    එවැනි චිරාගත විනය චාරිත්‍රයක් ලෙස වස් විසීම දැක්විය හැකිය.
    දඹදිවට අධික වැසි සහිත කාලය (වර්ෂා සෘතුව) ඇසළ මසින් උදාවේ. මෙකල හටගන්නා වැස්ස ඇතැම් විට දින හතක් පුරාවටම අඛණ්ඩව පැවතුණි.

    බුදුන් වහන්සේ වේළුවන අරමෙහි වැඩ වසන සමයෙහි භික්ෂුහු හේමන්ත, ගිම්හාන, වස්සාන යන තුන් සෘතුවෙහිම වෙනසකින් තොරව ධර්ම ප්‍රචාරයේ හැසිරෙති.
    මේ බව දුටු මහජනයා කළකිරීමට පත්ව ප්‍රකාශ කළේ අන්‍ය තීර්ථකයන් හා පක්ෂීන් පවා එක්තැන්ව සිටින වස්සාන සෘතුවෙහි ලා තෘණ මඩිමින් භික්ෂූන් සංචාරය කිරීම පිළිකුල් සහගත බවයි.
    මෙම කරුණ පදනම් කොටගෙන බුදුන් වහන්සේ විසින් ‘අනුජානාමි භික්ඛවෙ වස්සං උපගන්තුං’ යනුවෙන් මහණෙනි වස් විසීමට නියම කරමියි දෙසූහ.
    මෙහිදී වස් වැසිය යුත්තේ කවදා ද යන පැනය උද්ගත වූයෙන් ‘අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං’ යනුවෙන් වස්සාන සෘතුවෙහි වස් විසිය යුතු බවට එය සංශෝධනය වුණි.

    http://www.lakehouse.lk/budusarana/2010/08/03/tmp.asp?ID=vision03
    පොත පත කට පාඩම් කරල නිවන් දකින්න බෑ මනුස්සයෝ. අවබෝධයට පත් වෙන්න ඕනෙ. නුවණැසින් ලෝකය දකින්න ඕනෙ. තර්කයට හරිදේ සත්‍යය ලෝකයේ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වැරදි වෙන්න පුලුවන්. ඔය ඩබල දේශනා කරන අමුතු ධර්මය මොකක්ද කියල මට නම් තේරෙන්නෙ නෑ. ඔය කියන විදියට බෞද්ධයෙක්ට විතරයි වෙන්න ඕනෙ පින් පව් බලපාන්නෙ. මුස්ලිම් එවුන්ට ආගමෙන් කියල තියෙන්නෙ සත්තු/ මිනිස්සු මරන්න කියලනෙ. එහෙනම් උන්ට සත්තු මැරුවට පවක් නෑ. මොකද ඡේතනාව ආගම ඉටු කරන එකනෙ. ඒක නිසා ආය මුස්ලිම් එකෙක් හරක් මැරුවට මුකුත් නොකිය ඉන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොත පත කට පාඩම් කරල නිවන් දකින්න බෑ මනුස්සයෝ. අවබෝධයට පත් වෙන්න ඕනෙ. නුවණැසින් ලෝකය දකින්න ඕනෙ. තර්කයට හරිදේ සත්‍යය ලෝකයේ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වැරදි වෙන්න පුලුවන්. ඔය ඩබල දේශනා කරන අමුතු ධර්මය මොකක්ද කියල මට නම් තේරෙන්නෙ නෑ. ඔය කියන විදියට බෞද්ධයෙක්ට විතරයි වෙන්න ඕනෙ පින් පව් බලපාන්නෙ. මුස්ලිම් එවුන්ට ආගමෙන් කියල තියෙන්නෙ සත්තු/ මිනිස්සු මරන්න කියලනෙ. එහෙනම් උන්ට සත්තු මැරුවට පවක් නෑ. මොකද ඡේතනාව ආගම ඉටු කරන එකනෙ. ඒක නිසා ආය මුස්ලිම් එකෙක් හරක් මැරුවට මුකුත් නොකිය ඉන්න.

    පනුවො මැරෙන නිසා වස් වසනව වගේ පුබ්බුරු කතා කියලද නිවන් දකින්න යන්නෙ.. ?
    රිදුනට කරන්න දෙයක් නෑ ඉතින් උබට..
    wrong talk නම් ඉතින් අපිත් එහෙමයි..

    මුස්ලිම් උන් හරක් මැරුවට මොකටද බනින්නෙ ? බනින්නෙ උන්ව පිළිකුල් නිසා.. සතාට අනුකම්පාවක් තියන නිසා..
    බුදු හාමුදුරුවො (තැන මතක නැහැ) වැඩ ඉන්න කාලෙ ඌරො මරණ තැනක් තිබිල තියනව ඒ ලගම..
    බුදු හාමුදුරුවො ගිහින් ඌරො මරන්න එපා කියල කිව්වද ඒ මිනිහට ?
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම මේක අවස්තාවක් කරගන්නවා හැම සතාගේම පන එකයි කියන එකට පිළිතුරක් දෙන්න. දීර්ග පිළිතුරක් අවශ්‍ය උනත් මේක ලියන්නේ ඉතාමත් කෙටියෙන්. ඒ වගේම මේ උදාහරණය ගැලපෙන්නේ ලෞකික පැත්තට විතරයි. මෙතැනට ලෝකෝත්තර පැත්ත මේ වෙලාවේ ගාවගන්නේ නැත්තේ උත්තරය දිග වෙන නිසා.

    අපි උදාහරණයට මිනිස්සු ගනිමු. අපි හිතමු ජන සමාජයට, සතා සිව්පාවට, පරිසරයට ඉතාමත් වැදගත් සේවාවක් කරන මනුස්සයෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා මුළු ලෝකෙටම එපාකරපු මැර තක්කඩියෙක්.

    යම් කිසි කෙනෙක් මේ දෙන්නවම මරනවා. දෙන්නම මනුස්සයෝ, හැබැයි අර සමාජයට වැඩ දායක මිනිහ මරපු එක පව් වැඩියි අර මැරයව මැරුව එකට වඩා.

    සතා සිව්පාවටත් ඔය කියපු දේම බලපානවා.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    පනුවො මැරෙන නිසා වස් වසනව වගේ පුබ්බුරු කතා කියලද නිවන් දකින්න යන්නෙ.. ?
    රිදුනට කරන්න දෙයක් නෑ ඉතින් උබට..
    wrong talk නම් ඉතින් අපිත් එහෙමයි..

    මුස්ලිම් උන් හරක් මැරුවට මොකටද බනින්නෙ ? බනින්නෙ උන්ව පිළිකුල් නිසා.. සතාට අනුකම්පාවක් තියන නිසා..
    බුදු හාමුදුරුවො (තැන මතක නැහැ) වැඩ ඉන්න කාලෙ ඌරො මරණ තැනක් තිබිල තියනව ඒ ලගම..
    බුදු හාමුදුරුවො ගිහින් ඌරො මරන්න එපා කියල කිව්වද ඒ මිනිහට ?

    දැන් මොකක්ද කියන්ඩ හදන්නෙ? ඌරො මරන එකත් හොඳයි කියලද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් මොකක්ද කියන්ඩ හදන්නෙ? ඌරො මරන එකත් හොඳයි කියලද?

    ඌරො මරණ එක හොදයි කියල කව්ද මනුස්සයො කිව්වෙ ?
    ඒ සතාගෙ කර්මය ඒක.. මරණ එකා ඒව අරගෙන යයි..
    ප්‍රාණගාතය කියන අකුසල කර්මයක් කියල..
    පොල්ලක් අරගෙන සත්තු මරණ උන් හොය හොය ලෝකෙ වටේ යන්න කියල බුදු හාමුදුරුවො දේශනා කරල නෑ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් මොකක්ද කියන්ඩ හදන්නෙ? ඌරො මරන එකත් හොඳයි කියලද?
    සින්හල තෙරියමා.. චුන්ද සූකරට බුදු හාමුදුරුවො එපා කිව්වෙවත් අනුමත කලේවත් නැ.. ඒ දෙය කියන්නටවත් උන්වහන්සේ පොරව හම්බවෙන්න ගියේ නැත්තේ ඌට ඒක කියලා දෙන්න ගියානම්, ඌ වාචාලයෙක් වගේ දොඩොලා නරකාදියෙන් අටමහා නරකාදියට යන බව උන්වහන්සේට දැනුන නිසා. සමහර දේවල් තියනවා අපි පැහැදිලි කරන්න යාමෙන් වෙන්නේ ඌ ඉන්න තැනටත් වඩා පල්ලෙහාට වැටෙන එක. මෙතනත් දැන් වෙන්නේ ඒක වගේ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අවස්ථාව 1 - කුස්සියේ කැරපොත්තෙක් ඉන්නව. පූස ඌව මරල කනව. මං එනකොට කැරපොත්තගෙ තටු කෑලි දකිනව.
    අවස්ථාව 2 - කුස්සියේ කැරපොත්තෙක් ඉන්නව මම දකිනව. මං කැරපොත්තන්ට අකමැති. මගේ හිත හැදෙන්න (දුක නැති කර ගන්න/සතුට ඇති කර ගන්න ) නම් කැරපොත්ත තුශ්නිම්භූත වෙන්න ඕනෙ. මං පූස ගෙනල්ල එතනින් තියනව. පූස කැරපොත්තව කනව.

    පැහැදිලි කිරීම,

    අවස්ථාව 1 - අපට පැහැදිලි මෙතනදි කාටවත් පවක් වෙන්නෙ නෑ කියල.

    අවස්ථාව 2 - මෙතනදි මම කැරපොත්ත මැරුවෙ නෑ. ඒත් පූසව පෙලඹුවා කැරපොත්ත මරන්න. ඒ කියන්නෙ වක්‍රව කැරපොත්තව මැරුව.

    අවස්ථාව 3 - මම මිනිහෙක් මාළු අල්ලනව දකිනව. මිනිහ මාළු අල්ලලා විකුණනව.

    අවස්ථාව 4 - මම මිනිහෙක් මාළු අල්ලනව දකිනව. මං හරි කැමති මාළු කන්න. මගේ බඩගින්න වැඩි වෙනව. මගේ බඩගින්න නැමති දුක නැති කර ගන්න/සතුට ඇති කර ගන්න මං මාළු 10ක් මිලදී ගන්නව. මාළු කාරයාගෙ සතුට වැඩි කමට තව මාළු 10ක් අල්ලනව.

    පැහැදිලි කිරීම,

    අවස්ථාව 3 - මෙහිදී කිසිඳු පවක් සිදු නොවන බව අප සියල්ලන්ටම පැහැදිලියි.

    අවස්ථාව 4 - මෙහිදී අප මාළු මිලදී ගැනීම නිසා මාළු කාරයා මාළු ගැනීමට පෙලඹෙනව.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    ඌරො මරණ එක හොදයි කියල කව්ද මනුස්සයො කිව්වෙ ?
    ඒ සතාගෙ කර්මය ඒක.. මරණ එකා ඒව අරගෙන යයි..
    ප්‍රාණගාතය කියන අකුසල කර්මයක් කියල..
    පොල්ලක් අරගෙන සත්තු මරණ උන් හොය හොය ලෝකෙ වටේ යන්න කියල බුදු හාමුදුරුවො දේශනා කරල නෑ..

    කව්ද බොල එහෙම දේශනා කරා කිව්වෙ. දැන් මිනිහෙක් කිව්වොත් මිනී මරන්න එපා කියල ඒකෙන් අදහස් වෙන්නෙ නෑනෙ හොරකම් කරාට කමක් නෑ කියල. යන්නෙ කොහෙද පොල්ලෙ මල්.:no:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    සින්හල තෙරියමා.. චුන්ද සූකරට බුදු හාමුදුරුවො එපා කිව්වෙවත් අනුමත කලේවත් නැ.. ඒ දෙය කියන්නටවත් උන්වහන්සේ පොරව හම්බවෙන්න ගියේ නැත්තේ ඌට ඒක කියලා දෙන්න ගියානම්, ඌ වාචාලයෙක් වගේ දොඩොලා නරකාදියෙන් අටමහා නරකාදියට යන බව උන්වහන්සේට දැනුන නිසා. සමහර දේවල් තියනවා අපි පැහැදිලි කරන්න යාමෙන් වෙන්නේ ඌ ඉන්න තැනටත් වඩා පල්ලෙහාට වැටෙන එක. මෙතනත් දැන් වෙන්නේ ඒක වගේ.

    ඒක නේන්නම් බොල මාත් කියන්නෙ. දැන් තේරුනාද චුන්ද සූකරික කවුද කියල
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔබතුමන්ල කියන විදියට පස් පව් ඇරුනාම වෙන පව් නෑ මේ ලෝකෙ.
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    අපේ උන් හිතන්නේ මස් නොකා කරවල කෑවම පව් අඩුයි කියලා :lol:

    සරලම උත්තරේ හරකට/ මුවාට/ ගෝනාට අහිංසක, දැක්කහම දුක හිතෙන මූණක් තියෙනවා. කුකුලට, තෝරට, මෝරාටත් ඒ වගේ අහිංසක මූණක් තිබුනානම් අපේ උන් උන්ව මරන්න එපා කියලත් කෑගහයි :(

    මාළු උනත් අහිංසක ලස්සන මූණක් තියෙන ඩොල්ෆින් වගේ එකෙක් මරල තිබ්බොත් එකට මිනිස්සුන්ට මල පනිනවා. මම දැක්ක එක සැරයක් පත්තරෙත් ගියා "අමනුස්සයෝ ඩොල්ෆින් මාළු මරල කනවා" කියල. හැබැයි "මේ මාසයේ මාළු අස්වැන්න ඉහල යයි" කියල පන ඇද ඇද ඉන්න "කැත" මාළු TV එකෙත් ලස්සනට පෙන්නනවා.

    තිත්ත උනත් ඕකයි ඇත්ත. හරකගෙන් අපි උදව් ගන්නවා, ඌ මරණ එක පව් වගේ කතා අපි හිත හදාගන්න කියන කතා විතරයි :( එහෙමනම් ඉතින් මුවෙක්/ගෝනෙක් මැරුවට අවුලකුත් නෑනේ මොකද උන්ගෙන් අපි වැඩ ගන්නේ නෑනේ :oo: අනික ඒවගේ මිමි වලින් සතෙක්ගේ ජීවිත්වීමේ අයිතිය ගැන තීරණය කරන්න අපිට තියෙන අයිතිය මොකක්ද? :dull:

    මැරෙන්න වැඩියෙන්ම දුක් විදින්නෙ මාලුව.. මාලුව පැය 2ක් අඩුව්ම පන අදිනව වතුර නැතුව.. හැම සතාගෙම පන පනමතමයි යාලු... හින්දු බලපෑම එක්කම සහ කලගුන සලකන ජාතියක් විදිහට තමා ඔය හරක් මස් විශේශයෙන්ම කන්න එපා කියල කියන්නෙ.. ඒල එක පැත්තකට ආර්තමාර්තකාමී.. මොකද අපිට වැඩකරන , කිරි දෙන නිසා ඒ සතාව කන්න එපා.. අනිත් උන් කමක් නෑ කියන්න වගේ හැගීමක් ඒ කෙතියනව

    කෝ බලන්න කොතනද එහෙම කියල තියෙන්නෙ කියල ?
    මස් කෑවම පව් කියල තියන තැනකින් කොහෙන් හරි source එකක් දීපන් බලන්න..
    මනස්ගාත තමයි පුතේ ඕව..
    තමන් ම හිතල හතාගත්ත ඒවා..
    උබ මස් කකා හිතුවොත් මම නිසා තමයි මේ සතා මරල තියෙන්නෙ කියල ඉතින් එතන ඇති වෙන චේතනාව අනුව පවක් තමයි..
    කඩේට ගිහින් අර කුකුලව මරල දෙන්න කියල මරන් ආවොත් පව් තමයි..

    අනික ලෝක ධර්මතාවය කියල දෙයක් තියනව බං..
    කැලේ ශාකභාක්ෂක සත්තු විතරක් ඉදල සිංහයො කොටි මොකෙක් වත් නැති උනොත් මොකද වෙන්නෙ..
    ශාකභාක්ෂක සත්තු ගහනය වැඩි වෙලා වෙලා කෑම හිග වෙලා ලෙඩ පැතිරිලා උන් විනාස වෙලා යනව..
    නිකන් උබේ කටට ඇගිල්ල ගහල බලපන් දෙපැත්තෙන් තියන උල් දත් දෙක උබේ ඇවිත් තියෙන්නෙ එළවලු කන්නද මස් ඉරන්නද කියල..

    3.gif

    අවස්ථාව 1 - කුස්සියේ කැරපොත්තෙක් ඉන්නව. පූස ඌව මරල කනව. මං එනකොට කැරපොත්තගෙ තටු කෑලි දකිනව.
    අවස්ථාව 2 - කුස්සියේ කැරපොත්තෙක් ඉන්නව මම දකිනව. මං කැරපොත්තන්ට අකමැති. මගේ හිත හැදෙන්න (දුක නැති කර ගන්න/සතුට ඇති කර ගන්න ) නම් කැරපොත්ත තුශ්නිම්භූත වෙන්න ඕනෙ. මං පූස ගෙනල්ල එතනින් තියනව. පූස කැරපොත්තව කනව.

    පැහැදිලි කිරීම,

    අවස්ථාව 1 - අපට පැහැදිලි මෙතනදි කාටවත් පවක් වෙන්නෙ නෑ කියල.

    අවස්ථාව 2 - මෙතනදි මම කැරපොත්ත මැරුවෙ නෑ. ඒත් පූසව පෙලඹුවා කැරපොත්ත මරන්න. ඒ කියන්නෙ වක්‍රව කැරපොත්තව මැරුව.

    අවස්ථාව 3 - මම මිනිහෙක් මාළු අල්ලනව දකිනව. මිනිහ මාළු අල්ලලා විකුණනව.

    අවස්ථාව 4 - මම මිනිහෙක් මාළු අල්ලනව දකිනව. මං හරි කැමති මාළු කන්න. මගේ බඩගින්න වැඩි වෙනව. මගේ බඩගින්න නැමති දුක නැති කර ගන්න/සතුට ඇති කර ගන්න මං මාළු 10ක් මිලදී ගන්නව. මාළු කාරයාගෙ සතුට වැඩි කමට තව මාළු 10ක් අල්ලනව.

    පැහැදිලි කිරීම,

    අවස්ථාව 3 - මෙහිදී කිසිඳු පවක් සිදු නොවන බව අප සියල්ලන්ටම පැහැදිලියි.

    අවස්ථාව 4 - මෙහිදී අප මාළු මිලදී ගැනීම නිසා මාළු කාරයා මාළු ගැනීමට පෙලඹෙනව.

    :yes::yes:
     
    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    මස් ආහාරයට ගන්න එක විතරක් නෙමෙයි , මස් වගේ කියල හිතල කෑමට ගන්න
    එවා නිසත් පව් පිරෙනවා. උදා - හතු මස් රසට හදලා තියෙනවා කියල රස කරකර
    කෑම, චිකන් රස සෝයා මීට්,මාලු රස සෝයා මීට් කියලා ඇතිවෙනකං කනවා.ඒත්
    අන්තිමට හිතේ තියෙන්නෙ සත්ව මාංශ වල රසට තියෙන ආශාව. අපි සතුන් මරන
    එකෙන් මිදුනත් කන බොන විදිහ නිසා ඔය විදිහට පව් පිරෙනවා. අපි සත්ත්ව ඝාතනය
    නවත්තන්න ඔනි මරනය කටත් දුකක් නිසා හා මරන වේදනාව හැම සතෙක්ටම දැනෙන
    නිසා බවයි මගේ හැගීම . මම වැරදිනම් නිවැරදි කරන්න
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    අර මස් වර්ග දහයක් කන්න එපා කියල විනය නීති දැම්මෙත් එක් තරා සිද්ධි මුල් කරගෙන..

    මේකත් ඒ වගේම දාපු විනය නීතියක්..
    වස් කාලෙ කියන්නෙ අධික ලෙස වර්ෂා සහිත කාලෙ..

    දැන් ඒකෙයි මේකෙයි සම්භන්දය මොකද්ද ?

    අනික සත්තු වර්ග 10ක් විතරක් කන්න එපා කියල මොන බුදුදහමෙද තිබ්බෙ? බුද්ධාගම විකෘති කරන කතා ඔව්ව. දස අකැප වස්තුව ගැනද මේ කියන්නෙ?:no:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මස් ආහාරයට ගන්න එක විතරක් නෙමෙයි , මස් වගේ කියල හිතල කෑමට ගන්න
    එවා නිසත් පව් පිරෙනවා. උදා - හතු මස් රසට හදලා තියෙනවා කියල රස කරකර
    කෑම, චිකන් රස සෝයා මීට්,මාලු රස සෝයා මීට් කියලා ඇතිවෙනකං කනවා.ඒත්
    අන්තිමට හිතේ තියෙන්නෙ සත්ව මාංශ වල රසට තියෙන ආශාව. අපි සතුන් මරන
    එකෙන් මිදුනත් කන බොන විදිහ නිසා ඔය විදිහට පව් පිරෙනවා. අපි සත්ත්ව ඝාතනය
    නවත්තන්න ඔනි මරනය කටත් දුකක් නිසා හා මරන වේදනාව හැම සතෙක්ටම දැනෙන
    නිසා බවයි මගේ හැගීම . මම වැරදිනම් නිවැරදි කරන්න

    බුදු දහමට අනුව භික්ෂූන් වහන්සේ නමකට කන කෑම එකේ ලුනු මදි නම් රස ගන්න තව ලුනු ටිකක් එකතු කරන එකත් එපා කියල තියෙන්නෙ. ඉතින් මස් කාල හරියයිද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනික සත්තු වර්ග 10ක් විතරක් කන්න එපා කියල මොන බුදුදහමෙද තිබ්බෙ? බුද්ධාගම විකෘති කරන කතා ඔව්ව. දස අකැප වස්තුව ගැනද මේ කියන්නෙ?:no:

    අර උබට පනුවො මැරෙනව කියල වස් වැසුවයි කියල කියපු එකාගෙන් අහගනින් ඒක..

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිබඳව විනය නීති පැනවෙන්නේ සීහ සේනාපති නිවසේ පිදෙන දානයට අදාළවය.සීහ වෛශාලියෙහි විසූ ලිච්ඡවී සෙන්පතියෙකි. ඔහු නිඝන්ඨනාඝ පුත්තගේ ප්‍රධාන දායකයෙක් විය. දිනක් බුදුරදුන් හමු වීමට ගිය සීහ උන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී සෝවාන් ඵලයට පත් වී බෞද්ධ උපාසකයෙක් බවට පත් විය. සීහ සේනාපති බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පසුදා තම නිවසෙහි දානය සඳහා වැඩම කිරීමට ආරාධනා කළේය. ආරාධනා කරමින් දානයට සූදානම් වූයේය. දානය සඳහා මස් ව්‍යංජනක් ද පිදීමට අවශ්‍ය විය. ඒ සඳහා සීහ වෙළඳ පොළට සේවකයකු යැවීම ගැන මෙසේ දැක්වේ.
    ‘අථ කෝ සීහෝ සේනාපති අඤ්ඤතරං පුරිසං ආණාපෙයි ගච්ඡ භණෙ පවත්ත මංසං ජානාහීති.’
    මෙහිදී සීහ තම සේවකයාට අවධාරණය කලේ පවත්ත මංස, එනම් විකිණීමට තිබෙන මසක් මිලදී ගෙන එන ලෙසය. තම ප්‍රධාන දායකයකු බුද්ධ ශ්‍රාවකයකු වීම නිසා ඊර්ෂ්‍යා කල නිඝන්ඨයන් වෛශාලියේ වීථියක් වීථියක් පාසා රැස් වී බොරු චෝදනාවක් නගමින් සීහ සේනාපති තරබාරු සතෙකු ශ්‍රමණ ගෞතමයන් උදෙසා මරා තම නිවසෙහි වළඳවන බවය.

    ‘අජ්ජ සීහෙන සෙනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගොතමස්ස බත්තං ඛතං, තං සමණෝ ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති.’
    මේ අනුව නිඝන්ඨයන් චෝදනා කළේ බුද්ධ ශ්‍රාවකයන් මස් මාලු කෑම ගැන නොව, දැන දැන තමන් උදෙසා මරන ලද සතෙකුගේ මස් කෑම පිළිබඳවය. එහෙත් සීහ සේනාපති බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පිළිගැන්වූයේ උදෙසා මැරූ මසක් නොව, පවත්ත මංසයකි. එනම් ඉදිරියෙදී විස්තර වන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයයී. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු

    1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
    3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං)
    බුදුන් වහන්සේ මෙම චෝදනාවෙන් පසුව හවස් වරුවෙහි භික්ෂූන් රැස් කරවමින් භික්ෂූන් ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයම පමනක් වැලඳිය යුතු යයි විනය නීතියක් පැනවූහ. මෙයින් එක් කරුණක් හෝ පිළිගැන්වූ මස් මාලු පිළිබඳව අදාළ වේ නම් එබඳු දෑ නොවැළඳිය යුතුය. එබඳු මසක් මාලුවක් පිළිගත්තේ නම් එම භික්ෂූන් දුක්කට ආපත්තියකට පත් වන්නේය.

    ‘න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ’ බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති.’

    චීන ත්‍රිපිටකයේ නිකාය ග්‍රන්ථ හඳුන්වනු ලබන්නේ ‘ආගම’ ග්‍රන්ථ යනුවෙනි. චීන මජ්ඣිම නිකායෙහි හෙවත් මජ්ඣිම ආගමෙහි සීහ සේනාපති හා බුදුරදුන් ගේ හමුව විස්තර වී තිබුනත් සීහ විසින් පසු දින පිළිගන්වන ලද දානය ගැන කිසිවක් සඳහන් නොවේ.එසේම මජ්ඣිම ආගමෙහි ජීවක සූත්‍රයෙහි බුදුරදුන් විසින් භික්ෂූන් සඳහා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කිරීමේ කාරණයද ඉවත් කොට ඇත.
    මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස් තමන් වහන්සේ උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බවත්, එය සත්‍යක් දැයි විමසා සිටියේය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කර දෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු 3කින් පිරිසිඳු වූ මස් මාංශ වැළඳීම එනම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කරන බවත් පැවසූහ. තවදුරටත් බුදුරදුන් ඒ පිළිබඳව විස්තර කරමින් ජීවකයෙනි, යමෙක් තථාගතයන් වහන්සේ හෝ භික්ෂූන් වහන්සේ සඳහා මස් පිණිස යැයි කියා සතෙකු ගෙනෙන්නැයි අණ කරන්නාටත්, එසේ සත්වයකු ගෙන එන්නාටත්, එම සතා මරවයි කියන්නාටත්, සතා මරන්නාටත්, මරා මෙය තථාගතයන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන් උදෙසා මරන ලද්දේ යැයි පවසන තැනැත්තාටත් බොහෝ අකුසල් රැස් වන්නේයි පැහැදිලි කළහ. මෙම දීර්ඝ විස්තරයෙන් ජීවක රටෙහි පැතිරී ඇති කට කතාව අසත්‍යක් බව අවබෝධ කරගත් අතර, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේත්, භික්ෂු සංඝයාත් තමන්ට කැප වූම නිවැරදි වූම ආහාර වළඳති යි ප්‍රශංසා කළහ.

    ‘කප්පියං වත භන්තේ භික්ඛු ආහාරං ආහාරෙන්ති අනවජ්ජං වත භංතෙ භික්ඛු අහාරං අහාරෙන්ති.’

    මෙහිලා සීහ සේනාපති හා ජීවක යන දෙදෙනාම නිඝන්ඨනාථ පුත්තගේ දායකන් වූ අතර ඔවුන් දෙදෙනාම මස් මාලු වැළඳීම පිළිබඳව බුදුන් වහන්සේට හා භික්ෂූන්ට චෝදනා නොකළහ. ඔවුන් චෝදනා කළේ තමන් උදෙසා මරන ලද සතෙකුගේ මස් මාංශ අනුභවය පිළිබඳ වය. උද්දිස්සකත මාංසය වැළදීම ප්‍රාණඝාත අකුසලයට හසු වන බවත්, පවත්ත මංසය හෙවත් මරා විකිණීම පිණිස ඇති මසක් යමෙක් මිලට ගෙන කෑවත්, එය දානය සඳහා පිදීමත් පවක් නො වන බව ඔවුහු දැන සිටියහ. මේ අනුව ජෛනයන් පවා තමන්ට ලැබුණු පවත්ත මාංසය වළඳන්නට ඇති බවත්, සිතිය හැකි අතර මස් මාංශ කෑමෙන් ජෛනයෝ වැළකී සිටි බවත් කිසිදු තැනක සඳහන් නොවේ.
    ජීවක සූත්‍රයෙහි එන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය බුදුරදුන් භික්ෂූන්ට කැපයි අනුමත කල සිද්ධිය චීන මජ්ඣිම ආගමෙහි නො දැක්වුවත්, සංස්කෘත භාෂාවෙන් රචිත මූල සර්‍වාස්ති වාදීන්ගේ විනයෙහි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කර ඇත්තේ ” භික්ඛවෙ ත්‍රිණි කල්පිකාහි මංසාති පරිභෝක්තව්‍යානි වදාමි තානි අදෘෂ්ටම් අසෘතම් අපරි විතර්කම්” මහායානිකයන් හැර සෙසු හීනයාන නිකායිකයෝ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව මෙයින් පැහැදිලි වේ.
    බුදුන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයෝ තමන් උදෙසා මැරූ සත්වයන්ගේ මස් වළඳති, යන චෝදනාව ජීවක විසින් රටෙන් නැගෙන බව පැවසූයේ සීහ සේනාපතිගේ නිවසේ සිදුවු සිද්ධීයෙන් පසුව නිග්ණ්ඨයන් විසින් කළ සාවද්‍ය ප්‍රචාරය නිසා ය. මෙහිලා බුදුන් වහන්සේ ජීවකට කරුණු පහදා දෙමින් භික්ෂුවක් සතර දිසාවේත්, උඩයට දිසාවේත්, සියලු සත්වයන්ට මෛත්‍රිය වඩද් දී අවෛර අව්‍යපාද සිතුවිලිවඩද් දි, එබඳු කෙනෙක් ප්‍රාණඝාත අකුසලයට කෙසේ අනුබල දෙත් දැ යි පහැදිලි කළහ. එබඳු මෛත්‍රී සහගතව අවෛරී ව, අව්‍යාපද සිතුවිල්ලෙන් යුත් හික්ෂුවකට යම් ගෘහපති පුත්‍රයෙක් පිණ්ඩපාතය වළඳවන විට මේ ගෘහපති පුත්‍රයා ප්‍රණීත ආහාරයෙන් මා සන්තර්පනය කෙරේවා යි, නො සිතත් නම් ඒ පිණ්ඩපාතය කෙරෙහි ගිජු නො වී රස තෘෂ්ණාවෙන් නො වළඳන, උපේක්ෂාවෙන් වළඳන භික්ෂුවක් කෙසේ නම් තමන් උදෙසා මැරූ සතෙකුගේ මස් මාංස අනුභව කෙරෙත් දැයි පැහැදිලි කරමින් “යමෙකු එබඳු ආශාවන් ප්‍රභීන කළ තථාගතයන් උදෙසා හෝ ශ්‍රාවකයකු උදෙසා සත්වයකු ගෙන ඒමට විධානය කිරීමෙන්, ගෙන ඒමෙන්, මැරීමට විධානය කිරීමෙන්, මැරීමෙන්, තථාගතයන් උදෙසා මැරූ සත්වයකුගේ මස් වැළඳිය යි” යන චෝදනාවක් කිරීමෙන් බොහෝ පව් රැස්කර ගන්නේ යයි පැහැදිලි කළහ!

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය පිළිබඳ එකල දායක දායිකාවන්ට ද සැකයක් නො තිබුණු බව අංගුත්තර නිකායේ මනාපදායි සූත්‍රයෙන් ද මනා ව පැහැදිලි වේ. මනාප දෑ පිදීමෙන් මනාප දෑ ලැබේ. යනුවෙන් බුදුරදුන්ගෙන් ඇසූ ධර්‍මයක් සිතට ගත් උග්ග නම් වූ ගෘහපති පුත්‍රයෙක් තමන් අතිශයින් ප්‍රියකරන ආහාර වට්ටෝරුවක් අනුව පිළියෙල කරගත් ආමිස දානයක් බුදුරදුන්ට ගෙනවිත් පූජා කළේ ය. “මේ ආහාර අතර ඩෙබර ඵල මිශ්‍ර කොට සෑදූ ඌරු මස් ව්‍යංජනයක් ද තිබිණි. මෙහි දී උග්ගට තමන් අතිශය ප්‍රිය කරන අඟල් සතරක් පමණ දිග බැටළු ලොම් සහ කළු එළු ලොම් මිශ්‍ර කොට සැකසූ ඇතිරිලි හා ඉතා වටිනා උඩුවියන් සහිත යහනක් බුදුරදුන්ට පූජා කිරීමට අවශ්‍ය විය. එය භික්ෂුන්ට කැප නො වන බව දැන ගන්නට ලැබිණි. ඒ නිසා ඔබ වහන්සේට ඉතාමත් වටිනා සඳුන් ලීයෙන් තැනූ පාදුකාවක් ගෙන ආවෙමි යි, පවසා ” භාග්‍යවතුන් වහන්ස එය පිළිගන්නා සේක්වා යි” බුදුරඳුන්ට පිළිගැනිවීය. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් බුදුන් වහන්සේ එම ආහාර හා ගරු භාණ්ඩය පිළිගත්තාහ. මෙයින් මනා ව පැහැදිලි වන්නේ සුබෝපභෝගී උච්ඡාසයන මහාසයනයන් පිළිගැනීම භික්ෂූන්ට අකැප වූ බවත් මස් මාළු පිළිගැනීම අකැප නොවන බවත් දායක පක්ෂය මනාව දැන සිටි බවයි.
    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය භික්ෂුවකට කැප යයි එක අතකින් පිළිගැන තිබූ අතර, තවත් අතකින් මුල දී මස් වර්‍ග හතක් ද පසූව එයට මස් වර්‍ග තුනක් ද එක් වී මස්වර්‍ග දහයක් භික්ෂූන්ට අකැප කොට විනට නීතියක් පැනවූ බව පෙනේ. මහාවග්ගයේ භෙසජ්ජක්ඛන්ධකයෙහි භික්ෂූන් විසින් නො වැළඳිය යුතු, භික්ෂූන්ට අකැප වශයෙන් සැලකූ, මස් වර්‍ගයන් වූයේ මනුස්ස මස්, සජී මස්, සිංහ මස්, ව්‍යඝ්‍ර මස්, දිවි මස්, වලස් මස් හා කරබානා වලස් මස් යනුවෙනි. වනයෙහි වෙසෙන භික්ෂූන් මේ මස් වැළඳීමෙන් ඉව දැනුණ වන සතුන්ගෙන් වන වද හිංසා පීඩාවන නිසා මෙකී මස් නොවැළඳිය යුතු බවට විනය නීති පැණවුණි.

    ඇත් මස් හා අශ්ව මස් භික්ෂූන්ට තහනම් වූයේ රජතුමාගේ සේනාවට අයත් නිසා බවද කියැවේ. තවද සුනඛ මස් නො වැළඳිය යුතු යයි පැනවූයේ පහත් යයි සම්මත කුලවල ජනතාව සුනඛ මස් ආහාරයට ගත් නිසාත්, ශිෂ්ට සමාජය සුනඛ මස් කන අය බෙහෙවින් පිළිකුල් කළ නිසාත් ය. මෙසේ අකැප මස් වර්‍ග දහයක් විනය පිටකයෙහි සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ සෙසු මස් මාංස ඉහත කී ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිගැනිවීමේ දී භික්ෂූන් විසින් වැළදූ බව යි. මෙම තහනම් කළ මස් වර්‍ග අතර කාර්මික පරිසරයක ගවයාගෙන් ලද ඉමහත් ප්‍රයෝජනය නිසත්, ගවයා දේවත්වයෙන් හින්දුන් විසින් සැලකූ නිසාත්, පසු කාලයේ දී ගවමස් ආහාරයට ගැනීම මහත් අපරාධයක් ලෙස භාරතීය සමාජය විසින් පිළිගන්නා ලදැ යි පැහැදිලි වේ.

    මෙසේ මස් වර්‍ග දහයක් අකැප මස් වර්‍ග සලකා විනය ශික්ෂාපද පනවා නතර වූයේ නැත. එබඳු අකැප මසක් වැළඳීමෙන් භික්ෂුවක් පිට පැවරෙන වරද පිළිබඳ ව භික්ෂූන්ට මෙනෙහි කරවන ලදී. තමන්ට පිළිගන්වන ලද ඕනෑ ම මසක් භික්ෂූන්ට පිළිගැනීමට මේ නිසා අවසරයක් නොලැබුණි. ඒ පිළිබඳ මස් පිළිගන්වන අවස්ථාවේ දී භික්ෂුවක් ඒ මස කවර සත්වයකුගේදැ යි සැක හැර දැන ගතයුතු ව ඇත. “උදාහරණයක් ලෙස ඌරු මස් හා වලස් මස් පෙනුමෙන් සමාන ස්වරූප දරයි. ඒ නිසා එබඳු අවස්ථාවක දී එය විමසා දත යුතු ය. නො දැන වැළඳීම වරදින් නිදහස් වීමට කරුණක් නො වේ. මෙහි දී පැහැදිලි වන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳීමට දුන් අවසරය නිදහසේ මස් මාළු වැළඳීමට දුන් අවසරයක් නො වනබව යි. ඒ පිළිබඳ විනය සීමාවන් ඉක්මවා නො යන ලෙස පාලනයක් ඇති කළේ සමාජයෙන් එල්ලවන චෝදනාවලින් භික්ෂුව නිදහස් කර ගැනීමටය.
    චීනයේ මහායාන භික්ෂූන් මස් මාංසවලින් වැළකී සිටිය ද එහි හීනයාන භික්ෂූන්ට මස් මාංස වැළඳීම අනුමත විය.

    ඔවුහු ත්‍රිකෝටි පාරිශුද්ධ හෝ වෙනත් සත්කු විසින් දඩයම් කොට කා ඉතිරි වූ සතෙකුගේ මාංශයන් යයි, යුවං චුවංගේ වාර්තාවහි දැක්වේ. චීනයට අනුව ස්වාභාවික ව නිවසක මැරුණු සතෙකුගේ මස් ආහාරයට ගැනීම අනුමත කොට ඇති අතර පාලි නිකාය ග්‍රන්ථවල ද එබඳු මස් අනුමත කර තිබුණි.පාරාජිකා පාලියෙහි ව්‍යාඝ්‍රයෙකු විසින් අනුභවකොට ඉතුරු කළ මසක් වැළඳු අවස්ථාවක දී දිවියකු විසින්, ව්‍යාඝ්‍රයෙකු විසින් හා වලසකු විසින ද කා අතහැර දැමූ මස් පිස වැළඳූ අවස්ථාවන් කිහිපයක් ම දක්නට ලැබේ. මේ පිළිබඳ ව බුදුරුදුන්ගෙන් විමසන ලදු ව සතුන් විසින් කා දමා ඉතී කළ මස් වැළඳීමෙන් ආපත්තියට පත් නො වන බව සඳහන් කොට ඇත. තවත් විශේෂ අවස්ථාවක් පාරාජිකා පාලියෙහි දැක්වේ. වරක් උත්පලවන්නා තෙරණිය අන්ධ වනයෙහි වාසය කරන සමයෙහි චොර ගාමිණී නම් වැද්දකුගෙන් ලැබුණු ව්‍යාඝයෙකු විසින් අනුභවකොට අතහැර දැමූ අළුත් මුව මසක් වේළුවනාරාමයෙහි වාසය කරන බුදුරදුන්ට පිදීම පිණිස ගෙන යන ලද බව ද සඳහන්වේ. මෙසේ සතුන් විසින් අනුභවකොට ඉතිරිකොර දමා ගිය මස් ද පැහැදිලිව ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසයට අයත් යයි පිළිගැනේ. ඉහත කී අලි මස්, අශ්ව මස් ආදිය අකැප මස් ලෙස හඳුවා තිබුණත් දුර්භික්ෂයක දී මිය ගිය එබඳු සතෙකුගේ මස් මාංස වැළඳීම අකැප නොවූ බව යුවං චුවං ගේ වර්තාවන්හි සඳහන් වේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කවුද බොල දැන් අනික් සත්තු මරනවට එකඟ උනේ? තෝ ප්‍රශ්න හදල උත්තර අහනව. ලොල් 7යි:lol:

    කොහෙද බන් කියල තියෙන්නේ එකගයි කියල? විරුද්ද නෑ කියන්නේ එකගයි කියන එකද?