හරක් මස් වාදය

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    http://www.ravaya.lk/articals.php?d=5680522b8e2bb01943234bce7bf84534

    හරක් මස් වාදය

    වික්ටර් අයිවන් [Sunday, June 16, 2013]

    පසුගිය වෙසක් පොහෝ දිනයේදී ගව ඝාතනයට හා හරක් මස් කෑමට විරෝධය පළකරමින් භික්ෂූන්වහන්සේ නමක දළදා මාලිගාව ඉදිරිපිටදී සිය සිරුරට ගිනිතබා ගනිමින් දිවි නසා ගත්තේය. එක් දේශපේ‍්‍රමී දේශපාලන ලේඛකයකු ඉන්ද්‍රරතන හිමියන්ගේ එම ක‍්‍රියාව හඳුන්වා තිබුණේ සත්ව අහිංසාව වෙනුවෙන් වෙසක් දිනයේදී කරන ලද බෝසත් ක‍්‍රියාවක් වශයෙනි. කිරිපිටි ආනයනය වෙනුවෙන් දැවැන්ත ධනස්කන්ධයක් රටට දරන්නට සිදුවී තිබෙන බැවින් රටට අවශ්‍ය කිරි රටේම නිපදවා ගතයුතුයැ’යි කියා බෙරිහන් දෙන්නෝද මේ දේශපේ‍්‍රමීහුය. හරක් මස් විරෝධී ප‍්‍රතිපත්තියක් රටේ කිරිපට්ටි පාලනය කම්මුතු කිරීමට හේතුවන බව ඔවුන්ට නොපෙනෙන්නේය.

    පව් නැති කුකුළු මස්

    ගවපට්ටි පාලනය ගැන කතා කිරීම මොහොතකට පසුවට තබා අපට මෙම සාකච්ඡුාව කුකුළු පාලනයෙන් ආරම්භකළ හැකිය. කුකුළන්ගෙන් සාකච්ඡුාව ආරම්භ කිරීම වැදගත්වන්නේ භේදයකින් තොරව සියලූ ජනවර්ගද, සියලූ ආගම්වලට අයත් අයද අන් සියල්ලන්ටත් වඩා සියලූ ආගම්වලට අයත් පැවිද්දන්ද කුකුළු මස්ද, බිත්තරද ආහාරයට ගන්නා නිසාය. අනෙක් අතට පැවිද්දන් හැර සියලූ ආගම්වලට අයත් ජනයා කුකුළු පාලනයේ යෙදෙන නිසාය. කුකුළාද පණ ඇති ජීවියෙකි. කුකුළන් මරන ආකාරයද ලස්සන නැත. බෙල්ල කැපූ පසුද මැරෙන තෙක් කරන උගේ දැඟලිල්ල දකින කෙනකු තුළ මහත් සංවේගයක් ඇතිවිය හැකිය. කුකුළන් මරන ස්ථානවල වටාපිටාවද ඒ ස්ථාන පිරිසිදු කරන තෙක් අවලස්සනය. ඒ සියල්ල එසේ තිබියදීත් බෞද්ධයන්ද ඇතුළු ලංකාවේ සියලූ ආගම් අදහන්නෝ කුකුළු මස් ආහාරයට ගන්නෝය. සියලූ ආගම්වලට අයත් පූජකයෝද කුකුල් මස් ආහාරයට ගන්නෝය. වෙනත් කිසිම මසක් සේ ම කුකුළු මස්ද නොකන අය සිටිය හැකිමුත් ඔවුන්ගේ සංඛ්‍යාව විශාල නැත. අද ගම්බද අධිශීතකරණ යන්ත‍්‍ර ඇති පුංචි කඩවල පවා කුකුළු මස් විකුණන්නේය. කුකුළු බිත්තරද ලංකාවේ ජනප‍්‍රිය ආහාරයකි. බිත්තර හිඟ කාලවලදී අසහනයක් ඇතිවීම වළකනු පිණිස ආණ්ඩුව පිටරටවලින්ද බිත්තර ආනයනය කරන්නෙහිය.

    කුකුළු පාලනය සිය ආර්ථික මාර්ගය කොටගත් විශාල ජනතාවක් රටේ සිටින්නේය. ඔවුන්ට එසේ කිරීමට හැකිවී තිබෙන්නේ කුකුළු මස් හා බිත්තර කන ජනතාවක් රටේ සිටින නිසාය. කුකුළන් මැරීම තහනම් කළහොත් හෝ කුකුළු මස් හා බිත්තර කෑමෙන් මේ රටේ ජනතාව වැළකී සිටින තැනකට ගියහොත් රටේ කුකුළු පාලනය තේරුමක් නැති ඵලරහිත දෙයක් බවට පත්වන්නේය.

    කුකුළාගේ තත්ත්වයට වඩා හරකාගේ තත්ත්වය ලංකාවේදී වෙනස්ය. හරකාගේ කිරිවලට නම් මතභේදයක් නැත. රටේ සියලූ ජනවර්ගවලට හා ආගම්වලට අයත් ජනයා පොදුවේ කිරි බොති. අමු කිරි නොවේ නම් ආනයනය කළ කිරිපිටි හෝ බොති. එහෙත් හරක් කිරිවලට ඇති පොදුබව හරක් මස්වලට නැත. හින්දුහු පොදුවේ ගවමස් නොකති. එහෙත් ඔවුහු කුකුළු මස් හා එළුමස් කති. බෞද්ධයන් අතරද ගවමස් නොකන පිරිසක් සේ ම කන පිරිසක්ද සිටිති. හරියටම සංඛ්‍යාලේඛන නැතත් සමහරවිට නොකන අයගේ ප‍්‍රමාණය වැඩිවිය හැකිය. ක‍්‍රිස්තු භක්තිකයෝද ගව මස් කති. ගව මස් මුස්ලිම් ආගමිකයන්ගේ ජනපි‍්‍රයම ආහාරය ලෙස සැලකිය හැකිය.

    සියලූදෙනාට කිරි අවශ්‍යය. ඒ ගැන කාටවත් මතභේදයක් නැත. රටට අවශ්‍ය කිරි රටේම නිපදවා ගතහැකි නම් කිරිපිටි ආනයනය සඳහා වැයකෙරෙන දැවැන්ත විදේශ මුදල් කන්දරාව වෙනත් ප‍්‍රයෝජනවත් දෙයක් සඳහා යොදාගත හැකිය. ඒ මගින් ගවපට්ටි පාලනය රටේ වැදගත් ආර්ථික මාර්ගයක් බවට පත්කරගත හැකිය. අමු කිරිවලට ලැබී තිබෙන ඉහළ සහතික මිල ගවයන් රක්ෂණය කිරීමට ලැබී තිබෙන ඉඩ, ගම්වල බොහෝ කුඹුරු ඉඩම් වගා නොකොට පුරන්වීමට ඉඩ හැර තිබෙන තත්ත්වයක් යටතේ ඒ ඉඩම් පහසුවෙන් තණබිම් බවට පත්කර ගැනීමේ හැකියාව යන සාධක සැලකිල්ලට ගත්විට ගව පට්ටි පාලනය ලාභදායී ආර්ථික මාර්ගයක් බවට පත්කළ හැකිය.

    මස් නැතිව කිරි තිබිය හැකිද?

    එහිදී මතුකළ හැකි මූලික තර්කයක් වනුයේ හරක් මස් කර්මාන්තයක් නැතිව කිරි ආර්ථික වශයෙන් ලාබදායී කර්මාන්තයක් බවට පත්කළ හැකිද යන ප‍්‍රශ්නයයි. ඕනෑම සත්ව පාලනයකදී මස් ප‍්‍රයෝජනයට නොගන්නේ නම් එම සත්ව පාලනය ආර්ථික වශයෙන් ඵලදායී විය නොහැකිය. එය පිළිගත් රීතියකි. මස් පිණිස නොගෙන බිත්තර සඳහා පමණක් කුකුළන් ඇති කිරීම ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත. මස් ප‍්‍රයෝජනයට නොගෙන කිරි සඳහා පමණක් හරකුන් ඇති කිරීමද ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත.

    රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය නම් දිනකට ලීටර් 20ත් 25ත් අතර ප‍්‍රමාණයකින් කිරි ලබාගත හැකි හොඳ වර්ගවල හරකුන්ගෙන් සමන්විත කිරිපට්ටි පාලනයකට රට යොමු කළ යුතුය. එක යායට පුරන් වී තිබෙන කුඹුරුවල ප‍්‍රමාණය සැලකිල්ලට ගත්විට ඒවා හරකුන්ට තණ නිපදවන තණ පිට්ටනි බවට පත්කළ හැකි නම් ඒවාද ආර්ථික වශයෙන් ඵලදායී ඉඩම් බවට හැරවිය හැකිය. එහෙත් දියුණු හරකුන්ගෙන් යුත් ගවපට්ටි පාලනයකට මිනිසුන් මුදල් ආයෝජනය කරනු ඇත්තේ කරනු ලබන ආයෝජනයන්ට සරිලන ලාභයක් උපයාගත හැකි නම් පමණය. උසස් වර්ගයේ හරකුන් 100කගෙන් යුතු ගවපට්ටියක් කිසියම් කෙනකු ආරම්භ කළායැ’යි උපකල්පනය කරමු. හොඳ වර්ගයේ එක හරකකු සඳහා ඔහුට රුපියල් ලක්ෂයත් දෙකත් අතර මුදලක් වැය කරන්නට සිදුවේ. හරකුන්ගේ වයස අවුරුදු තුනේදී උන්ට පැටව් ලැබී කිරි ලබාගත හැකි තත්ත්වයක් ඇතිවේ. එහෙත් එම හරකුන්ගෙන් ඔහුට කිරි ලබාගත හැක්කේ අවුරුදු හතක් තරම් කාලයක් පමණය. ඉන්පසු උහු කිරි ලබාගත නොහැකි, අඩුවෙන් කිරි ලබාදෙන ආර්ථික වශයෙන් ඵලදායී නොවන දෙනුන් බවට පත්වෙති. ඉන්පසු ඒ හරක් 100ට ඔහු කරන්නේ කුමක්ද? ඔවුන් මැරෙන තෙක් නඩත්තු කළ යුතුද? එසේ කළහොත් ඔහුගේ ගවපට්ටි පාලනයම අලාභදායී දෙයක් බවට පත්වන්නේය. හරකකුගේ ජීව බර කිලෝ 500ක් ලෙස සලකතොත් මස් පිණිස ජීවබරට දීමෙන් එක හරකකුගෙන් රුපියල් 75,000ක් පමණ උපයා ගත හැකිය. එවිට සිය දෙනාගෙන් උපයාගත හැකි ආදායම රුපියල් ලක්ෂ 75කි. එම ලක්ෂ 75 ආදායමක් බවට හරවා නොගෙන ඔහුගේ කිරි පට්ටි කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගත හැක්කේ කෙසේද? ඔහුට තම කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගැනීම අවශ්‍ය නම් එම හරක් 100 විකිණිය යුතුමය. රටේ ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත්තේ කිරි ලබාගත නොහැකි හා ප‍්‍රමාණවත් තරමකින් කිරි ලබාගත නොහැකි දෙනුන් මස් පිණිස විකිණීමට පුළුවන්කමක් ඇත්නම් පමණය. එවැනි හරකුන්ට ඉල්ලූමක් තිබිය හැක්කේ රටේ හරක් මස් කර්මාන්තයක් තිබේ නම් පමණය.

    ඉන්දියාවේ හරක් මස් නොකන හින්දුන්ට ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවී තිබෙන හරක් මස් කන මුස්ලිම් ජනතාවක් රටේ සිටීම නිසාය. මසට හරක් මැරීම තහනම් කිරීමකින් විය හැක්කේ රටේ මුළු කිරිපට්ටි කර්මාන්තයම නැතිභංග කිරීමය. දැන් අපට මේ වාදයේම කොණක තිබෙන නිර්මාංශවාදය සාකච්ඡුාවට ලක් කළ හැකිය.

    නිර්මාංශවාදය හා ප්‍රෝටීන්

    ජීවයේ රසායනික පදනම ලෙස සැලකිය හැක්කේ ප්‍රෝටීන්ය. සියලූම ප්‍රෝටීන් වර්ග සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ලවලිනි. හැම ජීවියකුටම සිය පැවැත්ම සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍යය. තමන්ට අවශ්‍ය සියලූ ප්‍රෝටීන් නිපදවා ගැනීමේ හැකියාව ලැබී ඇත්තේ ගස්කොළන්වලට පමණය. ගස්කොළන් පොළොවෙන් ලැබෙන නයිට‍්‍රජන්, වාතයෙන් ලැබෙන කාබන් හා හිරුඑළියෙන් ලැබෙන ශක්තිය එකට එකතු කරගැනීම මගින් තමන්ට අවශ්‍ය ප්‍රෝටීන් නිපදවා ගනී. අනෙකුත් සියලූ සත්වයන් ඔවුන්ට අවශ්‍ය කරන විවිධ වර්ගවල ප්‍රෝටීන් නිපදවා ගැනීමට අවශ්‍ය කරන ඇමයිනෝ අම්ල වර්ග ලබාගන්නේ ආහාරවලිනි. මිනිස් සිරුරේ පැවැත්මට හා වර්ධනයට අවශ්‍ය සමහර ඇමයිනෝ අම්ල වර්ග අභ්‍යන්තරික වශයෙන් නිපදවා ගැනීමේ හැකියාවක් මිනිස් සිරුරට ඇතත් තවදුරටත් ඒ සඳහා අත්‍යවශ්‍ය අභ්‍යන්තරික වශයෙන් නිපදවා ගැනීමේ හැකියාවක් නැති ආහාර මාර්ගයෙන්ම ලබාගත යුතු ඇමයිනෝ අම්ල දහයක් හඳුනාගෙන තිබේ. ඒ අම්ල දහයේ නම් මෙහි සඳහන් කිරීම අනවශ්‍යය. ප්‍රෝටීන් ආහාර ගැන කතා කරනවිට පෝෂණ විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ ‘‘සම්පූර්ණ ප්‍රෝටීන්’’ ලෙස සැලකෙන්නේ එම ඇමයිනෝ දහයම ඇතුළත් ආහාර වර්ගය. එම ඇමයිනෝ අම්ල දහයම ඇතුළත්වන්නේ සත්ව ප්‍රෝටීන්වල පමණය. ශාක ප්‍රෝටීන්වල ඇත්තේ මිනිසාට අවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග දහයෙන් එකක් හෝ කිහිපයක් පමණය. පෝෂණ විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ ශාක ගණයට වැටෙන ප්‍රෝටීන් ‘‘අසම්පූර්ණ ප්‍රෝටීන්’’ ලෙස හඳුන්වන්නේ ඒ නිසාය. අපේ ශරීරවල බරෙන් ජලය හැරුණු විට ඊළඟ ලොකුම පංගුව සමන්විත වන්නේ ප්‍රෝටීන්වලිනි. ඊට පේශි, අස්ථි, සන්ධි, ඉන්ද්‍රියයන්, ග‍්‍රන්ථි, නියපොතු හා රෝම ඇතුළත්ය. ශරීරයේ ඇති ද්‍රවවලද ප්‍රෝටීන් ඇතුළත්ය. ශරීරය, සෞඛ්‍ය සම්පන්නව හා නිසි ක‍්‍රියාකාරීත්වයක තබාගැනීම සඳහා ඉහත කී ඇමයිනෝ අම්ල දහයට ඇතුළත් සම්පූර්ණ ප්‍රෝටීන් ආහාර ආහාරයට ගැනීම අත්‍යවශ්‍යය. එළවළු ආහාරද වැදගත්ය. එහෙත් ශාක ප්‍රෝටීන් ආහාරවලට පමණක් එම අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැකිය. නිර්මාංශ ආහාර ප‍්‍රතිපත්තියක තිබෙන අවුල ඇත්තේ එතැනය.

    ආගම් මිනිසුන්ට වැදගත්ය. අපේ ශරීරවලට අදාළ ප‍්‍රශ්නවලදී වැදගත්වන්නේ ආගමික උපදෙස් නොව වෛද්‍ය උපදෙස්ය. සිංහල වර්ගයාට මස් මාළු කෑමෙන් වැළකී නිර්මාංශ අනුභව කරන ලෙසට දේශනා කරන්නන්ගෙන් වැඩිදෙනෙකු අන්ත සිංහලවාදීන් ලෙස සැලකිය හැකිය. එහෙත් ඔවුන් දැන හෝ නොදැන තමන් ආදරේ කරන වර්ගයා තල්ලූ කරන්නේ ක්ෂේම භූමියකට නොව මහා අගාධයකටය. ඉන් සිදුවිය හැක්කේ රෝගී ජාතියක් ඇතිවීමය.

    ආහාර අන්තවාදය

    අතීත සිංහල බෞද්ධයෝ අන්තවාදී ආකල්ප දරන්නෝ නොවූහ. ඔවුහු වාරි කර්මාන්තයට ශූරයෝ වූහ’යි කිව හැකිය. ඔවුහු එම වැව්වලින් අල්ලා ගන්නා මාළු ආහාරයට ගත්තෝය. පන්සලේ පංගුවද පන්සලට ලබා දුන්නෝය. උගුලක් අටවා මුවෙකු, ගෝනකු හෝ වල් ඌරකු අල්ලා ගත්විට ඒ මස් කෑවේ බෙදාහදාගෙනය. කුරහන් තලප කන්නට තිබෙන හොඳම ව්‍යංජනය ලෙස සලකන ලද්දේ දඩමස්ය. රජ මාලිගයට දඩමස් සැපයීමේ රාජකාරිය පැවරී තිබුණේ වැද්දන්ටය. මහාවංශයට අනුව මිහිඳු හිමියන් ඍද්ධි බලයෙන් මිහින්තලා පර්වතයට වැඩම කළේ දේවානම්පියතිස්ස මුව දඩයමේ යෙදෙමින් සිටි අවස්ථාවකදීය. බුද්ධාගම වැළඳ ගැනීම නිසා රජවරුන් දඩයම් කිරීමේ සම්ප‍්‍රදාය මුළුමනින් අත්හරින ලද බවක් පෙනෙන්නට නැත. ශ්‍රේෂ්ඨ බෞද්ධ රජකු ලෙස සැලකෙන 1වන පරාක‍්‍රමබාහු (1153-1186) රජතුමාද සිය අගබිසව හා රජවාසල නිලධාරීන් සමග ගෝන දඩයමේ ගිය බව චූලවංශයේ සඳහන් වේ.

    රාවයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ බිරිඳක් මීට වසර දෙක තුනකට ඉහතදී රෝගාතුරව මිය ගියාය. ඇය මියයන්නට පෙර වෛද්‍යවරයා රෝගය හඳුනාගෙන තිබුණේ සිරෝසියාව ලෙසය. එම රෝගය සාමාන්‍යයෙන් සැලකෙන්නේ අධික මත්පැන් පානය කරන්නන්ට හැදෙන රෝගයක් ලෙසය. එහෙත් ඇගේ වෛද්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙන්නේ එය නිර්මාංශ ආහාරවලට සීමාවීම නිසා ඇතිවී තිබෙන දෙයක් ලෙසය. ඇය ගුරුවරියකි. ඇගේ සැමියාට අනුව ඇය දැඩි ලෙස නිර්මාංශ ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන ගිය කාන්තාවකි. ඇය එම රෝග තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා විශාල වියදමක් දරා සිංගප්පූරුවට රැුගෙන යෑමට සැලසුම් කර තිබුණද එහි ගෙනයෑමට නියමිතව තිබූ දිනට පෙර දින මිය ගියාය.

    ප‍්‍රසිද්ධ ලේඛකයකුගෙන් මට අසන්නට ලැබුණු කතාවක් මෙසේය. ඔහුගේ බිරිඳ එක් අවස්ථාවකදී මාංශ ආහාර ගැනීම මුළුමනින් නවතා නිර්මාංශ ආහාර පමණක් ආහාරයට ගන්නා ප‍්‍රතිපත්තියකට මාරුවිය. ඉන් ටික කලකට පසුව ඇය නිතර නිතර ලෙඩ වන තත්ත්වයක් ඇතිවිය. ප‍්‍රංශයට ගිය අවස්ථාවකදී ඇය එහි වෛද්‍යවරයකුට පෙන්වන ලදි. ඇය පරීක්ෂා කිරීමෙන් පසු ඇගේ ආහාර පුරුදු ගැන කරන ලද කරුණු විමසීමකින් පසුව ඇතිවී තිබෙන රෝගී තත්ත්වයට හේතුව වශයෙන් වෛද්‍යවරයාගේ පෙන්වා දී ඇත්තේ එය මාංශ ආහාර මුළුමනින් නවතා නිර්මාංශ ආහාරවලට මාරුවීම නිසා ඇතිවී තිබෙන විශේෂ තත්ත්වයක් ලෙසය. නැවත සුපුරුදු මාංශ ආහාර පරිභෝජනයට මාරුවන ලෙසට වෛද්‍යවරයා ඇයට උපදෙස් දී ඇති අතර ඉන්පසු ඇය මාංශ ආහාර පරිභෝජනයට යොමුවූ බවත් ඉන්පසු නිතර නිතර ලෙඩවන ගතියෙන් ඇය නිදහස් වූ බවත් ඔහු කීවේය.

    ඉන්දියාවේ නම් නිර්මාංශ ආහාරවලට සීමාවූ අය සඳහා ගොඩනැගුණු ශක්තිමත් ආහාර සංස්කෘතියක් පවතී. එහි ඔවුන්ගේ ආහාර වේලකට ධාන්‍ය වර්ගයක්, අල වර්ගයක්, රනිල ගණයට වැටෙන ආහාර වර්ගයක්, එළවළු වර්ග කිහිපයක් හා මෝරු ඇතුළත්ය. එය මස් මාංශද ඇතුළත් මිශ‍්‍ර ආහාර වේලක් තරම් පෝෂ්‍යදායී නැතත්, ශ‍්‍රී ලංකාවේ නිර්මාංශ ආහාරවලට සීමාවී සිටින අය සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා ආහාර වේලකට වඩා පෝෂ්‍යදායකය. ඉන්දියාවට සාපේක්ෂව ගත් කල අපේ රටේ නිර්මාංශ ආහාර සංස්කෘතිය තිබෙන්නේ ඉතාමත් දුප්පත් තත්ත්වයකය.

    පරිණාමය හා මස්

    නිර්මාංශ ආහාර ප‍්‍රතිපත්තියක් මනුෂ්‍ය වර්ගයාගේ පරිණාමයේ ඓතිහාසික උරුමයන්ට පටහැනිය. මුලදී නිර්මාංශ ආහාරවලට පමණක් සීමාවී සිට නිර්මාංශ ආහාරවලට සමගාමීව මස්ද අනුභව කරන තැනකට මාරුවීම වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේ ක‍්‍රියාදාමයේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ශාක ගණයට වැටෙන ආහාරවලට අතිරේකව මාංශ ආහාරයට ගැනීම මිනිසාගේ ශරීර ශක්තිය කෙරෙහි සේ ම මොළයේ වර්ධනය කෙරෙහිද බලපෑවේය.

    මාංශ පරිභෝජනය මිනිසාගේ පරිණාමය කෙරෙහි ඇති කළ බලපෑම අතිවිශාලය. සතුන් මැරීම සඳහා පොලූ මුගුරු පාවිච්චි කරන්නටත් මරන ලද සතුන් හම ගැසීම හා කැපීම සඳහා තියුණු ගල් ආයුධ තනාගැනීමටත් සිදුවිය. ගල් ආයුධ ඔප මට්ටම් කිරීමට දරන ලද උත්සාහයේ අතුරු ඵලයක් වශයෙන් ගින්දර සොයා ගත්තේය. ගින්දරෙන් මස් පුළුස්සා කන්නට වීම නිසා දිරවීමේ ක‍්‍රියාවලිය කෙටි කළේය. මස් අනවශ්‍ය ලෙස ගින්දරෙන් පිළිස්සීම වළකා ගැනීම සඳහා මස්වලට මැටි ගසා පුළුස්සන්නට වීම නිසා වළං හදන්නට ඉගෙන ගත්තේය. මස් කන්නට පුරුදුවීම නිසා මස් ලබාගැනීම පහසු කරගැනීම සඳහා දඩයම් කරනවාට අතිරේකව සතුන් ඇති කිරීමටද ඉගෙන ගත්තේය. සතුන් ඇති කරන්නට වීම නිසා මස් තරම්ම වැදගත් හා පෝෂ්‍යදායක ආහාරයක් ලෙස සැලකිය හැකි කිරි නිපදවන්නට ඉගෙන ගත්තේය. කොටින්ම එළවළු කනවාට අතිරේකව මස් කන තත්ත්වයකට මාරු නොවන්නට වානර තත්ත්වය ජයගැනීම පවා නොහැකිවන්නට ඉඩ තිබුණි.

    හරක් මස් හා වර්ගවාදය

    දැන් අපට හරක් මස් විරෝධී වාදය යට ඇති වර්ගවාදී මූලයක් වෙත ආ හැකිය. අනගාරික ධර්මපාලතුමා හරක් මස් කන්නන් හැඳින්වූයේ වසලයන් ලෙසය. එතුමාගේ හරක් මස් විරෝධය තුළ යම් පමණක බි‍්‍රතාන්‍ය විරෝධයක් තිබුණා සේ ම ඊටත් වඩා මුස්ලිම් විරෝධයක් තිබුණි. ඉංග‍්‍රීසීහුද හරක් මස් කෑවෝය. ක‍්‍රිස්තියානි සිංහලයන් සේ ම සමහර සිංහල බෞද්ධයෝද හරක් මස් කෑවෝය. ඒ සියලූදෙනාට වඩා හරක් මස් වැදගත් කොට සැලකුවේ මුස්ලිම් ජනයාය. අනගාරික ධර්මපාලතුමා සුළු ජාතිකයන් සේ ම සුළු ආගමිකයන්ද පහත් කොට සැලකුවේය. මුස්ලිම් ජනවර්ගය එතුමාගේ වැඩිම විරෝධයට ලක්වූ ජනවර්ගය ලෙස සැලකිය හැකිය. නූතන සිංහල වර්ගවාදයේ නිර්මාතෘවරයා වශයෙන් සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලතුමාය. ඔහු සිංහල වර්ගවාදී අදහස්වලට විශේෂ රාමුවක් දී එය පෝෂණය කොට සිංහල ජනයා අතර පතළ කළේය. 1915දී ඇතිවූ සිංහල-මුස්ලිම් කෝලාහලය කෙරෙහි ඔහු සිංහල ජනයා අතර වැපිරූ මුස්ලිම් විරෝධී අදහස් බලපෑවේය.

    මුස්ලිම් විරෝධී සිංහල අන්තවාදී කොටස් දැන් උත්සාහ කරමින් තිබෙන බව පෙනෙන්නේද නැවත එවැනි අවාසනාවන්ත තත්ත්වයකට රට තල්ලූ කිරීමටය. ඒ නිසා රටට හා ජනතාවට විය හැකි විනාශයේ තරම ගැන ඔවුන්ට නිසි අවබෝධයක් තිබෙන බවක්ද පෙනෙන්නට නැත. දෙමළ ජනයා සම්බන්ධයෙන් සාධාරණ නොවී අන්තවාදී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට යෑමෙන් රටට හා සමාජයට සිදුවූ විනාශය සුළුපටු නැත. ප‍්‍රභාකරන් පරාජය කර ඇතත් දෙමළ ආරාවුල විසඳා ගැනීමට තවමත් හැකිවී නැත. එම තත්ත්වය අන්තර්ජාතික තලයේ අප කෙරෙහි බලපාන මහා අවුල් ඇති කිරීමට හේතුවී තිබෙනවා සේ ම එම තත්ත්වය පෙරළා රටේ ඉදිරිගමන අවුල්කිරීමටද හේතුවී තිබේ.

    1956දී භාෂා ප‍්‍රශ්නය මතුවූ අවස්ථාවේදී අන්තවාදී තැනකට නොගොස් දෙමළ ජනයා සම්බන්ධයෙන් සාධාරණව ක‍්‍රියාකිරීමට අපි සමත් වීමු නම් දෙමළ ප‍්‍රශ්නය ආශ‍්‍රයෙන් මේසා විශාල අර්බුදයක් හෝ විනාශයක් ඇති නොවන්නට ඉඩ තිබුණි. සිංහල අන්තවාදය දෙමළ අන්තවාදය පෝෂණය කළේය. අවසානයේ සිංහල දෙමළ දෙජනතාවට සිංහල හා දෙමළ අන්තවාදයන් වෙනුවෙන් අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවිය.

    ඇතිවූ ඒ සියලූ අභාවවාචක අත්දැකීම්වලින් නිසි පාඩම් ඉගෙන නොගෙන දෙමළ ප‍්‍රශ්නයට අතිරේකව මුස්ලිම් ප‍්‍රශ්නයක්ද ඇති කරගන්නා තැනකට ගියහොත් ඒ වෙනුවෙන් රටට හා සමාජයට ගෙවන්නට සිදුවන වන්දියේ ප‍්‍රමාණය දෙමළ ප‍්‍රශ්නය වෙනුවෙන් ගෙවන ලද වන්දියේ ප‍්‍රමාණයටත් වඩා හුඟාක් විශාල විය හැකිය. ඇතිවිය හැකි තත්ත්වයේ බිහිසුණුකමේ තරම පෙන්නුම් කරදීම සඳහා මට ඉදිරිපත් කළ හැකි සරල තර්කයක් මෙසේය.

    ප‍්‍රශ්න දෙකේ තරමේ වෙනස

    ලංකාවේ සිංහල-දෙමළ වාර්ගික අන්තර් සම්බන්ධය තුළ සිංහලයන් තුළ එකවිට මහ ජාතික මානසිකත්වයක් සේ ම සුළු ජාතික මානසිකත්වයක් ද තිබුණි. දෙමළ ජනයා තුළද සුළු ජාතික මානසිකත්වයක් සේ ම මහ ජාතික මානසිකත්වයක්ද තිබුණි. සිංහලයන් රටේ බහුතරය වුවද උතුරේ දෙමළ ජනයා හා දකුණු ඉන්දියාවේ දෙමළ ජනයා එකට ගත්විට සිංහලයන්ට තමන් පෙනුණේ සුළුතරයක් ලෙසය. අනෙක් අතට දමිළයන් ලංකාවේදී සිංහලයන්ට සාපේක්ෂව සුළුතරයක් වුවද ඉන්දියාවේ හා ලෝක දෙමළ ජනගහනය සමග ගත්විට සිංහලයන්ගේ ප‍්‍රමාණයට වඩා විශාල වීම නිසා ඔවුන් තුළද මහජාතික මානසිකත්වයක් තිබුණි. ආරාවුලේ සංකීර්ණභාවය කෙරෙහි ඒ තත්ත්වයද බලපෑවේය.

    ලෝක මට්ටමෙන් ගත්විට ලෝක දෙමළ ජනගහනයේ ප‍්‍රමාණය මිලියන 79කි. එය ලෝක ජනගහනයේ අනුපාතිකයක් වශයෙන් ගත්විට සියයට 1.14කි. ලෝකයේ දෙමළ බහුතරයක් සහිත එකම රටක්වත් නැත. විවිධ රටවල ජනගහනයේ අනුපාතිකයන් වශයෙන් ගත්විට වැඩිම දෙමළ අනුපාතිකයක් සිටින රට ලෙස සැලකිය හැක්කේ ශ‍්‍රී ලංකාවය. ලංකාවේ දෙමළ ජන අනුපාතිකය සියයට 18කි. ඊළඟට ජනගහනයේ වැඩිම දෙමළ ජන අනුපාතිකයක් තිබෙන රට වන්නේ මුරුසියස් රටය. එහි අනුපාතිකය සියයට 8.01කි. තුන්වැනි ස්ථානය හිමිවන්නේ මැලේසියාවටය. එහි අනුපාතිකය සියයට 7.20කි. හතරවැනි ස්ථානය හිමිවන්නේ සිංගප්පූරුවටය. එහි අනුපාතිකය සියයට 7.10කි. පස්වැනි ස්ථානය හිමිවන්නේ ඉන්දියාවටය. එහි අනුපාතිකය සියයට 5.63කි. දෙමළ ජනයා ජීවත්වන අනෙකුත් සියලූම රටවලට දෙමළ ජන අනුපාතිකයන් තිබෙන්නේ සියයට එකකටත් වඩා අඩු මට්ටමකය. අනෙක් අතට ගත්විට මුළු ලෝකයේම දෙමළ ජනගහනයෙන් සියයට 91ක්ම (දශ ලක්ෂ 72ක්) ඉන්නේ ඉන්දියාවේය. ඊළඟට ලොකුම දෙමළ ජනගහනයක් ජීවත්වන්නේ ශ‍්‍රී ලංකාවේය. එය දශලක්ෂ 3කි. එය ලෝක දෙමළ ජනගහනයෙන් සියයට 2.3කි. තුන්වැනි තැන හිමිවන්නේ මැලේසියාවටය. එහි වෙසෙන දෙමළ ජනගහනය දශලක්ෂ 1.8කි. එය ලෝක දෙමළ ජනගහනයෙන් සියයට 1.42කි.

    දැන් අපට මුස්ලිම් ප‍්‍රශ්නයේ තරම සොයා බැලිය හැකිය. ලෝක දෙමළ ජනගහනය මිලියන 79ක් වන විට ලෝක මුස්ලිම් ජනගහනය මිලියන 1619කි. ලෝක මුස්ලිම් ජනගහනයේ ප‍්‍රමාණය ලෝක දෙමළ ජනගහනයේ ප‍්‍රමාණයෙන් විසිගුණයකටත් වඩා විශාලය. දෙමළ ජනයා ලෝක ජනගහනයෙන් සියයට 1.14ක් වනවිට මුස්ලිම් ජනයා ලෝක ජනගහනයෙන් සියයට 23කි. ක‍්‍රිස්තියානි ගණයට වැටෙන ආගම් අදහන ජනයා (ඔවුහු ලෝක ජනගහනයෙන් සියයට 31කි.) හැරුණු විට ලෝකයේ වැඩිම ජනගහනයක් අදහන ආගම ලෙස සැලකිය හැක්කේ මුස්ලිම් ආගමය.

    මුස්ලිම් බහුතරයක් සිටින රටවල් සංඛ්‍යාව 49කි. රටේ ජනගහනයෙන් සියයට 80කට වැඩි මුස්ලිම් ජනයා සිටින රටවල් සංඛ්‍යාව 38කි. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අරාබි හෝ මැදපෙරදිග රටවල නොව අප ජීවත් වන කලාපය ලෙස සැලකිය හැකි දකුණු හා අග්නිදිග ආසියාවේය. එම කලාපයේ පමණක් ජීවත් වන මුස්ලිම් ජනයාගේ සංඛ්‍යාව බිලියනයකටත් වඩා වැඩිය. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය සිටින රටවන්නේ ඉන්දුනීසියාවය. එහි වෙසෙන මුස්ලිම් ජනගහනයේ ප‍්‍රමාණය මිලියන 204කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අපේ අසල්වැසි රටක් වන පාකිස්තානයේය. එය ගණනින් මිලියන 178කි. ඊළඟ ලොකුම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන රට වන්නේ අපේ ළඟම අසල්වැසියා වන ඉන්දියාවේය. එය ගණනින් මිලියන 177කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අපේ තවත් ළඟ අසල්වැසි රටක් ලෙස සැලකිය හැකි බංගලිදේශයේය. එහි ජීවත් වන ගණන මිලියන 148කි.

    අපට (සිංහලයන්ට) වඩා ප‍්‍රමාණයෙන් තරමක් ලොකු වුවද මුස්ලිම් ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය සමග සසඳා බලන විට දෙමළ ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය හුඟාක් පුංචිය. එසේ තිබියදීත් දෙමළ ප‍්‍රජාව සමග අවුලක් ඇති කරගැනීමෙන් අපට සිදුවූ හානිය හා ගෙවන්නට සිදුවූ වන්දිය දැවැන්තය. අප එම අත්දැකීමෙන් නිසි පාඩම් ඉගෙන නොගෙන ලෝක මට්ටමෙන් දෙමළ ප‍්‍රජාව මෙන් විසි ගුණයකට වඩා විශාල මුස්ලිම් ප‍්‍රජාව සමගද අවුලක් ඇතිකර ගන්නට යන්නේ නම් අපට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දිය වඩා දැවැන්ත වනු නොවැළැක්විය හැකිය. විනාශයක් ඇති කිරීම පහසුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප‍්‍රඥාව නොව ආවේගයන්ය.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    patta digay ne ban man bookmark karagatta
    udata ^^^^

    ලිපිය ටිකක් දිග උනාට අද බහුලව දකින්න අහන්න ලැබෙන ගව මස් විරෝධය ගැන තාර්ගික විග්‍රහයක්.
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සැලකිල්ලට ගන්න ඔනා කරුනු තියනවා, මමත් අදයි, මේකෙ මේ පැත්ත ගැන හිතුවෙ.. :oo:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    අපට (සිංහලයන්ට) වඩා ප‍්‍රමාණයෙන් තරමක් ලොකු වුවද මුස්ලිම් ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය සමග සසඳා බලන විට දෙමළ ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය හුඟාක් පුංචිය. එසේ තිබියදීත් දෙමළ ප‍්‍රජාව සමග අවුලක් ඇති කරගැනීමෙන් අපට සිදුවූ හානිය හා ගෙවන්නට සිදුවූ වන්දිය දැවැන්තය. අප එම අත්දැකීමෙන් නිසි පාඩම් ඉගෙන නොගෙන ලෝක මට්ටමෙන් දෙමළ ප‍්‍රජාව මෙන් විසි ගුණයකට වඩා විශාල මුස්ලිම් ප‍්‍රජාව සමගද අවුලක් ඇතිකර ගන්නට යන්නේ නම් අපට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දිය වඩා දැවැන්ත වනු නොවැළැක්විය හැකිය. විනාශයක් ඇති කිරීම පහසුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප‍්‍රඥාව නොව ආවේගයන්ය.

    Bayada Ponz? Hithuwada Bangladesh wala eun wage lankawath api unta liyala dei kiyala? :rofl::rofl: Iran Afgan Bangaldesh wala Budu pilima walata sellam demmata lankawe eka pilimekata atha thiyanna kiyahan chandi innawanam :frown::frown: allah kiyala ekek innawanam u apita me wenakota mona karanna oneda lol. oya nabiya ganja karayek. bala aparada walin berenna bible eke old version eka edit karala allah kiyala ekek innawa kiuwa. ochchcara allage passen yanne palliyata gihin pray karala allah kiyana kupadiyata banina apita monawa hari karanan kiyapanko oya sarwabaladari powers walin. yako merayekta 2500k dunnanam u ewilla wedi thiyala yai. allata puluwanda ochchara deyak karanna. :rofl::rofl::rofl: umbala nemi nemi dinapatha puka dunnata wedak ne allah oya ganda pukawal ganan ganne nehe. deepan cash. me kale ewa thama valid. harak mas karayinta Obama poison gas gahala umbala dannawada muslim ratawala eun ballo wage merenne. mona karannada thopilata harak wage jeewath wela purudda
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mas wala thiyena protin kiri walin laba gatha haka. Gavain prajananaya magin vadipura pataw gananak laba gatha haki nam laba ipaiya haka. Avita harak mas veladama avashya natha. Meeta amatharawa gavaya wayasata gihin svabavikawa marena thuru Goma walin pohora saha gas nipadava gatha haka. Avita laba [profit] gatha haka. Pradhana wasayen pataw wadi gananak eladena gen laba ganimen laba[profit] gatha haka. Gvain maranne nathiwa kiri eladenun athi karana minisun srilankawe atha. avashya nam proofs dennam.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Mas wala thiyena protin kiri walin laba gatha haka. Gavain prajananaya magin vadipura pataw gananak laba gatha haki nam laba ipaiya haka. Avita harak mas veladama avashya natha. Meeta amatharawa gavaya wayasata gihin svabavikawa marena thuru Goma walin pohora saha gas nipadava gatha haka. Avita laba [profit] gatha haka. Pradhana wasayen pataw wadi gananak eladena gen laba ganimen laba[profit] gatha haka. Gvain maranne nathiwa kiri eladenun athi karana minisun srilankawe atha. avashya nam proofs dennam.

    kathawa hari machan,me article eke samahara dewal patta radical widiyata tiyenne,mata nam pili ganna baa,
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    mas kanna peretha aya mas kanawa.eke aaya kisi kathaawak na.mona sathage unath jeewithayak bawa aththa.namuth saththu atharath wenasak thiyanawa.kukul mas kanawanan ai minis mas kanna bari kiyala kawuru hari kiwwoth eka harida.gawaya kiyana sathage as deka balagena inna puluwan nam.e magenan dewani kiri amma.mata me post eka type karaddin anduna
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බුද්ධාගමට අනුව මොන සතා මැරුවත් පවු සිද්ද වෙනවා. එත් හරක් මැරිල්ලට මෙතරම් විරෝධයක් තියෙන්නේ ආගමික හේතුවක් නිසා නෙමෙයි සංස්කෘතික හේතුවක් නිසා. ඒ හේතුව සුනිල් එදිරිසිංහ මහත්තයාගේ පල්ලෙහා තියෙන සින්දුවෙන් හොඳින් කියවෙනවා.





    62180084270_Banen%20Bada-sthm.jpg
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    සැලකිල්ලට ගන්න ඔනා කරුනු තියනවා

    Rep++


    අපට (සිංහලයන්ට) වඩා ප‍්‍රමාණයෙන් තරමක් ලොකු වුවද මුස්ලිම් ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය සමග සසඳා බලන විට දෙමළ ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය හුඟාක් පුංචිය. එසේ තිබියදීත් දෙමළ ප‍්‍රජාව සමග අවුලක් ඇති කරගැනීමෙන් අපට සිදුවූ හානිය හා ගෙවන්නට සිදුවූ වන්දිය දැවැන්තය. අප එම අත්දැකීමෙන් නිසි පාඩම් ඉගෙන නොගෙන ලෝක මට්ටමෙන් දෙමළ ප‍්‍රජාව මෙන් විසි ගුණයකට වඩා විශාල මුස්ලිම් ප‍්‍රජාව සමගද අවුලක් ඇතිකර ගන්නට යන්නේ නම් අපට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දිය වඩා දැවැන්ත වනු නොවැළැක්විය හැකිය. විනාශයක් ඇති කිරීම පහසුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප‍්‍රඥාව නොව ආවේගයන්ය.
     
    අපට (සිංහලයන්ට) වඩා ප‍්‍රමාණයෙන් තරමක් ලොකු වුවද මුස්ලිම් ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය සමග සසඳා බලන විට දෙමළ ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය හුඟාක් පුංචිය. එසේ තිබියදීත් දෙමළ ප‍්‍රජාව සමග අවුලක් ඇති කරගැනීමෙන් අපට සිදුවූ හානිය හා ගෙවන්නට සිදුවූ වන්දිය දැවැන්තය. අප එම අත්දැකීමෙන් නිසි පාඩම් ඉගෙන නොගෙන ලෝක මට්ටමෙන් දෙමළ ප‍්‍රජාව මෙන් විසි ගුණයකට වඩා විශාල මුස්ලිම් ප‍්‍රජාව සමගද අවුලක් ඇතිකර ගන්නට යන්නේ නම් අපට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දිය වඩා දැවැන්ත වනු නොවැළැක්විය හැකිය. විනාශයක් ඇති කිරීම පහසුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප‍්‍රඥාව නොව ආවේගයන්ය.

    මේ කතාවටනම් මම එකග නැ ජම්ජූම් මහත්තයො.. දෙමල අපි සටන් කෙලියේ මස් රාත්තලකට නෙමෙයි.. අනික දෙමල ජනයා එකතු උනා වගේ ඔයාලට අරාබි මුස්ලිම් මිනිස්සු එකතු කරගන්න බැ.. රිස්නා කියන ලමයගේ බෙල්ල කැපුවෙත් මුස්ලිම් මිනිහෙක්.. ඒක නිසා තුප්පහි ජාතියක් දෙමල මිනිස්සු එක්ක සන්සන්දනය කරන්න එපා.. එන්ගලන්තෙන් මුස්ලිම් උන්ව එලෙව්වා මිසක් මෙතුවක් කාලෙකට පට්ටි පිටින් දෙමල මිනිස්සුන්ට යන්න කියලා ඩිපොට් කරලා නැ..