ඉස්සර ත්‍රීවීල්, බයික් වලින් මම හොඳට පාඩම් ඉගෙන ගෙන ඉන්නේ. ඒ අය සාමාන්‍යයෙන් කරන වැරදි ,
1. තනි ලේන් එකේ වම් පැත්තෙන් ඉස්සර කිරීම.
2. කලර් ලයිට් වල වාහන නතර කරගෙන ඉන්න වෙලාවල, අස්සෙන්,වමෙන් ඇවිත් පෝලිමේ ඉස්සරහට එන එක.
3. අතුරු පාරවල් වල ඉඳන් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ප්‍රධාන පාරට දාන එක.
4. ඩබල් ඉරි කපාගෙන ඇවිත් ( ඉස්සර කරගෙන ) එකපාර අපේ වාහනේ ඉස්සරහට ඔබා ගන්න එක.
5. සයිඩ් කන්නාඩියේ ගාවගෙන නැත්නම් නවාගෙන යන එක.
6. ට්‍රැෆික් එකේ යන වෙලාවට වාහන දෙක ( ඉස්සරහා වාහනේටයි මගේ වාහනේටයි ) අතරට කොහේදෝ ඉඳලා කඩා පනින එක.
7. පාරේ මැද ( ත්‍රීවිල් නම් ලේන් දෙකක ) එලවන එක.
මේ වගේ වැරදි වලට සම්පූරණයෙන්ම වැරැද්ද ත්‍රීවීල් සහ බයික් වල. මේ වැරදි වලට එයාලට හේතු පවා තියනවා කියන්න. වාහනේ පොඩි ලු. ගත්තේ ඉක්මනට යන්නලු. ඉඩ තියෙන තැනින් ගිහින් ඉස්සරහට ගියාට කාටවත් තියෙන අමාරුව මොකද්ද ලු.
වාහනේ පොඩි තමා. ඒත් ඒකත් වාහනයක්. වාහන සම්බන්ධ නීති බයික්, ත්‍රීවීල් වලටත් වලංගුයි. ලංකාවේ ( සහ ඉන්දියාවේ ) තමා මේ දේවල් ගොඩක් වෙන්නේ. අනිත් රටවල, පෝලිම තියන විදියට තමා මේ වාහනත් යන්නේ. ලොකු ඉඩක් තියෙනවා නම් විතරයි ඉස්සරහට යන්නේ. අනික, පෝලිමක ඉස්සරහට ත්‍රීවිල් බයික් ගියම කලර් ලයිට් වල ග්‍රීන් වැටුනම අනිත් පෝලිමේ හිටපු වාහන වලට ලැබෙන වෙලාව අඩු වෙනවා සෑහෙන්න.
මම මේවා ඉවසුවා සෑහෙන කල්. ඒත් එවායින් පාඩු විඳින්න උනේ අන්තිමට මට ම තමා. ඉතින්, ඔය කලින් කියලා තියෙන දේවල් වලට මම කරන දේ මම පහලින් දාන්නම්. මේවා රොඩ් රේජ් වගේ පේන්න පුළුවන්, ඒත් කරන්න දෙයක් නෑ.
1. වම් පැත්තෙන් ඉඩ තියන්නේ නෑ. පුළුවන් තරම් වමෙන් තමා මම එලවන්නේ.
2. වාහනේ කලර් ලයිට් එකේ හරි, ට්‍රැෆික් එකේ පෝලිමේ හරි ඉන්නකොට වම් පැත්තේන්, ඉදිරියෙන් ඉඩ තියන්නේ නෑ.
3. අනතුර බේරන්න පුළුවන් විදියට ට්‍රයි කරලා, කොහොම හරි උගේ කන ගාවින් අරන් කන පැලෙන්න හෝන් එකක් ගහනවා. මට මේක කියන්න තේරෙන්නේ නෑ. කොහෙම හරි, මම ඌව බේරුවේ නූලෙන් කියන එක ඌට ඒත්තු ගන්නනවා. එතකොට ඊලඟ පාර පොඩ්ඩක් හිතලා බලයි නේ පාරට වාහනේ දාන්න කලින්.
4. මුන් මේක කරන්නේ ඉස්සරහින් වාහනයක් එනකොට. මම කරන්නේ, බුවා බයික්/ත්‍රීවීල් එක අස්සට ගහන්න හදනකොටම මම ඉස්සරහා වාහනේ ගාවටම ලං කරනවා. එතකොට බුවාට වාහනේ නතර කරන් ඉන්න වෙනවා පස්සෙන් එන එකෙක් අනුකම්පාවෙන් ඉඩ දෙනකල්.
5. මේ වෙලාවට ගොඩක් අය කරන්නේ එක ගනන් නොගෙන යන එක. මම නම්, වාහනේ නතර කරලා ඌට හෝන් එකක් ගහනවා. ඌ නතර නොකලොත් පොලීසියේ පැමිණිල්ලක් දානවා, උගේ වෙහිකල් නම්බර් එක දීලා, හප්පලා පැනලා ගියා කියලා. නතර කලොත්, ඌ සමාව ගත්තොත්, ඌට බැනලා යන්න දෙනවා. නැත්න්ම් ඒත් පොලීසි තමා. මේ ලඟදි මගේ සයිඩ් කන්නාඩිය ගාගෙන මට සද්දයක් දාලා ගියපු එකෙක්ට පොලීසි ගෙන්නලා ඉගැන්නුවා හොඳ පාඩමක්. කලින් සද්දේ දාපු එකා පොලීසියෙදි වඳින්නත් ගියා අන්තිමට.
6. සරලයි. ලොකු ඉඩක් තියන්න එපා.
7. වම් පැත්තෙන්, නිවැරදි විදියට ඉස්සර කරලා, පොඩ්ඩක් උගේ ලඟට කරලා අයිනට ( හෝ හරි ලේන් එකට ) දාගන්න මතක් කරලා දෙන්න.
මේකයි. මට තරහක් නෑ බයික්, ත්‍රීවිල් එක්ක. මමත් කලින් බයික් සහ ත්‍රීවිල් දෙකම එලවපු කෙනෙක්. ඒත් මම ඔය ජරා විදියට එලවලා නෑ ඔය දෙකම. නීති කඩ වෙන වෙලාවල් තියෙනවා. ඕන කෙනෙක් අතින් වැරදිම් වෙන්න පුළුවන්. ඒ වගේම මගෙන් කාට හරි වැරැද්දක් උනා නම් වාහනේ නවත්තලා ඌට සොරි කියලා, ඌත් එක්ක කතා කරලා තමා යන්නේ.
ත්‍රීවිල්, බයික් සම්බන්ධයෙන් ඉදිරියට නීති තර කරනවා කියලා මට ඇහුනා කියනවා. පංචවිධ නීති ක්‍රමයක් ගැන පොලිස්පති කතා කලා. ඒක ක්‍රියාත්මක උනොත් ඔය වැරදි ගොඩක් අඩු වේවි.
මෙතන බයික්, ත්‍රීවිල් එලවන අය ඉන්නවා නම්, පොඩ්ඩක් මේ කියන දේ ගැන හිතන්න කියලයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම මම කියපු දේවල් වල වැරුද්දක් පේනවා නම් සාධාරණ තර්කයක් ගේන්න පුළුවන්.