හෂිනිට ඇප

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායකගේ බිරිඳ වන හෂිනි අමෙන්ද්‍රා රත්නායක දැඩි කොන්දේසි පනවා ඇප ලබාදීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර 12 වැනිදා පස්‌වරුවේ නියෝග කර තිබේ.

    තංගල්ල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක්‌ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත සැකකාරියට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද මහෙස්‌ත්‍රාත්වරයා එහිදී පනවා ඇත.

    එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් වියයුතු බවටද එහිදී කොන්දේසියක්‌ පැනවූ මහෙස්‌ත්‍රාත්වරයා, සැකකාරියට ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළේය.

    එම සැකකාරිය වෙනුවෙන් ප්‍රතිශෝධන අයෑදුම්පතක්‌ ඉදිරිපත් කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල කළ කරුණු දැක්‌වීම් සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම සැකකාරියට ඇප ලබාදීමට තංගල්ල මහෙස්‌ත්‍රාත්වරයාට නියෝග කොට තිබුණි.

    වෙනත් පාර්ශ්වයක්‌ විසින් තමන් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ ඇය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

    courtesy:sri lanka mirror
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26.gif

    හත්තිලව්වයි... වැලන්ටයින් සමරයි එහෙනං...
    ටොයිං....!! ටොයිං....!!
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අද ඉතිං වික්ටර් මහත්තය ඔඩොක්කුවේ තියාගෙන ගහයි නේද?.






    මං කිවුවෙ සිතාරෙ.