"හායි මම අලුතෙන් ආවේ"

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "හායි මම අලුතෙන් ආවේ"

    කියල කියන්න අමතක උනා උනානේ ඒ කාලේ..:lol: එලකිරියට රිංගන්න පුරුදු වෙලා ඊයෙට අවුරුදු හතරකුත් වෙනවා.. එන්න එන්නම නාකි වෙන එක ගැනනම් පොඩ්ඩක් අවුල් අවුල් වගේ හැබැයි..:baffled: ෆේස් බුක් එකෙන් මාව හොයා ගන්න බැරි වෙනකොට එලකිරියට පී.එම් එකක් දාල මාව හොයන තත්ත්වෙටම මමත් මේකට ඇබ්බැහි වෙලාද මන්දා..?:shocked: mano3989 යාලුවගෙන් පාර අහගෙන එලකිරියට ගොඩ උන දවසේ ඉඳන් මේ වෙනකන් ගොඩක් දේවල් මේක ඉන්න අයගෙන් ඉගෙන ගත්තා..:)

    කලුද සුදුද කියලවත් නොදන්න යාලුවෝ සෙට් එකක් එක්ක විහිලු තහලු කර ගත්තා:rofl:, ඉඳල හිටලා බැන ගත්තා:frown:, රෙප් කපා ගත්තා:dull:, ලින්ක් ඉල්ල ගත්තා:P, වලි යන හැටි පැත්තක ඉඳන් බලන් හිටියා:rofl:, කොලොප්පං ත්‍රෙඩ් අස්සෙ රිංගගෙන තනියම හිනා වෙවී කාලේ කෑවා:rolleyes:ජබුක් ගාල වැටෙන්නෙ නැතුව ළිං ගැට්ට දිගේ ඇවිදින්න ට්‍රයි කළා:rofl: වගේම ඉතින් ඉඳල හිටලා ත්‍රෙඩ් එහෙමත් දැම්මා..:)

    හැමදාම කියනවා වගේ මේක ඇතුළෙන් තමනුත් දෙයක් කරගෙන පුලුවන් දෙයක් කාටහරි දෙන තරමට මෙතන වටිනාකම වැඩි වෙනවා..:) අපිට අපේ සමහර ප්‍රශ්න කියා ගන්න කෙනෙක් නෑ.. උදව්වක් ගන්න කෙනෙක් නෑ.. ඒ වගේ වෙලාවක ඒව මෙතන ඇවිත් කියන්නේ තමන්ගේ ප්‍රශ්නේ දන්න සිංහලෙන්ම තේරෙන බාසාවෙන්ම කාටහරි කියල උදව්වක් හොයා ගන්න බලාපොරොත්තුවෙන්.. :rolleyes: සමහර අයගේ ප්‍රශ්න දැක්කාම හිනා ගියාට, ඒ ප්‍රශ්න අපෙත් ප්‍රශ්න උන වෙලාවල් ඕනතරම් තියෙනව..:dull: සමහර වෙලාවට ප්‍රශ්නේ අහපු කෙනාට දීපු උත්තරේ වැදගත් වෙන්නේ වෙනත් කෙනෙකුට වෙනම හේතුවකට වෙන්නත් පුලුවන්..:oo:

    උදේ හවස දූවිල්ලට ඔට්ටු වෙවී බයිසිකල් පදින අයගේ අත්දැකීම්, දාඩිය පෙරාගෙන බස් එකේ කෝච්චියේ උදේ හවස ඔෆිස් දුවන අයගෙ අත්දැකීම් වගේම ඒ.සී දාගෙන SUV, Prado, Montero පදින අයගෙ විධායක මට්ටමේ අත්දැකීම් වලින් පවා අපිටත් දශමෙක දෙයක් හරි ඉගෙන ගන්න පුලුවන් හරියට හිතුවොතින්...:) කොටින්ම කියනවනම් දොස්තර ලෙඩාට මචං කියන, පියන්ට මැනේජර්ව මචං වෙන අමුතුම තැනක් මේක..:P

    ජීවිතේ ලබපු අමිහිරිම මතකයන් වගේම සුන්දරම මතයකන් පවා අපි කිසිම තහනමක් නැතුව එලකිරියත් එක්ක බෙදා ගන්නවා.. ඒ වගේ දේවල් වලට වැටෙන ප්‍රතිචාරත් එක්ක තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න තව තවත් ධිරිමත් වෙනවා..සමහර වෙලාවට ඒකෙ අනිත් පැත්ත වෙන වෙලාවලුත් නැතුවම නෙමෙයි..:baffled: (ඒ කියන්නෙ ඉතින් පැය හතරක් පහක් විතර අනිත් වැඩත් එක්ක දඟලලා දඟලලා මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දැම්මාම, කියවල විතරක් නිකන් යනකොට ඉතින් මොන මගුළක්ද මේ කියල හිතෙන වෙලාවල් එහෙමත් නැතුව නෙමෙයි ඉතින්..:()

    අනික හැම නරක මනුස්සයෙකුගෙම හොඳකුත් තියෙන්න පුලුවන්.. වැඩේ තියෙන්නේ අපි මෙතනදි කාගෙ හරි වැරැද්දක් දැක්කාම ඒ වැරැද්දම අල්ලගෙන නටනව මිසක් ඒ මනුස්සයා හොඳක් කරපු වෙලාවකවත් ඒක අගය නොකරන එක.. මමනම් පුලු පුලුවන් විදිහට කමෙන්ට් එකකින් හරි එහෙම කෙනෙක්ව අගයන්න පොඩි ට්‍රයි එකක් දෙනවා.. :) කොටින්ම කියනවනං
    ආතල් එකට උනත් තමන්ගේ යූසර් නේම් එක දාලම රෙප් කපන ස්කූවි දෙයියොන්ගේ ආදර්ශෙම කොච්චර වැදගත්ද.? :rofl: (දෙයියොන්ගේ මව්පිය වන්දනාව අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න.. :P ) දූවගෙන ඇවිත් ලිඳේ පනින්න, කලින් පැනපු උන් ළිඳෙන් ගොඩ එන්න වගේම, ළිඳට තල්ලු කරන්න බලාගෙන එන අයියලත් එලකිරියෙ ඉන්නම ඕනේ කියන එකයි මගේනම් අදහස..:lol:

    මගේ ත්‍රෙඩ් එකකින් හරි, කමෙන්ට් එකකින් හාරි කාටහරි හානියක් හරි හිත රිදවීමාක් හරි උනා නම් ඒ ගැනත් සමාවෙන්න කියන ගමන් එලකිරිය ගැන "අ"යන්න "ආ" යන්න කියල දීලා කොච්චර වැඩ තිබුණත් එලකිරියට පොඩ්ඩක් ගොඩ වෙන පුරුද්ද ඇති කරලා මාව අමාරුවේ දාපු මගේ හිත මිත්‍ර mano3989 යාලුවට වගේම ඉඳල හිටල දාන ත්‍රෙඩ් වලට සහය දෙන්න ආව යාලුවෝ ඔක්කොටමයි, නම දාන්නේ නැතුව රෙප් කපපු යාලුවන්ටයි බොහෝම ස්තූතියි එහෙනම්..:)
    අවුරුදු හතර පුරාවටම දාපු ත්‍රෙඩ් වලින් කීපෙකුත් මම පහළින් දානවා.. සමහර ඒව කියවද්දි ලේ ටිකක් පිරිසිඳු වෙයි..:P



    අලියා සහ කන්තෝරුවේ ඩ්‍රයිවර්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1719631

    ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1725429

    අපේ ඔෆිස් එකේ ට්‍රබල් ෂූටිං...
    http://www.elakiri.com/forum/showthread.php?t=1724841

    ජෑම් පාං ගෙඩිය..
    http://www.elakiri.com/forum/showthread.php?t=1706872

    මෙන්න බලන්න මහත්තයෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1701047

    මෙන්න බලන්න මහත්තයෝ - (02)
    http://www.elakiri.com/forum/showthread.php?t=1702493



    කොන්දොස්තර සහ මාරු කාසි....

    http://www.elakiri.com/forum/showthread.php?t=1697222

    අන්ද පියා සහ චූටි දුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1704478

    මට තාම මතකයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1762922

    ගිණියම්ය මුළු දවසම
    http://www.elakiri.com/forum/showthread.php?t=1757362

    එන්න විශ්ව අහස දකින්න ..!
    http://www.elakiri.com/forum/showthread.php?t=1723945








    සිරිපාදේ සමනල කන්ද පෙනේ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1680791

    පුංචි දඹදිව - රත්නපුර
    http://www.elakiri.com/forum/showthread.php?t=1667668

    18 වංගුව දිගේ අම්පාරේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1608342

    18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)
    http://www.elakiri.com/forum/showthread.php?t=1640884

    රටකින් එහා ඉගිළී...
    http://www.elakiri.com/forum/showthread.php?t=1743713




    මාලු ටැංකියට LED ලයිට් එකක්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1708630

    මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)
    http://www.elakiri.com/forum/showthread.php?t=1737058



    Richlife
    n82-Wq49JFdaRYlhPFB3pnTzG0llxSTNqFNq6csT-oVW2ViqpRKXRUQWqkP93aeV8KVtoAmmd4bSQQqS9XMh90NF7tIRKr9UNil6AF0Dja5-UFcSh5XSPQwziEXAxMGz=s0-d-e1-ft


     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    එලකිරි ජය වේවා.
    එලකිරියේ වගේ එකතුවක් වෙන කොහෙන්වත් ලැබෙන එකක් නැහැ.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩෝ මමත් එළකිරි ඇවිල්ල තියෙන්නේ උබ අපු දවස්වලම නේ:)