හැම රෙද්ද ම බැ බං...කපු රෙදි තමා ඉතිං කෑවොත්. සින්තටික් ඒව දිරවන්නේ නෑ නේහ්!
ඕයේ...මමත් තොරල බේරල නං කන්නේ නෑ. බට් දැං ඉතිං පරිස්සං වෙන්න කාලෙ ඇවිත් නිසා තෝරන්න වෙලා තියෙන්නේ...![]()
දැං වයසයි නේ.සුප් වගේ ජාති තමා හොද. බර අහාර එහෙම ගන්න එපා

හැම රෙද්ද ම බැ බං...කපු රෙදි තමා ඉතිං කෑවොත්. සින්තටික් ඒව දිරවන්නේ නෑ නේහ්!
ඕයේ...මමත් තොරල බේරල නං කන්නේ නෑ. බට් දැං ඉතිං පරිස්සං වෙන්න කාලෙ ඇවිත් නිසා තෝරන්න වෙලා තියෙන්නේ...![]()

ඉස්සර අකමැතිම එළවළු, ධාන්‍ය තමයි දැන් කැමතිම ... උදා කරවිල, මෑ කරල්, කොහිල, වැටකොළු, පතෝල, මුං ඇට, කඩල, කව්පි etc

අඩේ මාත්. පොඩි කාලෙ ඉඳල නිර්මාංශ වෙලා හිටියෙ
පස්සෙ ඇඟට හොඳ නැති වෙයි කියල කෑවොත් කන්නෙ කුකුල් මස් විතරයි.. මාලු කනව. හැම මාලුවක්ම කන්ඩත් බෑ.. සමහරක් ඒවයින් එන්නෙ අමුතු පිලී ගතියක්..
මුගුණුවැන්න කන්ඩනං මං හෙන ආසයි.. අමුතු සුවඳකුත් ඒවයින් එනව
මම ඉස්සර ආසම පළා ජාතියත් මුගුණුවැන්න බං. කොහෙද කාලා කාලම එපා උනේ. දැන් කටේ තිබ්බත් උගුරට එන සීන් එකක් තිබේ. අපේ ගෙදරට කුකුල්මස් ගෙනල්ල නෑ බං අවුරුදු එකහමාරකින් වගේ. වෙඩිමකට ගියොත් හෝ පාටියකට ගියොත් විතරක් කනවා. මොකද 3000 ක් විතර දීලා පරිප්පුයි බතුයි කාලා එන්න බැරි නිසා.
මම නම් ඕනේ මාලුවක් කනවා වෙල් මාලු ඇර. ඔය මොනවා කිව්වත් සමහර මාලු වර්ග තියෙනවා විනාකිරි වැඩිපුර දාලා හැදුවේ නැත්නම් මෙලෝ රහක් නැති ජාති. එහෙම එව්වනම් උයලා කන්න අමාරුයි ඒ අදාල විදිහට හදලා නැති නම්.
හැමදෙයක්ම කන්න කිව්වට මේ ලෝකේ ඉන්නවා ඇලජී තියෙන අවාසනාවත්න ජාතියක්. සමහරුන්ට අන්නාසි කෑල්ලක්, තක්කාලි කෑල්ලක් කන්න බෑ. ඉස්සෙක් දැල්ලෙක් කන්න බෑ. ඒ අතින් මට නම් කිසිම ඇලජි එකක් මේ තාක් හම්බුවෙලා නෑ.
බත් පිඟානෙ කන්ඩ බැරි ඒව, මම ඉස්සෙල්ලම කනව..
උදා, වැටකොලු, බණ්ඩක්ක..
ඒවටික බඩගින්න පිට ඉස්සෙල්ලම ගිලල දානව..


ඇලජී තියෙන අය ඒ ඒ ආහාරවලින් වැළකිලා ඉන්න සිද්ද වෙනව.

එකක් තමයි ආහාරවල විවිදත්වයක් ඇතිකර ගැනීම. අපේ ගෙදර කැරට්, ලීක්ස්, ගෝව, බෝංචි, පරිප්පු තමයි. මම කඩේ ගිහාම වෙනස් ජාතියක් හම්බ වුනොත් ගන්නවා.
මෙහෙ ලෝකේ හැම රටවල්වලින් ගෙන විවිද එළවලු තියෙනවා. ගොඩක් ඒව දන්නෙවත් නැහැ. ඒවා උයන විදිය youtube එකක් බලාගෙන උයනවා. සමහර වෙලාවට නියමෙට පදමට රසට එනවා.
ඔක්කොටම ඉස්සෙලා කියන්න ඕන ගෙදර වවන එළවලු ගැන. ඒවා අමුවෙන් කන්න පුළුවන්. කිරි රසයි (ගෝව). තක්කාලි අමුවෙන් කන්න පුළුවන්.
වැටකොලු පට්ට රසයිනේ බං. ලපටි වැටකොලු කිරට හදලා ගත්තම ආයේ කියලා වැඩක් නෑ. වැටකොලු ගැන කියනවනම් මම මෑතක් වෙනකන් ආසම නැතිව හිටි එලෝලුවක් කියපන්කෝ. බොහොම අමාරුවෙන් කෑවේ ගෑණු ළමයා නිසා.අම්මට සිරි මෙච්චර කාලයක් මේවා නොකා හිටියේ මොන මගුලටද කියලා හිතුනේ එදා.
බණ්ඩක්කත් ලපටි එව්වා කිරට හදලා ගත්තම සුපිරි.

වැටකොලු,පතෝල කිරට හැදුවම මාර රහයි..