හිගන්නෙකුට 10000ක්

MacroMP

Member
Mar 6, 2013
648
173
0
අපේ රටේ නැති බැරි වගේ පෙන්නන අයයි, ඇත්තටම නැති බැරි අයයි, වෙන් කර ගන්න එච්චර අමාරු නෑ. සිගරට්, අරක්කු බොන පොරක් මූන දැක්කම අදුන ගන්න පුලුවන්. අතට සල්ලි දෙනවට වඩා කෑමක්, බීමක්, පෙනඩෝල් පෙත්තක් අරන් දුන්නනම් හරි.

උඹ කියන එක හරි මචන්. හැම දෙයක්ම මේ සමාජ ක්‍රමය නිසා වෙන දෙයක්. මිනිස්සු නැති බැරි වගේ පෙන්නව ඉතින් ඇත්තටම නැති බැරි අය කවුද හොයාගන්න අමාරු යි. ඒ වගේම මිනිස්සු කපටි කමටත් නැති බැරි ය වගේ ඉන්නවා. ඒ වගේම සමහර මිනිස්සු, තමන්ට කෙලවන්න එන උන් නිසා නැති බැරි වගේ ඉන්නවා. ඕකෙත් දෙපැත්තක් තියෙනවා.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
epa wenwa bn aran dunna kama eka wikunanwa un kasiya gahanna
biggrin.gif
:yes:
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කොලඹ යාචක ලෝකය


    අද වෙබ් අඩවි කිහිපයකම පලවෙලා තිබුන කොලඹ ඉන්න යාචකයන් ගැන කෙරුනු සමීක්ෂණයක් ගැන. ඒකෙ මේවගේ කරුනු ටිකක් තමයි පලවෙලා තිබුනෙ.

    ප්‍රධානතම දේ තමයි මේ යාචකයො 90% රජයෙන් හෝ වෙනත් සංවිධානයකින් කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම. ඒකෙන් පෙනෙන්නෙ ඒ අයට හොද ආදායමක් තියන බව තමයි. අපිත් ඉතින් කීදෙනෙකුට හිගමන් දෙනවද.....

    සමීක්ෂණ වාර්තාව කියවනකොට තව තව වැදගත් දේවල් හමුවෙනව. එකක් තමයි යාචකයොන්ගෙන් 50%ක්ම තමන්ට නිවසක් ලබාදෙනවට කැමති නෑ. 84%ක්ම ඒ අයට කිසිවෙකු විසින් රැකියාවක් ලබාදෙනවට විරුද්දයි. ඒවගේම වැඩිදෙනෙක් කැමති තවදුරටත් යාචකයො විදියටම ඉන්න. වෙනස් වෙන්න කැමති ඉතා සුලු පිරිසක් විතරයි.

    තව වැදගත් දෙයක් තමයි මේ යාචකයොන්ගෙන් ආබාධිත අය ඉන්නෙ 21%ක් විතරයි. අනික් 79%ම රැකියාවක් කරන්න පුලුවන් මට්ටමේ හොද තත්වයකින් ඉන්න අය.

    තව වැදගත් තොරතුරු ගොඩක් එම වාර්තාවෙ තිබුන. යාචකයන් වයස අනුව වර්ග කිරීමක්, ජාතිය අනුව වර්හ කිරීමක්, ඒ වගේම යාචනයෙ යෙදෙන වේලාව අනුව වර්ග කිරීමක් ඒ අතර ප්‍රධානයි.

    මටත් මේ සමීක්ෂණ සම්පූර්ණ වාර්තාව හොයාගන්න බැරිවුනා. නමුත් ඒක හුගක් සිත්ගන්නාසුලු වෙන්න ඕන. හොයාගන්න තියනවනම් කවුරුහරි සටහනක් දාන්න. නමුත් හිතන්න තියන දේ තමයි යාචකයො කොතරම් පොහොසත්ද කියන එක සහ ඔවුන් මෙහයවන්නෙ, ආධායම් ලබන්නෙ කවුද කියන එක.


    උපුටා ගැනීම
    HTML:
    http://vidula-sinhala.blogspot.com/2008/12/blog-post_03.html
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපේ රටේ නැති බැරි වගේ පෙන්නන අයයි, ඇත්තටම නැති බැරි අයයි, වෙන් කර ගන්න එච්චර අමාරු නෑ. සිගරට්, අරක්කු බොන පොරක් මූන දැක්කම අදුන ගන්න පුලුවන්. අතට සල්ලි දෙනවට වඩා කෑමක්, බීමක්, පෙනඩෝල් පෙත්තක් අරන් දුන්නනම් හරි.

    :yes::yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට නම් එපා වෙලා ඉන්නෙ බං මේක.... මං ශොප් එකක් කරන්නෙ.. ඉතින් සල්ලි ඉල්ලන් එන අය එන්නෙ හරියට මාසෙ කඩ කුලී අරන් යන්න එනව වගේ... උන් සතියෙ දවස් ගාන බෙදාගෙන එන්නෙ එක එකා එක එක දවස් වලට..... උන් ගොඩක් බොරුව කරන්නෙ...

    සමහර උන් එනව පැලෙන්න බීල කෙලින් ඇවිදින්නවත් බෑ.. සල්ලි නොදුන්නොත් "මේක මහ තිරිසනෙක්, මූසලයෙක්" වගේ වචන වලින් බැන බැනත් යනව... උන් එක්ක ගහ මරා ගන්න ගියාම අපිත් ඒ ගානට වැටෙන නිසා ඉවසන් ඉන්නව....

    මං ලෝබ නෑ බං යමක් දෙන්න.. ඒත් අපිව රවට්ටල අරක්කු බොන්නයි, ජොයින්ට් අදින්නයි සල්ලි ගන්න එන උන් දැක්කම එපා වෙනව....

    අවංකවම බෙහෙත් ගන්න සල්ලි නැතුව ආපු වයසක අය කීප දෙනෙක්ටම මං බෙහ්ත් පවා අරන් දීල තියනව... ඒත් මේ නැති බැරි කමක් නැතුව රස්සාවට වගෙ එන හිඟන්නො නිසා ඇත්තටම නැති බැරි කමක් තියන මනුස්සයෙකුට ලැබෙන්න තියන දේත් නැති වෙනව... :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලඞ්කාවෙ හෝම්ලස් පීපල්ස් ල ඉන්නෙ බැංකු වල කුකුලෝහ් :baffled:
    ඔය බස් වලට නැඟල හිඟාකන උන්ගෙ ගෙවල් වල තට්ටු කෙලින්ම බහුවචන :lol: