හිට්ලර්, විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු ඔබ දැ&#3505

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    හිට්ලර්, විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු ඔබ දැ&#3505

    ගුරුවරුන් නිසා මැරවරයෙකු වූ හිට්ලර්, විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු බව ඔබ දැන සිටියා ද? (PAINTINGS OF HITLER)

    hitler-paintings1.jpg
    (හිට්ලර් විසින් අඳින ලද සිතුවම් රැසක් පහත පළ කර ඇත)
    ලෝකය ඇති කරන්නේ ද, නැති කරන්නේ ද කලාකරුවන් බව අප අසා ඇති කියමනකි.
    ‍අනෙක් අතට ලෝකය විසින් යමෙකු නිසියාකාරව අවබෝධ කර නොගැනීම ලෝකයේ විනාශයට හේතු වන බව ද අප අසා තිබේ.
    මේ අදහස් සියල්ල ම ලෝකයේ ජීවිත දහස් ගණනක් විනාශ කළ ජර්මනියේ අධිරාජ්‍යවාදියා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජීවිතය සමග බැඳී පවතී.
    ඉවසිලිවන්ත විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්, පසු කලෙක ලෝකය විනාශ කළ දරුණු අධිරාජ්‍යවාදියෙකු ලෙස අවාසනාවන්ත මරණයකට හිමිකම් කීමේ කතාව ‍සමස්ත ලෝකයට ම උගත හැකි පාඩමකි.
    හිට්ලර් කුඩා කාලයේ
    1889 වසරේ අප්‍රේල් මස 20 වන දින ඔස්ට්‍රියාවේදී මෙලොව එළිය දුටු ඇඩොල්ෆ් හිට්ලර්ගේ එක ම අරමුණ වී තිබී ඇත්තේ, ගෘහ නිර්මාණ ශිල්පයෙහි සහ සිතුවම්කරණයෙහි ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වීම ය.
    කුඩා කල පටන් ම හිට්ලර් අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු බවට පත් වීමේ පෙර නිමිති පළ කර තිබූ අතර 1907 වසර කාලය වන විට ඔහුගේ එක ම ආශාව වූයේ, ඔස්ට්‍රියාවේ වියෙනාහි Art Academy නමැති චිත්‍ර පාසලට ඇතුළත් වීම යි.
    එහෙත්, දෙවරක් ම ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප විය.
    හිට්ලර් කුඩා කල වාසය කළ නිවස
    සිය දක්ෂතා පිළිබඳව අතිශය ආත්ම විශ්වාසයක පසුවූ ඇඩොල්ෆ් හිට්ලර්ට එය දරාගත නොහැකි දුකක් විය.
    ඔහු අනුමාන කළේ, යුදෙව් ජාතික මහාචාර්යවරයෙකු විසින් සිය ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ය.
    එම මහාචාර්යවරයා හිට්ලර්ගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබුණේ, මිනිස් රූ සිතුවම් කිරීමේදී හිට්ලර් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව පවසමිනි.
    කෙසේ වෙතත්, ගොඩනැගිලි සහ ස්වභාවික දර්ශන සිතුවම්කරණයෙහි හිට්ලර් අතිවිශිෂ්ටයෙකු විය.
    ‍පසුව ඔහු සිය සිතුවම් අලෙවි කර මුදල් ඉපයීමට පෙළඹිණි.
    සිය සිතුවම්වලට ජර්මනියේ හොඳ වෙළෙඳපොළක් ඇති බව සිතූ හිට්ලර් 1925 වසරේදී ජර්මනියට සංක්‍රමණය විය.
    සිය සිතුවම් අලෙවි කර ගැනීමේ අරමුණින් ජර්මනියට පැමිණි ඔහු පසු කලෙක එරට නාසි පක්ෂයේ නායකයා මෙන් ම ජර්මනියේ නායකයා බවට ද පත් විය.
    හිට්ලර් සතුව පැවති සිතුවම්කරණයෙහි දක්ෂතාව සැලකිල්ලට නොගෙන සිටීම නිසා ම විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෝකයට අහිමි විය.
    ඒ වෙනුවට ලෝකයට ලැබුණේ, යුදෙව්වන්ට වෛර කළ දරුණු අධිරාජ්‍යවාදියෙකි.
    මෙය සමස්ත ලෝකයේ ම ගුරුවරුන් මෙන් ම දෙමාපියන් ද කියවිය යුතු පාඩමක්ය යන්න අපගේ හැඟීම ය.
    තමන් සතු දක්ෂතා ඉස්මතු වන්නට ඉඩ නොදී නොමග යන දරුවන් කොපමණ පිරිසක් මේ ලෝකයේ සිටීදැයි අපට සිතා ගත හැකි ය.
    ඊට සිය දරුවන්ගේ දක්ෂතා සහ ඔවුන්ගේ රුචි අරුචිකම් තේරුම් නොගන්නා දෙමාපියන් සහ ගුරුවරුන් වගකිව යුතු නොවේ ද?
    ලෝකයට තව ත් අධිරාජ්‍යවාදී හිට්ලර්ලා බිහි නොවන්නට නම් දෙමාපියන් සහ ගුරුවරුන් තමන්ට අවශ්‍ය පරිදි දරුවන් මෙහෙයවීම වෙනුවට ඔවුන්ගේ දක්ෂතා ගැන අවධානය යොමු කළ යුතුව තිබේ.
    හිටලර් විසින් අඳින ලද විශිෂ්ට සිතුවම් කිහිපයක් පහත දැක්වේ.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ලෝකය ඇති කරන්නේ ද, නැති කරන්නේ ද කලාකරුවන් බව අප අසා ඇති කියමනකි.

    උපුටා ගැනීම

    මේ කියමන නම් අදමයි ඇහුවෙ මචන්!:confused:
    අනික මේ ස්ටෝරියේ හැටියට ඌ නපුරු වුන එකට මචන් ඒ ගුරුවරයා වගකියන්න ඕනේ කියලා මම නම් හිතන්නේ නෑ.:no:
    මොකද මිනිහගේ හැකියාව මචන් ඒ ඔය කියන පාසලේ ඇතුලත් වීමට ප්‍රමානවත් මදි ඇති (ඌ හොද 75%යි නම් පාසල බලාපොරොත්තු වෙන්නේ 80%ක් හොද උන් නම්?:oo: - අනික මූට වඩා ටිකක් හරි හොද තව කී දෙනෙක් මේ විදිහට මේ පාසලට එන්න නොහැකි වෙන්න ඇතිද?:frown:).
    ඌට වඩා හොද උන් හිටියනම් ඒ එවුන් ගන්න එපායැ මූට ඉස්සෙල්ලා. :rolleyes:
    මූගේ මේ සේරටම ඉතින් ( එක එක්කෙනාගේ ) හිතුවිලි වල ස්වරූපය තමයි බලපානේ :growl:- නපුරු හිත් ඇති වුන්, මම වගේ අහින්සක හිත් ඇති උන්!.....:yes::P
    උබට වරදක් කීවා නෙවෙයි මචන්!:yes:
    ස්තූතියි මේ දේ අපිත් එක්ක බෙදා ගත්තට!
    :D

    Rep+
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Heil Hitler....!

    හොද ලිපියක් !!!:yes:

    මට හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා--- ඇයි හිට්ලර් තමාගේ චිත්‍ර වල English වලින් අත්සන්කලේ කියනඑක .....! :confused: ජර්මන්, ඔස්ට්‍රියන්, පොලිෂ් (පෝලන්ත) මිනිස්සු අද පවා English ඉතාමත් අඩුවෙන් තමයි බාවිතා කරන්නේ... විශේෂයෙන් තම කලා-නිර්මාණ වගේ හදවතට සමීප දේවල් සම්බන්දයෙන් කටයුතුකරනකොට !! හිට්ලර්ගේ NAZI ව්‍යාපාරය තුලම තියෙන්නේ ජර්මන් ජාතිකත්වය , එහෙම තදින්ම තම ජාතිකත්වයට ඇලුණු මිනිහෙක් තමන්ගේ චිත්‍රවල තමා ප්‍රතික්ෂේප කරන සංස්කෘතියක බාසාවකින් අස්සන්කලේ ඇයි කියනඑක ගැටලුවක් !! :rolleyes:

    බොහොමයක් සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත කතා අරන් බැලුවොත් ඔවුන් බොහෝදෙනෙකුට පසුකාලීනව අවශ්‍ය වුනුදෙයක් තමයි තමන්ගේ අතියයේ අමිහිරි තැන් නැවත අදට ගැලපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කරනෙක (Reconstruction of History) සමහරවිට මේ චිත්‍ර පසුකාලීනව අන්දවා තමාගේ අතීතයේ මතක සටහන් ලෙස ප්‍රසිද්ද කලද කියන බැහැ!! නමුත් හිට්ලර් කියන්නේ කළා කෘතිවල අගය ඉතාමත් හොදින් දන්නා ඒවාට අසීමිතව ආදරයකරපු මිනිහෙක්!! එක ඔහුගේ කලාකෘති එකතුවෙන්ම දැනගන්න පුළුවන්!! --ඒ වගේම හිට්ලර් කියන්නේ අතිදක්ෂයෙක්!! :D:D:D

    Heil Hitler...!!!:cool::cool:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236

    :yes::yes::yes::yes: