හිතට වැදිච්ච කථාවක්...

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හිතට වැදිච්ච කථාවක්...

    මචන්ලා මේක මට ආපු ඒමේල් එකක තිබ්බ කථාවක්...මටත් කම්මලි වගේ හිතුනට මුලදි කියවගෙන යද්දි මොකක්ද මන්දා හිතට අවුල්..ගොතපු කථාවක්ද ඇත්ත එකක්ද කියල නම් හරියටම දන්නෙ නෑ..:dull::dull:
    රට ගිය ඇත්තෝ
    මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
    අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත.
    මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක්
    සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී
    වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා.
    දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන
    ආපහු යනවා.
    මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන්
    කියන්නේ පැට්‍රල් ෂෙඩ්.
    පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි
    කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක්
    දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
    ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක්
    තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.
    මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප
    10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස්
    ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල්
    ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි. ඊට
    අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු
    විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.
    මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි
    රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්.
    වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක්
    අරින්නවත් , වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල
    පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට්
    තමයි.
    ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ “ඇ” කාරය
    වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් – ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ඒ අනුව මගේ
    නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා ” සෑම්”
    කියලා. මම සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා.
    ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න
    වැසිකිළියක්. ඒවාට කියන්නේ “රෙස්ට් රූම් ” නැත්නම් “වොෂ් රූම්” කියලා.
    ඇමරිකාව කියන්නේ ගෙදරට මරගාතෙ- ලෝකෙට පරකාසෙ කරන රටක්.
    මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ “හෝම්ලස්
    පීපල්” කියල. “බෙගර්ස් ” කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.
    අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව ඉංග්‍රීසි
    භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා
    මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මා
    කියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේ මටද නොතේරෙයි.
    ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවා මුරයයි.
    දිනක් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් ” may I use
    your rest room ” කියල මගෙන් ඇහුවා.
    “rest room only for customers” කියලා මම මිනිහව එළවා
    ගත්තා. මගෙ තාත්තගේ වයසේ මිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූන
    අමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත් නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි.
    බැල්ම තියුණුයි.
    පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මම පයින්ම මගේ
    නවාතැනට ගාටමින් හිටියා. වෙලාව උදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක්
    උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහා මොනවද තාලෙට කියනව මට ඇහුනා.
    ” ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්. ඒ අර මම
    එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටු කළා.
    හලෝ.. are you singing ?
    මිනිහ පැහැදිලි ඉංග්‍රීසියෙන් ” cold….can you buy me a
    coffee ? මිනිහගේ කකුල් දෙකම වන වෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින්
    සාරෙ ගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,
    ” are you sick?”
    “I am having cold and fever”
    මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා.
    ඉන් දෙකක් මම මිනිහට දුන්නා.
    ” Panadol ? are you sri lankan ?”
    ” my god ! are you sri lankan too ?
    දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්න ලෑස්ති උනා.
    මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල , රෑ
    ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට
    ගියා.
    රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්ද ගියේ නැහැ.
    කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදා ගන්න එක.
    ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහව දැක්කෙ නෑ.
    එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම ” අරයා”
    ආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත් වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන
    හිටියා. ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා. වැඩි හරියක් සුදු
    කෙස්.
    ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපි එකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.
    ” Are you speaking Sinhala ?” මිනිහා මගෙන් අහනව.
    ” මම හිතුවේ සෑම් මහත්තයා ඉන්දියන් හරි මෙක්සිකන් හරි
    කියල. ලංකාවෙ කොහේද ?”
    මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මං ගැන අහනව.
    මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.
    මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම.
    ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කීදෙනාටද සෑම්
    මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25 කට
    ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි
    ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක්
    අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ සෑම් මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා.
    අපිට ළමයි තුන් දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට
    පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ.
    මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට
    මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න
    අමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම
    නිතර නිතර ලෙඩ වුනා.
    විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා.
    පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල
    දෙන්නම ” මාස්ටර්ස්” දක්වා ඉගෙන ගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක
    විවාහ උනා.
    ඒව නිකම් ” නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව ” drive
    through ” කසාද බඳින්න තැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට.
    ඉන්න තැනක අපි කාටවත් කීවෙ නැහැ.
    පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රත හදන
    කොම්පැනියකට බැඳුනා. මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි
    උනා. ඉතිරියක් , අනාගතයක් ගැන හිතුවෙ නැහැ.
    පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා
    එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩ තිබුනා.
    ඒ මිනිපිරී – නිකෝල් – බලා ගන්න එක. කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්.
    සුදු පාට හමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙ වයිෆ් පද්මිනිත් වගෙයි.
    සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි
    මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට ” කිරි සුදු හාවා” ඉගැන්නුවා.
    දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what
    the hell that old man doing here කියල.
    Don’t talk like that. He is may dad. ඒ මගෙ දුව.
    But this is my house– ඒ බෑණා.
    OK I will ask them to leave. You can hire a baby
    sitter for 600 dollars for a week.
    මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේ හිටියොත් ඒක
    මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.
    ” පද්මිනි… මම යනව පුතා ළඟට. ඔයාට මෙහේ කරදරයක් නැහැනෙ.”
    අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන් වෙලා ඉඳල නෑ. එයා
    කඳුලු පුරවා ගෙන මා දිහා බලා ගෙන ඊට කැමැත්ත දුන්නා.
    ” මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්න”
    පුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට් එකක. මිනිහ
    මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩි විස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි.
    මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතා කැම බීම කරල
    තියෙන්නෙ පිටින්.
    ” තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ
    තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව. මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.
    මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තු තීරණ නිසා අද
    අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්දයක් නැහැ. දරුවො හිත්
    පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.
    මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්, තේ හදන්න
    අවශ්‍ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.
    ” පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අද ඉඳල මම උයනව”
    “ඉතින් කොහොමද මේ තත්ත්වෙට වැටුනේ ?” මම එයාගෙ කතාවට බාධා කලා.
    ” අනේ සෑම් මහත්තයෝ, මං ගැන කාටවත් කියන්න එපා. ඒක අපේ
    රටට කරන අගෞරවයක්.”
    පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා. පස්සෙ පස්සෙ
    අහන දේට විතරක් උත්තර දුන්න. සුමානයක් දෙකක් යනකොට මට එයාගෙ වෙනසක්
    තේරුනා. මිනිහ මාව නොරුස්සන ගතියක් මට දැනුන.
    එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත්
    ඉව්වා. පුතා කිරිබත් කන්න හරි ආසයි.
    ” පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්ති කරනව.”
    මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල,
    පරිප්පු වේලෙන්න උයල, ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මම රෑ 11
    වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.
    තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි
    පුටුවෙම නින්ද ගියා. පුතා තව කට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතර
    ඇති. සේරටම හොඳටම වෙරි.
    උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල. සාලෙ ලයිට් පත්තු
    උනා. එකෙක් අහනව “Who the fuck is this ?” කියල.
    “Are you living with your dad ?” ඒ තව එකෙක්.
    මම දවසක් පුතාගෙන් ඇහුව ” පුතාට මම ඉන්න එක කරදරයක්ද ?” කියල.
    ” කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්න ගන්න විදිහක්
    නෑ. “I too have a life තාත්තෙ”
    මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම
    පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එක
    ඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටද ගිහිල්ල.
    පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා.
    ” තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට . ට්‍රේනින් එකකට. සති දෙකකට.”
    එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා.
    එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදා ගත්ත.
    කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.
    නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.
    “Your son din’t pay rent. You have to pay or leave the
    apartment”
    ” Can’t you wait? He will be back in two weeks”
    ” No he is not coming back. He moved to NewYork”
    මගේ පුතා අභිනිෂ්ක්‍රමණය කරලා.
    පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මට පනිවිඩේ ලැබෙන කොට හවස
    3.00 ට විතර ඇති. සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේ නැහ.
    පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මම ඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට
    කම්මුල් ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් ” දැක්කද
    තාත්ත අඳුර ගත්තු හැටි කීවා. මට අද වගේ මතකයි.
    සපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල් ජීවිතය ගැන තිබූ
    ආසාවන් සේරම වෙනස් වුනා වගේ කියල මට හිතුනා. මම නවාතැනට ගිය ගමන්ම අම්මට
    කෝල් කළා. මගෙ තාත්ත ජීවතුන් අතර නැහැ. ෆෝන් එක ගත්තෙ අම්ම.
    මම “හලෝ” කිව්වම” ආ මගෙ පුතේ.. දැන් කාල බීලද ඉන්නෙ?
    දැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුව. මට එක පාරටම ඇඬුම් යන්න ආවා.” ඇයි
    පුතාට සනීප නැද්ද?” අම්ම අහනව.” ඔය හිටිය ඇති පුතේ ඉක්මණට ආපහු එන්න”
    ෆෝන් කාඩ් එක ඩොලර් පහයි. ඒක ඉවරවෙන තුරුම මම අම්මත්
    එක්ක කතා කළා. ඒත් මගේ හිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ.”
    ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්න තිබුණනේ?” බුද්ධාගමේ නේද ?
    ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙ නැද්ද?”
    ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි. ඒවයින් කෙරෙන්නේ
    බාස්කට් බෝල් ටූනමන්ට්/ ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි.
    හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේ කොයි වෙලාවෙද ඇඳට
    වැටෙන්නෙ කියල බලා ගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්‍රය කරන්නවත්, පංසලකට
    පල්ලියකට යන්නවත් බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ
    මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා.
    මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව. ඒ කඨින දවස්
    වල. කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ.
    මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක්
    එක්ක කතා කරනව නෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල.
    මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. “මටත්
    වඩා අබලන් මගෙ හැරමිටිය” කිව්ව වගේ අනේ අපොයි කියල හිත හදා ගන්නව ඇරෙන්න
    මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරි සපරමාදුට දුන්න.
    ” ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බ වෙනව නේද?”
    මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන් මට ඉන්න තැනක්
    නෑ. ඇඩ්‍රස් එකක් නෑ.
    මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන් හිඟමන් දෙන්නෙත් පාට බලල.
    ” දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”
    දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම් ගානක් නැහැ.
    වැටිච්ච තැන නින්ද යනව. වින්ටර් එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.
    ” ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊට පස්සෙ?”
    ඇයි නැත්තෙ ?
    දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ
    රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ
    පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.
    මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා. මම එයා ළඟට ගියා.
    එයා ඇස් උඩ තියා ගත්තා.
    ” ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැම තැනම හෙව්වා”
    ” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේද ඉන්නේ?”
    “පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මං හිතන්නෙ ෆ්ලොරිඩා වලට…
    බේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීල ගියා.. මම දැන්
    ගෙදරක බබෙක් බලාගන්නවා.. ඔයා කොහේද ඉන්නේ ?”
    ” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්‍රී වේ එක යට
    තමයි නිදා ගන්නෙ”
    ” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්න”
    ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී.
    මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස්
    වෙලා.
    ” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”
    මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන් වෙලා යනව. අපි
    ආයෙ කවදා හමුවෙයිද ?
    දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට
    දුන්න පොලිතින් වලින් ඔතාපු පාර්සලයක්
    ” සෑම් මහත්තයා මට පොඩි උදව්වක් කරන්න. මේ අපේ ෆොටෝ
    ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට
    දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.”
    ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ? යන්න…… මේක හොඳ රටක් නෙවි.”
    සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන් වගේ.
    ‘ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින්
    මහත්තයගෙ අම්මට මොනව හරි අරන් යන්න..”
    පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්‍රෑෂ්
    බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව.
    ඒ සපරමාදු. මම 911 කෝල් කළා.
    ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මම වීදුරු කවුලුවෙන්
    බලා හිටියා.
    සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන්
    කොහාටද අරන් ගියා.
    සපරමාදු මැරිලා. :sorry:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කතාව කලින් අහල තියනවා. මේක සිද්ද වෙන්න පුළුවන් දෙයක්.ගොතපු කතාවක් විය හැකි උනත් මේ කතාව ඇතුලේ තියන හැම කරුණම වාගේ ඇත්ත. ටුවරිස්ට් වීසා එකකින් හෝ නැවකින් බැහැල හෝ ඇමෙරිකාවට ඇතුල් වෙලා නීති විරෝදී ලෙස මෙහෙ නැවතිලා ඉන්න බහුතරයකගේ ශෝකාන්තය මේක තමයි. වැඩ කරන්න නීත්‍යනුකුල අයිතියක් නැහැ. driving license ගන්න බැහැ.social security එකක් ගන්න බැහැ. gas station එකක හරි රෙස්ටුරන්ට් එකක හරි පිහිට තමයි. එක ජොබ් එකක් මදි සමහර වෙලාවට. මොකද එකකින් ලැබෙන පැය ගානෙන් rent එක ගෙවගන්නත් මදි. පැයට අවම salary එක 7.25 යි. එත් illegal ඉන්න අයට ඒ තරම්වත් ගෙවන්නේ නැහැ සමහර වෙලාවට. මේ කතාවේ කියල තියන විදියේ gas station එකක් ලැබෙනවා නම් ඒ කලාතුරකින්. සමහර gas station තියෙන්නේ super market එකත් එක්ක. එතකොට ඒවාට එන බඩු unload කරන්නත් ඕනේ. ඒ කියන්නේ නාටාමි වැඩේ. winter season එකේදී එහෙම තැන් වල වැඩ කරනවා කියන්නේ ජීවිතේම දුකක්. ග්‍රීන් card lottery එකෙන් අවිදිනුත්, legally work කරන්න හැකියාව තියෙද්දී gas station වල වැඩ කරන baby sitting කරන අය ඕනේ තරම් ඉන්නව. මොකද ඒ අයට ප්‍රමාණවත් සුදුසුකම් නැති නිසා හොඳ වෙනත් රැකියාවකට යන්න. green card ලැබුන අයගෙන් 1% වගේ තරමක් වෙන්නැති කරදරයක් නැති ජොබ්ස් කරන්නේ තමන්ට සුදුසු විදියේ. මේක තමයි යථාර්තය. පිටරටක පදිංචියට හෝ රැකියාවකට යනවා කියල කියන්නේ හොද පැහැදිලි අරමුණක් ඇතුව සිදු කල යුතු දෙයක්. නැත්නම් රට යන්න තියන පිස්සුවට රට ගිහින් ජිවිතේ අතරමං කරගන්න තමයි සිද්ද වෙන්නේ.
     
    Last edited:

    :sorry:
    ඒ අතින් මේ රට කොච්චර හොඳද :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Central bank eke oya post ekata gihin tiyene awurudu 45 ta aduwen e kiyne eyata upper class degree 1 k tibila tiyenawa ehma kenek usa gihin ohoma wune kohomada?its a fiction:P teaching tiba kiyne degree tiyena chance wadi.with msc u cn earn lot.manuth cfa kara nam pixu hadei:D
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    Central bank eke oya post ekata gihin tiyene awurudu 45 ta aduwen e kiyne eyata upper class degree 1 k tibila tiyenawa ehma kenek usa gihin ohoma wune kohomada?its a fiction:P teaching tiba kiyne degree tiyena chance wadi.with msc u cn earn lot.manuth cfa kara nam pixu hadei:D

    2nd Upper balanne dan ne bn.. Meaya wada karanna aththe adu gaane 20-30 years before wenna athi ne.. ea kiyanne ea kale S2tath CB yanna puluwan kaale.. Samaharaita fiction wennat puluwan :yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2nd Upper balanne dan ne bn.. Meaya wada karanna aththe adu gaane 20-30 years before wenna athi ne.. ea kiyanne ea kale S2tath CB yanna puluwan kaale.. Samaharaita fiction wennat puluwan :yes::yes:

    E dawas wala tama class baluwe dan nikan degree un ganne ba unuth inna cb .central bank ekaka art degree un ina 1 ma rata :P:rofl: nikan post walata al walin gathata salary uda damata post uda yana amarui . Uda post yane qualification ekka. Anika oke tiyene green card lottery eken giya kiyla neda lottery awe 199o ganan wala neda
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Central bank eke oya post ekata gihin tiyene awurudu 45 ta aduwen e kiyne eyata upper class degree 1 k tibila tiyenawa ehma kenek usa gihin ohoma wune kohomada?its a fiction:P teaching tiba kiyne degree tiyena chance wadi.with msc u cn earn lot.manuth cfa kara nam pixu hadei:D

    upper class degree එකක් තිබුන කියල job assurance එකක් නැහැ USA වල ග්‍රීන් card එකක එන කෙනෙක්ට. ගොඩක් අය හිතන් ඉන්නේ එහෙම තමයි. ජොබ් එකට අදාළ පළපුරුද්ද, US වලින් ලබා ගන්න qualifications ගොඩක් වැදගත් වෙනවා පිටරටින් එන ග්‍රීන් card holder කෙනෙක්ට මෙහෙ ජොබ් එකක් ලබා ගන්න. ඒ වගේම recommendations. ලංකාවේ teaching කරපු කෙනෙක්ට මුලින්ම මෙහෙ primary school එකකට හරි kindergarten/day care වගේ teach කරන්න පුළුවන් වෙයි. ඒ අතර එයාට මෙහෙට අදාල මොකක් හරි teaching diploma එකක්වත් කරගන්න වෙනවා. එහෙම තමයි ටික ටික උඩට යන්න වෙන්නේ. banker ගේ තත්ත්වෙත් ඒකම තමයි. මෙහෙ banking ඉන්නේ ගොඩක් young අය. අඩුම තරමේ 3 years වත් යනවා තමන්ට සුදුසු position එකක් ලබා ගන්න. marry කරලා නැත්නම් ඒ වැඩේ ඒ තරම් අමාරු නැහැ. ජොබ් එකක් කරන ගමන් studies ට්කකුත් කරගෙන තමන්ට ඕනේ තැනට කට්ට කාගෙන යන්න පුළුවන්. marry කලත් දරුවෝ නැත්නම් එත් ඒ සටන කරගෙන යන්න පුළුවන්. ඒ වගේම වාසනාවත් තදින්ම බලපානවා.

    අපි හිතන් ඉන්නේ ලංකවේ ලොකු ජොබ් එකක් කරලා ග්‍රීන් card අරන් එද්දී අපිට ජොබ්ස් දෙන්න USA හෝ වෙනත් රටක මිනිස්සු බලාගෙන ඉන්නවා කියල. ජොබ් එකක් තියනවා නම් ජිවත් වෙන එක වැඩක්ද කියල. ආවම තමයි දැනෙන්නේ මෙහෙ ජිවත් වෙද්දී වතුරවත් නිකම් ලැබෙන්නේ නැහැ කියල. මේ කතාවේ හැටියට ඒ මිනිස්සු ඇවිත් තියෙන්නේ ළමයි තුන් දෙනෙක් එක්ක. මේක ඇත්තක්ද කියන්න මම දන්නේ නැති උනත්,මේක සිද්ද වෙන්න පුළුවන් ඒ මෙහෙමයි. දරුවෝ තුන් දෙනාත් එක්ක මෙහෙට ආපු සපරමදුට පලවෙනි ප්‍රශ්නේ ඉන්න තැනක්, රස්සාවක්, ළමයින්ට පාසැල්. apartment එකක් ගන්න එපයි මුලින්ම. මෙහෙ දරුවන්ටයි දෙමාපියන්ටයි වෙනම bed රූමස් තියෙන්න ඕනේ ළමයින්ට අවුරුදු 2 ට (මට මතක විදියට) වැඩි නම්. ඒ හන්ද ඒ මිනිස්සු කියක් ගියත් අවම ලෙස 2 හෝ 3 bed room apartment එකක් ගන්න ඕනේ. නැත්නම් school එකේදී ළමයින්ගෙන් විස්තර ඇහුවම ඒක ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට ළමයින්ට කන්න දෙන්න ඕනේ . public school වලට යැව්වත් උන්ට පොත් පත් අනිත් අවශ්‍ය දේ අරන් දෙන්න ඕනේ මෙහෙට අනුව (එකනේ USA ආවේ). ඔය ඔක්කොම කරන්න සපරමාදුටයි නෝනටටයි ජොබ්ස් ඕනේ. ඉඩම් විකුණලා අරන් ආපු සල්ලි වලින් අපාර්ට්මෙන්ට් එකේ රෙන්ට් ගෙවාගෙන කාල බීල දෙන්න එක්ක ජොබ්ස් වලට දැම්මට ඉල්ලන පරක්කුවෙන් ජොබ්ස් ලැබෙන්නේ නැහැ. එතකොට තමයි තමන්ගේ තත්වේ අමතක කරලා gas station එකක වැඩට යන්නේ. නෝනත් cashier එකකට හරි යන්නේ. ඉන් පස්සේ දෙන්නත් එක්ක ජිවිතේ race එක දුවනවා. මෙහෙ college ගිහින් studies කරගන්න එයාලට කාලය සහ මුදල් දෙකම නැහැ, moral එකත් නැහැ. හම්බ කරන කරන ඒවායින් rent ගෙවලා Tax ගෙවලා කෑම බිමට වියදම් කලාම මහා ගානක් ඉතිරි වෙන්නේ නැහැ. හීන ලෝකෙම කඩාගෙන වැටිලා. අනිත් නරකම දේ තමයි දරුවන්ට සියලුම සැප දුන්නට උන්ව හරියට හදා නොගත්තම (ඉන්නේ USA වලනෙ) ජීවිතේම ගඟට ඉනි කැපුවා වගේ. උන් ඉගන ගන USA system එකට උන්ගේ ජිවිතේ හොයන් යනවා. උන්ට සැප දෙන්න දුක් විදපු ශ්‍රී ලාංකීය දෙමාපියෝ මහා පාරේ. මොකද අවුරුදු 40 පැනල ග්‍රීන් card ඇවිත් ගෙයක් ගන්න down payment $50,000ක් (අවම) ඉතිරි කරලා housing loan එකකට ගිහින් ගෙයක් ගන්න තරම් ඉතිරියක් මේ උදවියට තියෙන්නේ නැතිව ඇති. එහෙම උන නම් අවුරුදු 70 වෙනකල් වත් mortgage ගෙවන්න වෙනවනේ. මේක තමයි පිට රටක ගෙවන ජිවිතේ ඇත්ත කතාව.හුගක් සිහි බුද්ධියෙන් වැඩ කලේ නැත්නම් හැමෝම අමාරුවේ. මොන ග්‍රීන් card ලැබුනත්, හැකියාව තියන එක්කෙනක් රටට පය තියල ජොබ් එකක් ඉන්න තැනක් හරියටම හදාගෙන family එක ගේන එක තමයි බුද්ධිමත්ම වැඩේ. බොහොමයක් එහෙම කරනවා. මේක කියවන හැමෝටම මම කියන්නේ මේ විදියේ දෙයක් සිද්ද වෙන්න 100%ක් ඉඩක් තියනවා. එහෙම දුක් විදින අය මම දකිනවා. ඒ නිසා පිට රටකට යද්දී ඒ රට ගැන පැහැදිලි අවබෝදයක් අරගෙන දීර්ග කාලින සැලසුමක් ඇතිව හැමදේම කරන එක තමයි හොදම දේ
     
    Eka. Tama banz mama cfa karana tibba kiyala kiwe.cfa karama job natnam mata kiyapan:D teaching kara kiyne degree 1 k ati kiyala assume karala tama msc o mba ehekata yana tibuna kiwe.cb eheka wada kara kiwwama recognition enawa.e job natte me podi company wada karapu melo rahak nati unta.kohe giyat e rate validity eka gana one cima karala aus giyama cpa krna one mbbs karala giyot amc one ewa karagana one.cfakarala lankaee kidenek usa walin invite karala job dunnada mehe ceo vice president hiti unta:D
     
    Ban kiyannepa ban as i see Dewrangi, means a girl :P
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කලින් අහල තියෙනවා හැබැයි දැන් ආයෙත් කියෙව්වා
    කොහොම උනත් කතාවේ විදිය දේවල් ලංකාවේ අපේ ඇස් පනාපිටම වෙද්දී ඇමරිකාව ගැන කුමන කතාද ?
    යහපත් ගුණදහම් කියල නොදී ඉල්ලන ඉල්ලන විදියට සැප දීලා දරුවෝ හැදුවම ඒ දෙමව්පියන්ට කවදාවත් ඒ දරුවන්ගෙන් යහපතක් නම් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: nvhcc89

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Eka. Tama banz mama cfa karana tibba kiyala kiwe.cfa karama job natnam mata kiyapan:D teaching kara kiyne degree 1 k ati kiyala assume karala tama msc o mba ehekata yana tibuna kiwe.cb eheka wada kara kiwwama recognition enawa.e job natte me podi company wada karapu melo rahak nati unta.kohe giyat e rate validity eka gana one cima karala aus giyama cpa krna one mbbs karala giyot amc one ewa karagana one.cfakarala lankaee kidenek usa walin invite karala job dunnada mehe ceo vice president hiti unta:D

    ඔයා කියන්නේ මල්ලි assumption වලින්නේ. මම කතා කලේ මම මෙහෙ ඉදන් දකින දෙයින්. CIMA degree එක ගැනත් ලංකාවේ CEO position වල ඉන්න අය ගැනත් විවාදයක් නැහැ. මම කිව්වේ bachelors ගැන. ඒ ඇවිත් masters කරගන්න තරම් හැකියාවක් නොලැබෙන්නේ ඇයි කියන එක ගැන. ඔයා කියන තාලෙට කරගන්න තිබුන මෙහෙ කවුරු හරි ගෙයක් හදල දීල ජොබ් offer එකක් තියනවා නම්. ඒ වගේම කිසිම පවුල් බරක් නැත්නම්. පොස්ට්-graduate degree කරලා high position වල ඉන්න අය ජොබ් offer එකකට එනවා නම් ඒ ගැන විවාදයක් නැහැ. මම කතා කලේ lottery එක අරන් family වල එන අය ගැනයි. ඒ මිනිස්සුන්ට settle වෙන්න ගියාම ඇතිවෙන practical ප්‍රශ්න ගැනයි. ඒවා මම ඇහින් දැකල තියන හන්ද. university of Colombo technical officer 10 years පළපුරුද්ද තිබුන talented කෙනෙක්ට අවුරුදු 3ක් ගියා එයාට හරියන ජොබ් එක හොයා ගන්න. Technician කෙනෙක් ගන්න interview කලාම, USA PhD තියන කෙනා apply කරනවා ඒ position එකට.ඕක තමයි competition එක.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Hikz may b may b nt.kellek ochara godak type karaida banz? Yako kello sms ewannat kamali ne:P

    මම කෙල්ලෙක් නෙවේ. හෙට අනිද්දට අවුරුදු 36 වෙන ගැහැණියෙක් කිව්වොත් නිවැරදියි. කෙනෙක්ගේ දැනගැනීම පිණිස දෙයක් ලියන්න මම කොහෙත්ම පසු බට වෙන්නේ නැහැ මල්ලි. මම ලංකාවේ PhD එකක් කරලා USA වලින් ජොබ් offer එකකට මෙහෙ ඇවිත් දැන් අවුරුදු 3ක් scientist කෙනෙක් විදියට වැඩ කරනවා. අපේ මිනිස්සු ඇවිදින් මෙහෙ විදින දුක දකින හන්දයි මේ වගේ type කලේ. එත් ඔයාල වගේ පොඩි රාමුවක් ඇතුලේ හිරවෙලා ලෝකේ දිහා බලන මිනිස්සුන්ට මේවා පැහැදිලි කරලා දෙන්න මට විදියක් නැහැ. මගේ තත්වෙන් නම් ඔයත් USA එන්නේ ඔයාටත් කවදාවත් දුක්විදින්න වෙන්නේ නැහැ. ඒක තමයි සරලවම වෙනස.
     
    • Like
    Reactions: nvhcc89

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම කෙල්ලෙක් නෙවේ. හෙට අනිද්දට අවුරුදු 36 වෙන ගැහැණියෙක් කිව්වොත් නිවැරදියි. කෙනෙක්ගේ දැනගැනීම පිණිස දෙයක් ලියන්න මම කොහෙත්ම පසු බට වෙන්නේ නැහැ මල්ලි. මම ලංකාවේ PhD එකක් කරලා USA වලින් ජොබ් offer එකකට මෙහෙ ඇවිත් දැන් අවුරුදු 3ක් scientist කෙනෙක් විදියට වැඩ කරනවා. අපේ මිනිස්සු ඇවිදින් මෙහෙ විදින දුක දකින හන්දයි මේ වගේ type කලේ. එත් ඔයාල වගේ පොඩි රාමුවක් ඇතුලේ හිරවෙලා ලෝකේ දිහා බලන මිනිස්සුන්ට මේවා පැහැදිලි කරලා දෙන්න මට විදියක් නැහැ. මගේ තත්වෙන් නම් ඔයත් USA එන්නේ ඔයාටත් කවදාවත් දුක්විදින්න වෙන්නේ නැහැ. ඒක තමයි සරලවම වෙනස.

    Man aus :D pr gatta .ohe witarak newe kohewat katawath job denne na api ewa hoyaganna one. Man 2009 lankawata awe war 1 n passe business opportunities wadi nisa rata goda gannai man goda yanai:D tama cfa level 1 witarai iwara final lvl karata passe hitunot 2yrs wage us enawa. Phd nam karane na man:D man dakala tiyenawa aus awit oya wage pissu kelina aya.degree gahalat odd job karana un.lankawe dan oya kiyana podi ramuwata wada eha hitana un godak inawa .awurudu 3 4 newe sadahatama odd job katana unuth innawa. .
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔයා කියන්නේ මල්ලි assumption වලින්නේ. මම කතා කලේ මම මෙහෙ ඉදන් දකින දෙයින්. CIMA degree එක ගැනත් ලංකාවේ CEO position වල ඉන්න අය ගැනත් විවාදයක් නැහැ. මම කිව්වේ bachelors ගැන. ඒ ඇවිත් masters කරගන්න තරම් හැකියාවක් නොලැබෙන්නේ ඇයි කියන එක ගැන. ඔයා කියන තාලෙට කරගන්න තිබුන මෙහෙ කවුරු හරි ගෙයක් හදල දීල ජොබ් offer එකක් තියනවා නම්. ඒ වගේම කිසිම පවුල් බරක් නැත්නම්. පොස්ට්-graduate degree කරලා high position වල ඉන්න අය ජොබ් offer එකකට එනවා නම් ඒ ගැන විවාදයක් නැහැ. මම කතා කලේ lottery එක අරන් family වල එන අය ගැනයි. ඒ මිනිස්සුන්ට settle වෙන්න ගියාම ඇතිවෙන practical ප්‍රශ්න ගැනයි. ඒවා මම ඇහින් දැකල තියන හන්ද. university of Colombo technical officer 10 years පළපුරුද්ද තිබුන talented කෙනෙක්ට අවුරුදු 3ක් ගියා එයාට හරියන ජොබ් එක හොයා ගන්න. Technician කෙනෙක් ගන්න interview කලාම, USA PhD තියන කෙනා apply කරනවා ඒ position එකට.ඕක තමයි competition එක.

    Ow phd tiyena kena ekka nati kena compete karala wadak. Na.taman ta compete karana puluwan job dana one.pase settle wela highr pisition illana one. Oka aus walat wenawa.un priority dene aus lata ath thaman danaganna one set wenna:D
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Man aus :D pr gatta .ohe witarak newe kohewat katawath job denne na api ewa hoyaganna one. Man 2009 lankawata awe war 1 n passe business opportunities wadi nisa rata goda gannai man goda yanai:D tama cfa level 1 witarai iwara final lvl karata passe hitunot 2yrs wage us enawa. Phd nam karane na man:D man dakala tiyenawa aus awit oya wage pissu kelina aya.degree gahalat odd job karana un.lankawe dan oya kiyana podi ramuwata wada eha hitana un godak inawa .awurudu 3 4 newe sadahatama odd job katana unuth innawa. .

    eka thamayi malli mama pahadiliwama kiwwe, e minissunta ena prashnath ekka e minissu hira wenawa. eka thamayi mama kiwwe me de sidda viya hakiyi kiyala. oyama dan piligannawane Ausi walath e wage jiwithe patalichcha minissu innawa kiyala, degree th thiyagena. hama minihatama eka wage hithe hayyakuth naha. eka wage buddiyakuth naha. oya katha karanne oyage buddiyen, oya e thathwe unna nam mehemayi karanne kiyala hithala. namuth pita rataka daruwo ekka arthika prashna walata muhuna dena ammala thaththala thamange degree ekayi samaja thathweyi hitha hitha inne naha kohoma hari daruwonta ugannana thamayi balanne.

    mama oyata eka udaharanayak kiyannam, mage hodama yaluwek (girl kenek), eya ammalge salli viyadam karala degree 3k4k lankawedi kala. thawa eyata bala sahodarayo dennek iddi ammala eyata viyadam kale eya anith denna gana bala ganivi kiyala.namuth aya marry karala Ausi PR aran giya. ita passe deweni malliwa Ausi ariya studies walata. malli degree eka karagena salli hoya hoya podi nangita CIMA karanna salli ewwa. minissu kiwwe malli Ausi gihin pissu kala igana gaththe naha kiyala. eth eya kale nangita ugannapu eka. api kagewath jiwitha gana theeranaya karanna baha pitin balala.

    Oyage anagatha studies walata suba pathanawa. All the best:yes::yes:
    .
     
    Last edited: