හිතට වැදුනු පොත්..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එල අරන් කියවන්න ඕනෙ.. ගුනසෙන එකේ තියෙනවද? :confused: මාස 2-3 ක් යනව බන් දැන් පොතක් කියවන්න.. කරන්ට් නැති දාට විතරනෙ කියවන්නෙ.. :lol: ඔය වගේම තව පොතක් මම කියෝල තියෙනව. නම මතක නැ ප්‍රධාන චරිතෙ "ටැසී විට්නි" :cool: එකිගෙ ජීවිතෙ විනාස කරපු උන්ගෙන් පලි අරන් සුපිරි වංචා ගේම් ගහන කතාවක්..

    යාලුවන්ට පොත් දීල ගොඩක් ඒව නැති වෙලා. දැන් නම් එකෙකුට වත් දෙන්නෙ නෑ.. :growl:


    මාත් ගත්තෙ ගුණසේන එකෙන්.පොත් පිටට දුන්නොත් ගෑණි දුන්න වගේමලුනේ.........:D:D
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පළිගැනීමේ මෙහෙයුම
    fredrick forsyth- avenger
    පරිවර්තනය-ආනන්ද සෙල්ලහේවා
    මිළ 450


    pi1e15ad1f9f8dc23d@large.jpg


    ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ජාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන තරුණයෙක්.
    මුදල් මංකොල්ලකෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරණ සර්බියන් ත්‍රස්තවාදියෙක්.
    ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට අධිෂ්ඨාන කරගත් කැනේඩියානු ධන කුවේරයෙක්.
    නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කර එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම් යුධ වීරයෙක්.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    නියම thread එක මචන්....


    මමත් පුංචි කාලේ පොත් පිස්සෙක්. කතා පොත් කියවන්න පුදුම පිස්සුවක් තිබ්බේ. ඒ දවස්වල තිබ්බා K.G. කරුණාතිලක පරිවර්තනය කරපු ටාර්සන් පොත් set එක. එක පොතක් හෙන ලොකුයි. දවස් ගානක් කියවනවා. ඉස්කෝලේ යන ගමනුත් කියවනවා. ඉස්කොලේදීත් කියවනවා. එන ගමනුත් කියවනවා. හෙනම පිස්සුවක් තිබ්බේ.

    තව යොවුන් නව කතා කියෙව්වා. රණ රාල, නෙල්ලි කැලේ වීරයෝ, තුන් යහළු වික්‍රමය, ආසාවෙන් කියවපු මතක තියෙන පොත්. Sherlock Holmes Series එකත් කියෙව්වා.

    විජයබා කොල්ලය, සුනේත්‍රා එහෙමත් මාර අසාවෙන් කියවපු පොත්.

    මම එතෙක් මෙතෙක් කියවපු කතා පොත්වලින් මම කියවපු හොඳම පොත තමයි "ගොළු හදවත". ඒ නම ඇහෙද්දීත් තාම පපුවට දුකක් දැනෙනවා. ඒක ලියල තියෙන්නේ කරුණාසේන ජයලත් ශුරීන්. පුදුම ලස්සන ගැලපීමක් ඇතුව ලියපු පොතක්. ඒ අත්දැකීම තමන්ටම වුණා වගේ දැනෙනවා. තාමත් එහෙමයි. මම ඔය පොත අන්තිම වතාවට කියවලා දැන් අවුරුදු 6කත් වැඩියි. ඒත් තාමත් ඒකෙ සිදුවීමේ මතක් වෙනවා. පුදුම පොතක් ඒක නම්. ඔය පොත කියවලා නැති කෙනෙක් ඉන්නවා නම් මම නම් කියන්නේ කොහොම හරි හොයන් කියවන්න කියලා.

    මෙන්න අනිත් හිතට වැදුණු පොත්

    පේ අයියා
    ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි
    ගැහැණු ළමයි
    මඩොල් දූව
    පින් ළමයා (මේකත් හිතට වැදුණා)

    :yes::yes:

    Ela kollek math 'Sherlock Holmes' & Tarzan poth kiyawala thienawa :yes: Tarzon potha hena lokui (Malalasekara dictionary eka wage) O/L dawaswala thamai kiyewweth ammagen banum aha aha :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ela kollek math 'Sherlock Holmes' & Tarzan poth kiyawala thienawa :yes: Tarzon potha hena lokui (Malalasekara dictionary eka wage) O/L dawaswala thamai kiyewweth ammagen banum aha aha :P

    මාත් එහෙමයි බං. game ගහන්න addict වෙනවා වගේ බං ඒකත්. පිස්සුවෙන් වගේ කියවනවා. Tarzan story එක මතකයි තාමත් film එකක් වගේ හිතේ ඇඳිලා. වානරයන්ගේ ටාර්සන්, ටාර්සන්ගේ පුත්‍රයා, ටාර්සන් හා වනසිවුපාවුන්, ටාර්සන් හා ස්වර්ණමය සිංහයා, අම්මෝ දැන් මතක් වෙනකොටත් ආසයි බං ඒ කාලේ...
    :yes::yes::yes:
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    මචන්ල මම කියවල තියනෙ හොදම පොත තමා
    "දෙනගම සිරිවර්දන "මහත්තයගේ
    "එක් දේශප්ප්‍රේමියෙකුගේ කතාවක්"
    පුලුවන්නම් හොයගෙන කියවපන් මචන්,ජාතිය රට වෙනුවෙන් සටන් කරපු
    "වීදිය බන්ඩාරගන"ගෑන ගොඩක් අය නොදන්න ,ගොඩක් දේවල් ඒ පොතේ තියනවා.

    අනිත පොත තම මචන්ලා
    "පරසතුරෝ"
    කතෘ හරියටම මතක නෑ,කියවල බලන්න ,අපේ ජාතිය ගෑන අපිට හෑගෙන අභිමනය ,ආඩම්බරය කියන්න වචන මදි වෙයි.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පලායන්නා
    [the eleventh commandment- jeffrey archer]


    පරිවර්තනය-පූජිත කරුණාරත්න
    රු; 550


    ධවල මන්දිරය, සී.අයි.ඒ. සංවිධානය සහ රුසියානු මාෆියා කල්ලි මැදි කරගත් කතාවක්.කොනර් සී.අයි.ඒ සංවිධානයේ මාරකම අවියක් වෙයි.විශ්‍රාම යාමට ආසන්නව සිටියදී ඔහුගේම ප්‍රධානියා සතුරෙක් විය.ඇගේ එකම අරමුණ ඔහු විනාස කර දැමීමයි.කියවා බලන්න.............
    %7B3F465A80-7C75-44C1-8EFE-1BB5C38F58E8%7DImg100.jpg
    ja.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    මාත් එහෙමයි බං. game ගහන්න addict වෙනවා වගේ බං ඒකත්. පිස්සුවෙන් වගේ කියවනවා. Tarzan story එක මතකයි තාමත් film එකක් වගේ හිතේ ඇඳිලා. වානරයන්ගේ ටාර්සන්, ටාර්සන්ගේ පුත්‍රයා, ටාර්සන් හා වනසිවුපාවුන්, ටාර්සන් හා ස්වර්ණමය සිංහයා, අම්මෝ දැන් මතක් වෙනකොටත් ආසයි බං ඒ කාලේ...
    දැන් එන Sherlock Holmes පොත් කියවනවද? මගෙ ලග "ඔබෙන් සමුගනිමි" වලට එනකම් ඔක්කොම පොත් තියෙනව. කීපයක් යාලුවන්ට දීල නැති උනා,, අලුත් ඒව නම් මට වැඩිය සෙට් වෙන්නෙ නෑ.. :sorry: උබට කොහොමද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනිත පොත තම මචන්ලා
    "පරසතුරෝ"
    කතෘ හරියටම මතක නෑ,කියවල බලන්න ,අපේ ජාතිය ගෑන අපිට හෑගෙන අභිමනය ,ආඩම්බරය කියන්න වචන මදි වෙයි.[/SIZE][/QUOTE]

    පර සතුරෝ පොත ලියලා තියෙන්නේ ජයසේන ජයකොඩි මහත්තයා...:)