හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳින් හදුනන්නේ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පිං
    නොමතිදෝ මා කෙරේ

    මගේ විජිතේ සිනහා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේද මා කෙරේ
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    380
    169
    43
    උඹල අපිට හිනාවෙනව
    අපි උඹලට හිනාවෙනව
    නැති තැන අපෙ පතුරු යවල
    ඇති තැන හොඳ ගුණ කියනව

    හෙට ගැන අපි වද විඳිනව
    ඊයෙ හිතට දුක ගෙනෙනව
    අහස උසට හීන මවල
    සමාදානෙ සැතපෙනවා
     
    34a57849f101408ebc2660760950335b.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සමනොල සිරිපා පියුම දොවාගෙන
    සීත ගගුල් රට වට යනවා
    සිංහරාජ වන කුංච නාදයෙන්
    මේඝ වලාකුලු රජ වෙනවා


    තුරුලිය මල් පල විහග ගීතයෙන්
    ආදම් උයනක් සැගවෙනවා
    රාවණ ලංකා ඉසුරු පුරානය
    ගොලු මුහුදින් මුතු මතු වෙනවා
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනි වුණ ඔබෙ සුසුමන්
    සෙමින් විත්
    මගෙ සවනත පාරයි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,227
    2
    10,813
    113
    Home Sweet Home
    සුවඳක් දැනුණත් තවමත් ආසයි
    පණ මෙන් පිදු හින්දා
    මගේ අහිංසක හිත තැලුවත් නෑ
    තරහක් මට දැනිලා..

    ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
    මැවි මැවි රිද්දනවා
    ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි
    ඔබ මට හිනැහෙනවා..

    - Namal Udugama
     
    • Love
    Reactions: Jim_Moriarty

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,333
    113
    Behind u :p
    තියෙද්දි කවෘත් වට කරන් උරාබොයි සාරේ....
    මෙ දේවල් නොදැක නෙවෙ මo ඉන්නෙ අන්දකාරේ.....
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    පෙර දින අප හමු වූ තැන
    නටබුන් පමණකි කදුලක
    කදු අතරේ වළා රොදක ඔබ සැගවීලා
    සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා. .. :cry:

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇතී
    සුසුම් සුවඳ දැනුනා 🥰
    ------ Post added on Oct 21, 2023 at 11:17 PM
     

    spss

    Junior member
  • Mar 4, 2024
    71
    36
    18
    දේවදූතයොත් හඩා වැටෙනවා පෙම්මල් ඉහිරුණ පාර දිගේ
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රංගනේ
    බවයෙන් බවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ

    Mekane ithin aththa :(

    දේවදූතයොත් හඩා වැටෙනවා පෙම්මල් ඉහිරුණ පාර දිගේ
    මේ අනන්ත රාත්රීයේ
    සඳේ නුඹ කොහේ
    තරුකා කියන්නකෝ
    නිදන්නේ ඈ කොහේ
    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුලින් තෙමී
    තනිවේද මා අනේ


    ජිවිතේට මන් කියු තරකාවියේ
    ජිවිතේට මන් කියු තරකාවියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කළුවරයි අනේ
    :confused:
    ------ Post added on Mar 12, 2024 at 9:21 PM
     
    • Love
    Reactions: Ryan08

    spss

    Junior member
  • Mar 4, 2024
    71
    36
    18
    දේවදූතයොත් හඩා වැටෙනවා පෙම්මල් ඉහිරුණ පාර දිගේ
    අන්දර යායේ වැව්තාවුල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොලේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී

    😞
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්
    ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්
    සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    :love:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යා යුතුව තිබේ