සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි...
මං ඔබට ආදරෙයි මගෙ ආදරේ නුඹයි
දකුණේ පින් ඇති පින් බිම වැවුරුකන්නල
සුරුවම අයිනේ පුංචි පැලේ
තක්කඩ මල් සුවදයි
වැදූ අම්මා නොවුන මුත් මා හැදූ අම්මගෙ ආදරේ මල්ලියේ නුබ උපන් දා සිට අඩුවෙලා සේ මට දැනේ
පරණ චීත්තෙට ඔලුව තියාගෙන
පං පැදුරේ සුව පහස ලැබී
පුංචි කාලේ ඉදලම දුක් වින්දා
කොස් ඇට වල රහ හොදට දනී
අම්මට තනියම නුවර එන්න බෑ
බෝගම්බර මහ සයුර වැනි
අම්මගේ නම මම පපුවේ කොටනවා
ඉදිකටු මිටියෙන් හැඩට ඇති
කම්බි තාප්පෙට හිර කර ගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ
------
Post added on Dec 7, 2024 at 11:39 PM
හිමිනොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී.....
Meka❤

------
Post added on Dec 7, 2024 at 11:41 PM
සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේශෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙරදවසක මා තුරුලට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ.......

❤
------
Post added on Dec 7, 2024 at 11:42 PM
සිදාදියේ නුඹ දුටුවට මං ගම්මානේ
අම්මා එක්ක නුවර වදින්නයි මං යන්නේ
සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුවේ
දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ
------
Post added on Dec 7, 2024 at 11:42 PM