මමත් රටේ බහුතරයක් වගේ සාම්ප්‍රදායික වාම අදහස් තියෙන පවුල් පසුබිමකින් එන්නේ. ඉතිං වඩා බර SLFP වගේ පක්ෂෙකට. JVP එකේ හොඳත් විටින් විට ඇහුණා. ඒත් එක්කම රනිල්, JR, විවෘත ආර්ථිකය කියන මාතෘකා පලු ඇරපු සමාජ වටපිටාවකින් එන්නේ පොඩි කාලේ ඉඳලා.
පහුගිය ආර්ථික අර්බුද කාලේ ඉඳලා ටික ටික විස්තර හොයන්න ගත්තම තේරුණේ ආර්ථිකයක් වැඩ කරන හැටි, ඊටපස්සෙ ඔය සහන දෙන වාමවාදී 'අනේ පව් මිනිස්සු' ආර්ථිකයත් විවෘත ආර්ථිකයත් ගැන හරිහමන් සංසන්දනාත්මක හැදෑරීමක් කරේ.
ඒත් එක්කම රනිල්ගේ ඇත්තම වැඩ දැක්ක. මං රනිල්ගේ නායකත්වය අගය කරන්න ගත්තේ මිනිහාගේ පහුගිය අවුරුදු 2 වැඩ දැකලාමයි. 100% හොඳයි කියන්න බෑ, ඒත් තියෙන options අතරින් වඩාත්ම සුදුසු පුද්ගලයා. පරදින බව දැන දැනම ජීවිතේට කරයි කියලා හිතපු නැති වැඩක් කරා - රනිල්ට කතිරයක් ගැහුව්වා ගිය අවුරුද්දේ සැප්තැම්බර්.
රනිල්ගේ මං දැකපු ධනාත්මක දේවල්,
1. පීඩනකාරී අවස්ථාවල නායකත්වය අරං, කෙලින් තීරණ ගන්න පුලුවන්.
2 පව් පින් බලන්නෙ නැතුව අවශය ක්‍රියාමර්ග ගන්න තියෙන හැකියාව. උදා: කඩාකප්පල්කාරි අරගලයෝ ටික ගහලා පැන්නුවා නියම වෙලාව බලලා, මේක බංගලියක් නොවී බේරුණේ එකෙන්.
3. දකුණට බර ඈර්ථික දැක්ම. 70 ගණන්වල ජෙප්පො කඩාකප්පල් කරපු ධවල පත්‍රිකාව - ඒකේ තිබ්බ reforms Malaysia, Vietnam එහෙම කරේ ඊට අවුරුදු 5 - 10කට පස්සේ. කෘෂිකර්මාන්තය reform කරන්න තිබ්බ උව්මනාව, වාමවාදී පක්ෂ ඒක අල්ලං මිනිස්සු අවුස්සලා කඩාකප්පල කරා, මාත් ඇතුළු බහුතරයක් ඔය වාමවාදීන්ට අහුවෙලා හිටියා.