හිතුමතේ ජිවිතේ - සත්‍ය වෘතාන්තය ඇතුලත් නවŜ
වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් විදිමින් සිටි සිරකරුවෙක් ජනාධිපති විශේෂ සමාව ලැබ 2013 සැප්තැම්බර් 9 වනදා නිදහස ලැබුවේ ය.
අවස්ථා කිහිපයක් ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු එම තැනැත්තා පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන් ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවා වන්නේ ය.
ඔහු අපි සැවොම දන්නා කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් 'හිතුමතේ ජීවිතේ' නම් වන්නේය. මිනීමැරුම් චෝදනා 6කට සහ සිරගෙයින් පලායෑම් පහකට වරදකරු වීම නිසා අධිකරණය අවස්ථා කිහිපයකදී ඔහු මරණීය දණ්ඩනයට යොමු කළේ ය. වසර 129ක් දිග අච්චු කාලයක් ඔහුට නියමවී තිබුණේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීම නිසා ය.
1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරඟයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟණිය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලුහුබැඳ ගිය 'හිතුමතේ ජීවිතේ' ඔවුන් සියල්ලන් ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේ ය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු සිව් වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේ ය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේ ය.
මේ ඔහුගේ කතාවයි !

Last edited: