ko kollo kathawa :angry::rofl::D
ZeeMARZ Member Aug 20, 2014 304 16 0 මේ අහස් වියන යට Jan 28, 2015 #161 ko kollo kathawa Reactions: max_xx
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Jan 28, 2015 #164 ko ban Reactions: max_xx
lahiru2000 Well-known member Feb 13, 2007 1,305 241 63 In the world Jan 29, 2015 #167 ikmanata dannako kathawa
keshara Well-known member Sep 20, 2006 2,039 418 83 Jan 29, 2015 #170 ubat rosa kutu wage nawattannada hadanne yakooooo?
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Jan 29, 2015 #172 awaaa.. awaaaa man awaaa.. Sorry machansla.. loku wedak nisa dawas thunakma busy una.. ada dannam katawa
awaaa.. awaaaa man awaaa.. Sorry machansla.. loku wedak nisa dawas thunakma busy una.. ada dannam katawa
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Jan 29, 2015 #173 හිතුවක්කාර ආදරය - 14 වෙනි දිගහැරුම අම්මාගේ යෝජනාව පිළිබඳව මම මගේ ඇඳමතට වී පැයක් පමන කල්පනා කෙරුවෙමි. අම්මාගේ එම අදහස නිසා මට මේ දැනෙනෙ වේදනාව තරමක් අඩු කර ගැනීමට හැකියැයි විටක හිතුනද, එයද එතරම්ම දෙයක් නොවේවියැයි මට විටක සිතුනේ නැවත මිතුරන් ඇති කරගැනීමට නැවත ලෙන්ගතු හිතකට ආලකම් පෑමට මම අකමැති වූ නිසාය. නැතිනම් මට ඒ පිළිබඳව ප්‍රියක් නොතිබූ නිසාය. "එහෙම හිතල හරියන්නෙ නැහැ දිනුක. මේ ඔයාගෙ ජීවිතේ අවසානෙ නෙමේ. ඔයා ඉදිරියට යන්න ඕන. නැතිනම් ඒක ඔයා ඔයාගෙ යාළුවො දෙන්නටත් කරන මදි පුන්චිකමක් වෙනවා නේද" "අනේ මන්දා සර්.. මට තේරෙන්නෙ නැහැ මොනව කරන්නද කියලා. සම්පූර්ණ මගෙ ජීවිත කතාව නැවතිලා තියෙන්නෙ" "මට ඔයාව නොතේරෙනව නෙමේ දිනුක. මම දන්නවා ඔයාට ආයෙමෙත් මෙතන්ට ඇවිල්ල වෙනද වගේ වැඩ කරන්න බැහැ. ඔයාගෙ අහිමි වීම ගැනැ මට නොතේරෙනව නෙමේ. මම මේ ඔයාට තේරුම් කරන්න හදන්නෙ, ඔයා ඉදිරියට යන්න ඕන කියන එක. මොකද ඔයා ටැලන්ටඩ් කොල්ලෙක්." "හම්ම්ම්" "හම්ම්ම් නෙමේ, මම කියන්නෙ ඔයාගෙ අම්ම ගෙනා යෝජනාව ගොඩක් හොඳයි. ඔයා මොනව හරි ඉගෙන ගන්න. ඔයාගෙ වයසෙ ළමයි එක්ක ටිකක් කාලය ගතකරනකොට ඔයාගෙ දුක හිමිහිට තුනී වෙලා යාවි. අනික තනියමත් ඉන්න ඕන නැහැනෙ එතකොට" සරත් සර්ගේද මගේ අම්මා විසින් ගෙන ආ යෝජනාවට එකඟ වූයේ ඔහුද මා හට ඔහුගේම පුතෙකුට මෙන් ආදරය කල නිසාය. ඔහු මා හට ඕනැම වෙලාවක අපගේ කාර්යාලයෙන් ඉවත් වී යාමට මා හට විෂේෂ අවසරයක්ද ලබා දුන් අතරම නැවත ආ හට වැඩ කිරීමට කැමතිනම් ලබන සතියේ ඒ ගැන ස්තීරවම වචනයක් දෙන ලෙසද මට දන්වා සිටියේය. කෙසේ නමුත් මේ දිනවලදී මම කාර්යාලයේ නොමැති වීම නිසා මා වෙනුවට කොළඹින් කෙනෙකු තාවකාලිකව පැමින තිබුනි. එමෙන්ම ඔහුට වැඩ කටයුතු නියමාකාරව කරගෙන ඉදිරියට යාමට සම්පත්ගෙන්ද ලැබුනේ නොඅඩු සහයකි. සරත් සර් සමග පැවති දීර්ග සාකච්චාව අවසාන වූයේ හදිසියේම නිවන්ති පැමිනි නිසාය. ඇය අපගේ නිවසට ගොස් තිබූ අතර මම කාර්යාලයට පැමිනි බව ඇය අපේ ගෙදරින් දැනගත් නිසා ඇය කෙලින්ම කාර්යාලයට පැමිනියේ මා හමුවීමටය. "ඇයි දිනුක ඔයාගෙ ෆෝන් එක වැඩ කරන් නැත්තෙ. මම කොච්චර ට්‍රයි කලාද" "ෆෝන් එක කොහෙද දන්නෙ නැහැ අනේ. හම්ම්.. මම ඔයාලගෙ ගෙදර එන්න හිටියෙ. ඔයාට තාම සනීප මදි නේද" "ඔව්.. දිනුක මට යන්න ඕන බ්‍රයන්වයි ඉමාෂවයි බලන්න. මට ඒ දෙන්නට අවසාන ගෞරව දක්වන්න ඕන" "හම්ම්ම්.. යමු එහෙනම්. ඒ ලස්සන මතකයන් එක්ක ටික වෙලාවක් තිනිවෙන්න යමු" නිවන්තිගේ එම යෝජනාව පිළිගත් මම ඇය හා සොහොන් පිටියට ගියෙමි. පසුගිය දවස් දෙකෙහිම මා එහි නොගිය නිසා අප දෙදෙනා එහි තිබූ පරණ මල් ඉවත් කර අතුගා පිරිසිදු කර ඉටිපන්දම් දැල්වුවේය. නිවන්ති ඇයගේ වේදනාව මට හොරා සඟවාගෙන, ඇයගේ ඇසට ආ කඳුළු බලෙන්ම සිරකරගෙන සිටිනා බව ඇගේ පැවති දැඩි නිහඬ බව නිසා මම තේරුම් ගත්තෙමි. එමෙන්ම ඇයට විවාහ යෝජනාව සඳහා බ්‍රයන් ගෙනා මුදුවද මාගේ සාක්කුවේ තිබුනි. එය මට අයිති නොවන දෙයක් නිසා මම ඇයට එය දීමට තීරනය කලෙමි. එය දීම සඳහා හොඳම වෙලාවත් හොඳම ස්තානයත් මෙය බව මම සිතුවෙමි. "ඇයි නිවන්ති ඔයා නිහඬ" "මේ වෙච්ච දේවල් මට හිතා ගන්න බැහැ දිනුක. බ්‍රයන්.. ඒ වගෙම මේ දඟකාරී..මෙහෙම දෙයමට මූන දෙන්න තරම් අපි කල පව මොකක්ද දිනුක" "අඬන්න එපා නිවන්ති. ඔය කඳුළු තියාගන්න. මට ඔයාට දෙයක් කියන්න තියනවා. ඒක ඇහුවහම අඩන්න ඕනි උනොත් අඬන්න ඔය කඳුළු තියා ගන්න" "මොකක්ද දිනුක ඒ .... ආ මේ මොකක්ද.. ලස්සන රින් එකක් නේද.. ඉමාෂට ඔයා ප්‍රොපෝස් කරන්නද හිටියෙ" "මේක මට අයිති එකක් නෙමේ නිවන්ති. ඔය සිදුවීම වෙච්ච දා, ඒ කියන්නෙ ඔයාගෙ උපන්දිනේ දා අපි ඔයාට සප්‍රයිස් පාර්ටි එකක් ලෑස්ති කරල තිබුනෙ. බ්‍රයන් ඔයාට ගොඩක් ආදරේ කලා. ඔයාට ඒක දැනෙන්න ඇති. ඉතින් ඔයාට බ්‍රයන්ගෙ ආදරේ ගැන කියල ප්‍රොපෝස් ...." මට මගේ වචන ටික අවසන් කිරීමට නොහැකි විය. මා බදා ඇය අඬන්න්ට් වූ යේ මෙතෙක් වෙලා නිහඬව තිබූ පරිසරයද කම්පා කරමින්ය. ඇගේ වේදනාව අඩුවෙනකම්ම මම ඇයට ඇඬීමට ඉඩ දී සිටියේ කඳුළු පිරුනු දෑසිනි. මිතුදම සහෝදරත්වය ආදරය ඇගේ කඳුලින් ගලා ගියේ මාගේ බැනියමද තෙත් කරමින්ය. මේ වැටෙනා වූ කඳුළු වලට කතා කරගන්න පුලුවන්නම් යැයි මම නිහ්ඬව සිතුවෙමි. "ඔහොම අඬන්න එපා නිවන්ති. ඔයාට තාම් සනීපත් මදි නේද" "අනේ දිනුක .. කොහොමද මම එහෙම කරන්නෙ.." "මේ ඇස් දෙකෙනුත් ඔයිට වඩා කඳුළු වැටුන කෙල්ලෙ. ඔව් ඔයිට වඩා.. දැන් මට අඩන්න තේරෙන්නෙ නැහැ. ඇඬුවත් කඳුළු වැටෙන් නැහැ. ඒ තරමටම මම අඬන්න ඇති. මම දැන් ඒකට හුරු වෙලා නිවන්ති. දැන් කඳුළු කියන්නෙ මගෙ හොඳ යාළුවෙක් නිවන්ති. බ්‍රයන් නැති අඩුව දැනෙනකොට ඉමාෂගෙ ආදෙරේ අඩුව දැනෙනකොට ඒ හැම වෙලේම කඳුළු මගේ ලඟට වෙලා හිටියෙ මටත් හොරෙන් මටත් නොකියාම" "අපි යමු දිනුක. පස්සෙ එමු ආයෙමත් මෙතන්ට. මට මෙතන ඉන්නකොට දුක දැනෙනවා වැඩියි දිනුක" "හම්ම්" "තව එකක් දිනුක, මේ රින් එක ඔයාගාවම තියා ගන්න" "ඒක මට අයිති දෙයක් නෙමේ නිවන්ති. ඒක ඔයාට අයිති දෙයක්" "මම දන්නවා දිනුක. ඒත් මේ කෙල්ලට මේක ලොකු බරක් වේවි දිනුක. බ්‍රයන් කියන්නෙ පුදුමාකාර කොල්ලෙක්. ඔයා මේක ඔයගෙ ඔය මාලෙ එල්ල ගන්න. කෝ ඉන්න.. මගේ අත් දෙකෙන්ම දාන්නම්" "ඒත් නිවන්ති .." "බ්‍රයන්ගෙ ආදරේ මේ රින් එකේ තියනවා දිනුක. ඒ ආදරේ මට වඩා ඔයාට වටීවි. ඔව් ගොඩාක් ඔයාට වටීවි. ම්ම්ම්ම් දැන් හරි. ඔයා මැරෙනකම්ම ඔය මාලෙ ඔය මුද්ද එක්කම කරේ තියාගන්න දිනුක. ඔයාට බ්‍රයන් ඔයාගෙ ළඟ ඉන්නවා වගේ දැනේවි. මටත් ඔයාල දෙන්න ඉස්සර වගේ එකට ඉන්නවා වගේ දැනේවි." නිවන්තිගේ එම වචන කීපය නැවතත් මගෙ හිත පාරන්නට විය. විනාඩි දෙකක් පමන නිහඬව සිට අපි දෙදෙනාම අපේ යාළුවන් දෙදෙනාට සමුදුන්නෙමු. නිවන්තිවද ඇගේ නිවසට දමා මම බ්‍රයන්ගේ අම්මා දැකීමට ගියේ ඔවුන්ගේ සුව දුක් සොයා බැලීමටය. නමුත් මා දුටු විගස ඔවුන් සිලලු දෙනාගේම ඇස් කඳුලින් පිරීගියේ දුක් සෝ සුසුම් මැද්දේය. ඔවුන්ගේ සිත් පෑරුවායැයි මගේ සිතට සිතුවිල්ලක් පැමිනි නිසා ඉතා ඉක්මනින් ඔවුනටද සමු දුන් මම නිවසට පැමිනියේ පරණ මතකයන් තුල කිමිදීමටය. නමුත් මා නිවසට යන විටත් අමිල හා ඔහුගේ තාත්තා පැමින සිටියේ මාගේ සුවදුක් බැලීමටය. එමෙන්ම මා මේ තත්වයට වැටීමට හේතුව නැතිනම් සම්පූර්ණ විස්තරය අප අම්මා විසින් ඔවුනට කියා තිබුනි. "යාළුවා.. අපි දැනන් හිටියෙ නැහැ මෙච්චව දෙයක්. මමයි තාත්තයි මේ ළඟකට ආව ගමන් ආවෙ මතක් වෙලා ඔයාව බලන්න කියලා. ඒත් මේ ඇන්ටි කිව්ව කතාව ඇහුවහම .. " "වෙච්චදේවල් උනා අමිල. බොහොම ස්තූතියි ඔයාල මාව බලන්න ආවට" "එහෙනම් පුතේ ඔයා ටිකක් විවෙක ගන්න. අපි ගිහින් එන්නම්" "අනේ යන්න එපා දැන්මම. අම්මෙ මෙයාලට ඉන්න කියන්න කාල යන්න" "අනේ බැහැ යාළුවා.. අද අපිට පොඩි ඩිනර් ඉන්වයිට් එකක් තියනවා. ඒ නිසා අද බැහැ. තරහ වෙන්න එපා. වෙන වෙලාවක එන්නම්කො" හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
හිතුවක්කාර ආදරය - 14 වෙනි දිගහැරුම අම්මාගේ යෝජනාව පිළිබඳව මම මගේ ඇඳමතට වී පැයක් පමන කල්පනා කෙරුවෙමි. අම්මාගේ එම අදහස නිසා මට මේ දැනෙනෙ වේදනාව තරමක් අඩු කර ගැනීමට හැකියැයි විටක හිතුනද, එයද එතරම්ම දෙයක් නොවේවියැයි මට විටක සිතුනේ නැවත මිතුරන් ඇති කරගැනීමට නැවත ලෙන්ගතු හිතකට ආලකම් පෑමට මම අකමැති වූ නිසාය. නැතිනම් මට ඒ පිළිබඳව ප්‍රියක් නොතිබූ නිසාය. "එහෙම හිතල හරියන්නෙ නැහැ දිනුක. මේ ඔයාගෙ ජීවිතේ අවසානෙ නෙමේ. ඔයා ඉදිරියට යන්න ඕන. නැතිනම් ඒක ඔයා ඔයාගෙ යාළුවො දෙන්නටත් කරන මදි පුන්චිකමක් වෙනවා නේද" "අනේ මන්දා සර්.. මට තේරෙන්නෙ නැහැ මොනව කරන්නද කියලා. සම්පූර්ණ මගෙ ජීවිත කතාව නැවතිලා තියෙන්නෙ" "මට ඔයාව නොතේරෙනව නෙමේ දිනුක. මම දන්නවා ඔයාට ආයෙමෙත් මෙතන්ට ඇවිල්ල වෙනද වගේ වැඩ කරන්න බැහැ. ඔයාගෙ අහිමි වීම ගැනැ මට නොතේරෙනව නෙමේ. මම මේ ඔයාට තේරුම් කරන්න හදන්නෙ, ඔයා ඉදිරියට යන්න ඕන කියන එක. මොකද ඔයා ටැලන්ටඩ් කොල්ලෙක්." "හම්ම්ම්" "හම්ම්ම් නෙමේ, මම කියන්නෙ ඔයාගෙ අම්ම ගෙනා යෝජනාව ගොඩක් හොඳයි. ඔයා මොනව හරි ඉගෙන ගන්න. ඔයාගෙ වයසෙ ළමයි එක්ක ටිකක් කාලය ගතකරනකොට ඔයාගෙ දුක හිමිහිට තුනී වෙලා යාවි. අනික තනියමත් ඉන්න ඕන නැහැනෙ එතකොට" සරත් සර්ගේද මගේ අම්මා විසින් ගෙන ආ යෝජනාවට එකඟ වූයේ ඔහුද මා හට ඔහුගේම පුතෙකුට මෙන් ආදරය කල නිසාය. ඔහු මා හට ඕනැම වෙලාවක අපගේ කාර්යාලයෙන් ඉවත් වී යාමට මා හට විෂේෂ අවසරයක්ද ලබා දුන් අතරම නැවත ආ හට වැඩ කිරීමට කැමතිනම් ලබන සතියේ ඒ ගැන ස්තීරවම වචනයක් දෙන ලෙසද මට දන්වා සිටියේය. කෙසේ නමුත් මේ දිනවලදී මම කාර්යාලයේ නොමැති වීම නිසා මා වෙනුවට කොළඹින් කෙනෙකු තාවකාලිකව පැමින තිබුනි. එමෙන්ම ඔහුට වැඩ කටයුතු නියමාකාරව කරගෙන ඉදිරියට යාමට සම්පත්ගෙන්ද ලැබුනේ නොඅඩු සහයකි. සරත් සර් සමග පැවති දීර්ග සාකච්චාව අවසාන වූයේ හදිසියේම නිවන්ති පැමිනි නිසාය. ඇය අපගේ නිවසට ගොස් තිබූ අතර මම කාර්යාලයට පැමිනි බව ඇය අපේ ගෙදරින් දැනගත් නිසා ඇය කෙලින්ම කාර්යාලයට පැමිනියේ මා හමුවීමටය. "ඇයි දිනුක ඔයාගෙ ෆෝන් එක වැඩ කරන් නැත්තෙ. මම කොච්චර ට්‍රයි කලාද" "ෆෝන් එක කොහෙද දන්නෙ නැහැ අනේ. හම්ම්.. මම ඔයාලගෙ ගෙදර එන්න හිටියෙ. ඔයාට තාම සනීප මදි නේද" "ඔව්.. දිනුක මට යන්න ඕන බ්‍රයන්වයි ඉමාෂවයි බලන්න. මට ඒ දෙන්නට අවසාන ගෞරව දක්වන්න ඕන" "හම්ම්ම්.. යමු එහෙනම්. ඒ ලස්සන මතකයන් එක්ක ටික වෙලාවක් තිනිවෙන්න යමු" නිවන්තිගේ එම යෝජනාව පිළිගත් මම ඇය හා සොහොන් පිටියට ගියෙමි. පසුගිය දවස් දෙකෙහිම මා එහි නොගිය නිසා අප දෙදෙනා එහි තිබූ පරණ මල් ඉවත් කර අතුගා පිරිසිදු කර ඉටිපන්දම් දැල්වුවේය. නිවන්ති ඇයගේ වේදනාව මට හොරා සඟවාගෙන, ඇයගේ ඇසට ආ කඳුළු බලෙන්ම සිරකරගෙන සිටිනා බව ඇගේ පැවති දැඩි නිහඬ බව නිසා මම තේරුම් ගත්තෙමි. එමෙන්ම ඇයට විවාහ යෝජනාව සඳහා බ්‍රයන් ගෙනා මුදුවද මාගේ සාක්කුවේ තිබුනි. එය මට අයිති නොවන දෙයක් නිසා මම ඇයට එය දීමට තීරනය කලෙමි. එය දීම සඳහා හොඳම වෙලාවත් හොඳම ස්තානයත් මෙය බව මම සිතුවෙමි. "ඇයි නිවන්ති ඔයා නිහඬ" "මේ වෙච්ච දේවල් මට හිතා ගන්න බැහැ දිනුක. බ්‍රයන්.. ඒ වගෙම මේ දඟකාරී..මෙහෙම දෙයමට මූන දෙන්න තරම් අපි කල පව මොකක්ද දිනුක" "අඬන්න එපා නිවන්ති. ඔය කඳුළු තියාගන්න. මට ඔයාට දෙයක් කියන්න තියනවා. ඒක ඇහුවහම අඩන්න ඕනි උනොත් අඬන්න ඔය කඳුළු තියා ගන්න" "මොකක්ද දිනුක ඒ .... ආ මේ මොකක්ද.. ලස්සන රින් එකක් නේද.. ඉමාෂට ඔයා ප්‍රොපෝස් කරන්නද හිටියෙ" "මේක මට අයිති එකක් නෙමේ නිවන්ති. ඔය සිදුවීම වෙච්ච දා, ඒ කියන්නෙ ඔයාගෙ උපන්දිනේ දා අපි ඔයාට සප්‍රයිස් පාර්ටි එකක් ලෑස්ති කරල තිබුනෙ. බ්‍රයන් ඔයාට ගොඩක් ආදරේ කලා. ඔයාට ඒක දැනෙන්න ඇති. ඉතින් ඔයාට බ්‍රයන්ගෙ ආදරේ ගැන කියල ප්‍රොපෝස් ...." මට මගේ වචන ටික අවසන් කිරීමට නොහැකි විය. මා බදා ඇය අඬන්න්ට් වූ යේ මෙතෙක් වෙලා නිහඬව තිබූ පරිසරයද කම්පා කරමින්ය. ඇගේ වේදනාව අඩුවෙනකම්ම මම ඇයට ඇඬීමට ඉඩ දී සිටියේ කඳුළු පිරුනු දෑසිනි. මිතුදම සහෝදරත්වය ආදරය ඇගේ කඳුලින් ගලා ගියේ මාගේ බැනියමද තෙත් කරමින්ය. මේ වැටෙනා වූ කඳුළු වලට කතා කරගන්න පුලුවන්නම් යැයි මම නිහ්ඬව සිතුවෙමි. "ඔහොම අඬන්න එපා නිවන්ති. ඔයාට තාම් සනීපත් මදි නේද" "අනේ දිනුක .. කොහොමද මම එහෙම කරන්නෙ.." "මේ ඇස් දෙකෙනුත් ඔයිට වඩා කඳුළු වැටුන කෙල්ලෙ. ඔව් ඔයිට වඩා.. දැන් මට අඩන්න තේරෙන්නෙ නැහැ. ඇඬුවත් කඳුළු වැටෙන් නැහැ. ඒ තරමටම මම අඬන්න ඇති. මම දැන් ඒකට හුරු වෙලා නිවන්ති. දැන් කඳුළු කියන්නෙ මගෙ හොඳ යාළුවෙක් නිවන්ති. බ්‍රයන් නැති අඩුව දැනෙනකොට ඉමාෂගෙ ආදෙරේ අඩුව දැනෙනකොට ඒ හැම වෙලේම කඳුළු මගේ ලඟට වෙලා හිටියෙ මටත් හොරෙන් මටත් නොකියාම" "අපි යමු දිනුක. පස්සෙ එමු ආයෙමත් මෙතන්ට. මට මෙතන ඉන්නකොට දුක දැනෙනවා වැඩියි දිනුක" "හම්ම්" "තව එකක් දිනුක, මේ රින් එක ඔයාගාවම තියා ගන්න" "ඒක මට අයිති දෙයක් නෙමේ නිවන්ති. ඒක ඔයාට අයිති දෙයක්" "මම දන්නවා දිනුක. ඒත් මේ කෙල්ලට මේක ලොකු බරක් වේවි දිනුක. බ්‍රයන් කියන්නෙ පුදුමාකාර කොල්ලෙක්. ඔයා මේක ඔයගෙ ඔය මාලෙ එල්ල ගන්න. කෝ ඉන්න.. මගේ අත් දෙකෙන්ම දාන්නම්" "ඒත් නිවන්ති .." "බ්‍රයන්ගෙ ආදරේ මේ රින් එකේ තියනවා දිනුක. ඒ ආදරේ මට වඩා ඔයාට වටීවි. ඔව් ගොඩාක් ඔයාට වටීවි. ම්ම්ම්ම් දැන් හරි. ඔයා මැරෙනකම්ම ඔය මාලෙ ඔය මුද්ද එක්කම කරේ තියාගන්න දිනුක. ඔයාට බ්‍රයන් ඔයාගෙ ළඟ ඉන්නවා වගේ දැනේවි. මටත් ඔයාල දෙන්න ඉස්සර වගේ එකට ඉන්නවා වගේ දැනේවි." නිවන්තිගේ එම වචන කීපය නැවතත් මගෙ හිත පාරන්නට විය. විනාඩි දෙකක් පමන නිහඬව සිට අපි දෙදෙනාම අපේ යාළුවන් දෙදෙනාට සමුදුන්නෙමු. නිවන්තිවද ඇගේ නිවසට දමා මම බ්‍රයන්ගේ අම්මා දැකීමට ගියේ ඔවුන්ගේ සුව දුක් සොයා බැලීමටය. නමුත් මා දුටු විගස ඔවුන් සිලලු දෙනාගේම ඇස් කඳුලින් පිරීගියේ දුක් සෝ සුසුම් මැද්දේය. ඔවුන්ගේ සිත් පෑරුවායැයි මගේ සිතට සිතුවිල්ලක් පැමිනි නිසා ඉතා ඉක්මනින් ඔවුනටද සමු දුන් මම නිවසට පැමිනියේ පරණ මතකයන් තුල කිමිදීමටය. නමුත් මා නිවසට යන විටත් අමිල හා ඔහුගේ තාත්තා පැමින සිටියේ මාගේ සුවදුක් බැලීමටය. එමෙන්ම මා මේ තත්වයට වැටීමට හේතුව නැතිනම් සම්පූර්ණ විස්තරය අප අම්මා විසින් ඔවුනට කියා තිබුනි. "යාළුවා.. අපි දැනන් හිටියෙ නැහැ මෙච්චව දෙයක්. මමයි තාත්තයි මේ ළඟකට ආව ගමන් ආවෙ මතක් වෙලා ඔයාව බලන්න කියලා. ඒත් මේ ඇන්ටි කිව්ව කතාව ඇහුවහම .. " "වෙච්චදේවල් උනා අමිල. බොහොම ස්තූතියි ඔයාල මාව බලන්න ආවට" "එහෙනම් පුතේ ඔයා ටිකක් විවෙක ගන්න. අපි ගිහින් එන්නම්" "අනේ යන්න එපා දැන්මම. අම්මෙ මෙයාලට ඉන්න කියන්න කාල යන්න" "අනේ බැහැ යාළුවා.. අද අපිට පොඩි ඩිනර් ඉන්වයිට් එකක් තියනවා. ඒ නිසා අද බැහැ. තරහ වෙන්න එපා. වෙන වෙලාවක එන්නම්කො" හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Jan 29, 2015 #174 ඇඩෙනවා..... දිගටම ලියපන් මචෝ..
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Jan 29, 2015 #175 elaban wadiya kal nogena dapan
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide Jan 30, 2015 #176 puluwan nam dawas ganan inne nethiwa ikmanata dapan machan...
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Jan 30, 2015 #178 Satan_at_Hell said: puluwan nam dawas ganan inne nethiwa ikmanata dapan machan... Click to expand... meyata wada athi ban, awlak na ban uba puluwan ekmanata ilanga eka danna, niyama kathawa machan..
Satan_at_Hell said: puluwan nam dawas ganan inne nethiwa ikmanata dapan machan... Click to expand... meyata wada athi ban, awlak na ban uba puluwan ekmanata ilanga eka danna, niyama kathawa machan..
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Jan 30, 2015 #179 හිතුවක්කාර ආදරය - 15 වෙනි දිගහැරුම මාගේ ඉදිරි ගමන පිළිබඳව සිතමින් මා ඇඳ මතට වී සිටියේ නිවන්ති මා ගෙල පැලඳූ බ්‍රයන්ගේ මුදුවද සමගය. අද දිනයේදී මාගේ සිතට යම් සැහැල්ලුවක් දැනෙන්නට විය. වෙනදා කල්පනා ලෝකයේ සැරිවසරමින් මතකයන් අතරෙහි අතරමන් වෙමින් නිදියාමට වෙරදරන මා අද දිනයේදී ඉතා ඉක්මනින්ම නින්දට වැටුනේ මටත් නොදැනීමය. "පුතේ, මාසයක්ම ඔයා හිටියනෙ නිකන්. මම ඉතින් ඔයාට මොකුත් කිව්වෙ නැහැ. ඒත් ඉතින් මේ සෙල්ලම හැමදාම කරන්න බැහැනෙ. ඔයා ගැන ටිකක් හිතන්න. ඔයාට ලොකු නංගියෙකුත් ඉන්නවනෙ." "හරි අම්මෙ. තව ටිකක් මෙහෙම ඉන්නම්." "අනේ මන්දා ... දැන් ඔයා ඔය කොහෙද යන්න ලෑස්තිවෙන්නෙ." "මම ඉමාෂලගේ දිහා ගිහින් එන්නම්. අන්කල් මට කතා කරල කිව්වා ඇවිල්ල යන්න කියලා" ඉමාෂලගේ ගෙදර යාමට පෙර මම බ්‍රයන්ගේ ගෙදරටත් යාමට අමතක නොකලෙමි. බ්‍රයන් අප අතරින් සමු ගත් දා සිට ඔහුගේ කාමරය වසා තිබුනි. ඔහුගේ නිවසේ අයද එය වසා තැබුවේ වෙන කෙනෙකු එම කාමරයට ඇතුලුවීමට ඔවුන් මෙන්ම මාද අකමැතිවූ නිසාවෙනි. බ්‍රයන්ගේ අම්මාගේ ඉල්ලීම මත මා එම කාමරයට සුද්ද පවිත්‍ර කිරීමට ඇතුලු වූ අතර එම කාමරය තුලින් බ්‍රයන්ව ජීව මානව විඳීමට මට හැකි විය. මගුල්ගෙදරකට මළගෙදරකට පාර්ටියකට අඳින ඔහුගේ ඩෙනිම ද තවත් ඇඳුම් කැබලි කීපයක් ඇඳ මත තුබුනි. ඒ සියල්ලම පිළිවෙලකට තැබුව මා ඇඳද පිළිවෙලකට සකස් කෙරුවෙමි. අතුගා පිරිසිදු කිරීමෙන් පසුව මා නැවත එම කාමරය දෙස හැරී බැලුවේ ජීවිතයේ මා කාලය ගතකල සුන්දරම ස්ථානයන්ගෙන් එකක් වූ නිසාය. ඔහුගේ පරිඝනකය, සපත්තු රාක්කය මෙන්ම බ්‍රයන්ගේ අලන්කාර වූ ටයි එකතුව නැවතත් පරණ මතකයන් අළුත් කරවූයේ මගේ ඇස් කඳුලින් බොඳ කරන ගමන්මය. මතකයන් හිතේ දරාගෙන බ්‍රයන්ගේ අම්මා ඇතුලු පිරිසට සමුදුන් මම ඉමාෂාගේ නිවසට පැමිනියෙමි. ඉමාෂාගේ නිවසට ඇතුලු වෙනවාත් සමගම දුටු දර්ශනයෙන් මාගේ සිත නැවතත් කලබල විය. එනම් ඉමාෂාගේ තාත්තා ටානියා සමග සාකච්චාවක යෙදී සිටීමය.මට ආපසු හැරීමට නොහැකි වූ නිසා මම ඔහුන් අසලින්ම වාඩිවූයේ ටානියා මා වෙත හෙලූ සරාගී බැල්මක්ද සමගය. "දිනුක, මොකද පරක්කු උනේ.. කමක් නැහැ ඔයා ආවනෙ මේ මැඩම් යන්න කලින්. දිනුක මේ ටානියා.. ටානියා මේ දිනුක. ඔයානම් ඉතින් මෙයා ගැන දන්නවනෙ. අපේ දුව කියන්න ඇතිනෙ." "මොකෝ නැත්තෙ මිස්ට වර්ණකුලසූරිය.. හායි දිනුක. ඈම් සොරි ෆො යුවර් ලොස්ට්" "ඉට්ස් ඕකේ .. මට ඒ නැතිවීම ගොඩක් දුරට දරාගන්න පුලුවන් දැන්" "දිනුක, මම ඔයාට එන්න කිව්වෙ කාරනාවක් ගැන කතා කරන්න." "එක්ස්කියුස් මී.. ඔයාල එහෙනම් කතාකරන්න. මම ගිහින් එන්නම්. මට පොඩි වැඩක් තියනව. හවසට මම එන්නම්" "ඕකේ ටානියා.. මගෙ වැඩෙත් බලාගෙනම එන්න" "ඔකේ .. අයි විල්.. හැන්ඩ්සම් මම ගිහින් එන්නම්. පස්සෙ අපි කතාකරමු" ඇය එසේ පවසමින් අප අතරින් නැගිට ගියේය. එමෙන්ම ඉමාෂාගේ තාත්තාද ඇය ඇරලවීමට ඇය සමග නැගිට එළියට ගිය නිසා මොවුන් අතර කිසියම් වූ ලොකු බැඳීමක් ඇතැයි මම සිතුවෙමි. ඉමාෂා හමුවීමෙන් පසුව මා ටානියාව හමුවූයේ නැත. ඇයට කරුනු කාරනා පහදා දුන් අයුරු මට මතකය. නමුත් ඇය මෙමෙ පවුල සමග ලඟම සම්බන්දයක් ඇතැයි මට සිතුනි. "සොරි පුතා.. ටානියා මගෙ හොඳම යාළුවගෙ වයිෆ්. හම්ම්ම් එයාටත් හිතා ගන්න බැහැ මේ වෙච්චදේවල්" "ඇයි අන්කල් මට එන්න කිව්වෙ" "පුතා.. මම තීරනය කලා ලන්කාවෙන් යන්න. ඉමාෂත් නැති එකේ මට මෙහෙ ඉඳල වැඩක් නැහැ." "අනේ .. ඒත් අන්කල් .." "මම ගියාට මාස හයෙන් හයට වගේ ඇවිල්ල යන්න එන්නම්. මේ ගෙදර වැඩ කරන අය ඉන්නවනෙ. ඔයාට ඕනම වෙලාවක මෙහෙ ඇවිල්ල යන්න. මෙන්න ඉමාෂගෙ කාමරේ යතුර. ඒක ඔයාට අයිති දෙයක්. ඔයා ලඟතියා ගන්න" "හම්ම්ම්.. අන්කලුත් ගියාම.." "මට මගෙ දුව නැති අඩුව ගොඩක දැනෙනවා පුතා. ඒ කෙල්ල නැතිව මේ ගෙදරත් පාළුවට ගිහින්. හම්ම්ම්.. මම ටික කාලයකට යනවා කැනඩාවට. මගේ නංගි ලඟට. මේ තනිකම මකාගන්න ඒක ටිකක් හරි උදව්වක් වෙයි කියලා මම හිතනවා" "අන්කල්ට කැමති දෙයක් .." ඔහුගේ කීම නිවැරදිය. ඉමාෂා නොමැතිව මෙම විෂාල නිවස පාලු සොහොන් පිටියක් වැනිය. අන්කල් හා මා නැවතන් පරන මතකයන් මතකයට ගෙනාවේ තේ කෝප්පයක රස බලනා අතර තුරය. පරන මතකයන් නැවත නැවත ඇලුත් කර නැවත නැවත හිත පාරා ගැනීම ඵලක් නොවන දෙයක් බව මම අන්කල්ගේ කතාවෙන් තේරුම් ගත්තෙමි. ඇත්තටම එය නිවැරදිය. මාගේ ජීවිතයද නැවත ආරම්ඹ කල යුතුයැයි මම සිතුවෙමි. එය කල යුත්තේද මාගේම විදිකකටය. හවස තුනට පමන ඉමාෂාගේ තාත්තාට සමුදුන් මම නිවන්තිගේ ආරාධනාව සමග කෙලින්ම හොහොන් පිටියට ගියෙමි. අප දෙදෙනාම එක් වී පරන වූ මල් ඉවත් කර අලුත්මල් තබා අප යාළුවන් වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කලේය. එම සියලුම වැඩ අවසානයේ මම නිවන්තිව නිවසට ඇරලවා මම මගේ නිවසට පැමිනියේ අළුත් බලාපොරොත්තු රැසක්ද සමගය. නමුත් මා නිවසට පැමිනෙනවාත් සමගම මගේ දුරකතනය නාද වූයේ නැවතත් මට අපගේ සුපුරුදු ස්ථානයට පැමිනෙනලෙසය. ඒ වෙන කවුරුත් නොව, අසීස්ය. "අසීස් මේ වෙලාවෙ, හදිසියේම. මොහොමඩුත් ඉන්නෙ" "කොහොමද පොඩි මහත්තයො. බ්‍රයන් මහත්තය නැති අඩුව දැනෙනවා ඇති නේද ගොඩක්" "වෙච්ච දේවල් උනා මොහොමඩ්. පරන දේවල් ආයෙ ආයෙ මතක් කරගෙන් අපේ හිත් පාරගන්න ඕනි නැහැ. අපි අපේ යුතුකම් ඉටුකරමු. ඉතින් අසිස් මේ හදිසියේම" "බ්‍රයන් නැතිව අපි හමුවෙන පළමු දිනය නේද මේක" "හම්ම්ම්.. ඒකනම් එහෙම තමා" "හරි අපි කතාවට එමු. අපි ගොඩක් දේවල් කලා. ඒ වගේම අපිට තව ගොඩක් දේවල් කරන්නත් තිබුනා. නමුත් හදිසියේම ඩිමන්ත හා බ්‍රයන් අප අතරින් අයෙ නොයන්නම ගියා. හම්ම්ම්.. ඒ අහිමි වීම අපිට ලොකු පාඩුවක්" "දැන් අසීස් කියන්නෙ, අපි ආපහු මේ වැඩ පටන් ගමු කියලද. ඒක එහෙමනම් ඒ ගැන ටිකක් ආයෙමත් හිතමු. මොකද බ්‍රයන් නැතිව..." "නැහැ දිනුක.. මම ඒක නෙමේ කියන්න හැදුවෙ. මොකද මම ආසත් නැහැ ඒ අතීතෙට මගෙ දුව ඉපදුන දා ඉඳන්" "හරි එහනම් කෙලින්ම කියන්නකො කියන දේ කැටයම් වචන නැතිව" "මේකයි පොඩි මහත්තයා.. ඩිමන්තගෙ මරනෙ පරීක්ෂන ආයෙමත් පටන් අරන්" "මොනව.. ඒ කොහොමද" "මේකයි දිනුක.. ඔයාට මතකයි නේද ඩිමන්තලගෙ ගෙදර පහු කරගෙන ටිකක් දුර එනකොට මහ වීදියට වැටෙන තැන ජුවලරි ෂොප් එකක් තියනවා." "ඔව් .. මම දන්නවා.. ඒකෙ සම්බන්දය මොකක්ද ඉතින් ඩිමන්ත එක්ක" "ඒ කඩේ ගාවට එනකම්ම වෙන කිසිම අතුරු පාරක් නැහැ ඩිමන්තලගේ ගේ ගාව ඉඳන්." "ඉතින්" "එතකොට අනික් පැත්තෙන් ඒ කියන්නෙ සුරුවම ගාවින් තමා එන්න තියෙන්නෙ. එතන ඒටීම් මැෂින් එකක් තියනවා නේද." "ඔව් ඔව්.. අලුතින් හයිකරපු එකනෙ" "හරියට හරි.. පොලිසීය ඒ ඒටීම් මැෂින් එකේ ඉස්සරහ කැමරාවෙන් රෙකෝඩින් වගයක් අරන් තියනවා. ඒ එක්කම අර කිව්ව ජුවලරි ෂොප් එකෙත් තියනවා පාරට ඩිමන්තගේ ගෙවල් පාරට මූනලා කැමරාවක්. අන්න එකෙන් රෙකෝඩින් එකක් අරන් තියනවා" "ඉතින් දැන් ඔය කියන රෙකෝඩින් වලයි ඩිමන්තයි අතරෙ තියන සම්බන්දය මොකක්ද" "ඩිමන්තගෙ සිද්දිය වෙන වෙලාවෙ පොඩි බයික් එකක දෙන්නෙක් යන එකක් හා සටහන් වෙලා තියනවා. පොලිසීය කියන් විදිහට ඒ දෙන්න පාරෙ එහා පැත්තෙන් මතු වෙලා නැහැ. මොකද අර ජුවලරි ෂොප් එකේ ගත්තු රෙකෝඩින්වල එහෙම එකක් නැහැ. අතකොට අර කිව්ව දෙන්නම ටිකක් වේගයෙන් අපහු යන එකක් සටහන් වෙලා තියනවලු. ඉතින් පොලිසිය සැක කරනවා ඒ බයික් එකෙන් යන දෙන්නා මේකට සම්බන්දයි කියලා" "ඉතින් එහෙම සැක කරන්න කොහොමද අසීස්.. ඔය කියන බයික් එක ඩිමන්තල්ගෙ ගෙඩ්දර පහුකරන් ගිහින් වෙන ගෙදරකට ගියා වෙන්න බැරිද" "ඔව් ඒක තාමත් එයාල හොයන්වලු. ඒ පාරෙ සියළුම ගෙවල්වලින් කට උත්තර අරගෙන එදා රෑ ඒ සිද්දිය වෙන වෙලාවෙ කව්ද හිටියෙ ආවෙ ගියෙ කියන්න" "දැන් ඔඅ ඒටීම් එකෙන් ගත්තු රෙකෝඩින් එකෙන් පූලුවන්නෙ සැක කාරයන්ව අඳුන් ගන්න" "බැහැ.. ඒක ඒච්චරම පැහැදිලි නැහැ. යන්නතම් පේනව විතරලු මෝටර් සයිකලයක දෙන්නෙක් යනවා." "ඒ යන්නෙනම් ඉතින් මමයි බ්‍රයනුයි තමා. එයාලට අදුනන්න පුලුවන්නම් මේ වෙනකොට මාව අල්ලලනෙ. අවුලක් වෙන්නෙ නැහැ අසීස් බය වෙන්නේ එපා" "එහෙම කියන්න එපා දිනුක. මේක අපි හිතනවට වඩා දරුනුවට යයි වගේ. මම ඔයාට මේ වෙච්චදේවල් අස්සෙ එන්න කිව්වෙ ඔයාටම තමා මේක ගැන විමසිල්ලෙන් ඉන්න පුලුවන්" "මම .. ඒ කොහොමද" "මේක හැන්ඩල් කරන්නෙ මිස්ට වර්නකුලසූරියගෙ ප්‍රදානත්වයෙන්. ඉතින් ඔයාට බැරි වෙන එකක් නැහැ .." "හම්ම්ම්ම්.. ඒකත් එහෙමද.. හරි මම ටිකක් කල්පනාවෙන් ඉන්නම් ඒ ගැන. තොරතුරක් ලැබුනොත් දන්වන්නම්" "අනික දිනුක අපේ තියන ගබඩා සේරම විනාස කරන්න ඕන. ඒ ගැනත් මම හිතල තියෙන්නෙ. ඔයයි මොහොමඩුයි තමා ඒක කරන්න ඕන පුලුවන්තරම් ඉක්මනට" "හරි ඒ වැඩ ටික් වෙලාවට වෙයි. මම ගැන බය වෙන්න එපා. ඉස්සර උන්න වගේම තමා. එකම අඩුව බ්‍රයන් නැති එක. අසීස් ඔයාගෙ ප්ලෑන් එකට අනුව සේරම වෙලාවට වෙයි" හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
හිතුවක්කාර ආදරය - 15 වෙනි දිගහැරුම මාගේ ඉදිරි ගමන පිළිබඳව සිතමින් මා ඇඳ මතට වී සිටියේ නිවන්ති මා ගෙල පැලඳූ බ්‍රයන්ගේ මුදුවද සමගය. අද දිනයේදී මාගේ සිතට යම් සැහැල්ලුවක් දැනෙන්නට විය. වෙනදා කල්පනා ලෝකයේ සැරිවසරමින් මතකයන් අතරෙහි අතරමන් වෙමින් නිදියාමට වෙරදරන මා අද දිනයේදී ඉතා ඉක්මනින්ම නින්දට වැටුනේ මටත් නොදැනීමය. "පුතේ, මාසයක්ම ඔයා හිටියනෙ නිකන්. මම ඉතින් ඔයාට මොකුත් කිව්වෙ නැහැ. ඒත් ඉතින් මේ සෙල්ලම හැමදාම කරන්න බැහැනෙ. ඔයා ගැන ටිකක් හිතන්න. ඔයාට ලොකු නංගියෙකුත් ඉන්නවනෙ." "හරි අම්මෙ. තව ටිකක් මෙහෙම ඉන්නම්." "අනේ මන්දා ... දැන් ඔයා ඔය කොහෙද යන්න ලෑස්තිවෙන්නෙ." "මම ඉමාෂලගේ දිහා ගිහින් එන්නම්. අන්කල් මට කතා කරල කිව්වා ඇවිල්ල යන්න කියලා" ඉමාෂලගේ ගෙදර යාමට පෙර මම බ්‍රයන්ගේ ගෙදරටත් යාමට අමතක නොකලෙමි. බ්‍රයන් අප අතරින් සමු ගත් දා සිට ඔහුගේ කාමරය වසා තිබුනි. ඔහුගේ නිවසේ අයද එය වසා තැබුවේ වෙන කෙනෙකු එම කාමරයට ඇතුලුවීමට ඔවුන් මෙන්ම මාද අකමැතිවූ නිසාවෙනි. බ්‍රයන්ගේ අම්මාගේ ඉල්ලීම මත මා එම කාමරයට සුද්ද පවිත්‍ර කිරීමට ඇතුලු වූ අතර එම කාමරය තුලින් බ්‍රයන්ව ජීව මානව විඳීමට මට හැකි විය. මගුල්ගෙදරකට මළගෙදරකට පාර්ටියකට අඳින ඔහුගේ ඩෙනිම ද තවත් ඇඳුම් කැබලි කීපයක් ඇඳ මත තුබුනි. ඒ සියල්ලම පිළිවෙලකට තැබුව මා ඇඳද පිළිවෙලකට සකස් කෙරුවෙමි. අතුගා පිරිසිදු කිරීමෙන් පසුව මා නැවත එම කාමරය දෙස හැරී බැලුවේ ජීවිතයේ මා කාලය ගතකල සුන්දරම ස්ථානයන්ගෙන් එකක් වූ නිසාය. ඔහුගේ පරිඝනකය, සපත්තු රාක්කය මෙන්ම බ්‍රයන්ගේ අලන්කාර වූ ටයි එකතුව නැවතත් පරණ මතකයන් අළුත් කරවූයේ මගේ ඇස් කඳුලින් බොඳ කරන ගමන්මය. මතකයන් හිතේ දරාගෙන බ්‍රයන්ගේ අම්මා ඇතුලු පිරිසට සමුදුන් මම ඉමාෂාගේ නිවසට පැමිනියෙමි. ඉමාෂාගේ නිවසට ඇතුලු වෙනවාත් සමගම දුටු දර්ශනයෙන් මාගේ සිත නැවතත් කලබල විය. එනම් ඉමාෂාගේ තාත්තා ටානියා සමග සාකච්චාවක යෙදී සිටීමය.මට ආපසු හැරීමට නොහැකි වූ නිසා මම ඔහුන් අසලින්ම වාඩිවූයේ ටානියා මා වෙත හෙලූ සරාගී බැල්මක්ද සමගය. "දිනුක, මොකද පරක්කු උනේ.. කමක් නැහැ ඔයා ආවනෙ මේ මැඩම් යන්න කලින්. දිනුක මේ ටානියා.. ටානියා මේ දිනුක. ඔයානම් ඉතින් මෙයා ගැන දන්නවනෙ. අපේ දුව කියන්න ඇතිනෙ." "මොකෝ නැත්තෙ මිස්ට වර්ණකුලසූරිය.. හායි දිනුක. ඈම් සොරි ෆො යුවර් ලොස්ට්" "ඉට්ස් ඕකේ .. මට ඒ නැතිවීම ගොඩක් දුරට දරාගන්න පුලුවන් දැන්" "දිනුක, මම ඔයාට එන්න කිව්වෙ කාරනාවක් ගැන කතා කරන්න." "එක්ස්කියුස් මී.. ඔයාල එහෙනම් කතාකරන්න. මම ගිහින් එන්නම්. මට පොඩි වැඩක් තියනව. හවසට මම එන්නම්" "ඕකේ ටානියා.. මගෙ වැඩෙත් බලාගෙනම එන්න" "ඔකේ .. අයි විල්.. හැන්ඩ්සම් මම ගිහින් එන්නම්. පස්සෙ අපි කතාකරමු" ඇය එසේ පවසමින් අප අතරින් නැගිට ගියේය. එමෙන්ම ඉමාෂාගේ තාත්තාද ඇය ඇරලවීමට ඇය සමග නැගිට එළියට ගිය නිසා මොවුන් අතර කිසියම් වූ ලොකු බැඳීමක් ඇතැයි මම සිතුවෙමි. ඉමාෂා හමුවීමෙන් පසුව මා ටානියාව හමුවූයේ නැත. ඇයට කරුනු කාරනා පහදා දුන් අයුරු මට මතකය. නමුත් ඇය මෙමෙ පවුල සමග ලඟම සම්බන්දයක් ඇතැයි මට සිතුනි. "සොරි පුතා.. ටානියා මගෙ හොඳම යාළුවගෙ වයිෆ්. හම්ම්ම් එයාටත් හිතා ගන්න බැහැ මේ වෙච්චදේවල්" "ඇයි අන්කල් මට එන්න කිව්වෙ" "පුතා.. මම තීරනය කලා ලන්කාවෙන් යන්න. ඉමාෂත් නැති එකේ මට මෙහෙ ඉඳල වැඩක් නැහැ." "අනේ .. ඒත් අන්කල් .." "මම ගියාට මාස හයෙන් හයට වගේ ඇවිල්ල යන්න එන්නම්. මේ ගෙදර වැඩ කරන අය ඉන්නවනෙ. ඔයාට ඕනම වෙලාවක මෙහෙ ඇවිල්ල යන්න. මෙන්න ඉමාෂගෙ කාමරේ යතුර. ඒක ඔයාට අයිති දෙයක්. ඔයා ලඟතියා ගන්න" "හම්ම්ම්.. අන්කලුත් ගියාම.." "මට මගෙ දුව නැති අඩුව ගොඩක දැනෙනවා පුතා. ඒ කෙල්ල නැතිව මේ ගෙදරත් පාළුවට ගිහින්. හම්ම්ම්.. මම ටික කාලයකට යනවා කැනඩාවට. මගේ නංගි ලඟට. මේ තනිකම මකාගන්න ඒක ටිකක් හරි උදව්වක් වෙයි කියලා මම හිතනවා" "අන්කල්ට කැමති දෙයක් .." ඔහුගේ කීම නිවැරදිය. ඉමාෂා නොමැතිව මෙම විෂාල නිවස පාලු සොහොන් පිටියක් වැනිය. අන්කල් හා මා නැවතන් පරන මතකයන් මතකයට ගෙනාවේ තේ කෝප්පයක රස බලනා අතර තුරය. පරන මතකයන් නැවත නැවත ඇලුත් කර නැවත නැවත හිත පාරා ගැනීම ඵලක් නොවන දෙයක් බව මම අන්කල්ගේ කතාවෙන් තේරුම් ගත්තෙමි. ඇත්තටම එය නිවැරදිය. මාගේ ජීවිතයද නැවත ආරම්ඹ කල යුතුයැයි මම සිතුවෙමි. එය කල යුත්තේද මාගේම විදිකකටය. හවස තුනට පමන ඉමාෂාගේ තාත්තාට සමුදුන් මම නිවන්තිගේ ආරාධනාව සමග කෙලින්ම හොහොන් පිටියට ගියෙමි. අප දෙදෙනාම එක් වී පරන වූ මල් ඉවත් කර අලුත්මල් තබා අප යාළුවන් වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කලේය. එම සියලුම වැඩ අවසානයේ මම නිවන්තිව නිවසට ඇරලවා මම මගේ නිවසට පැමිනියේ අළුත් බලාපොරොත්තු රැසක්ද සමගය. නමුත් මා නිවසට පැමිනෙනවාත් සමගම මගේ දුරකතනය නාද වූයේ නැවතත් මට අපගේ සුපුරුදු ස්ථානයට පැමිනෙනලෙසය. ඒ වෙන කවුරුත් නොව, අසීස්ය. "අසීස් මේ වෙලාවෙ, හදිසියේම. මොහොමඩුත් ඉන්නෙ" "කොහොමද පොඩි මහත්තයො. බ්‍රයන් මහත්තය නැති අඩුව දැනෙනවා ඇති නේද ගොඩක්" "වෙච්ච දේවල් උනා මොහොමඩ්. පරන දේවල් ආයෙ ආයෙ මතක් කරගෙන් අපේ හිත් පාරගන්න ඕනි නැහැ. අපි අපේ යුතුකම් ඉටුකරමු. ඉතින් අසිස් මේ හදිසියේම" "බ්‍රයන් නැතිව අපි හමුවෙන පළමු දිනය නේද මේක" "හම්ම්ම්.. ඒකනම් එහෙම තමා" "හරි අපි කතාවට එමු. අපි ගොඩක් දේවල් කලා. ඒ වගේම අපිට තව ගොඩක් දේවල් කරන්නත් තිබුනා. නමුත් හදිසියේම ඩිමන්ත හා බ්‍රයන් අප අතරින් අයෙ නොයන්නම ගියා. හම්ම්ම්.. ඒ අහිමි වීම අපිට ලොකු පාඩුවක්" "දැන් අසීස් කියන්නෙ, අපි ආපහු මේ වැඩ පටන් ගමු කියලද. ඒක එහෙමනම් ඒ ගැන ටිකක් ආයෙමත් හිතමු. මොකද බ්‍රයන් නැතිව..." "නැහැ දිනුක.. මම ඒක නෙමේ කියන්න හැදුවෙ. මොකද මම ආසත් නැහැ ඒ අතීතෙට මගෙ දුව ඉපදුන දා ඉඳන්" "හරි එහනම් කෙලින්ම කියන්නකො කියන දේ කැටයම් වචන නැතිව" "මේකයි පොඩි මහත්තයා.. ඩිමන්තගෙ මරනෙ පරීක්ෂන ආයෙමත් පටන් අරන්" "මොනව.. ඒ කොහොමද" "මේකයි දිනුක.. ඔයාට මතකයි නේද ඩිමන්තලගෙ ගෙදර පහු කරගෙන ටිකක් දුර එනකොට මහ වීදියට වැටෙන තැන ජුවලරි ෂොප් එකක් තියනවා." "ඔව් .. මම දන්නවා.. ඒකෙ සම්බන්දය මොකක්ද ඉතින් ඩිමන්ත එක්ක" "ඒ කඩේ ගාවට එනකම්ම වෙන කිසිම අතුරු පාරක් නැහැ ඩිමන්තලගේ ගේ ගාව ඉඳන්." "ඉතින්" "එතකොට අනික් පැත්තෙන් ඒ කියන්නෙ සුරුවම ගාවින් තමා එන්න තියෙන්නෙ. එතන ඒටීම් මැෂින් එකක් තියනවා නේද." "ඔව් ඔව්.. අලුතින් හයිකරපු එකනෙ" "හරියට හරි.. පොලිසීය ඒ ඒටීම් මැෂින් එකේ ඉස්සරහ කැමරාවෙන් රෙකෝඩින් වගයක් අරන් තියනවා. ඒ එක්කම අර කිව්ව ජුවලරි ෂොප් එකෙත් තියනවා පාරට ඩිමන්තගේ ගෙවල් පාරට මූනලා කැමරාවක්. අන්න එකෙන් රෙකෝඩින් එකක් අරන් තියනවා" "ඉතින් දැන් ඔය කියන රෙකෝඩින් වලයි ඩිමන්තයි අතරෙ තියන සම්බන්දය මොකක්ද" "ඩිමන්තගෙ සිද්දිය වෙන වෙලාවෙ පොඩි බයික් එකක දෙන්නෙක් යන එකක් හා සටහන් වෙලා තියනවා. පොලිසීය කියන් විදිහට ඒ දෙන්න පාරෙ එහා පැත්තෙන් මතු වෙලා නැහැ. මොකද අර ජුවලරි ෂොප් එකේ ගත්තු රෙකෝඩින්වල එහෙම එකක් නැහැ. අතකොට අර කිව්ව දෙන්නම ටිකක් වේගයෙන් අපහු යන එකක් සටහන් වෙලා තියනවලු. ඉතින් පොලිසිය සැක කරනවා ඒ බයික් එකෙන් යන දෙන්නා මේකට සම්බන්දයි කියලා" "ඉතින් එහෙම සැක කරන්න කොහොමද අසීස්.. ඔය කියන බයික් එක ඩිමන්තල්ගෙ ගෙඩ්දර පහුකරන් ගිහින් වෙන ගෙදරකට ගියා වෙන්න බැරිද" "ඔව් ඒක තාමත් එයාල හොයන්වලු. ඒ පාරෙ සියළුම ගෙවල්වලින් කට උත්තර අරගෙන එදා රෑ ඒ සිද්දිය වෙන වෙලාවෙ කව්ද හිටියෙ ආවෙ ගියෙ කියන්න" "දැන් ඔඅ ඒටීම් එකෙන් ගත්තු රෙකෝඩින් එකෙන් පූලුවන්නෙ සැක කාරයන්ව අඳුන් ගන්න" "බැහැ.. ඒක ඒච්චරම පැහැදිලි නැහැ. යන්නතම් පේනව විතරලු මෝටර් සයිකලයක දෙන්නෙක් යනවා." "ඒ යන්නෙනම් ඉතින් මමයි බ්‍රයනුයි තමා. එයාලට අදුනන්න පුලුවන්නම් මේ වෙනකොට මාව අල්ලලනෙ. අවුලක් වෙන්නෙ නැහැ අසීස් බය වෙන්නේ එපා" "එහෙම කියන්න එපා දිනුක. මේක අපි හිතනවට වඩා දරුනුවට යයි වගේ. මම ඔයාට මේ වෙච්චදේවල් අස්සෙ එන්න කිව්වෙ ඔයාටම තමා මේක ගැන විමසිල්ලෙන් ඉන්න පුලුවන්" "මම .. ඒ කොහොමද" "මේක හැන්ඩල් කරන්නෙ මිස්ට වර්නකුලසූරියගෙ ප්‍රදානත්වයෙන්. ඉතින් ඔයාට බැරි වෙන එකක් නැහැ .." "හම්ම්ම්ම්.. ඒකත් එහෙමද.. හරි මම ටිකක් කල්පනාවෙන් ඉන්නම් ඒ ගැන. තොරතුරක් ලැබුනොත් දන්වන්නම්" "අනික දිනුක අපේ තියන ගබඩා සේරම විනාස කරන්න ඕන. ඒ ගැනත් මම හිතල තියෙන්නෙ. ඔයයි මොහොමඩුයි තමා ඒක කරන්න ඕන පුලුවන්තරම් ඉක්මනට" "හරි ඒ වැඩ ටික් වෙලාවට වෙයි. මම ගැන බය වෙන්න එපා. ඉස්සර උන්න වගේම තමා. එකම අඩුව බ්‍රයන් නැති එක. අසීස් ඔයාගෙ ප්ලෑන් එකට අනුව සේරම වෙලාවට වෙයි" හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...